බලපන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර පහල බැහැලද කියල නේ? 2015 වෙද්දී ගිය විදියට ගියා නම් මේ වෙද්දී නුවරටයි යාපනේටයි දෙකටම යන්නේ හයිවේ. දැන් ඉතින් කිලෝමීටර් 50ක් විතර හදනකම් හැමදාම බල බල ඉන්නවා.
මේ වෙද්දී කොච්චර දියුණු වෙන්න තිබුන රටක් ද.
නුවර උමං මාර්ග හදල ට්රැෆික් අඩුවෙලා, කොළඹ මේ වෙද්දීත් ඉස්සර වගේම පිරිසිදුවට, පාරවල් හදල, හයිවේ ගොඩක්, ඔක්කොම අමතක ම උනා නේ බං? දැන් මිනිස්සු බලන් ඉන්නේ හෙට හාල් කීයක් වෙයිද එළවලු ගෙන්න පුළුවන් වෙයිද වගේ ඒවා.
ඔය කිලෝමීටර් පනහ හැදුවොත් කවද හරි, කියවයි ඉතින් හඳට ගියා වගේ, නේ බං?











