සාමාන්‍යයෙන් කුණුහරුප සම්බන්ධයෙන් අපිට එදිනෙදා හම්බුවෙන මිනිස්සුන්ව කොටස් තුනකට බෙදන්න පුලුවන්. එක කොටසක් කුණුහරුපෙන් බණින්න තරමට හිතෙන මොහොතකදී කියනවා “උඹලා බඩ වෙන්න පුලුවන් තරමට කියන්න කුණුහරුප අපි දන්නවා, ඒත් කියන්නෑ” කියලා. තව කොටසක් ආයේ ඕන වාසුවෙක් කිලෝ දෙකයි කියලා කුණුහරුප ගංගාවක් ඇදලා අරිනවා. ඒ අතරේ අනික් කොටස සද්ද නැතුව එහෙම නැත්තං “බූරුවා” වගේ සත්ව නාමපදයකින් ආමන්ත්‍රණය කරලා මාරු වෙනවා. ඇත්තටම මේ තුන්වෙනි කොටස කුණුහරුප කියලා හිතාගෙන ඉන්නේ “නරක සොරා, වල් සමනලයා” වගේ වචන වලට.
සාමාන්‍යයෙන් හරි විදියට ලමා කාලේ එක එක යුගයන් සංවර්ධනය වෙලා ආපු කොල්ලෙක් නං අට වසර, නවය වසර වෙනකොට තමයි කුණුහරුප ගැන දැඩි උනන්දුවක් වර්ධනය කරගන්නේ. කෙල්ලොත් එහෙම තමයි, හැබැයි කෙල්ලෝ කොල්ලෝ තරං ෆෝවඩ් වෙලා ඔය කාලේ කුණුහරුප එක්ස්ප්ලෝර් කරනවා අඩුයි. කොල්ලෝ අට, නවය පංති වලට එනකොට ඉතිං කුණුහරුපයක් ඇදලා අරින්නේ කොයි වෙලේද කියලා තමයි බලං ඉන්නේ. ඒ තරමට ඔය කුණුහරුප කියවිල්ල ආතල්. හැබැයි ඉතින් ලොකුවට ක්‍රියේටිවිටි එකක් නෑ. දන්න වචන කීපය කියන එක තමයි වෙන්නේ.
හැබැයි ඇම්ඩන්ගෙ මල්ලි පුංචි කාලේ වගේ පොඩි එවුනුත් කාලෙන් කාලෙට ඕන තරං හම්බෙනවා. ඒ කියන්නේ “මේ කටේ කිරි දතක් වත් නැති කිරිසප්පයා විතරයි මේ ගෙදර කුණුහරුප කියන්නෙ නැත්තෙ” කියලා ටීචර් කිව්වහම කට ඇරලා තියෙන එකම කිරි දත පෙන්නලා “ඈ කයිතර් නෝනෝ, මේ තීන්නෙ වාතුවෙක්ද” කියලා අහන ටයිප් පොඩි එවුන්!
කුණුහරුප කියන්න ෂුවර් එකටම අවුලක් නැති තැනක් ගැන නං අපිට කියන්න පුලුවන්. ඒ තමයි ජනතා නියෝජනයෙන් පත් කරලා යවපු නියෝජිතයෝ සෙට් එකම ගැංසි බහින රටේ උත්තරීතර තැන, පාර්ලිමේන්තුව. ආයි එක දවසක් වාසු සීයා ඇදලා ඇරියා, හම්මේ එදා තමයි අපිට පුල් කන්‍ෆිඩන්ස් ආවේ මුං අපේ නියෝජිතයෝම තමයි කියලා. හැන්සාඩ් එකට ඇතුළත් නොවුනත් ඔය පනතක් ගැන විවාදයක් එහෙම තියෙන වෙලාවක අහගෙන හිටියොත් අලුත් කුණුහරුප ඉගෙන ගන්න වුනත් පුලුවන්.
තව කුණුහරුප කියන්න ෂුවර් තැනක් තමයි ඔය ඩීජේ සීන් එකක් එහෙම තියෙන වෙලාවක. කයිසර් අය්යා තමයි පුරෝගාමියා. ආ තව සැන්ඩි නැතුව කුණුහරුප වක්කරන සෙට් එකක් ඉන්නවා. ඒ තමයි කයිසර් අය්යට වැඳලා දවසෙ වැඩ පටං ගන්න පුංචි පාතාලේ පුංචි වීරයෝ ටික. නියම ඇම්ඩන්ගෙ මල්ලිලා සෙට් එකක්. ආයි ෆේස්බුක් එකට දාන්න කරන වීඩියෝ එකක් අහගෙන හිටියොත් උන්ගෙ අම්මලා තාත්තලා හාට් ඇටෑක් වලින් වැලිගම්පිටි යන්ව ෂුවර්.
