කිබුලිගේ පුතා (True Story)

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කිබුලිගේ පුතා (True Story)


    Story of මාතර ගගේ ඉන්නා කිබුලිගේ පැටියා

    මේ කතාව අහගත්තෙ බොහොම ඉස්සර මාතර පැත්තේ ගිය වෙලාවක හමුවුණු වැඩිහිටියෙකුගෙන්.
    මේ කවිය ලියවිලා තියෙන්නේ ගම්පෙරළියේ එන මාතර හාමිනේලා, කයිසාරුවත්තේ මුහන්දිරම්ලාගේ කාලයේදී හෝ ඊටත් කලින් වන්නට ඇත.
    කෙසේ නමුත් ඒ කාලයේ මාතර ගගේ ඔරු පාරු විශාල වශයෙන් ගමන් කර ඇත්තේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යයක් ලෙසය.
    මොකද ඉතින් අදවගේ ලොරි, වෑන්, කාපට් පාරවල් එදා තිබුනේ නැහැනේ.
    මෙම කාලයේ එසේ ඔරු පාරු පදවන්නන් හට ආහාර පාන ලබාදෙන අවන්හලක් නොහොත් බත් කඩයක් පවත්වාගෙන ගිය ගැහැණියක් මාතර ගග ආශ්‍රිතව ජීවත්වී ඇත.
    තරමක ගණන්කාර අම්මන්ඩියක් වූ ඇයව ඔරු ,පාරු කරුවන් මෙන්ම ගමේ ගොඩේ පිරිස හදුන්වන ලද්දේ කිබුලි යන අන්වර්ථ නාමයෙනි.
    ඇය විසින් පවත්වාගෙන යන ලදැයි කියන ගිනිපොලී ජාවාරම හේතුවෙන් මෙම නම පටබැදුනා විය හැක.

    කෙසේ හෝ ඇයට සිටි පුතාගේ ශරීරයේ අළුහම් බහුලව තිබී ඇති අතර ඔහු උස මහත් වෙද්දී ප්‍රදේශයේ ගණන් කාරයා බවට පත්වී ඇත.
    මෙම තැනැත්තා මාතර ගගේ නොහොත් නිල්වලා ගගේ යන එන ඔරු, පාරු වලින් බලහත්කාරයෙන් කප්පම් ලබාගැනීම ජාවාරමක් ලෙස සිදුකර ඇති අතර අසරණ තොටියන්ටද විකල්පයක් තිබී නැත.
    මෙසේ මොහුගේ තාඩන පීඩනයන්ට ලක්වන තොටියන්ගේ දුක්ගැනවිල්ලක් ව්‍යංගාර්තයක් සහිත පාරු කවියකින් මෙසේ ප්‍රකාශ කර ඇත.

    "මාතර ගගේ ඉන්නා කිබුලිගේ පැටියා" : - කිබුලිගේ පුතා
    "තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා" : - ඔහුගේ අනන්‍යතාවය පවසන අලුහම් ගැන මෙම පේලියෙන් පවසා ඇත
    "යන එන ඔරු පාරු නවතාගෙන සිටියා": - කිබුලිගේ පැටියාගේ කප්පම් ව්‍යාපාරය පිළිබද ඉගියක් මෙම පදයෙන් ප්‍රකාශවේ
    "මිනී නොකයි මාතර කිබුලිගේ පැටියා"

    මෙම කවියෙන් කියවෙන්නේ ඇත්ත කිබුලෙක් ගැන නොවන බව දැක්වීමට මෙම පේලිය යොදාගෙන ඇත​

    Took From - Facebook Oththukaru - ඔත්තුකරු​
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    11.gif
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මෙහෙම කතාවක් තමයි මාත් අහල තියෙන්නේ, හැබැයි මිට වෙනස්
    ඔය කප්පම් අරන් තියෙන්නේ එකාගේ නපුරු කමටයි කිඹුලිගේ පුතා කියලා තියෙන්නේ
    අම්ම සම්බන්ධයක් නැහැ
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මෙහෙම කතාවක් තමයි මාත් අහල තියෙන්නේ, හැබැයි මිට වෙනස්
    ඔය කප්පම් අරන් තියෙන්නේ එකාගේ නපුරු කමටයි කිඹුලිගේ පුතා කියලා තියෙන්නේ
    අම්ම සම්බන්ධයක් නැහැ

    hamadema katakatha walin pawathena nisa harima eka mokadda kiyala hoyaganna amarui ne machan, samahara wita umba hari wenna athi
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගැලපෙනවා කතාව නම්.
    ඒ දවස් වල ඕක ඇහුවහම තේරුමක් නැති කවියක් වගේ තේරුනේ.