කුකුළු ෆාම්කාරයාගෙ සත්ව කරුණාව
කුකුළු ෆාම්කාරයාගෙ සත්ව කරුණාව හෙවත් උපාසක සක සක - රෑට බිත්තර දෙක දෙක
සිංහල බෞද්ධයන් බුරුමෙ ඇතැම් බෞද්ධයන් වගේ තවම මුස්ලිමුන්ට ගල් ගහලා මරන්නෙ නැහැ.
හරක් මස්වලට විරුද්ධ වුණාට ඉන්දියාවෙ හින්දූන් වගේ හරකුන් මුර කරන්නට තරම් අමාරුවකුත් නැහැ.
සිංහල බෞද්ධ බහුතරය ඇතුළු ලාංකිකයන්ගේ ජාතික මාංශාහාරය තමයි කුකුළු මස් හෙවත් මකුළු කුස්. අපි මාර පෙරේතයි චිකන් කන්න. චිකන් කන එක අපේ ඉස්ටැයිල් එක වගේ.
මතුගම ටවුමෙ තිබුණු හරක් මස් කඩේ දැන් වහලා. හරක් මස් කන්න පුළුවන් කඩ දෙක තුනකට වඩා ටවුමෙ නැහැ. හැබැයි කුකුළු මස් විකුණන කඩ නම් දිනපතා වගේ අලුතෙන් විවෘත වෙනවා. ටවුමෙ තියෙන ෆාමසි ගානට ම වගේ කුකුළු මස්, බිත්තර විතරක් විකුණන්නට තියෙන කඩ තියෙනවා. පාරිභෝජනවාදී සුඛෝපභෝගිත්වයත්, ලෙඩ රෝගත් යන්නෙ සමාන්තරව.
චිකන් කියන්නෙ ලංකාවෙ වගේ ම ලෝකෙත් පාරිභෝජනවාදී මෝස්තරකාර ආහාරයක්. කේ.එෆ්.සී. වගේ සමාගම් ඒ පාරිභෝජනවාදය විලාසිතාවක් කළා. අපි චිකන් කන්නෙ පෝෂණයට ම නෙමෙයි. ධනවාදය විසින් අපට චිකන් අතිවඩවලා තිබෙන නිසා.
වසර 2016දී ලංකාවෙ කුකුළු මස් පරිභෝජනය ජනගහණයෙන් බෙදා බැලුවාම ලොකු කුඩා හැම මිනිහෙකු ම වගේ චිකන් කිලෝ 7.3ක් දෙසා බාලා තියෙනවා. මේක ඇමරිකාව එක්ක සන්සන්දනය කරලා බැලුවොත් ඇමරිකන්කාරයෝ නම් අවුරුද්දට කුකුළු මස් කිලෝ 47.6ක් කනවා.
ලාංකිකයන්ගේ ඒක පුද්ගල බිත්තර කෑම අවුරුද්දකට බිත්තරත් 54ක්. ඒ කියන්නෙ හැම ලාංකිකයෙකු ම සතියකට එක බිත්තරයක්වත් කනවා.
ලංකාවේ දෛනික බිත්තර පාරිභෝජනය 65,000ක් විතර වෙනවා. උපාසක සක සක - රෑට බිත්තර දෙක දෙක කියලා පරණ උපහාසාත්මක කවියක් තියෙනවා.
පසුගිය දවස්වල වයඹ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් ඇමති පී. හැරිසන්ගේ පඹයෙකුට බිත්තර ගසමින් උද්ඝෝෂණයක් කළා. හේතුව, මේ බැටරි කූඩු කියලා ජාතියක්.
Photo credit: http://www.prijatelji-zivotinja.hr
බැටරි කූඩු කියන්නේ මෙන්න මේ පිංතූරයේ දැක්වෙන විදියේ ඉඩ පිරිමසා, වැඩ අඩු කර ගනිමින්, අසූචි පහසුවෙන් ඉවත් කරගනිමින් ලෙඩ රෝගත් වළක්වා ගනිමින්, වියදමත් අඩු කර ගනිමින් බිත්තර නිෂ්පාදනය කරන්නට යොදා ගන්නා ක්‍රමයක්. මේ කූඩුවක දාන්නට පුළුවන් කිකිළියන් ප්‍රමාණය 3 - 6 අතර. යුරෝපා සංගමය, ඇමරිකාව එහෙම එක් කිකිළියකට ලබා දිය යුතු ඉඩ ප්‍රමාණය නීතිගත කරලායි තියෙන්නේ.
