කුරගල නිදහස්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    71822_608830272467893_584887344_n.jpg


    අද දහවල් බොදු බල සේනා සංවිධානය, ජමියතුල් උලමා සංවිධානය, පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. ඒ මතබේදයට ලක්ව ඇති, මේ වන විට මුස්ලිම් පිරිසක් විසින් අනවසරයෙන් ඉදිකිරීම් කරගෙන පදිංචිව ඇති බලංගොඩ ඓතිහාසික කුරගල පුදබිම සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සදහායි. පසුව එම ස්ථානයට සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ද කැදවන ලදි. පුදබිම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් දැඩි ලෙස කරුණු දක්වමින් පවසා සිටියේ කුරගල පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇති බවත් ඊට අයත් අක්කර 52 කින් යුතු භූමිය වහා නිදහස් කරන ලෙසත්ය. උන්වහන්සේගේ දැඩි වාග් ප්‍රහාරයන් හමුවේ පුරාවිදු බලාධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ද නිරුත්තර විය. තව දුරටත් නිහඩව සිටිය නොහැකි වූ අදාල නිලධාරීන් ලබන අප්‍රේල් 30 වැනිදාට ප්‍රථම කුරගල පුරා විදු භූමිය නැවත පුරාවිද්‍යා දෙපාර්තමේතුව යටතට පවරා ගන්නා බවට පොරොන්දු විය.

    කුරගල පුද බිමේ මේ වන විට රැදී සිටින ඉස්ලාම් භක්තියන් පිරිස එහි රැදී සිටින්නේ අනවසරයෙන් බවත්, එහි කිසිදු නීතිමය තත්ත්වයක් නොමැති බවත්, ජමියතුල් උලමාවරුන්ගේ සංවිධානයේ නියෝජිතයන්ද පිළිගත් අතර හැකි ඉක්මනින් එහි රැදී සිටින තම අනුගාමිකයන් පිරිස එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවටද පොරොන්දු විය. ඒ අනුව ලබන අප්‍රේල් 30 වැනිදා වන විට අනවසරයෙන් ඉදිකර ඇති සියළුම ඉදිකිරීම් ඉවත් කළ යුතු අතර එසේ නොකළහොත් ඒ සදහා තමන් මැදිහත් වන බවට ආරක්ෂක අමාත්‍යාංශ ඉහළ නිලධාරින් ද පොරොන්දු වී තිබේ. ඒ අනුව ඓතිහාසික කුරගල අපේ උරුමය තව දෙමසක් ඇතුළත සුවහසක් බොදුනුවන්ගේ වන්දනය සදහා විවෘත වනු ඇත. එළඹෙන මැයි මාසයේ වෙසක් උළෙල කුරගල පුදබිමේදී උත්කර්ශයෙන් පවත්වන බවට බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කරන අතර ඒ සදහා සහභාගී වන ලෙස සියළුම දෑ හිතකාමී දූ පුතුන්ට ආරාධනා කර සිටී.

    මේ අප කාලයක් තිස්සේ අසන්නට පුල පුලා බලා සිටි සුබ පණිවිඩයයි. මේ එක් සංවිධානයක, පුද්ගල කණ්ඩායමක ජයග්‍රහණයක් නොව, මුළු මහත් ජාතියම ලැබූ උත්කෘෂ්ඨ විජයග්‍රහනයකි. ජාතියක් වශයෙන් අපි සියළුදෙනා හදපත්ලෙන්ම සතුටු කදුළු හෙළිය යුතු මොහොතකි. පුරා දශක හයකට අධික කාලයක් තිස්සේ අපට අහිමිව තිබූ මේ පින් බිමේ අයිතිය යළි දිනාගැනීම සදහා නන් අයුරින් දායක වූ සියළුම ජාති හිතෛෂීන්ට මුළු මහත් ජාතියේ නාමයෙන් අපි හිස නමා ආචාර කරමු. අන්‍යාගමික පාර්ශව වල කෙණෙහිළිකම් මැද මේ පින් බිමේ උරුමය රැක ගැනීම වෙනුවෙන් දිවි කැප කළ කුරගල භාරකාර හිමිවරුන්ටත්, ඒ වෙනුවෙන් නන් අයුරින් ඇප කැප වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන්ටත්, නීතිමය කටයුතු වෙනුවෙන් මැදිහත් වූ පාර්ශව වලටත්, කුරගල උරුමය වෙනුවෙන් ජාතිය දැනුවත් කරවීම උදෙසා පුවත්පත්, ලිපි සම්පාදනය කරමින් වෙහෙස වූ මාධ්‍යවේදීන්ටත්, වීඩියෝ වාර්ථා වැඩසටහන් නිර්මානය කරවමින් ජාතියේ ඇස් ඇරවූ සොයුරන්ටත්, අන්තර්ජාලය හා ෆේස්බුක් මාධ්‍ය හරහා ජාතිය දැනුවත් කෙරූ, ඒවාට අදහස් දක්වමින්, දිරිගන්වමින් තව තවත් ප්‍රචාරය කරවූ දෑ සසුන් හිතකාමී ජාතියේ දූ පුතුන්ටත්. අපේ ඓතිහාසික බොදු උරුමය රැකගැනීම වෙනුවෙන් තනි තනිව කැපවූ ජාතිමාමක සොයුරු සොයුරියන්ටත්, භික්ෂූන් වහන්සේටත්, ස්වේච්ඡා සංවිධාන ක්‍රියාකාරීන්ටත්, ඓතිහාසික කුරගල පුදබිමේ අයිතිය වෙනුවෙන් අති දැවැන්ත කාර්යභාරයක නිරත වූ බොදු බල සේනා, සිංහල රාවය පෙරටු කරගත් ජාතික සංවිධාන ජාලයටත්, ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කර ඇති ජාතියේ පිනට පහළ වූ අභිත හිමිවරුන් ඇතුළු දුටුගැමුණ, වෙහෙරමහදෙව් පරපුරේ සුජාත දූ පුතුන්ටත්, නම් සදහන් කළ නොකළ සියළුම දෑ හිතකාමීන්ටත්, අපි යළි යළිත් හිස නමා ආචාර කර සිටිමු. මුලු මහත් ජාතියේ නාමයෙන් යළි යළිත් කෘතඥතාවය පුද කර සිටිමු.

