කියුබාව හොඳ නැද්ද ??

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කියුබාව හොඳ නැද්ද ??







    .
    .
    .
    .
    .



    ඩොක්ටර් කෙනෙක් මාසෙට ඩොලර් 40 ක් හොයද්දි ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් දවසට ඩොලර් 60 ක් හොයනවා.
    ඉංජිනෙරුවො ටැක්සි එලවනව, රෙස්ටුරන්ට් වල උයනවා, බාබර් ෂොප්ස් දාගෙන ඉන්නවා, එකවුන්ටන්ට් ලා නර්ස් ලා, ටැක්සි බයික්ස් එලවනවා,
    හෙතුව ඉගෙනගත්ත වෘතියට වැඩිය නියැලි සිටින වෘතියෙන් හොඳට හම්බකරන්න පුළුවන් නිසා. එහෙම හම්බ කරන්නත් පුලුවන් වෙලා තියෙන්නෙ ප්‍රයිවට් ලයිසන් දීලා තියෙන නිසා

    ඉතිං කොහෙද මෙ ? වෙන කොහෙවත් නෙමෙ සමාජවාදි කියුබාවෙ .අන්තරෙ එවුන්ටත් ඔනෙ මෙවගෙ රටක් තමා.
    පෙනවානෙ සමාජවාදෙ තරම ,වචන හරඹ සහ තියරි විතරයි ප්‍රැක්ටිකල් නැහැ.
    �හැබැයි ධනවාදි රටවල් වල ඉගෙන ගත්ත තරමට සැහෙන්න හොඳට ගෙවනවා, එකනෙ ඒකාලෙ රතු කමිස අයියලා එංගලනෙට්, ප්‍රංශෙට එහෙම පැනලා ගියෙ .

    ඉතිං ධනවාදය හොඳ නැද්ද ආයුබොවන්ඩ ?


     
    • Like
    Reactions: redhat

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සමාජ වාදේ- දුප්පතුන්ගේ ස්වර්ග රාජ්‍යය..දුපත්තු කොහෙද බන් ස්වර්ගරාජේ??? එතනින්ම ඉවරයිනේ

    කම්මැලිඋත්සාහයක් උනන්දුවක් නැති කාලකන්නි ඉන්නවනම් අතු ගෑවිලා නැති වෙලාම යන්න ඕනේ. දෙයක් කරගන්න බැරි ආබාදිත අයට දනවාදෙදි අව්ලක් නෑ. චැරිටි වලින් ශේප් වෙනවා ඕනේ තරම් රටවල
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවෙත් ගොඩක් දේවල් privatize කෙරුවේ නැත්තන් කියුබාව වගේ තමයි වෙන්නේ.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    ලංකාවත් දැන් ඔය වගේ තමයි. ඉංජෙක්ගේ මාසික පඩියයි මේසන් කෙනෙක්ගේ පඩියයි අතර වෙනස බොහොම අඩුයි. අවුරුදු 3ක කෝස් එකක් කරලා it ජොබ් එකකට යන කෙනාටයි, ඔ/ල් ෆේල් වෙලා ගාමන්ට් යන කෙනාටයි දෙන්නටම 35 ගෙවන්නේ.

     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ලංකාවත් දැන් ඔය වගේ තමයි. ඉංජෙක්ගේ මාසික පඩියයි මේසන් කෙනෙක්ගේ පඩියයි අතර වෙනස බොහොම අඩුයි. අවුරුදු 3ක කෝස් එකක් කරලා it ජොබ් එකකට යන කෙනාටයි, ඔ/ල් ෆේල් වෙලා ගාමන්ට් යන කෙනාටයි දෙන්නටම 35 ගෙවන්නේ.

