කෙට්ටු එක අවුලක් ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ape class eke hitiya ban kollek u patta kettui, podi. genetic awlak da koheda. uwa thani athin ussanna puluwan. passe u injection seen ekak kala. dan apita wada mahathai.
     
    ape class eke hitiya ban kollek u patta kettui, podi. genetic awlak da koheda. uwa thani athin ussanna puluwan. passe u injection seen ekak kala. dan apita wada mahathai.
    මහත වුණාට උට පුළුවන්ද උඹට පුළුවන් තරම්වත් දුර බයිසිකලයක් පදින්න ? ඔට්ටුයි බෑ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉදිරියේ රාළ;20675970 said:
    ඔය කෙට්ටුය කියලා හූල්ල හූල්ල ඉන්න උන් සතියකට අඩුම තරමේ 4 පාරක් අතේ ගහන එවුන්. අවංකවම කියපල්ලා ඒක බොරු නෙවෙයි නේද කියලා ?

    ඔව් ගහනව මචන්.. උබ කියන්නෙ එතකොට මහත එවුන් අතෙ ගහන්නෙ නැ කියලද...
     
    ඔව් ගහනව මචන්.. උබ කියන්නෙ එතකොට මහත එවුන් අතෙ ගහන්නෙ නැ කියලද...
    ඒ කැවෙන මේද ප්‍රමාණය අනූව තමා. අතේ ගහන එකාට මේද කැවෙන්නෙ නැත්තම් ඌ කෙට්ටු වෙනවා. කැවෙනවා නම් ඌ අම්බානකට මහත් වෙනවා නෙවෙයි ජොල් වෙනවා, හම ඇතුලෙ තෙල් පිරෙනවා. ඒක මහත නෙවෙයි ජොල් කම.

    ඇඟකට ඔනෑ කරන්නේ කෙට්ටු හෝ මහත නෙවෙයි, පුෂ්ඨිමත් භාවය - ඒ කියන්නෙ ඇටකටු වැහෙන්න මස් තියෙන්න ඕනා. අතේ ගහන කොට ඒක නැති වෙලා යනවා. මාස 6ක් එක දිගට නොගහ ඉන්න කොට හිමීට ඇටකටු වැහෙන්න මස් හැදෙන්න ගන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉදිරියේ රාළ;20675998 said:
    මහත වුණාට උට පුළුවන්ද උඹට පුළුවන් තරම්වත් දුර බයිසිකලයක් පදින්න ? ඔට්ටුයි බෑ.

    mamath hithuwe uge fat deposit kiyala. eth ehema newi ban muscle growth ekak wela thibbe. uge strength eka nam danne na.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඉදිරියේ රාළ;20676014 said:
    ඒ කැවෙන මේද ප්‍රමාණය අනූව තමා. අතේ ගහන එකාට මේද කැවෙන්නෙ නැත්තම් ඌ කෙට්ටු වෙනවා. කැවෙනවා නම් ඌ අම්බානකට මහත් වෙනවා නෙවෙයි ජොල් වෙනවා, හම ඇතුලෙ තෙල් පිරෙනවා. ඒක මහත නෙවෙයි ජොල් කම.

    ඇඟකට ඔනෑ කරන්නේ කෙට්ටු හෝ මහත නෙවෙයි, පුෂ්ඨිමත් භාවය - ඒ කියන්නෙ ඇටකටු වැහෙන්න මස් තියෙන්න ඕනා. අතේ ගහන කොට ඒක නැති වෙලා යනවා. මාස 6ක් එක දිගට නොගහ ඉන්න කොට හිමීට ඇටකටු වැහෙන්න මස් හැදෙන්න ගන්නවා.

    :eek::eek::eek::lol::lol:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අර උරු පෙත්ත කියන එක ගැහුවනම් ගොඩ ......
    උරු පෙත්ත කිව්වට පොඩි පෙති 2 කුයි , සිරප් එකකුයි දෙන්නේ . එක ගැහුවම කන්න පුළුවන් වෙනවලු නියමෙට , ඒ කන කෑමට තමයි මහත් වෙනවා කියන්නේ ....

    හැබැයි ඉතින් පෙති නොබිව්වත් හොඳට කනවනම් ඒ ඇති ...
     
    Last edited:

    එතකොට අතෙ ගහන එක නැවැත්තුවම මහත් වෙනවද බන්.. ඇග හැදෙන්න නම් protein .. calories නෙ ඔනි මචන්..
     
    ඒක නතර කරාම ආයෙත් කෙට්ටු වෙනවලු නේද බං?? කොහෙද ගන්න තියෙන්නේ ඕවා??
     