    එක්සත්ව, එක්සිත්ව නැගිටිමු. අපේ ලේ උරුමය වෙනුවෙන් ඇප කැප වෙමු.

    සම්බුදු සසුන බැබළේවා.
    ජය ශ්‍රී !


    http://www.facebook.com/photo.php?f...67&type=1&ref=notif&notif_t=notify_me&theater
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මේ අප කාලයක් තිස්සේ අසන්නට පුල පුලා බලා සිටි සුබ පණිවිඩයයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එක්සත්ව, එක්සිත්ව නැගිටිමු. අපේ ලේ උරුමය වෙනුවෙන් ඇප කැප වෙමු.

    සම්බුදු සසුන බැබළේවා.
    ජය ශ්‍රී !

    හම්බ කඩ ප්‍රතික්ේප කරන්න
    හලාල්ට තිත තබන්න
    ජයේවා

     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Hunga kaalekata passe saahenna sathutudaayaka puwathak. Mekata daayaka wuna hamotama theruawan saranai!!!!!!
     
    • Like
    Reactions: siripaala

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වත්මන් ජාතික ආගමික පුනර්ජීවය වෙනුවෙන් බොදුබලසේනා හා සිංහල රාවය වෙත ජාතියේම උත්තමාචාරය....
     
    • Like
    Reactions: siripaala

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වත්මන් ජාතික ආගමික පුනර්ජීවය වෙනුවෙන් බොදුබලසේනා හා සිංහල රාවය සංවිදාන වල සහ පුවත්පත්, අන්තර්ජාලයේ මේ වෙනුවෙන් කටයුතු කල සියලු දෙනාටම මෙම කරන කර්තව්‍ය වෙනුවෙන් සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව හිමි වේවා. ඔවුන්ට පුන්යානුමොදනා හිමි වේවා. එම සියලු පින් ඔවුන් සියලු දෙනාගේම නිවනට උපනිශ්රය වේවා.
     
    • Like
    Reactions: siripaala

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    සම්බුදු සසුන බැබළේවා.
    ජය ශ්‍රී !
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා...

    ඔවුන් මකුලාරාමයට ගියෝය - අපි මකුලාරාමයේ නොවීමු
    ඔවුන් නාලන්දා විහාරයට ගියෝය - අපි නාලන්දාවේ නොවීමු
    ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය - අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
    ඔවුන් පාකිස්ථානයට ගියෝය - අපි පාකිස්ථානයේ නොවීමු
    ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය - අපි ඉන්දුනීසියාවේ නොවීමු
    ඔවුන් මාලදිවයිනට ගියෝය - අපි මාලදිවයිනේ නොවීමු
    ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය - අපි බාමියන් වැසියන් නොවීමු
    ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය - අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
    ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය - අපි බංග්ලාදේශයේ නොවීමු
    ඔවුන් බුද්ධගයාව කරා ගියෝය - අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
    ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය - අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
    ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය - අපි ඒ ප්‍රදේශ වල නොවීමු
    ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර දැම්මෝය - ඒත් අපි ව්‍යාපාරිකයින් නොවීමු

    එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි.
     

    Similar threads