මේ දේවල් මෙහෙම කතා කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි මම නම් හිතන්නේ
ඇයි ඔය එහෙම කියන්නේ..ඔය මේ වගේ දේවල් වැරදි කෙනෙකුගේ අතට ගියොත් සමාජයට හානියක් වෙයි කියල හිතලානේ ඔහොම කියන්නේ..
නමුත් මම මෙහෙම කියන්නම්..භාවනා කරලා තමන්ගේ මානසික ශක්තිය ලබාගත්තු කෙනෙක් මේක වැරදි දේට වගේම හොද දේටත් යොදා ගනිව්..මෙමගින් සමාජයට අයහපත් දේ කිරීම එයාගේ නොදැනුවත් කමින් එයාගේ විනාසය එයා විසින්ම ලගාකර ගැනීමක්..
මේ ත්‍රෙඩ් එක කියවන අය මේ ටිකත් හොදට මතක තියාගන්න...
කෙනෙක් තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් යම කිසි ක්‍රියාවක් කරනවා කියන්නේ..එයා මේ විශ්වට ණයකාරයෙක් වෙනවා..
ඔහුට කවද හරි මේ ණය ගෙවන්න වෙනවා..ඒක නිසා මෙමගින් රටට සමාජයට යහපතක් මිස අයහපතක් නොකරන්න වගබලාගත් යුතුයි..
කව්රු හරි මේ ශක්ති වලින් රටට සමාජයට හානියක් කරනවානම්..එයා මේ සමාජයේ තව දුරටත් නොසිටිය යුතු කෙනෙක් කියල මේ විශ්වය තීරණය කරනවා..එතන ඉදන් එයාගේ අවසානය ලගා වෙනවා..
තමන්ගේ පෞද්ගලික පලිගැනීම් වලට මේක යොදා ගන්න අයටත් කියන්න තියෙන්නේ එච්චරම තමයි..
මේ කරුණු ටික හොදට මතක තියාගෙන මේවා කියවන්න..
අනිත්එක තමයි..අපි මේ වගේ වටිනා කලාවක් හංගගෙන සිටිය යුතු නෑ..මමනම් කියන්නේ අපි මේවා සමාජයට බෙදා දිය යුතුයි..සමාජය බුද්ධිමත් නම හොද තීරණයක් ගනියි..ඉතිහාසය විසින් ගුරු මුෂ්ටි විදියට මේ වටිනා දේවල් තියාගත්තු නිසා තමයි අද මේ වගේ කලාවල් පරිහානියට පත් වෙලා තියෙන්නේ..අද වෙනකොට මේවගේ තිබුණු ගොඩක් වටිනා කරුණු අතුරුදහන් වෙලා..ඒවා ඒ පරම්පරවලුත් එක්කම වැළලිලා ගිහිල්ල..එතින් අපි එසේ කලයුතු නෑ..මේ තියන ටික ගරි රැකගත යුතුයි..මම වැරදිනම් නිවැරදි කරන්න..කෙනෙක් මේ දේවල් ගැන අවංකවම සත්භාවයෙන් ගවේෂණයට යොමු වෙනවනම් ඔහුගේ සිතේ තියන කුණු ටිකෙන් ටික සුද්ද කරගෙන යද්දී මේ විශ්වය,සොබාදහම විසින් රහස් විදියට රැකගෙන අපු මේ දේවල් ඔහුගේ මනසට ලබා දෙනවා..මම අර මුලින් කියපු රේ කී කලාවත් ඒ විදියට ලැබිච්ච දෙයක්..
තෙරුවන් සරණයි....සියලු දෙනාම තේරුම් ගනිත්වා...