    එතකොට අතෙ ගහන එක නැවැත්තුවම මහත් වෙනවද බන්.. ඇග හැදෙන්න නම් protein .. calories නෙ ඔනි මචන්..
    අලි ඇත්තුන්ගෙ ඇඟවල් හැදෙන්නෙ ප්‍රෝටීන් කාලද ? ප්‍රෝටින් එක නැනෝග්‍රෑම් එකක් නොකන අලින්ගෙන් එක කෙට්ටු අලියෙක් හොයන්න පුළුවන්ද ?
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    ඉදිරියේ රාළ;20676014 said:
    ඒ කැවෙන මේද ප්‍රමාණය අනූව තමා. අතේ ගහන එකාට මේද කැවෙන්නෙ නැත්තම් ඌ කෙට්ටු වෙනවා. කැවෙනවා නම් ඌ අම්බානකට මහත් වෙනවා නෙවෙයි ජොල් වෙනවා, හම ඇතුලෙ තෙල් පිරෙනවා. ඒක මහත නෙවෙයි ජොල් කම.

    ඇඟකට ඔනෑ කරන්නේ කෙට්ටු හෝ මහත නෙවෙයි, පුෂ්ඨිමත් භාවය - ඒ කියන්නෙ ඇටකටු වැහෙන්න මස් තියෙන්න ඕනා. අතේ ගහන කොට ඒක නැති වෙලා යනවා. මාස 6ක් එක දිගට නොගහ ඉන්න කොට හිමීට ඇටකටු වැහෙන්න මස් හැදෙන්න ගන්නවා.
    :lol::lol::lol:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඌරු පෙති කොහෙද ගන්න තියෙන්නේ බන්ස්...ගම්පහ පැත්තේ..😜😜😜😜

    ගම්පහ නම් දන්නේ නැ ප්‍රසිද්දම තැන ඇතුල් කෝට්ටේ පැත්තේ ද කොහෙද ...

    ඒ නැතත් doctores ල ගෙන් කන්න පුළුවන් වෙන්න බේත් ගන්න පුළුවන් ...
     
    මොකෝ හිනා වෙන්නේ :confused: - ඒ අදහස නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු අදහසක් නොවන හිංදද ? :eek: යල් පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු මතයක් හිංදද :dull: ?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඒක නතර කරාම ආයෙත් කෙට්ටු වෙනවලු නේද බං?? කොහෙද ගන්න තියෙන්නේ ඕවා??

    එහෙම වෙන්නේ නැ.. ක්‍රමානු කුලව නවත්තන්න ඕන ....

    මොනවා කරත් Doctors ල ගෙන් අහන්නේ නැතිව කරන්න එපා ...

    ඇතුල් කෝට්ටේ පැත්තේ Doctor කෙනෙක් කලින් හිටියා , තාමත් ඇති මම හිතන්නේ ,

    එක මහා විශේෂ බෙහෙතක් නෙවෙයි , මම හිතන්නේ ඕන Doctor කෙනෙක් ගෙන් ගන්න පුළුවන් ඇති
     
    Last edited:
    මෙන්න එහෙනම් රහස් දේශීය බෙහෙත් වට්ටෝරු…

    • කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත‍්‍රී ආහාරයට පෙර කෑම.
    • රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලගිතෙල් පුරවා මීපැනි මිශ‍්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.
    • නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න
    • හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න
    • අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැනි සමග මිශ‍්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම
    • තිප්පිලි, වියලි ඉÛුරු චූර්නය ස්වල්ප ප‍්‍රමානයක් බත් සමග මිශ‍්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි
    • බිත්තර සුදුමදය එලකිරි සමග මිශ‍්‍ර කර පානය.
    • කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප‍්‍රමානයක් කා එල කිරි පානය කරන්න

    :cool::cool:
     
