කිරිබත්ගොඩ_ඥානානන්ද

sankat99

Member
Sep 12, 2006
138
1
0
සම්බුද්ධ රාජ මාලිගාවේ සමහර පිළිම වහන්සේලා නෙලා ඇති ආකාරය පිලිබදව බොදුනුවන් හැටියට කිසිදු පැහැදීමක් ඇති වන්නේ නැත. එමෙන්ම මිහිදූ මහ රහතන් වහන්සේගේ සහ සංගමිත්තා රහත් තෙරණින් වහන්සේගේ පිලිමය ඉවත් කිරීම හෝ ප්‍රතිස්ථාපනය කල යුතු යයි සිතමි. නමුත් කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින්ට අසභ්‍ය වචනයෙන (Destructive Criticism) බැන වඳින්නට බුදූ දහම වෙනුවෙන් සාපේක්ෂව කිසිත් කර නැති පෘතක්ජනයින්ට සදචාරාත්මක අයිතියක් නැතැයි සිතමි. ( Reference - http://dhammamedicine.net/2011/05/08/anunta-agilla-digukota/ )
නමුත්, උන්වහන්සේගේ සමහර දේශනා පිලිබදව ප්‍රබුද්ධ සංවාදයක් (Constructive Criticism) ගොඩ නැගීමට කාලය එලබ ඇත.
(Reference - http://www.youtube.com/watch?v=NCDQdDH7rKs )
May the Triple Gem Bless You....!
1ffvwi.jpg

2dj8kkz.jpg
 
  • Like
Reactions: Gstar

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මෙන්න ඉන්නවා නියම මහමෙව්නා අන්ධ භක්තිකයො ටිකක්...බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව මෙතන කිරිබත්ගොඩ සාසන භක්ෂක පූජක තුමාට කඩේ යන්නෙත් මේ වගේ අය තමා..

    අපෙ අප්පේ...ආං බලන්න... හ හා...
    :lol::lol::lol:





    සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
    එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
    එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
    ”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

    උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
    යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
    පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
    රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ


    ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
    විදුලිය කොටන විට වැහි මන්දාරමට
    එළියට ගිහින් බැලුවොත් පේවී යසට
    ”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

    බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
    බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
    සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
    නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක

    දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා...
    ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා...
    කලින් කලට කියනා බොරු සීලෙ පපා..
    බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!...

     
    Last edited:
    • Like
    Reactions: polwattacom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පෝරිසාදයා;13223569 said:
    මෙන්න ඉන්නවා නියම මහමෙව්නා අන්ධ භක්තිකයො ටිකක්...බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව මෙතන කිරිබත්ගොඩ සාසන භක්ෂක පූජක තුමාට කඩේ යන්නෙත් මේ වගේ අය තමා..

    අපෙ අප්පේ...ආං බලන්න... හ හා...
    :lol::lol::lol:





    සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
    එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
    එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
    ”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

    උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
    යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
    පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
    රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ


    ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
    විදුලිය කොටන විට වැහි මන්දාරමට
    එළියට ගිහින් බැලුවොත් පේවී යසට
    ”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

    බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
    බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
    සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
    නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක

    දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා...
    ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා...
    කලින් කලට කියනා බොරු සීලෙ පපා..
    බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ela kiri . elama kiri.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ ජාතක කතා පොතේ තියෙනවා මිත්‍රවරුනි සත්තිගුම්බ ජාතකය කියල ජාතක කතාවක්. අපේ සමහරක් සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකා උදවියට සිද්දවෙලා තියෙන්නේ පල්හොරු ඉන්න තැනට වැටුණු ගිරා පැටියාට උනදේමයි.
    බුදුදහම ආරක්ෂා කරනු පිණිස මනුලොවට එවූ දෙවදුතයන් සහ බුදුදහම විනාස කිරීමට මනුලොවට එවූ මාර දුතයන් අතුරින් කිරිබත්ගොඩ කුමන කොට්ඨාශයකට අයත්වන්නේදැයි වටහාගැනීමට අපේ බෞද්ධයිනට ප්‍රඥාව පහළවේවා !
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අපේ ජාතක කතා පොතේ තියෙනවා මිත්‍රවරුනි සත්තිගුම්බ ජාතකය කියල ජාතක කතාවක්. අපේ සමහරක් සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකා උදවියට සිද්දවෙලා තියෙන්නේ පල්හොරු ඉන්න තැනට වැටුණු ගිරා පැටියාට උනදේමයි.
    බුදුදහම ආරක්ෂා කරනු පිණිස මනුලොවට එවූ දෙවදුතයන් සහ බුදුදහම විනාස කිරීමට මනුලොවට එවූ මාර දුතයන් අතුරින් කිරිබත්ගොඩ කුමන කොට්ඨාශයකට අයත්වන්නේදැයි වටහාගැනීමට අපේ බෞද්ධයිනට ප්‍රඥාව පහළවේවා !