    Job eka nemei.Karana kenage athe thamai wade tiyenne.Man danna OL wat karapu nathi ekek mahanna iganagena awrudu 30 weddi maseta laksha 5kata eha hoyanawa.Ape tattala awrudu 30 ka witara experience tibilat pension yana dawasatawat maseta laskaya 1.5k hoyanna bariwei.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    නය අර්බුදයේ බර මහජනතාව මත පැටවීමට එරෙහිව සමාජවාදී ක‍්‍රියාමාර්ගයට සටන් වදිමු


    මාර්තු 13
    ආන්ඩුව වෙලා ගෙන ඇති නය අර්බුදය නිසා ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව පලමු වරට නය පැහැර හැරීමේ මුව විටට පැමින ඇතැයි පසුගිය දා පලවූ ප‍්‍රධාන පුවත්පත් කතුවැකි වලින් අනතුරු අඟවා තිබිනි.
    ගැලවීමට නොහැකි අර්බුදයකට ලංකාව හසුව ඇතැයි කතුවැකියක් ලියන මාර්තු 6 ඩේලි මිරර් පත‍්‍රය මේ පිලිබඳව ධනපති පාලක පන්තියේ කොටසක පැන නැගී ඇති භීතිය ප‍්‍රකාශයට පත් කරයි. “නිදහසේ සිට ශ‍්‍රී ලංකාව කිසිදා නය පැහැර නොහැරි නමුත් අද නය ආපසු ගෙවීම පැහැර හැරීම රට ඉදිරියේ ලඹ දෙන බව” එම කතුවැකිය කියා සිටියි.
    රට මුහුනදී ඇති මූල්‍ය අර්බුදය පිලිබඳව සඳහන් කරමින් ඊට පෙර දින සන්ඩේ ටයිම්ස් කතුවැකිය පවසන්නේ “ආන්ඩුව සමවාය ක‍්‍රියා මාර්ගයක් සහිතව වැඩට බැස එය වේගයෙන් ක‍්‍රියාවට නොදැම්ම හොත් රටේ අනාගතය අඳුරු බවයි”.
    මෙම කතුවැකි අර්බුදයෙන් ගැලවීම සඳහා නොයෙකුත් “ගොඩ වෙදකම්” යෝජනා කරයි. දැනට චීනයට නයවී සිටින ඩොලර් බිලියන 8ක පමන මුදලට හිලව් වන ලෙස එම මුදල් යෙදවූ ව්‍යාපෘති වල අයිතිය එරටට ලබා දීම සඳහා චීනය කැමති කරවා ගැනීම, රටවල් සමග නිදහස් වෙලඳ ගිවිසුම් අත්සන් කරමින් අපනයන ඉහල දමා ගැනීම, සෘජු විදේශ ආයෝජන ඉහල දමා ගැනීම, බදු අය කිරීම් ඉහල දමා ගැනීම, දූෂන පිටු දැකීම ආදිය මීට අයත්ය.
    ආන්ඩුව මුහුනදී සිටින අර්බුදය මෙවන් උපාමාරු තුලින් සමහන් කර ගත නොහැක්කේ මෙම නය පැහැර හැරීමේ අර්බුදය ධනේශ්වර ලෝක ආර්ථික කඩා වැටීමේ ඓන්ද්‍රිය ප‍්‍රතිපලයක් බැවිනි. ග‍්‍රීසිය, පෘතුගාලය, ස්පාඤ්ඤය ඇතුලු රටවල් ගනනාවක් මෙම අර්බුදයට උග‍්‍ර ලෙස මුහුනදී සිටියි. ලෝකයේ සම්පත් අතිශයින්ම සුලුතරයකගේ ලාභ ගැරීම් වලට නතු කර ඇති ලෝක ධනේශ්වර ආර්ථිකය, ප‍්‍රකෝටිපතියන් සුලුතරයකගේ සංගත ලාභ ඉපැයීමේ වුවමනාව මත ක‍්‍රියාත්මක වන අධිරාජ්‍යවාදී පද්ධතියක අඬු පඬු මගින් සිර කර පවතී.
    ධනපති ක‍්‍රමයේ නය සම්බන්ධව පවතින පරස්පරය පිලිබඳව මාක්ස් මෙසේ සඳහන් කරයි. ”නය ක‍්‍රමය නිෂ්පාදන බලවේගයන්ගේ භෞතික වර්ධනය වේගවත් කරන අතර ලෝක වෙලඳපල පිහිටුවාලයි. ධනපති ක‍්‍රමයේ නිෂ්පාදනයේ ඓතිහාසික කාර්යය වන්නේ නිෂ්පාදනයේ නව පන්නයේ භෞතික පදනම් පරිපූර්නත්වයේ යම් මාත‍්‍රාවකට එසවීමයි. ඒ අතරම නය මගින් මෙම පරස්පරයේ ප‍්‍රචන්ඩ පුපුරා යාම් වේගවත් කර තීරනාත්මක අර්බුදය කරා ගෙන එන අතර එමගින් නිෂ්පාදනයේ පැරනි පන්නයේ සාධකයන් සිඳ බිඳ දමයි” (කාල් මාක්ස්, CAPITAL,කැපිටාල්, වෙලුම 3, ප්‍රොග්‍රෙස් පබ්ලිෂර්ස්, 441 පි.)