    මහත් විමට පෙති බොනවානම් මෙය අනිවාර්යෙන්ම කියවන්න.
    බර අඩු ඉතා සිහින් සිරුරක් ඇති සමහර තරුණ තරුණියන්ට තමන්ගේ සිරුර සාමාන්‍ය තරමට නැති එක ප්‍රශ්නයක් වෙන අවස්ථා තිබෙනවා. මෙය බොහෝ විට මුලින්ම ප්‍රශ්නයක් වෙන්නේ අනික් අයටයි. “අනේ ඔයා නම් හරියට කෙට්ටුයි“ යනුවෙන් එක් එක්කෙනා පවසන විට මේ අයට එය මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉන්පසු සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් ඒ මානසික ප්‍රශ්නය ඉඩ දෙන්නේ නෑ. එයට විකල්පයක් ලෙස සමහරු ඌරු පෙති නමින් හඳුන්වන පෙති වර්ගයක් ගැනීම තුළින් සිරුරේ සිහින් බව අඩු කර ගන්නට පෙළඹෙනවා.
    සමහරු මෙහි ඇති අවදානම දන්නේ නෑ. තවත් සමහරු ඒ අවදානම දැන සිටියත් එය පිළිගන්නට මැලි වෙනවා. එවැනි අය හිතන්නෙ ‘දැන් නිරෝගීව ඉන්න පුළුවන් නම් පස්සෙ කාලෙක මොනව වුණත් මට මොකද” කියලයි. මෙවැනි පෙති වර්ග නිසා ජීවිතය වරද්දා ගත් අය එය ප්‍රසිද්ධ කරන්නේ නැති එකත් මේවාට තරුණ පිරිස ඇදී යාමට තවදුරටත් හේතුවක් වී තිබෙනවා. ඌරු පෙති නමින් ‍පොදුවේ හඳුන්වන ශරීරය මහත් කරන පෙති වර්ගවල අඩංගු වන්නේ හෝමෝනයි. අපේ ශරීරය තුළත් මේ හෝමෝන ඉබේම නිපදවෙනවා. සමහර හෝමෝන වර්ග අඩු වුණු විටත් ලෙඩක්. ඒ වගේම වැඩි වුණාමත් ලෙඩක්. මෙසේ හෝමෝන වැඩිවීම නම් රෝග තත්ත්වයේ කොටසක් වන්නේ ශරීරය පුරවා දැමීමයි. එවිට ඉක්මනින්ම මහත් වුණු
    ස්වභාවයක් බාහිරින් පළ කරනවා. මෙය සැබවින්ම අලුතින් රෝගයක් නිර්මාණය කිරීමක් මිස සැබෑ මහත් වීමක් නොවෙයි.
    අපට වැළඳෙන සියලුම රෝග එකසේ අපට අමාරු ඇති කරන්නෙ නෑ. සමහර රෝග කාලයක් තිස්සේ ශරීරයේ තිබි පසුව අමාරු ඇති කරවනවා. බොහෝ විට එය වසර ගණනාවකට පසුව ඇති වන්නක් විය හැකියි. එවිට රෝගියා ප්‍රමාද වැඩියි. වැඩුණු පුද්ගලයකුගේ ශරීරය සෑදී ඇති අන්දම අපි බලමු. ඇතු‍ලේම තියෙන්නෙ ඇටසැකිල්ල. ඊට උඩින් මාංශපේශි. මාංශ පේශි හැකිලීමෙන් තමයි අපට සිරුර අත්පා ආදිය නවන්නට සහ දිග හරින්නට හැකිවී තිබෙන්නේ. එසේ නැවීම හා දිග හැරීම සිදුවන්නේ මොළය විසින් ස්නායු දිගේ එවන පණිවුඩවලට අනුවයි. මාංශ පේශිවලට පිටින් එල්ලෙමින් තිබෙන්නේ තෙල් හෙවත් මේද තට්ටුවයි. ඔබ ඌරු මස් අනුභව කරන අයෙක් නම් මස්වලට පිටින් තෙල් තට්ටුව පිහිටා තිබෙන අන්දම මතක ඇති.
    ශරීරය හැදී වැඩෙන විට මේදය මෙන්ම මාංශ පේශීත් වර්ධනය විය යුතුයි. මාංශ පේශි පිරී තිබෙන්නේ ‍ප්‍රෝටීන් වලින්. එසේම දිගින් දිගටම ස්නායුවලින් පණිවුඩ ලැබිම මාංශපේශිවල පැවැත්මට වුවමනායි. පේශියක් වැඩ නොකර තිබුණොත් එය සම්පූර්ණයෙන්ම සිහින් වී යනවා.
    මිනිසකුට දිනකට ‍ප්‍රෝටීන් ග්‍රෑම් පනහක් වුවමනායි. බිත්තරයක ‍ප්‍රෝටීන් ග්‍රෑම් හයක් තිබෙනවා. මස් හා මාළුවලත් ‍ප්‍රෝටීන් අඩංගුයි. කිරි වීදුරුවකින් ‍ප්‍රෝටීන් ග්‍රෑම් අටක් හිමි වන අතර අපට වැඩිපුරම ‍ප්‍රෝටීන් ලැබෙන්නේ බිත්තර හා කිරි වලින්, බත්, පාන් වැනි ආහාරවලත් ‍ප්‍රෝටීන් අඩංගුයි. නමුත් විශිෂ්ට ගණයේ ‍ප්‍රෝටින් තිබෙන්නේ සත්ව ආහාරවල. විශේෂයෙන් කිරි හා බිත්තරවල.