    අනිවා අනිවා...මචන්..
    මිනිස්සුන්ට හරි බුදු දහම දැන ගැනිමට තරම් ප්‍රඥාවක් නෑ..
    ඇස පිනවන්න සම්බුද්ධ රාජ මාළිගා හැදුවාම(ඒකත් හරියට හැදුවනම් කමක් නෑ ),කන පිනවන්න ගීත ගායනා ශෛලියෙන් ගාථා කිව්වම, මිනිස්සුන්ට අලුත් මතයක් ඉදිරිපත් කලාම ඔවුන් හිතන්නේ එය නියම බුදු දහමයි කියලා.. එය තවත් තමන්ගේ ඇස කන ආශාවන්ගෙන් පිනවීමක් බව තේරෙන්නෙ නෑ...

    බුද්ධාගමේ මූලික පදනම තමාට තමා තේරුම් කර දීමයි.. මමත්වයේ පිහිටා පම්පෝරි ගසන්නන්ට සාදු සාදු කියා බණ මඩුව දෙවනත් වෙන්න කෑ ගැසුවාම නිවන් යන්නට පුලුවන් යැයි සිතන සැදැහවතුන් බොහෝය.

    කොහොමත් සම්බුද්ධ සාසනේ පරිහානිය නවත් වන්න බෑ,, ඒකෙ ආරම්භය දැන් ඇරඹිලා තියෙන්නෙ.
    අපිට කරන්න පුලුවන් පරිහානියට පත් වෙන වේගය අඩු කරගන්න එක විතරයි.

    ඊළඟ පරම්පරාවෙ පොඩි උන් ටිකත් අසපුවට ඇදිලා මොළ සුද්ධ කරගත්තාම ඉතින් උන්ට කිරිබත්ගොඩ උන්නාන්සෙව බුදු කෙනෙක් වගේ පෙනෙයි...ඊට පස්සෙ ගමේ පන්සලෙත් නම වෙනස් කරල අහවල් අසපුව කියල දායි.එතනින් එහාට ඉතින් කතා කරන්න දෙයක් නෑ.

    නියම නිවන් මග ඉගෙන ගන්න, දහම දැනගන්න අපිට පෙර පින් තිබ්බා. මැරෙන්න කලින් පුලුවන් උපරිම නිවන් මග ගමන් කරන එක තමා හොඳම දේ.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
    යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
    පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
    රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනිවා අනිවා...මචන්..
    මිනිස්සුන්ට හරි බුදු දහම දැන ගැනිමට තරම් ප්‍රඥාවක් නෑ..
    ඇස පිනවන්න සම්බුද්ධ රාජ මාළිගා හැදුවාම(ඒකත් හරියට හැදුවනම් කමක් නෑ ),කන පිනවන්න ගීත ගායනා ශෛලියෙන් ගාථා කිව්වම, මිනිස්සුන්ට අලුත් මතයක් ඉදිරිපත් කලාම ඔවුන් හිතන්නේ එය නියම බුදු දහමයි කියලා.. එය තවත් තමන්ගේ ඇස කන ආශාවන්ගෙන් පිනවීමක් බව තේරෙන්නෙ නෑ...

    බුද්ධාගමේ මූලික පදනම තමාට තමා තේරුම් කර දීමයි.. මමත්වයේ පිහිටා පම්පෝරි ගසන්නන්ට සාදු සාදු කියා බණ මඩුව දෙවනත් වෙන්න කෑ ගැසුවාම නිවන් යන්නට පුලුවන් යැයි සිතන සැදැහවතුන් බොහෝය.

    කොහොමත් සම්බුද්ධ සාසනේ පරිහානිය නවත් වන්න බෑ,, ඒකෙ ආරම්භය දැන් ඇරඹිලා තියෙන්නෙ.
    අපිට කරන්න පුලුවන් පරිහානියට පත් වෙන වේගය අඩු කරගන්න එක විතරයි.

    ඊළඟ පරම්පරාවෙ පොඩි උන් ටිකත් අසපුවට ඇදිලා මොළ සුද්ධ කරගත්තාම ඉතින් උන්ට කිරිබත්ගොඩ උන්නාන්සෙව බුදු කෙනෙක් වගේ පෙනෙයි...ඊට පස්සෙ ගමේ පන්සලෙත් නම වෙනස් කරල අහවල් අසපුව කියල දායි.එතනින් එහාට ඉතින් කතා කරන්න දෙයක් නෑ.