අහ්. අමතකම වුනා. අනිවා කුණුහරුප කියන්න ඕන තැනක් තමයි ඔය සොහොන් පිට්ටනියක් ලඟින් වගේ යනකොට. එහෙම නැතත් ඔය තනිපංගලමේ ඉන්න වෙලාවක අමනුස්සයෙක් එහෙම දිස්ටිය දාගෙන එනව නං හොඳවයින් අත දිගෑරලා කුණුහරුප කියන්න කියලා තමයි පැරැන්නෝ කියල තියෙන්නේ. ආයෙ හොල්මන් දුවනවලු සොහොන් කොත් පෙරලගෙන. ඕවා ගැන අපේ ඒ හැටි විස්වාසයක් නැතත්, අපේ අය්යලා කියන කුණුහරුප හොල්මනකට වුනත් අහගෙන ඉන්න පුලුවන්ද ආයුබොවන්ඩ!
කුණුහරුප කීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නොහිතන තැන තමයි, මේ කුණුහරුප කීම ලේසියෙන්ම පුරුද්දට යනවා කියන එක. මේ ඇබ්බැහිය කොයි තරම්ද කියලා බලාගන්න පුලුවන් ඔය සමනලයෙක් ඇඟේ වැහුවත් ‘කයිසර්’ කියලා පටන් ගන්න අය්යලා. මේ කට්ටියට තැනක් නොතැනක් නෑ. ආයි මංගල්ලෙක අෂ්ටක කියන්න ගියත් සුද්ධ සිංහලේ විශුද්ධි බාසාවෙන් වනයි.
හැබැයි ඔලුවෙ තියාගන්න ඕන එකම කාරණයයි. කුණුහරුප කීම වීරකමක් නෙවෙයි කියන එක. සාමාන්‍යයෙන් ශිෂ්ට සමාජයේ කුණුහරුප කියන එක අශිෂ්ට ක්‍රියාවක් විදියට තමයි සැලකෙන්නේ. සාමාන්‍යයෙන් කොල්ලෝ සෙට් එක සෙට් වුනු තැනක කුණුහරුපයක් දෙකක් ඇහෙන්නෙ නැත්තං ඒක අවුලක්. මේ කියන්නේ ඒ ගැන නෙවෙයි, ඉස්සරහ ඉන්නේ වැඩිමහල්ලෙක්ද, බවලතෙක්ද නැත්තං පොඩි එකෙක්ද කියලා තැන නොතැන නොබලා කුණුහරුප වක්කරන අය්යලා ගැන. මේ කට්ටිය තමන්ගේ ඇබ්බැහිය වහගන්න හදාගත්තු කතාවක් තමයි තමන් ඔය ශිෂ්ට අශිෂ්ට ලිමිට්ස් ගැන හිතන්නෙ නැති ජෙනුයින් එකෙක් කියන එක. ඒක ඉතින් සිගරට් බොන එක නවත්තගන්න බැරි වුනහම ‘මම වෙනස්’ කියලා කියනවා වගේ හිත නිවන කතාවක් තමයි. ගොඩක් වෙලාවට පෞරුෂත්වයේ පොඩි පොඩි කේස් තියෙන කට්ටිය මෙහෙම තැන නොතැන නොබලා කුණුහරුප කියනවා කියන එක ස්පොට් කරන්න පුලුවන් කාරණයක්. ඇයි? ඒ තමන්ට පෞරුෂත්වය පාවිච්චි කරලා ලබාගන්න බැරි අවධානය ලබාගන්න. මේ තත්වය නවත්වා ගන්නත් පුලුවන්. එක ක්‍රමයක් තමයි තමන්ට කුණුහරුප කියවෙන තැන් ගැන අවධානයෙන් සිටීම. ඊට පස්සේ ටිකින් ටික තමන්ට කුණුහරුප කියවෙන්න එනකොට හිතා මතා වලක්වා ගන්න උත්සාහ දරණ එක. මේ ක්‍රමේට ඔය කුණුහරුප කියවෙන ඇබ්බැහිය කඩා ගන්න පුලුවන්.
කාට හරි කුණුහරුපයක් කියන්නේ නැතුව ගේම කෝල් කරන්නවත් බැරි නං, ඌ හැබෑවටම ගේමකටවත් යන්න සුදුසු කොල්ලෙක් නෙවෙයි කියන එක තමයි අපේ හැඟීම.