    යම් කලක් නය මත පදනම්ව පවත්වා ගෙන ගිය ජාතික ආර්ථිකයන් ලෝක අවපාතයන් සමග මුහුන දෙන දරුනු අර්බුදය පිලිබඳ මාක්ස්ගේ මෙම පැහැදිලි කිරීම තව දුරටත් වර්ධනය කරන ලෙනින්, අධිරාජ්‍යවාදය නමැති “පොලීකාරයා” හා නයකාරයා පිලිබඳව මෙසේ සටහන් කරයි. “අධිරාජ්‍යවාදය හෙවත් මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍ය මෙම වෙන් කරලීම (නිෂ්පාදන ප‍්‍රාග්ධනය හා මූල්‍ය ප‍්‍රාග්ධනය) දැවැන්ත පරිමානයක් දක්වා වැඩී ගිය ධනවාදයේ උසස්ම අවධියයි. ප‍්‍රාග්ධනයේ අනෙක් සියලු ස්වරූප මැඩ නැගී සිටින මූල්‍ය ප‍්‍රාග්ධනයේ ශ්‍රේෂ්ඨත්වය යනුවෙන් තේරුම් කෙරෙන්නේ පොලීකාරයාගේ හා මූල්‍ය කතිපයාධිත්වයේ ආධිපත්‍යයයි. එයින් තේරුම් කෙරෙන්නේ මූල්‍ය වශයෙන් “බලයක් ඇති” රජයන් සුලු සංඛ්‍යාවක් අනෙකුත් සියලු රජයන් මැඩ නැගී සිටීමයි.” (වී. අයි. ලෙනින්, අධිරාජ්‍යවාදය ධනවාදයේ උසස් අවධියයි, ප‍්‍රගති ප‍්‍රකාශක මන්දිරය, 62-63 පිටු.)
    එලෙස අධිරාජ්‍යවාදය යටතේ, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය ඒකාධිපතිත්වයක් ලෙස ලෝකයේ සියලු රටවල් මත ආධිපත්‍යය දරා සිටී. කිසිදු රටකට එහි ආධිපත්‍යයෙන් ගැලවී ගත නොහැකිය. ශ‍්‍රී ලංකාව වැනි පසුගාමී රටවල් මත මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය අතිශය රුදුරු ලෙස ක‍්‍රියාත්මක වේ. රටවලට නය ගැනීමට සිදු වීම ලෙස ක‍්‍රියාත්මක වන්නේ එම මූල්‍ය ප‍්‍රාග්ධනයේ අධිපතිභාවයයි. 2008 මූල්‍ය කඩාවැටීමෙන් සනිටුහන් කෙරුනු සහ ඉන් පසුව උග‍්‍ර වී ඇති ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොන්දේසි යටතේ, ශ‍්‍රී ලංකාව වැනි රටවල් මත මූල්‍ය ප‍්‍රාග්ධනය වඩවඩා දැඩි ග‍්‍රහනයක් පවත්වා ගනිමින්, වැඩෙන ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය ප‍්‍රමුඛ පීඩිත ජනයා මත හෙලීමේ කප්පාදු පිලිවෙත් ඇතුලු ආර්ථික ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට දමන ලෙස අන පනවයි.
    මෙම නය අර්බුදයෙන් ගැලවීම සඳහා යයි කියමින් අධිරාජ්‍යවාදීන්ගේ මූල්‍ය හැසිරවීමේ මධ්‍යස්ථාන වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන නිර්දේශ කරන්නේ ආන්ඩුවේ වියදම් කප්පාදු කිරීමට කම්කරු - පීඩිත ජනයා හට ලබා දෙන සියලු සහනාධාර කපා දැමීමත් ආන්ඩුවේ ආදායම ඉහල නැංවීමට එම කම්කරු-පීඩිත ජනයාගෙන්ම අය කරන බදු මුදල් ඉහල දැමීමත්ය.
    මේ මස මුලදී ලංකාවට පැමිනි ජාමූඅලේ නියෝජිත කන්ඩායමේ නිර්දේශ දෙස බලන්න.