    ‍ප්‍රෝටීන් මෙන් තුන් ගුණයක් පිෂ්ටය අපේ සිරුරට අවශ්‍යයි. නැත්නම් ‍ප්‍රෝටීන් උරා ගන්නට හැකියාව ලැබෙන්නේ නෑ. පැය අටක නින්දකුත් අපට ඕනෙ. මස්පිටු වර්ධක හෝමෝන ශ්‍රාවය වන්නේ නින්දේදීයි.‍ පෝෂණය වගේම අපගේ මස් පිඩුවලට අවශ්‍ය විශේෂිත ව්‍යායාමත් තිබෙනවා.
    මේ මොන දේ කළත් මහත් වෙන්න ඔබට තිබෙන හදිස්සිය ශරීරයට නෑ. ශරීරය එය කරන්නේ සෙමින් සෙමිනුයි. එනිසා ඔබේ ඉවසීම අත්‍යවශ්‍යයි. සැඟවී තිබෙන විවිධ රෝගාබාධත් ඔබේ සිරුර සිහින් වීමට බලපානවා. එවැනි තත්ත්වයකට නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. එසේ නැතිව ඉක්මනින් පිරිපුන් සිරුරක් ඇතිකර ගැනීමේ කැමැත්තෙන් ඔබ ඌරු පෙති ගන්නවා නම් එය වුවමනාවෙන්ම ලෙඩ රෝග ළඟා කර ගැනීමක්. මෙහි ඇති අතුරුඵල බොහොමයි. කාලයක් ඌරු පෙති ගත්තු කෙනකුට මුල් දිනවල කිසිම අමාරුවක් අසනීපයක් දැනෙන්නෙ නෑ. නමුත් කාලයක් ගත් පසුව විවිධ රෝගාබාධ මතු වන්නට පටන් ගන්නවා.
    ඇටසැකිල්ල දිරාපත් වන්නට වීම, මාංශ පේශි ඇකිලී යාම සහ මාංශ පේශි අප්‍රාණික වීම, ශරීරයේ අසාමාන්‍ය තැන්වල තෙල් වර්ධනය වීම, හරකාගේ පිටේ මොල්ලිය වැනි මොල්ලියක් කුඩාවට හට ගැනීම , අත් පාවල මේදය අඩු වීම , සම ඉතා තුනී වීම සහ ඉක්මණින් බිඳෙන සුළු බව ඇතිවීම , සමෙන් විෂබිජ ඇතුල් වීමට තිබෙන ප්‍රවණතාව වැඩිවීම, ඇසේ සුද ඇතිවීම, විශාදය වැනි මානසික රෝග හට ගැනීම , ගැස්ට්‍රයිටිස් රෝගය හට ගෙන ආමාශයේ තුවාල ඇතිවීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇතිවීම හා එමගින් මුළු ශරීරයටම හානි වීම මේ අතුරු ආබාධයි. එසේම මහත් වීම සඳහා ලබා දෙන්නෙ හෝමෝන පෙති බව ඉහත සඳහන් කළා.
    පිටින් හෝමෝන ලබා දෙන විට අපේ ශරීරය විසින් හෝමෝන නිපදවීම නතර කරනු ලබනවා. ඒ අනුව මේ බෙහෙත් පෙති දිගටම ගෙන මෙයට ඇබ්බැහි වූ අයකු එකවරම මෙය නතර කළහොත් ශරීරය හෝමෝන නිපදවීම නතර කර ඇති නිසා ‍ලේ ගමන අඩාල වී ක්ෂණික කම්පන තත්ත්වයක් ඇතිවිය හැකියි. මෙමගින් රෝගියාට ක්ෂණික මරණයක් වුවද ඇති වන්නට පුළුවන්. එනිසා හෝමෝන පෙතිවලට ඇබ්බැහි වූ අයකු එය නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. පෙති නතර කළ පසු නැවත ශරීරය යථා තත්ත්වයට පත් වී හෝමෝන නිපදවීම ආරම්භ කරන්නට කලක් ගත වෙනවා.
    දැන් ඔබට මෙවැනි පෙතිවල ඇති අන්තරායකාරී බව වටහා ගත හැකියි නේද? එනිසා සිහින් සිරුරක් ඇති අයකු ක්ෂණිකව මහත් වීමට උත්සාහ කිරීම කෙසේවත් හිතකර වන්නේ නෑ. එය ඔබ කරගත යුතුව ඇත්තේ ආහාර මගින් සෙමින් සෙමිනුයි.
    කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
    උපුටා ගැනිම -- ලක්බිම පුවත් පත ඇසුරෙන්

    :nerd::nerd: