කුබියෝ නාට්‍ය කියන තරම් හොදයිද?

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
කුබියෝ නාට්‍ය කියන තරම් හොදයිද?

ඔක්කොම හොදයි හොදයි කියපු නිසා බලන්න ගත්තා...

දැන් බලන්නේ 31 වෙනි කොටස...

කියන තරම් දෙයක් නම් නෑ මේකේ... එත් ලංකාවේ හැටියට හොදට කරලා තියනවා. මේ කරපු දේටම තව ටිකක් විතර මහන්සි වෙලා කළා නම් තවත් සුපිරියටම කරන්න තිබුනා...

ලොකු උත්සහයක් දරලා තියනවා ත්‍රාසය, කුතුහලය දනවන සීන් කරන්න ඒත් ඒවාට මහන්සි වෙලා තියන තරම නම් මදි කියලා තමයි කියන්න ඕනේ...

උදා :- අර කම්පැනි එකේ වැරද්දක් හොයාගන්න බැරුව ඉදලා ප්‍රියන්තයා අරන් එන ෆොටෝ වලින් එකක් දැකලා ඒක පස්සේ මීටර් වෙලා දුවගෙන ඇවිත් "yes, yes" ගාන්නේ... අන්න එතන තව ටිකක් කුතුහලය, විශ්මය එන විදියට සීන් එක කරන්න තිබුනා... ඒත් හරිම ඩල් විදියට ඒවගේ සීන් අරන් තිබුනේ... සීන් එකේ කුතුහලය, විශ්මය දනවන අදහසින් තමයි කරලා තියෙන්නේ ඒත් ඒකට මහන්සි වෙලා මදි. තව ටිකක් ඕක හිතලා කලා නම් සුපිරි... ඔය වගේ ගොඩක් උදාහරන දෙන්න පුලුවන්...
 
Dashwood

Banned
Feb 14, 2018
508
44
0
I am very sad to see that talented people like you wasting your talents in an online social network posts rather than reproducing tele dramas :(:(
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකේ ලොකු මගුලක් නම් නෑ.
    ලව් රැල්ලෙන් මිදිලා ගහපු නාට්ටියක් විදියට හොදයි.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කූබියෝ හෙන චාටර් බන්. දෙවෙනි ඉනිම බලපන්කො. සුපිරි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අන්තිම එපිසෝඩ් එකත් බලලා දාපන් දාන විචාරයක් 31 කියන්නෙ උබ තාම ජෙහානයගෙ ගේමේ 2/3ක්ම දැකලා නෑ ඔය මුලින් තියන ඒවා ටික ගේම් නෙවෙයි බොල ඕකෙ තියෙන්නෙ තනි එක මාස්ටර් ප්ලෑන් එකක්
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... මගේ අදහස මේකයි....

    කූඹියෝ ඩ්‍රාමා එක හැම කෙනෙක්ටම සෙට් වෙන විදිහෙ කතාවක් නෙමෙයි... උඹ මේ වගේ කතා වලට ලොකු ආසාවක් නැතුවා වෙන්න පුළුවන්.. නැත්තං hollywood ෆිල්ම්ස් වල ටෙලි ඩ්‍රාමා වල වගේ සුපිරි සිනමැටික් හරි ඇක්ෂන් පැක් ගතියක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.... එහෙම අයට මේක අනිවාර්යෙන් කියන තරම් හොඳ නිර්මාණයක් වෙන්නෙ නැහැ කීයටවත්....

    ඕනෑම කතාවකට හරියටම සෙට් වෙන ප්‍රේක්‍ෂකයෝ කොටසක් ඉන්නව. Audiance එකක්. එහෙම වෙන්නෙ ඒ ඩ්‍රාමා එකේ යන වර්ගයේ කතා රස විඳින්න තරමේ රසාස්වාදන මට්ටමක ඒ ප්‍රේක්‍ෂක කොටස ඉන්න නිසා. සමහරු පවුල් කතාමයි බලන්නෙ වෙන ඒව හරියන්නෙම නෑ. ඒ ජාතියේ කොටසක් ඉන්නව. සමහරු ආදර කතාමයි බලන්නෙ. ඒ වගේ.

    තව කොටසක් ඉන්නව ඊට එහා ගියපු නිර්මාණ රස විඳින්න බලාගෙන ඉන්න කොටසක්.අපේ රටේ කලා කෘතියක වෙනසක් බලාපොරොත්තුවෙමින් සිටින අන්න ඒ වගේ කොටසක් ඉන්නව කොහොම කිව්වත්. ඒ ගොඩක් අයට කූඹියෝ කියන්නෙ සෑහෙන්න හොඳ නිර්මාණයක්. සාම්ප්‍රදායික පවුල් කතා, ආදර කතා, බොළඳ කතා බලල එපා වෙලා ඉන්න අතරෙ කූඹියෝ ඩ්‍රාමා එක සෑහෙන ගැඹුරු වඩාත් නිර්මාණාත්මක කතාවක්.

    ඔව්... උඹ කිව්ව වගේ... මේක තව හොඳට කරන්න තිබුණා කියන්න පුළුවන්... ඒක හරි... මොකද මේක ඒ වගේ නිර්මාණයක පළවෙනි උත්සාහය... හැකි පමණින් කරපු මේ නිර්මාණයට මේ තරම් හොඳ ප්‍රේක්‍ෂක පිරිසක් හැදුනු එකත් ලොකු දෙයක්...
    ඒක නිසාම වෙනස් විදිහේ නිර්මාණ බලාපොරොත්තු වෙන ප්‍රෙක්‍ෂක කොටසක් අපි අතරෙ ඉන්නව කියල හරි දැනගන්න ලැබුණෙ ඒ ප්‍රතිචාර එක්කම. එහෙම දෙයක් දැනගන්න ලැබුණු එකත් කොච්චර දෙයක්ද?

    මමත් ඇත්තටම හොඳ කූඹියෝ රසිකයෙක්.... මමත් hollywood නිර්මාණ ගොඩක් බලල තියෙනව. ඒවත් එක්ක කූඹියෝ එකට හැරෙන්නවත් බැරි උනාට... ලංකාවෙ හැටියට ඒක හොඳ උත්සාහයක්... ගොඩක් කතාවල ආභාෂය අරං තියෙනව කියල දැනෙනව බලද්දි... නමුත් අමු අමුවේ කොපි කරලත් නැහැ... අපි දන්නව මහ ලොකුවට වියදම් කරල චිත්‍රපටි එනව අමුම අමු කොපි තියෙන්නෙ.... එහෙම බැලුවම කූඹියෝ එක අපේ රටට ගැලපෙන විදිහට නිර්මාණය කරල තියෙනව... ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් අතරට කතාව යන්න ඇත්තෙ....

    මේ ජාතියේ කතා අපේ රටේ හැදෙනව හරිම අඩුයි නෙ... කූඹියෝ එක ඇති කරපු වෙනස මම හිතනව තවත් වෙනස් වෙන්න පුළුවන් නම් හොඳයි කියල...

    අපි අපේ රට ඇතුලෙ තියෙන මෙලෝ රහක් නැති පවුල් කතාවලින් මිනිස්සුන්ගෙ මොළවල් මොට කරල පාතට දාන එක නවත්තල... ඊට එහා අපේ මිනිස්සුන්ගෙ රස වින්දනය ගෙනියන්න පුළුවන් නම්.... මම හිතනව අපේ රටේ මිනිසුන්ගෙ ආකල්පමය වෙනසක් උනත් ඇතිවෙන්න පුළුවන් කියල.

    කූඹියෝ සම්පූර්ණයෙන් බලල ඉවර උනාට පස්සෙ උඹට අදහස වෙනස් වෙන්නත් පුළුවන්.... මම හිතනව උඹට කතාව අල්ලල යයි කියල... ඒ නැතත් ඒ ගැන උඹට දැනුනු දේවල් කියපු එක උනත් වටිනව. :)
     
    • Like
    Reactions: kitZrocks and hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    Ekenma...:yes::love::love::love:
     
    • Like
    Reactions: manojdhrma

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඔක්කොම හොදයි හොදයි කියපු නිසා බලන්න ගත්තා...

    දැන් බලන්නේ 31 වෙනි කොටස...

    කියන තරම් දෙයක් නම් නෑ මේකේ... එත් ලංකාවේ හැටියට හොදට කරලා තියනවා. මේ කරපු දේටම තව ටිකක් විතර මහන්සි වෙලා කළා නම් තවත් සුපිරියටම කරන්න තිබුනා...

    ලොකු උත්සහයක් දරලා තියනවා ත්‍රාසය, කුතුහලය දනවන සීන් කරන්න ඒත් ඒවාට මහන්සි වෙලා තියන තරම නම් මදි කියලා තමයි කියන්න ඕනේ...

    උදා :- අර කම්පැනි එකේ වැරද්දක් හොයාගන්න බැරුව ඉදලා ප්‍රියන්තයා අරන් එන ෆොටෝ වලින් එකක් දැකලා ඒක පස්සේ මීටර් වෙලා දුවගෙන ඇවිත් "yes, yes" ගාන්නේ... අන්න එතන තව ටිකක් කුතුහලය, විශ්මය එන විදියට සීන් එක කරන්න තිබුනා... ඒත් හරිම ඩල් විදියට ඒවගේ සීන් අරන් තිබුනේ... සීන් එකේ කුතුහලය, විශ්මය දනවන අදහසින් තමයි කරලා තියෙන්නේ ඒත් ඒකට මහන්සි වෙලා මදි. තව ටිකක් ඕක හිතලා කලා නම් සුපිරි... ඔය වගේ ගොඩක් උදාහරන දෙන්න පුලුවන්...

    Lol mata nm penna ba bn oya kuthuhalaya danawanna onewatat wada action dana ewa. oke okkoma Thathvikai. normal api life eke vishmaya kuthuhalaya ena widiyata scene eka karala tibuna.
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    සමාවෙන්න යාලුවනේ මම මේ කූබියෝ හොද නෑ කිවුවා නෙවෙයි...

    තව ටිකක් මහන්සි උනා නම් සුපිරියට කරන්න තිබුනා....

    ඔය දෙවෙනි ඉනිම කියන ගූ ගොඩ එක්ක නම් මේක කම්පෙයර් කරනවා කියන්නෙත් අපරාධයක්...

    මම හැම විදියකම හොද ෆිල්ම්, ඩ්‍රාමා බලන කෙනෙක්.... ඒවගේම සිංහල,දෙමල,හින්දිී,ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් වගේම හොදට තේරෙනවා, ඒ නිසා හොද රසවින්දනයක් හැම වර්ගයකම ෆිල්ම් වලින් ගන්න පුලුවන් කමක් තියනවා... ඒ නිසා ෆිල්ම්, ඩ්‍රාමා බලනකොට ඒවාගේ පොඩි උනත් අඩුපාඩු පේනවා...

    ඒවගේ අඩුපාඩු ටිකක් කූබියෝ එකෙත් දැක්කා... ඒ නිසයි මේක දැම්මේ....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පටන් ගත්ත විදිහ හොදයි බන්. මැද්දට යද්දී නිකම් විකාරයක් උනා. මට නම් පෙනුනේ GTA එකේ සින් එක කොපි කරලා හදපු එකක් වගේ