    රජය සතු ආයතන සඳහා ආන්ඩුවේ මුදල් වැය නොවන අයුරින් සියලු සහනාධාර කපා දැමීම මෙන්ම රජය සතු ආයතන විකුනා දැමීම වහාම ක‍්‍රියාත්මක කල යුතු බව ඔවුහු අවධාරනය කලහ.
    ලංකා විදුලි බල මන්ඩලය, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මන්ඩලය හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන වලට ආන්ඩුවේ මුදල් වෙන් නොකොට මෙම ආයතන වල විදුලි, ජල, හා ඉන්ධන සැපයීමේ සේවාවන් සඳහා කම්කරු-දුගී ජනයාගෙන් අය කරන මුදල් ඉහල දැමීම මගින් මෙම ආයතන පවත්වා ගැනීම දැනට කල්පමා කර ඇති මූලික නිර්දේශයකි. දැනටමත් වැට් බද්ද ඉහල දැමීම මගින් හා රුපියල අවප‍්‍රමානය වීම මගින් ඉහල ගොස් ඇති භාන්ඩ මිල හමුවේ ජීවන මට්ටම් කප්පාදු වී ඇති වැඩ කරන ජනයා මත මෙම බරද පැටවීම මෙහි එල්ලයයි. නිදසුනක් ලෙස ජල මිල පමනක් සියයට 300න් ඉහල යාමට නියමිතය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා විදුලි බල මන්ඩලය මිල සූත‍්‍ර මගින් ජාත්‍යන්තර මිල ගනන් සෘජුවම පාරිභෝගිකයන් මත පැටවිය යුතු බව නිර්දේශිතය.
    පසුගිය වසෙර් ජාමුඅ ඩොලර් බිලියන 1.5ක නය මුදල අනුමත කිරීමේදී ආන්ඩුවට පැනවූ ප‍්‍රධාන කොන්දේසියක් වූයේ 2015දී දල දේශීය නිෂ්පාදිතයන් සියයට 7ක් වූ අය වැය පරතරය 2020 වන විට ඉන් අඩකට අඩු කල යුතු බවයි. ඊට අනුකූලව සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා මේ වසරේ වෙන් කර ඇති මුදල් පිලිවෙලින් සියයට 8 හා 46 බැගින් කපා හැර ඇති අතර ගොවීන්ගේ පොහොර සහනාධරයද පාසැල් නිල ඇඳුම් හා සමෘද්ධී වැනි සහනාධාරයන්ද නොයෙක් අයුරින් පහත දමා ඇත.
    ආන්ඩුව මුහුනදී ඇති නය අර්බුදයෙන් ගොඩ ඒමට ආන්ඩුවට අධිරාජ්‍යවාදී මූල්‍ය ප‍්‍රාග්ධනයේ නිර්දේශ වන්නේ එලෙස මෙම අර්බුදය කම්කරු දුගී ජනතාව මත හාත්පසින්ම පැටවීමයි. දැන් සිරිසේන -වික‍්‍රමසිංහ ආන්ඩුව ක‍්‍රියාවට දමමින් සිටින්නේ මෙම වැඩ පිලිවෙලයි. මෙම තියුනු කප්පාදු ග‍්‍රීසියේ ක‍්‍රියාත්මක කරන කප්පාදු ද අභිබවා යා හැකි අතර මීට එරෙහිව පැන නගින කම්කරු-ගොවි-ශිෂ්‍ය අරගල මැඩීම සඳහා මිලිටරි පොලිස් හමුදා ශක්තිමත් කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මර්දන ගෙන ඒමට ද ආන්ඩුව වැඩ කරමින් සිටී.
    ව්‍යාජ වම්මු හා රැඩිකලුන් ඇතුලූ ධනපති ක්ෂමාලාපකයන් මෙම අධිරාජ්‍යවාදී බැංකුකරුවන්ගේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ආන්ඩුවට සහය දෙන අතර ම තවත් සමහර රැඩිකල්ලු ඒවාට “විකල්ප” ලෙස ජාතිකවාදී වැඩපිලිවෙලවල් තොරොම්බල් කිරීමේ යෙදී සිටිති. මෙම ඊනියා විකල්පය 2008 පැන නැගුනු ගෝලීය මූල්‍ය කඩා වැටීමෙන් පසුව ආරක්ෂනවාදී ජාතික ක‍්‍රියාමාර්ග යොදා ගැනීමට බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ඡන්දය හා ඇමරිකාවේ ට‍්‍රම්ප් බලයට පත්වීම වැනි වර්ධනයන් සමග පෑහීමට දරන විසකුරු උත්සාහයකි.
    ලෝක ධනපති ක‍්‍රමය 1930ස් ගනන්වල කඩා වැටීමත් සමග පැන නැග්ගාවූ ආර්ථික ජාතිකවාදය රටවල් වටා තීරු බදු තාප්ප තනමින් ලෝකය දරුනු යුද්ධයක් කරා ගෙන ගියේය.
    1960 - 70 දශකයන් තුල මෙරට දේශිය ධනපති පන්ති ආන්ඩු විසින් තොරොම්බල් කල ජාතිකවාදය කම්කරු පන්තිය හා දුගී ජනයා ඇද දමනු ලැබුවේ කුසගින්නට හා අගහිඟතාවයන් පිරුනු අර්බුදයකට ය. එම තත්වය 1977 දී මග හෙලි කලේ මහා ව්‍යාපාරයන්ගේ පිටුබලය ලැබූ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ පාලනයකටය. අද කම්කරු පන්තිය හා දුගීන් පෙලන්නේ එදා සිට ක‍්‍රියාත්මක වූ එම කුනුවී ඕජස් ගලන “විවෘත ආර්ථික” පිලිවෙත මගිනි.
    ආර්ථික ජාතිකවාදය හරහා යලි කරලියට ගෙන එන්නේ මෙම ව්‍යසනකාරී පිලිවෙත වන අතර එය ඉදිරියට ගියහොත් මෙවර මනුෂ්‍ය සංහතියම පෘථිවි තලයෙන් අතුගා දැමෙන න්‍යෂ්ටික යුද්ධයකට මග පාදනු ඇත.
    මාක්ස් පෙන්වාදුන් පරිදි මානුෂික ආර්ථික හා සමාජීය වර්ධනයේ පදනම වන්නේ සමාජ නිෂ්පාදන ඵලදායිත්වයේ වර්ධනයයි. මෙම සමාජ ඵලදායිත්වය වර්ධනය කිරීමට ධනවාදී ජාතික රාජ්‍ය කාර්යභාරයක් ඉටුකලත් පසුගිය වසර 175ක කාලය තුල ජාත්‍යන්තර වෙලඳාම, භූගෝලීය නිෂ්පාදනය ආදිය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් ගෝලීය ආර්ථිකයක් බිහිකර ඇත. පසුගිය දශක තුනේ සිදුවූ ගෝලීය ශ‍්‍රම විභජනයෙන් මෙම භූගෝලීය නිෂ්පාදනය තව දුරටත් තහවුරු විය. මෙම භූගෝලීය නිෂ්පාදනයේ දැවැන්ත විභවය අත්පත් කර ගත හැක්කේ එහි ගෙල හිරකර සිටින අතිශයින්ම සුලූතරයකගේ සුපිරි ලාබ මත පදනම් වූ අධිරාජ්‍යවාදය හා ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දැමීම මගිනි.
    එබැවින් කල යුතුව ඇත්තේ, යල් පැන ගිය ජාතිකවාදයන් කරා ආපස්සට යාම නොව මෙම ප‍්‍රතිගාමී සමාජ හා දේශපාලන ව්‍යුහය එනම් ලාබය මත පදනම්වූ නිෂ්පාදනය හා ජාතික රාජ්‍ය පද්ධතිය බිඳ දමා නිෂ්පාදන බලවේග නිදහස් කිරීමයි. එනම්, ලෝක කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත බලමුලු ගැන්වීම යි. එම අරගලය හරහා ගොඩනගන කම්කරු පන්ති පාලනයක් යටතේ නය නිෂ්ප‍්‍රභා කෙරෙන අතර මහා ව්‍යාපාර, වතු හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරනු ඇත.
    එම ක‍්‍රියාමාර්ගය දියත් කිරීම සඳහා ලංකාවේත් ඉන්දු උප මහාද්වීපයේත් කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ අරගලයට ඒකාබද්ධ වීමට සමාජවාදී සමානතා පක්ෂය සමග සාකච්ඡා කිරීමටත් ඊට බැඳීමටත් ඉදිරියට පැමිනෙන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ලංකාවත් දැන් ඔය වගේ තමයි. ඉංජෙක්ගේ මාසික පඩියයි මේසන් කෙනෙක්ගේ පඩියයි අතර වෙනස බොහොම අඩුයි. .