ලංකාවේ මහා පරිමාණ කුකුළු ගොවිපළවල මෙම ක්‍රමය දැනටත් භාවිතා වෙනවා. සුළු පරිමාණ කුකුළු ගොවීන් මෙයට කැමති නැත්තේ එයින් බිත්තර නිෂ්පාදන වියදම අඩු වෙන නිසායි. එතකොට පාරිභෝගිකයන්ට අඩු මිළට බිත්තර මිළ දී ගන්නට පුළුවන්.
දැනටත්, වඩා ගුණදායක, පිරිසිදු, තත්වයෙන් ඉහළ, පරිසර හිතකාමී ලෙස අසුරන ලද බිත්තර සාධාරණ මිළකට ගන්නට පුළුවන් සුපිරි වෙළඳසැල්වලින් විතරයි. කුකුළු මස් කඩකාරයන් ෂොපිං බෑග්වලට ජරා පිදුරු දාලා, කුකුළු ගූ තැවරුණ බිත්තර විකුණන්නෙ ඒ අතරට බට්ටිචි බිත්තර වගේ පොඩි ඒවාත් රිංගවලායි.
මේ කුකුළු ගූ තැවරුණ බිත්තර ගැන කතා කරනකොට මේකත් කියන්නට ඕනැ. ඔය කඩවල කොත්තු රස ඒවට දාන බිත්තරවල හා කොත්තු හදන එවුන්ගෙ අත්වල නිතර මේ කුකුළු ගූ තැවරී තිබෙන නිසා බවත් දැනගෙන කොත්තු කන්න.
හැබැයි ඉතින් මොනවා වුණත්, මේ සුළු නිෂ්පාදකයන් ආරක්ෂා වෙන්නට ඕනැ. උන් කුකුළෙකු හදාගෙන බිත්තරයක්, මස් ටිකක් විකුණගෙන ජිවත් වන නිසා තමයි දුප්පත්කම නැති වෙන්නෙ.
මේ බැටරි කූඩු ක්‍රමය ඔවුන්ට භාවිතා කරන්නට බැරි ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය නැති නිසායි. ඒ නිසා ලොකු, ලොකු ෆාම්වල බැටරි කූඩු පාවිච්චි කරනවාටත් ඔවුන් විරුද්ධයි. ඇත්තට ම විරුද්ධ මිළ අඩු වෙනවාට. ගොවියා ආරක්ෂා කරන්නට නම් පාරිභෝගිකයාගෙන් ගසා කන්නට සිදු වෙනවා. මෙය ඇත්තට ම සංකීර්ණ ආර්ථික, දේශපාලන ගැටලුවක්.
හැබැයි අර මිදි ඇඹුලයි කියපු නරියා වගේ කියන්නෙ වෙන කතාවක්. කූඩුවල කිකිළියන් පස් හයදෙනෙකු දැම්මා ම උන්ගෙ තටු දුර්වල වෙනවාලු. එළියට ගන්නකොට කකුල් කැඩෙනවාලු. ඉතින් යකෝ මොකටද පස් හය දෙනෙකු දාන්නෙ. පුළුවන් නේ දෙතුන් දෙනෙකු දාන්න. එළියට ගන්නකොට ගනිල්ලකෝ මල වගේ. මොකෝ උඹල කොහොම එළියට ගත්තත් උන් ආපහු ඇතුළට යන්නෙ නැහැ නේ. යන්නෙ අපේ බඩවලට නේ.
කුකුළු ෆාම්කාරයන් සත්ව අයිතිවාසිකම් ගැන කතා කරනකොට මට නම් ටිකක් මඤ්ඤං වගේ.
Source http://www.w3lanka.com/2017/07/blog-post_7.html?spref=fb