දැන් එතකොට කුණුහරුප නොදන්න, නොකියන මල් වගේ ඉන්න කොල්ලෝ රත්තරංද? ආන්න පොයින්ට් එක. එහෙම මල් වගේ වැනි වැනී ඉඳලත් හරියන්නෙ නෑ කොල්ලෙක් වුනහම. මේ කියන්නේ අර මධ්‍යම ප්‍රතිපදාව කියන එක තමයි. ශිෂ්ට විදියට වලියකදී වුනත් කුණුහරුපයක් නොකියා ඉන්න එක වෙනම වැඩක්. හැබැයි හදිසියකට පාවිච්චියට ගන්නවත් කුණුහරුපයක් නොදන්නවා කියන්නේ පොඩි අවුලක්. මොකද කුණුහරුප කියන්නේත් රටක භාෂාවේම, සංස්කෘතියේම කොටසක්!
ඒ හින්දා ඔය කයිසරයෙක් වැරදි පැත්තෙන් ඕවර් ටේක් කලහම ලඟට ගිහින් කණට කරලා කියන්න හරි කුණුහරුපයක් දෙකක් ඉගෙනගෙන ඉන්න මල්ලිලා. මොකද කවදහරි ඔය කුණුහරුප කරන්නත් වෙන එකේ, ඉගෙන ගෙන හිටියට වැරැද්දක් නෑ!
සාමාන්‍යයෙන් අපේ අමු සිංහල කුණුහරුපයක් කියනවට වඩා කඩ්ඩෙන් ‘පක් යූ ඈස් හෝල්’ කියන එකේ බර පොඩ්ඩක් අඩුයි කියලා දැනෙනවා. ඒ කියන්නේ ඕන තැකදී ගේමක් නැතුව ‘ෆක් යූ’ කියන්න, එහෙම නැත්තං මැද ඇඟිල්ල පෙන්නන්න පුලුවන් කොල්ලෙක්ට වුනත් සිංහලෙන් කුණුහරුපයක් කියන එකේ සෑහෙන්න වැඩි ග්‍රැවිටි එකක් තියෙනවා කියලා දැනෙනවා. ඒකට එක හේතුවක් ඉංගිරිසි කුණුහරුප භාෂාවත් එක්ක ඩිවලොප් වෙලා තියෙන විදිය. අනික් මූලික කාරණේ අපේ කෝර් එකේ තියෙන ලැන්ග්වේජ් එක ඉංගිරිසි නොවී සිංහල වීම.
මේක අවුලක් නෙවෙයි. අපි කියන එකම දේ තමයි ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි කුණුහරුපයක් දෙකක් දැනගෙන හිටපන්. හැබැයි කතා කරනකොට තැන නොතැන බලලා කතා කරපන් කියන එක තමයි.
ඕෂෝ කියන විදියට ඉංගිරිසියේ තියෙන වඩාත්ම ආතල් සහ ප්‍රායෝගිකම වචනේ තමයි ‘ෆක්’ කියන එක. කාලා වරෙන්කෝ
!
1. කුණුහරුප කියන්න ඉගෙනගත්තේ කොයි කාලෙද?

2. කුණුහරුප කියන්න ඕන තැන්

3. කුණුහරුප ඊයා තැන්!

4. අය්යා මම දන්නෙ එකම කුණුහරුපයයි, වල් බල්ලා කියන එක විතරයි!
දැන් එතකොට කුණුහරුප නොදන්න, නොකියන මල් වගේ ඉන්න කොල්ලෝ රත්තරංද? ආන්න පොයින්ට් එක. එහෙම මල් වගේ වැනි වැනී ඉඳලත් හරියන්නෙ නෑ කොල්ලෙක් වුනහම. මේ කියන්නේ අර මධ්‍යම ප්‍රතිපදාව කියන එක තමයි. ශිෂ්ට විදියට වලියකදී වුනත් කුණුහරුපයක් නොකියා ඉන්න එක වෙනම වැඩක්. හැබැයි හදිසියකට පාවිච්චියට ගන්නවත් කුණුහරුපයක් නොදන්නවා කියන්නේ පොඩි අවුලක්. මොකද කුණුහරුප කියන්නේත් රටක භාෂාවේම, සංස්කෘතියේම කොටසක්!
ඒ හින්දා ඔය කයිසරයෙක් වැරදි පැත්තෙන් ඕවර් ටේක් කලහම ලඟට ගිහින් කණට කරලා කියන්න හරි කුණුහරුපයක් දෙකක් ඉගෙනගෙන ඉන්න මල්ලිලා. මොකද කවදහරි ඔය කුණුහරුප කරන්නත් වෙන එකේ, ඉගෙන ගෙන හිටියට වැරැද්දක් නෑ!
5. කුණුහරුපයක් කිව්වත් කඩ්ඩෙන් තමයි ඈ!