    නියම නිවන් මග ඉගෙන ගන්න, දහම දැනගන්න අපිට පෙර පින් තිබ්බා. මැරෙන්න කලින් පුලුවන් උපරිම නිවන් මග ගමන් කරන එක තමා හොඳම දේ.

    :yes::yes::yes::yes::yes:
     

    srisadaham

    Member
    Mar 3, 2013
    5
    2
    0
    මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බ&#354

    560559_419919424760430_210746419_n.jpg


    මෙය කියවා ඔබටත් එකගවිය හැකි නම් හැකි තරම් share කර ධර්මයේ නාමයෙන් අධර්මය පතුරවන්නන්ට එරෙහිව නියම බෞද්ධයෙක් ලෙස ඔබේ යුතුකම ඉටු කරන්න...!

    මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
    උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    බුදුරජාණන් වහන්සේ විසින් සසරේ බැඳී දුක් විඳින සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්, සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා තමන් වහන්සේ විසින් අවබෝධ කල උතුම් වූ ධර්මය දේශනා කල සේක. ඒ නිර්මල දහම, මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කිරීමෙන් අනතුරුව මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකර ගෙන ඒමෙන් නිර්මල ථේරවාද ත්‍රිපිටක ධර්මය ලෙස අද අප වෙත ලැබී ඇත. විනය, සුත්‍ර, අභිධර්මය ලෙස පිටක තුනක් වශයෙන් මේ දක්වා පවත්වාගෙන ආ උතුම් සද්ධර්මයට එරෙහිව කාලයෙන් කාලයට නොයෙක් අභියෝග, උවදුරු එල්ල විය. එහෙත් මහා සංඝරත්නයේ විනයධර, ධර්මධර භික්ෂූන් වහන්සේලා විසින් ඒ පරවාද මැඩ තවදුරටත් පිරිසිදු ථේරවාදී බුදුදහම අද දක්වාම රැකගෙන ඒමට කටයුතු කරන ලදී.

    මේ අතරිනුත් වැඩිපුරම චෝදනා එල්ලවූයේ බුදු හිමියන්ගේ විශිෂ්ටතම පරමාර්ථ දේශනාව වූ අභිධර්මයටය. බොහෝ විට මේ ධර්මය ඔවුන්ට තේරුම්ගැනීමට අපහසුවීම එසේ සැක කිරීමට හේතුවක් වූ බව පෙනේ. අනුවණයින්ට නොව ප්‍රඥාවන්තයිනට දෙසූ දහමක් වන බුදු දහමේ අගය නොදත් ඇතැම් පිරිස් තමන්ගේ චින්තනයන්ට අනුව සිතමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ශාසනයේ විනාශයට පාර කපමින් සිටී. මෙවැනි අදහස් ඇත්තෝ අතීතයේ ද සිටි බවට ශාසන ඉතිහාසය පුරාවට ශාක්ෂි ඇත. මෑත කාලයේ පමණක් නොව තුන්වන සංගායනාවේ මුලසුන ගත් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ පවා එකල පැවති අභිධර්ම විරෝධී මත ඇතුළු තවත් පරවාද මැඩීමට කටයුතු කරන ලදී. මෑත කාලයේදී යුරෝපීය පඩිවරුන් කිහිප දෙනෙකුගේ මතයන් ඔස්සේ කල්පනා කල අපේ රටේ කිහිප දෙනෙකු විසින් ද නැවතත් අභිධර්ම පිටකය ගැන සැක මතු කරන ලදී. ඒ අතරින් හේන්පිටගෙදර ඥානසීහ හිමියන් මුල්තැනක් ගනී. උන්වහන්සේ තමන් තුල තිබූ පණ්ඩිතමානී බව උපයෝගී කරගෙන අභිධර්මය සංස්කරණය කිරීමට ගත් උත්සාහයෙන් ‘අභිධර්ම පරීක්ෂණය‘ නැමති ග්‍රන්ථයක් සකස් කරන ලදී.

    වර්තමානයේදී මහමෙව්නාවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ද තම අසපු තුල අභිධර්මය භාවිතා නොකිරීමට කටයුතු කර ඇත. එයට පැහැදිලි හේතුවක් තමන් අනුගමනය කරන ශ්‍රාවක පිරිසට පවසා නැතත්, එසේ කරන්නේ තමන් තුල අභිධර්මය ගැන ඇති සැකය නිසා බවත්, ඒ සැකය උපන්නේ ‘අභිධර්මය පරීක්ෂණය‘ පොත කියවීමෙන් පසුව බවත් උන්වහන්සේ විසින් සිළුමිණ පුවත් පතේ පළ කල ලිපියකින් පවසා ඇත. මේ ලිපියේ මාතෘකාවෙන්ම උන්වහන්සේ ඇඟවීමට උත්සාහ කරන්නේ අභිධර්ම පිටකය බුදුන් වදාල ධර්මයක් නොවන බවයි.

    http://dharmanidhaana.files.wordpress.com/2011/05/ven-kiribathgodas-article-highlighted.jpg

    උන්වහන්සේ වැනි ධර්මධර භික්ෂුවක්, යම් එක් ස්වාමීන් වහන්සේ නමකගේ පොතක් කියවා උතුම් බුද්ධ වචනය සැකයට ලක් කිරීම තරම් නොවන්නකි. ඥානසීහ හිමියන් යනු තම දැනුම තුලින් ධර්මය තව දුරටත් සැක කළ හිමි නමකි. උන්වහන්සේ විසින් තමන්ගේ ‘ශුන්‍යතා දර්ශනය හා මහරහතන් වහන්සේ‘ යන ග්‍රන්ථයෙන් දක්වන්නේ රහතන් වහන්සේලා තම රහත් බවින්ද නැවතත් පිරිහීමට හැකි බවයි. ඒ අනුව අපට විමසීමට ඇත්තේ කිරිබත්ගොඩ හිමියන් විසින්ද ඥානසීහ හිමියන්ගේ මේ මතය අනුව අර්හත්වය, රහතන් වහන්සේලා සැක කරන්නේද යන්නයි. තවද ඥානසීහ හිමියන් පිලිගත් අන්තරාභවය උන්වහන්සේ පිලිගන්නේද යන්නද විමසිය යුත්තකි.

    ඉහත ලිපියේ දක්වා ඇති පරිදි උන්වහන්සේ තවත් පිරිසකගේ මතයට අනුව අභිධර්මය තුන්වෙනි සංගායනාවේදී එක් වූ බවට සැක කරයි. ඒ අනුව උන්වහන්සේ සැක කරන්නේ මහරහතන් වහන්සේලා 1000 නමක් විසින් තුන්වන සංගායනාවේදී සංගායනා කරන ලද ධර්මයකි. රහතන් වහන්සේලා බුද්ධ භාෂිතය යැයි කිසිවෙක් විසින් ගොතන ලද යමක් ධර්මයට එක් කලා යැයි පිලිගත හැකිද? එසේ පිලිගන්නේ නම් රහතන් වහන්සේලාවද සැක කලා වෙයි. එනයින් ගත්කල සංඝරත්නයේ සරණ යෑමක් කොහින්ද? බුද්ධ භාෂිතය, අබුද්ධ දේශිතයකැයි කියා ධර්මය සැක කරන්නන්, අඩුම තරමේ තෙරුවන් සරණවත් යන්නේ කෙසේද? තෙරුවන් සරණ නොගොස් අවම වශයෙන් වත් බෞද්ධයෙක් වන්නේ කෙසේද?

    තව දුරටත් දක්වන්නේ නම්, ‘මහමෙව්නාවේ බෝධි ඥාන සභාව‘ නම් ග්‍රන්ථයේ දැක්වෙන පරිදිද කිරිබත්ගොඩ හිමියන් ශුද්ධවූ ධර්ම කොටස් ලෙස පිලිගන්නේ ත්‍රිපිටකයේ, සූත්‍ර හා විනය කොටස් පමණක් බවයි. එයින්ද ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 න් කිහිපයක් උන්වහන්සේ විසින් අශුද්ධ වූ ධර්ම කොටසක් ලෙස සලකා ඉවත් කොට ඇත. සම්පූර්ණ අභිධර්ම පිටකයම එසේ අශුද්ධ යැයි සලකා භාවිතයෙන් ඉවත්කොට ඇත. පහත දැක්වෙන එම ව්‍යවස්ථාවේ 95, 96 පිටුව බලන්න...!

    http://www.slideshare.net/dharmaparyeshanalaya/ss-10701882?from=embed

    අවාසනාවන්ත කරුණ වනුයේ, උන්වහන්සේගේ මේ මතවාද නිසා මහමෙව්නාවට සම්බන්ධ විශාල පිරිසකට අනර්ථයක් සිද්ධ වීමයි. කිරිබත්ගොඩ හිමියන් තුල අභිධර්මය ගැන සැකයක් ඇති බව අසපුවට සම්බන්ධ බොහෝ දෙනෙක් දන්නේ නැත. ඒ අසපුව තුල අභිධර්මය යනු තහනම් වචනයක් නිසාය. ඉහත ව්‍යවස්ථාවේද අභිධර්මය ගැන වචනයක්වත් සඳහන් කොට නැත. එහිදී අභිධර්මය ප්‍රතික්ෂේප කර ඇති බව එය කියවන මහමෙව්නාවට ලැදි ජනතාව නොදනී. ඒ බව විමසූ විටද හරි ආකාර පිලිතුරක් නොලැබේ. ‘ඕව දෙවියන්ට දේශනා කල ධර්මය, මිනිසුන්ට දෙසූවක් නොවේ‘ ‘අභිධර්මය නිවනට අවශ්‍ය නොවේ‘ ‘ඉස්සෙල්ලා සූත්‍ර පිටකය ඉගෙන ගෙන ඉන්න ඕන‘ වැනි විවිධ අදහස් මහමෙව්නාව තුලින් විමසීමේදී ලැබේ. අභිධර්මය සම්බන්ධව ලියැවුනු වෙනත් පොත් පත් පවා පරිශීලනය නොකල යුතුබව ඔවුන්ට පවසයි. ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීම් වලට මහමෙව්නාවට සම්බන්ධ facebook pages වල හෝ මහමෙව්නාව web අඩවියේ හෝ ඉඩක් නැත. අභිධර්මය ගැන ඔවුන්ගේ මතය විමසූ විට ලැබෙන පිලිතුර block කිරීම පමණි. එසේ කරනුයේ තමන් වටා එක් වී සිටින අනුගාමිකයින් සත්‍ය වටහාගෙන තමන්ගෙන් දුරස්වේ යැයි ඔවුන් සිතන නිසා විය හැක. තෙරුවන් සරණ යනවා වෙනුවට කිරිබත්ගොඩ හිමියන් සරණ ගිය විශාල පිරිසකට සිදුව ඇත්තේ මහත් අලාභයකි.

    මේ ආකාරයට ධර්මය ප්‍රතික්ෂේප කිරීම යනු ශාසනය විනාශය කරා රැගෙන යාමකි. මෙවැනි මගපෙන්වීම් යටතේ අනාගතයේදී තවත් පිරිසක් විසින් තමන්ට රකිනු බැරි නිසා විනය පිටකය ප්‍රතික්ෂේප කරනු ඇත. තවත් පිරිසක් සූත්‍ර පිටකයේ තමන්ට නොවැටහෙන තැන්ද ප්‍රතික්ෂේප කරනු ඇත. දහම නැති තැන ශාසනයක් කෙසේ පවතින්නද? ශාසන අන්තර්දහනය යනු මෙයම නොවේද? බුදුහිමියන් වදාලේ, මේ ශාසනය බාහිර සතර මහ භූතයන්ගේ බලපෑමෙන් විනාශ නොවන බවයි. මේ ශාසනයේම සිටින හිස් පුරුෂයින්ගේ ක්‍රියාවලින්ම ඒ විනාශය සිදුවන බවයි. වර්තමානයේ මෛත්‍රී බුදුන් යැයි කියාගන්නා සිරිවර්ධන, සකදාගාමී වූවා යැයි කියන සිරිධම්ම හිමියන්, බුදුහිමි ලංකාවේ උපන්නා යැයි කියන මීවනපලානේ හිමි වැනි පිරිස් ශාසනයට, ධර්මයට කරන හානියට ඔබ අප කවුරුත් දන්නා දේ ය. තම තමන්ට වැටහෙන පරිදි දහම දේශනා කරන්නට යෑමෙන් මේ හානිය සිදුවී ඇති බව පැහැදිලිය. කිරිබත්ගොඩ හිමි හා මහමෙව්නාවට සම්බන්ධ විශාල සැදැහැවත් පිරිස ඒ තත්වයට වැටිය යුතු නොවේ. ශාසනයේ හානියට හවුල්කරුවන් විය යුතු නොවේ.

    කෙසේ වෙතත් පැවසිය යුත්තේ සත්‍යය සැමදාම බලයෙන් යටපත් කර තැබිය නොහැකි බවයි. ඉතා ඉක්මනින් වැඩි දෙනෙක් සත්‍යය තෙරුම්ගන්නවා ඇත. සත්‍යය සැඟවීමට මහමෙව්නාවෙන් ගන්නා උත්සාහය නිසාම තව තවත් ඉක්මනින් සත්‍යයේ මතුවීම සිදුවන බව පෙනේ.