    haha lol pissuda bn ubata?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    haha lol pissuda bn ubata?
    මේසන් බාස්ට දවසට 1800යි මාසෙට 1800x30 = 54000යි
    ටයිල් බාස්ට දවසට 2500යි මාසෙට 2500x30 = 75000යි
    වඩු බාස්ට දවසට 3000යි මාසෙට 3000x30 = 90000යි

    ගෝලයට දවසට 1200යි මාසෙට 1200x30 = 36000යි

    වැඩ දන්න අයගේ පඩි යන්නෙ මෙහෙමයි ;)

    තව ඉතින් ස්විමින් පූල් හදන අය ඉන්නවා දවසට 12000 - 30000 ගන්න
    උන්ට මාසෙ ගාන ඕන නැහැ, නිකම් මොකටද හිත් රිදෝ ගන්නෙ :lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඹල අන්තරේ ඉන්න කාලකන්නින්වයි ජවිපෙයි පටලෝගෙන. අන්තරේ ජවිපෙ කියන්නෙ කිසිම සම්බන්ධය නැති දෙකක්. හුගක් ලිබරල් විදිහට හිතන ජවිපෙ සාමජිකයො ඉන්නව. එයාල අන්තරේට විරුද්ධයි. අන්තරේ රතු අදිනව තමා. අන්තරෙයි ජවිපෙයි කලාතුරකින් එකතු වෙලා වැඩ කරනව තමා. හරියට ජවිපෙ ජනවාරි 8 විප්ලවේ කරන්න එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු උනා වගේ දැන් ඒගොල්ලො එකට නෑනෙ. ඒ වගේ තමා. අලුත් පරම්පරාවෙ හුගක් අයාන්තරේට විරුද්ධයි. ඒත් එයාල ජවිපෙත් එක්ක එකතුයි.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය අන්තරෙ අය full time ඔකද කරන්නෙ? එතකොට උන් ජිවත් වෙන්නෙ කොහොමද? campus ළමයි තමන්ට හම්බවෙන මහපොල ආදාර වලින් කොටසක් මේ අයට පරිත්‍යාග කරනවද?