අඩේ බන් මුන්ට පිස්සු. මේ කෙල්ලගේ අවසන් මොහොතේ මේ විදියට කෙලෙස් ඇතිවන විදියට කටයුතු කලාම එයාගේ පරලොව ජීවිතය දුගතියකටනේ වැටෙන්නේ. දැන් බලපන් මේ සින්දු වලින් කියවෙන්නේ ප්‍රේමය ගැනනේ. එතකොට එය අසන පුද්ගලයාගේ මනසේ ඇති වෙන්නේ ජීවිතයට ඇලීමක්මයි. රාගයක්මයි. එය සත්වයාගේ අනර්ථය පිනිසමයි හේතු වෙන්නේ. දැන් ඉතින් උඹලා මට බැනගෙන එයි. ඒත් මම කිව්වේ ලෝක සත්වයාට ඇති අනතුර ගැනයි. බුද්ධිමතුන් මේ ගැන කල්පනා කර බලත්වා!
හරි, දැන් මේ මනුස්සය සින්දු නොකිව්වා කියමුකෝ...එතකොට එත් ඒ ගැහැණු ළමය ඒ ආශාව සංසිදුවා ගන්න බැරුව ඇති වුන ශෝකය, වයිරය හිතේ තියන්නේ මැරෙන්නේ...මැරිලත් ඒ ආශාව ඉෂ්ට කරගන්න එක්කෝ භූතයෙක් වෙලා කීර්ති පැස්කුවෙල් වටේ කැරකෙයි...
මම හිතන්නේ මෙතැනදී ඒ ගැහැණු ළමයට ඕන වුනේ ආදරය ගැන සින්දුවක් අහනවට වඩා එයාගේ ආසම ගායකයෙක් වෙච්ච ඒ මනුස්සය ගෙනල්ල සින්දුව අහන එකයි..උබ කියන දේවල් එයාගේ හිතේ ඇති වෙනවට වඩා මම හිතන්නේ ඒ ආශාව ඉෂ්ට වීමේ ප්‍රීතියෙන් මිය පරලොව යන්න ලැබීමයි වටින්නේ...
මෙහෙම හිතපන්, උබ මැරෙන මොහොතේදී උබ ආසයිනේ උබේ දරුවෝ හොද තැනක ඉන්නවා දකින්න? ඒ දැකල, උන්ගේ සල්ලි වලට උබ කෑදර වෙනවද? නැත්තම් අනේ මගේ දරුවෝ ටික හොදින් ඉන්නවනේ...මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් කියල හිතනවද? දෙවෙනි එකනේ හිතන්නේ?
ඒ වගේ තමයි..