    ධර්මය අවලංගු කිරීම බලවත් පාපයකි. එහි බරපතල බව බුදුහිමියන් විසින් දේශනා කර ඇත්තේ මෙසේය.

    “මහණෙනි, යම් ඒ භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්දේ ය යි කියත් ද, ඒ භික්ෂූහු බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නෝ ය. බොහෝ ජනයාට දුක පිණිස බොහෝ ජනයාට අනර්ථය පිණිස පිළිපන්නෝ ය. දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නෝය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් රැස් කර ගන්නාහ. ඔවුහු මේ සද්ධර්මය නසන්නෝ ය.“

    බුදුහිමියන් නොයෙක් අවස්ථාවල දක්වා ඇත්තේ නියම ධර්ම කථිකයා නම් ආභිධම්මිකයා බවයි. අභිධර්මය නොදන්නා භික්ෂුව ධර්මය අවුල්කර දේශනා කරන බව දම්සඟුණු අටුවාවෙහි දක්වා ඇත. ඒ කරුණ මැනවින් තහවුරු කරමින් කිරිබත්ගොඩ හිමියන් විසින් රචිත ග්‍රන්ථ වලද නොයෙක් ගැටලු සහිත තැන් දක්නට ඇත. උන්වහන්සේගේ දේශනා වලත් මහමෙව්නාවේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලොගේ දේශනා වලත් මෙවැනි අර්බුදකාරී තැන් දැකිය හැක. ‘විස්මිත අවබෝධය“ නම් වූ පටිච්ච සමුප්පාදය විවරණය කිරීමට උත්සාහ කරමින් කිරිබත්ගොඩ හිමියන් රචනාකොට ඇති ග්‍රන්ථය පුරාම අවුල් තැන් රැසකි. එහිදී පංචස්කන්ධය විස්තර කරන්නේ ද අමුතුම ආකාරයකටය. තමන් දන්නා සූත්‍ර ධර්මයන්ට ගැලපීමට උත්සාහ කරමින් උන්වහන්සේ විසින් ගැඹුරු පටිච්ච සමුප්පාද ධර්මය විකෘති කරයි. මෙවැනි අවුල්සහගත තැන් උන්වහන්සේගේ ග්‍රන්ථ වලින් සෑහෙන සොයාගත හැක. අවාසනාව වන්නේ මේ පොත් පත් පමණක් පරිශීලනය කරන පිරිසට මේ බව තේරුම්ගැනීමට අවස්ථාවක් නැතිවීම හා ඒ සමහරුන්ගේ අන්ධ භක්තිය හා අමූලික ශ්‍රද්ධාව විසින් සියලු සත්‍යයන් යටපත් කිරීමයි.

    ආභිධම්මික අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමියන් විසින්, අභිධර්මය අබුද්ධ දේශතයකැයි කියන්නවුන්ට දුන් පිලිතුරු පහත දැක්වේ. සියල්ලෝ මෙය කියවා බලා තම ගැටළු නිරාකරණය කරගැනීමට උත්සාහවත් වෙත්වා...!

    https://docs.google.com/viewer?url=http%3A%2F%2Fassets4.dhammikaweb.com%2Fuploads%2F2011%2F03%2FAbhidharmaya_Buddha_Deshanawak_Nowe_Kiyannanta.pdf&embedded=true

    තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය අය පහත link එකට ගොස් රේරුකානේ මානාහිමියන් විසින් රචිත ‘පටිච්ච සමුප්පාද විවරණය‘ ග්‍රන්ථයේ 253 පිටුවේ සිට කියවන්න.

    http://www.ogatharana.org/

    අතිපූජනීය නාඋයනේ අරියධම්ම හිමිපාණන් විසින් සිදුකරන ලද පහත දේශනාවෙන්ද අභිධර්මය ගැන පැහැදිලි විස්තරයක් දක්වා ඇත.

    http://www.dhammikaweb.com/?p=6520

    ශාසනයේ මේ දක්වා පහල වූ මහ රහතන් වහන්සේලාත් විනයධර, ධර්මධර මහා තෙරවරුනුත් විසින් පිලිගත් ත්‍රිපිටක ධර්මය තවදුරටත් ප්‍රතික්ෂේප කරන අය මෙම කාරණා සඳහා වහාම පිලිතුරු දිය යුතුය. නොඑසේ නම් තමන් විසින් දැන හෝ නොදැන සිදුකරන ශාසන හානිය පිලිගෙන එය ඉදිරියටවත් නිවැරදි කල යුතුය. මෙහි දක්වා ඇති කාරණා නොදැන සිටීම නිසා වැරදි අවබෝධයකින් කටයුතු කල සියලු දෙනාටම දැන් නිවැරදි වීමට අවස්ථාවයි. ඔබටත් එසේ දහම විමසා බැලීමට නුවණක් තිබෙනම් සිතන්න. එක් ස්වාමීන් වහන්සේ නමක් සරණ යනවාද, නැතිනම් නිවැරදිව තෙරුවන් සරණ යනවාද කියා...!

