කිරිය, කඹේ සහ අපි

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,810
    1,802
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කිරිය, කඹේ සහ අපි

    මුලින්ම සමාව ඉල්ලනවා ස්තුති කිරීමට වැඩි වෙලාවක් ගැනීම නිසා.
    පහුගිය දවස් දෙකේ අරහෙටයි, මෙහෙටයි දුවපු නිසා වෙලාවක් තිබ්බේ නෑ.
    :no::no:

    10cq6no.jpg


    2017 අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වුණු කඹ ඇදිල්ල තියුණු තරඟයක් දීලා ජයග්‍රාහි ලෙස නිම කරන්න අපේ කසිප්පු වොරියර්ස් ටීම් ඒකට පුළුවන් උනා.
    මටනම් මේක එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි.
    පටන් ගත්තු වෙලේ ඉඳලා තරඟය ගොඩක් උණුසුම්ව ගියා.
    :yes::yes::yes:

    නමුත් අපේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ තිබ්බ කැපවීම කියලා නිම කරන්න බෑ.
    උදේ රෑ නොබලා, නොකා නොබී මහන්සි උනා හැමෝම වගේ.
    අපි ඒ ටික දවසට එක පව්ලක් වගේ එකතු උනා.
    ප්‍රශ්න, සැලසුම් සාකච්චා කරා.
    හැම සාමාජිකයෙක්ම ක්‍රියාකාරී ලෙස දායක උනා.
    මන් හිතන්නේ අපි අතර ඇති උන ඒ බැඳීම අපේ ජයග්‍රහණයට ලොකු පිටුවහලක් උනා.
    මට කියන්න තියෙන්නේ උඹලගේ මහන්සියේ ප්‍රතිඵල හම්බුනා.
    උඹලට ස්තුතියි.
    11.gif
    11.gif


    ඒ වගේම තමයි කිරියේ ජේෂ්ඨ සාමාජිකයන් සෙට් එක අපිට එකතු උන එක.
    සහයෝගය සහ මඟපෙන්වීම උපරිමෙන්ම තිබ්බා.
    තමන්ගේ වැඩ පාඩු කරගෙන, වයිෆ්ගෙන් බැනුම් අහ අහා අපිට සහයෝගය දුන්නු අයියලා හිටියා.
    උඹලට ස්තුතියි.
    11.gif
    11.gif



    ප්‍රතිවාදී පිල අමතක කරන්න බෑ.
    පට්ට ගේමක් පටන් ගත්තු වෙලා ඉඳලා දුන්නේ.
    ඒ වගේම තමයි LazyLizard කියන්නේ හොඳ දක්ෂතාවක් තියෙන එල කොල්ලෙක්.
    ටීම් දෙකේම ලෝගෝ දෙක හැදුවේ අපේ කටුසු නායකයා.
    ටීම් එකේ අනිත් අයත් ගොඩක් මහන්සි උනා.
    වැදගත්ම දේ තමයි ටීම් 2 අතර ප්‍රශ්න ඇති නොවෙන්න ටීම් දෙකේම සාමාජිකයෝ වග බලාගත්තා.
    උඹලට ස්තුතියි.
    11.gif
    11.gif



    කඹේ අදින්න යෝජනා කරපු වෙලේ ඉඳලා තරඟ ප්‍රතිපල දෙන වෙලාව දක්වාම සංවිධායක මණ්ඩලේ සැහෙන්න මහන්සි උනා.
    සොහොන සහෝදරයාගේ තිබ්බ කාර්යබහුලත්වය නිසා අවසානයේ සහයෝගය දෙන්න බැරි උනත් ඒ බරත් කරට අරන් වැඩ කරපු අපේ නික්,ශාමින්ද, ආර්.පී සහ තනුජක අයියලාටත් මගේ විශේෂ ස්තුතිය පුද කරනවා.
    11.gif
    11.gif




    තව අමතක කරන්න බැරි පොරක් ඉන්නවා. ඒ තමයි අපේ ඇඩ්මින් සහෝදරයා GTRZ. අයියේ ඔබටත් ගොඩක් ස්තුතියි.
    11.gif
    11.gif



    කිරිය කියන්නේ අපිට ලොකු සම්පතක්.
    බාල මහලු, නැති, බැරි අපි හැමෝම අපේ තත්වේ අමතක කරලා එකතු වෙන තැනක්.
    හැමෝගෙම දැනුම ෂෙයාර් වෙන තැනක්.
    උදව්වක් ඉල්ලුවොත් අනිවාර්යෙන්ම හම්බෙන තැනක්.
    ගොඩක් වටිනාකම් තියෙන මිනිස්සු ඉන්න තැනක්.
    ඒ සාමජිකන් සමඟ සම්බන්ද වෙන්න,සාමාජිකයන් අතර සම්බන්දතා වැඩි දියුණු කරගන්න කඹේ මග පාදනවා.
    තව අපේ කොල්ලොන්ගේ,කෙල්ලොන්ගේ තියෙන දක්ෂතා එලියට ගන්න පුළුවන් ඉවෙන්ට් එකක් තමයි කඹේ කියන්නේ.
    මේ පාර කඹේ දිහා බලපු ඕනෙම කෙනෙක්ට තේරෙනවා මේක මාර ක්‍රියේටිව් විදිහට අන්දපු කඹයක්.

    එක එක්කෙනා නම් වශයෙන් කිව්වේ නෑ.
    කඹේ නිසා යම් කෙනෙක්ගේ හිත රිදීමක් සිදු උනානම් ඒ සියලුම දෙනා වෙනුවෙන් මන් සමාව ඉල්ලනවා.
    කඹේ මේ විදිහට සාර්ථක කරගන්න සහයෝගය ලබාදුන් ඔබ සැමට ස්තුතියි.
    බුදු සරණයි.
    :)
    giphy.gif


    P.S. හදිස්සියේ ඇවිත් දාපු ත්‍රෙඩ් එකක්. වැරදි, අඩුපාඩු නොසලකා හරින්න.

     
    • Like
    Reactions: DAMER

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,435
    113
    9
    කටුකරෝලගම
    කඹේ ජයග්‍රහණය වෙනුවෙන් කටුසු ෆයිටර්ස් ටීම් එක වෙනුවෙන් මම කසිප්පු ටීම් එකට සුබ පතනවා :yes:
    හොඳ තරඟයක් තිබුනා, මම හිතන්නෙ එළකිරි ඉතිහාසයේම තිබුන තියුණුම කඹ ඇදීම මේක. අනික ලොකුවට රණ්ඩු සරුවල් උනෙත් නෑ. ප්‍රචණ්ඩ ක්‍රියා ඇත්තෙම නැති තරන් :D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,142
    26,518
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :)
    ඊලග පාර රෙප් ඇපේට නොතියා වැදගත් සයිට් ටිකක්, ප්රෝමෝෂන් කෝඩ්ස් ටිකක්........... වගේ දෙයක් බෙදුවනම් කවුරුත් සතුටින්
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එසේම හොද නායකත්වයකින් කණ්ඩායම මෙහෙයවපු ඔබතුමාවත් මේ වෙලාවේ මතක් කරන්ඩ කැමති.

    කසිප්පු කණ්ඩායමේ සියලුම දෙනාටත් කසිප්පුවන්ට මනාපය පළකරපු සියලු දෙනාටත් සියලුම කසුට්ටෝන්ටත්, සංවිදායක මණ්ඩලයටත් ස්තුතී.


    giphy.gif
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මටත් රෙප් 10ක් විතර හම්බුනා එකටත් ගොඩක් ස්තුතියි:rofl:
     
    • Like
    Reactions: djnick

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,273
    882
    113
    Godric's Hollow
    giphy.gif


    එල එල කසිප්පුවා..... අන්තිමට අපි දිනුව. බොරු පොරොන්දු නැතුව rep දීලත් තියෙනවා.

    :):):):):)
     
    • Like
    Reactions: Kasippu Sira

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    giphy.gif


    එල එල කසිප්පුවා..... අන්තිමට අපි දිනුව. බොරු පොරොන්දු නැතුව rep දීලත් තියෙනවා.

    :):):):):)

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී :lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    15,469
    12,030
    113
    ඒක වැඩක් නෑනෙ
    ජබුක් .මන් වෝට් කරල ගිහින් අද තමා ආවෙ .මන් වෝට් කරනකොට කටුස්සො සෑහෙන්න ඉස්සරහින්නෙ හිටියෙ .