    අවසානයට සදහන් කළ යුත්තේ මේ සියළු කරුනු ඔබ හමුවේ පැහැදිලි කිරීමට ගත් උත්සාහය කිසිවෙකුටවත් අපහාස කිරීමේ අරමුණින් සිදුකරන ලද්දක් නොවන බවයි. බුද්ධ භාෂිතය අබුද්ධ දේශිතයකැයි පවසා තමන්ට හා අනුන්ට අනර්ථයක් කරගනිමින්, දැන හෝ නොදැන සද්ධර්මයේද විනාශයට පාර කපන කිරිබත්ගොඩ හිමියන් හට හා උන්වහන්සේ අනුව යන හිමිවරුන්ටත් මහමෙව්නාවට සම්බන්ධ සියලු දෙනාටත් සත්‍යය පෙන්වා දීමේ අරමුණින් මේ කරුණු දක්වන ලදී. කිසිවෙකුට හෝ පරිභ්‍රව කිරීමට මෙතැන හෝ මේ අදහස් යොදානොගන්නා ලෙස සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින අතර මෙහි දැක්වූ අදහස් වලින් කිසිවකුගේ හෝ සිත් බිඳීමක් සිදුවූයේ නම් සමාව ඉල්ලා සිටිමි...! ඉදිරියේදී වත් නිවැරදි මගට පිවිස මහමෙව්නාවෙන් සිදුකරගෙන යන කටයුතු සියලු දෙනාගේම යහපත පිණිසත්, සද්ධර්මයේ උන්නතිය පිණිසත් යෙදවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....!
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කවුරුවත් පවසන්නේ සත්‍යය යැයි පැවසීමට තරම් මම දර්මය පිළිබද අවභෝදය ඇත්තෙක් නොවෙමි...
     
    Mar 6, 2013
    5
    0
    0
    ne deiyane. A hamduruwo me sasaneta karanne lokuma sewawak. A dharmaya niyama dharmaya. Wenas karala ne. Balanna wadima ehema mahameunawak thibune nathnam me lankawe hamduruwaru 100kwath innakak ne. A dharmaya wikurthiyak nemei. Niyama dharmaya.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ne deiyane. A hamduruwo me sasaneta karanne lokuma sewawak. A dharmaya niyama dharmaya. Wenas karala ne. Balanna wadima ehema mahameunawak thibune nathnam me lankawe hamduruwaru 100kwath innakak ne. A dharmaya wikurthiyak nemei. Niyama dharmaya.

    ඇයි මහමෙවුනාව පිහිටවන්න කලින් ලංකාවේ ස්වාමින්වහන්සේලා වැඩ උන්නේ නැද්ද. සහෝදරයා මහමෙවුනාවෙන් සේවයක් වෙන්නේ නැහැ කියල මම කියන්නේ නැහැ. එත් බුදුන් දේශනා කරපු අභිධර්මය බුද්ධ දේශනාවක් නෙවෙයි කියන මතවාදයක් ගොඩනගල අහිංසක මිනිස්සු මුලා කරන එක වරදක්. පවක්. එතනින් කෙරෙන සේවයනම් තමුන්ගේ මහමෙවුනාව හොඳට මාර්කට් කරගෙන තියෙන හින්ද වැස්සකටවත් ගමේ පන්සලට නොයන උන්දලා පන්සල් දෙතුන්සීයක් පහුකරගෙන ගිහින් හරි මහවෙමුනාවට ගොඩවෙලා මලක් පහනක් පූජා කරලා පන්සිල් සමාදන් වෙන එක සේවයක් තමයි. එතනින් කෙරෙන අනික් සියලු කටයුතු සියල්ල අසාමාන්‍යයි. සියල්ල සිදුවෙන්නේ ලොකු උන්නාන්සේ උදෙසා ශාද්ධාව ගොඩනගන විදිහට මිසක් බුදුරජානන් වහන්සේට නෙවෙයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මහමෙව්නාවෙන් තමයි පිරිසිදුම ධර්මය පතුරණ්නේ.
    http://sinhala.mahamevnawa.lk/




    .

    සත්‍යට මුහුණදෙන්න බැරුව මගේ නමින්ම polwattacom . කියල fake id එකක් හදාගෙන මම comment කරනවා වගේ මහමෙවුනාව මාර්කට් කරන්න හදන්නේ වංචනිකයෙක් . මේ ගැන admin ල ක්‍රියාමාර්ගයක් ගනීවි මම හිතන්නේ. මම දැනගෙන හිටියේ නැහැ මගේ comments වලට බය එවුන් මේකේ ඉන්නවා කියල .
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සත්‍යට මුහුණදෙන්න බැරුව මගේ නමින්ම polwattacom . කියල fake id එකක් හදාගෙන මම comment කරනවා වගේ මහමෙවුනාව මාර්කට් කරන්න හදන්නේ වංචනිකයෙක් . මේ ගැන admin ල ක්‍රියාමාර්ගයක් ගනීවි මම හිතන්නේ. මම දැනගෙන හිටියේ නැහැ මගේ comments වලට බය එවුන් මේකේ ඉන්නවා කියල .

    අඩේ මම හිතුවෙ උඹ සත්‍ය වටහගෙන කියල :rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    මාලදිවයින සිංහල බෞද්ධ කියල ඇහුවේ අද තමයි.
    මේ වපුරන්නේ වයිරය නොවේද?
    ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ වර්ෂ 5550 ක් පමණයි කියල නොදැනද මේ කතාකරන්නේ?
    බුදුරජානන් වහන්සේ සංඝයාට කිව්වේ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කියල මිසක් දරුවෝ හදන්න කියලදෙන්න නෙවෙයි.
    මේ දේශනා කරන්නේ විෂය නොවූ දේවල්. මේ පතුරුවන්නේ අවිද්‍යාවයි.
    දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ශ්‍රී මහා බෝධියට , රුවන්වැලි සෑයට යන්න කියපු දේ හැරෙන්න අනික් සියලුම දේ අවිඥානිකයි .
    සියල්ල අනිත්‍ය ලෝකේ සිංහල ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මුස්ලිම් ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මේ අනිත්‍ය භාවය මිනිස්සුන්ට කියලදෙන්න පැවිදි උන උදවිය මේ දේශනා කරන්නේ මොනවද???
     

    RoshanSAM

    Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    පෝරිසාදයා;12738299 said:
    මචන් උඹල් පිරිසිදු බුදු දහම හොඳට ඉගෙන ගනිල්ල්ල, එතකොට තේරෙයි මහමේව්නාවේ කිරිබත්ගොඩ හිමියො කරන්නේ බොලඳ දහමක් කියලා..තමන්ගේ සීඩී ටික විකුනගෙන ආධාර එකතු කරගන්න කරන ව්‍යාපාරයක් කියලා තේරෙයි උඹලටම,,
    මුකුත් නොදන්න එකාට බින්දුවේ ඉඳන් එකට එන්න මහමෙවිනාව හොඳයි.මොකද අඩුම තරමේ බුද්ධ වන්දනාවට යොමු කරන හින්දා..නමුත් උඹලා 1ට ආවට පස්සේ නියම බුදු දහම ගැන අභිධර්මය ගැන විකෘති කිර්‍රමක් තමා මහමෙව්නාවෙන් කෙරෙන්නෙ.. උඹල බලපල්ලා අවුරුදු ගානක් මහමේව්නාවේ ගියත් උඹලගේ දියුණුවක් තීයෙනවද කියලා.
    රේරුකානේ හාමුදුරුවන්ගේ පිරිසිදු බුදු දහම විකෘති නොකර ලියපු පොත් පෙල කියවපල්ලා ..හැදෙන්න ඕනෙ නම්. අන්ධයො වගේ කිරිබත්ගොඩට ආවඩන්නේ නැතිව..
    [/QUOT

    Sampurna aththa machan...
     
    • Like
    Reactions: Gstar

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    සත්‍යට මුහුණදෙන්න බැරුව මගේ නමින්ම polwattacom . කියල fake id එකක් හදාගෙන මම comment කරනවා වගේ මහමෙවුනාව මාර්කට් කරන්න හදන්නේ වංචනිකයෙක් . මේ ගැන admin ල ක්‍රියාමාර්ගයක් ගනීවි මම හිතන්නේ. මම දැනගෙන හිටියේ නැහැ මගේ comments වලට බය එවුන් මේකේ ඉන්නවා කියල .

    machooo meke eka eka jaathiye un innawane samaharunta kara ganna deyak nathi unaaama mewa thama karanne Uba salenna epaaa :yes::yes: