කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    සමාජයේ කැපී නොපෙනෙන කොල්ලොන්ට කෙල්ලෙක් සෙට් කරගන්න ටිකක් අමාරුයි.


    sahathika aththa machn.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    .....

    සමාජයේ කැපී නොපෙනෙන කොල්ලොන්ට කෙල්ලෙක් සෙට් කරගන්න ටිකක් අමාරුයි.
    මට නම් ඕන බන් නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතේ ගෙනියන්න පුළුවන් කෙනෙක්...මට සමාජේ කැපී පෙනෙන්න වුවමනාවක් නෑ...නිකම් බොරුවෙන් කෙල්ලෙක් කර ගහගෙන ඒක ඇදගෙන යන එක හෙන මහන්සියක්...ගැලපෙන කෙනා හම්බ වෙනකම් ඉන්න එක තමයි හොඳම...:yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට නම් ඕන බන් නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතේ ගෙනියන්න පුළුවන් කෙනෙක්...මට සමාජේ කැපී පෙනෙන්න වුවමනාවක් නෑ...නිකම් බොරුවෙන් කෙල්ලෙක් කර ගහගෙන ඒක ඇදගෙන යන එක හෙන මහන්සියක්...ගැලපෙන කෙනා හම්බ වෙනකම් ඉන්න එක තමයි හොඳම...:yes:


    වැරැද්ද ගත්තනේ ඉතින්
    මන් කිව්වේ කෙල්ලෙක් සෙට් කරගන්න බලාපොරොත්තුවෙන් සමාජේ කැපී පෙනෙන්න හදන වුන් ගැන නෙමේ. මොකද කෙල්ලෙක් සෙට් උනාට පස්සේ බොරුව දිගටම ගෙනියන්න බැරිවෙනවනේ. ඒ වගේ උන්ට කොහොමත් කෙලවනවා ටික කාලයක් යද්දී


    මන් කිව්වේ බොක්කෙන්ම සමාජේ කැපී පෙනෙන වැඩ කරන කොල්ලෝ ගැන.
    නිකන් හිතන්නකෝ සෙට් එකේ එකෙක්ට පිට එකෙක් ගහල අහු වුනොත් උට රිටර්න් එක දෙන්න මුලිකත්වය දෙන කොල්ලෙක්, එහෙමත් නැත්තන් ඔෆිස් එකේ හෝ කැම්පස් එකේ ගෘප් ප්රෝජ්කෙට් එකකට නායකතෙවය දෙන කොල්ලෙක් හෝ වගකීම කරට ගන්න කොල්ලෙක්, ක්ලාස් එකේ ලස්සනට අදින කොල්ල. ඔන්න ඔය වගේ දේවල්


    ලව් එක ඇවිල්ලා ඊලග පියවර. මුලින්ම සෙට් වෙලා ඉන්න එපැයි :rolleyes:

     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වැරැද්ද ගත්තනේ ඉතින්
    මන් කිව්වේ කෙල්ලෙක් සෙට් කරගන්න බලාපොරොත්තුවෙන් සමාජේ කැපී පෙනෙන්න හදන වුන් ගැන නෙමේ. මොකද කෙල්ලෙක් සෙට් උනාට පස්සේ බොරුව දිගටම ගෙනියන්න බැරිවෙනවනේ. ඒ වගේ උන්ට කොහොමත් කෙලවනවා ටික කාලයක් යද්දී

    ....
    :(

    මගේ බලාපොරොත්තුව වගේම මගේ හැටි කිව්වේ මම...
    අනේ මන්ද බන්...මම වගේ උන් හොයන අය හම්බ වෙනකම් මෙහෙම ඉන්න වෙන්නේ...

    සමාජේ දැන් හරි විසමයි...අනාත නිවාසවල හිටිය ගෑනු ලමයෙක්වත් හොයා ගන්න එක තමයි හොද මම වගේ අනාතයින්ට...:rofl:
     
    Last edited:

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    අවු 23 නම් ඕවා ලොකුවට හිතන්න යන්න එපා බං. උඹේ වැඩ ටික කරගන්න. හොඳට ඉගෙන ගනින්. හොඳ Job එකක් හොයාගන්න. නිකන්ම කෙල්ලො ඒවි පස්සෙන්.
    අනික Love කරලා හරි බැඳපු උන් දැන් ජීවත් වෙන විඳිය දැක්කා නම් ඕවා හිතෙන්නේ නැ උඹට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :(

    මගේ බලාපොරොත්තුව වගේම මගේ හැටි කිව්වේ මම...
    අනේ මන්ද බන්...මම වගේ උන් හොයන අය හම්බ වෙනකම් මෙහෙම ඉන්න වෙන්නේ...

    සමාජේ දැන් හරි විසමයි...අනාත නිවාසවල හිටිය ගෑනු ලමයෙක්වත් හොයා ගන්න එක තමයි හොද මම වගේ අනාතයින්ට...:rofl:
    :dull::dull::dull:
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කසාදය හරියට හොයලා බලලා කරපන්
    වැරදි කසාදයක් නිසා දුක් විදපු උන් හොදට දන්නවා

    ගෙදරින් බැනුම් යාළුවොන්ගෙ හිනාවල් මැද රටෙ උන්ගෙ තුප්පහි කතා අහගෙන ඉන්න උනාම කොහොමද

    කසාදෙ ළගට එනකම් ඉදපන්

    දුවගෙන ගිහින් පනින්න එපා බං
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කසාදය හරියට හොයලා බලලා කරපන්
    වැරදි කසාදයක් නිසා දුක් විදපු උන් හොදට දන්නවා
    ගෙදරින් බැනුම් යාළුවොන්ගෙ හිනාවල් මැද රටෙ උන්ගෙ තුප්පහි කතා අහගෙන ඉන්න උනාම කොහොමද
    කසාදෙ ළගට එනකම් ඉදපන්
    දුවගෙන ගිහින් පනින්න එපා බං
    අත්දැකීමක් තියෙනවනම් බෙදාගමු මුන්ගේ ඔලු හැදෙන්නත් එක්ක :rolleyes:
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    අත්දැකීමක් තියෙනවනම් බෙදාගමු මුන්ගේ ඔලු හැදෙන්නත් එක්ක :rolleyes:

    බෙදා ගන්න ගිහින් පොන්නයො රොත්තක් රෙප් කපලා කුණුහර්පෙන් බැන්නා. ආයි නම් කිසිම පෞද්ගලික දෙයක් මේකෙ කියන්නෙ ම නැහැ මම:angry:
     
    • Like
    Reactions: RottenCOLT

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    බෙදා ගන්න ගිහින් පොන්නයො රොත්තක් රෙප් කපලා කුණුහර්පෙන් බැන්නා. ආයි නම් කිසිම පෞද්ගලික දෙයක් මේකෙ කියන්නෙ ම නැහැ මම:angry:

    Ponnayo nisa ayi bn ,ube atdakim bedaganne natte,
    Ponnayo 2nnek rep kapana kota ita wada wadi pirisak rep dewi :yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113

    * Ubage interpersonal communication peththa gena uba mokada hithanne.
    * Anith evun agena comment deela thiiyanawada
    * Ubata yaluwo innawada special evun.
    * Uba yaluwek first time meet weddi kojomada kathakaranne
    Uba kathawedi inactive, passive, little talkative , talkative owagen mokakda

    Uba meke me type eke thred dana anith unwagena common man kenek bn .
    Commin unama hambenneth common anser .ewa wedkne.
    Result eka thamayi uba meke kiyanne .
    Ubata advice denna puluwan kenek meka dekkoth ubagena idea ekak ganna be.
    * Awage siruation ekaka ubage behaviour eka,
    *ubage attitude on interpersonal communication
    wage dewal mention karanne nethuwa anikata telepathy nene ban ubawa understand karala advice ekk denna.
    Uba kon wenawa, side wenawa kivvata ubata kawadawath anser ekak lebenne.
    Uba doctor gawata gihin una kivvata bene ban, eka ubata denena heti doctor ahanwane.
    Uben haras prashna aha aha comment danna time ne ban hemotama. Ubatath time nene ban mekata hemathissema enna.
    Uba mulin ubagena podi brief ekak daapan oya kivva points cover wena. :yes:
    Thanks

    මෙහෙමයි මම අලුත් කෙනෙක් දැක්කම අයි කොන්ටෑක් එක අරගෙන හිනා වෙනවා,හැබැයි කෙල්ලො දැක්කම හිනා වෙන්නෙ නැහැ,මොකද,මම ඉස්සර ගෑනු පිරිමි බෙද නැතිව මූන දිහා බලලා හිනා උනා,ඒත් ගොඩක් ගෑනු අය දකින්නෙ නැතිව වගේ යනවා,ඒක නිසා .ගෑනු කෙනෙක් දැක්කම මම ඇස් දෙක දිහා බැලුවත් හිනා වෙන්නෙ නැහැ,මොකද උන් රෙස්පොන්ඩ් කරේ නැති උනම නිකන් චාටර් වෙනවනෙ
    ගොඩක් වෙලාවට මම අලුත් කෙනෙක් දැක්කම ඇප්‍රොච් කරන්නෙ නැහැ,ඒ පැත්තෙන් ඇප්‍රෝච් කරනකන්,
    මොකද මට ලැජ්ජයි වගේ,කොල්ලො නම් කොහොම හරි කතා කරනවා,ඒ කියන්නෙ උන් ලෝක් ගෲප් එකක් නෙමෙයි නම්
    කෙල්ලො නම් කතා කරන ඛොට නර්වස් වගේ බන්, මම හිතන්නෙ උන්ටත් ඒක තේරෙනවා.සමහර වෙලාවට කොච්චර කෙල්ලෙක් තනියෙම හිටියත් කතා කරන්නෙ නැහැ.
    ඊලග්ට කතා කරත් මම ටිකක් මම ගැන අවතක්සේරු වෙන විඩියට කතා කරන්නෙ,මොකද මම කැමැති නැහැ ලොකු කම් කියවන්නම්,අනේ මන්දා ඒක ලොකු ප්‍රශ්නයක් බන්,ඔව් මම දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා,ඒත් මම විස්තර කියන්නෙ එහෙම,අනික මම මට වඩා හොද ස්කූල් එකක් ගියපු අය, වගේ ඉන්නව නම් පහු බහිනවා වගේ බන්
    ඔන්න ඔය ටික තමයි මතක් උනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි මම අලුත් කෙනෙක් දැක්කම අයි කොන්ටෑක් එක අරගෙන හිනා වෙනවා,හැබැයි කෙල්ලො දැක්කම හිනා වෙන්නෙ නැහැ,මොකද,මම ඉස්සර ගෑනු පිරිමි බෙද නැතිව මූන දිහා බලලා හිනා උනා,ඒත් ගොඩක් ගෑනු අය දකින්නෙ නැතිව වගේ යනවා,ඒක නිසා .ගෑනු කෙනෙක් දැක්කම මම ඇස් දෙක දිහා බැලුවත් හිනා වෙන්නෙ නැහැ,මොකද උන් රෙස්පොන්ඩ් කරේ නැති උනම නිකන් චාටර් වෙනවනෙ
    ගොඩක් වෙලාවට මම අලුත් කෙනෙක් දැක්කම ඇප්‍රොච් කරන්නෙ නැහැ,ඒ පැත්තෙන් ඇප්‍රෝච් කරනකන්,
    මොකද මට ලැජ්ජයි වගේ,කොල්ලො නම් කොහොම හරි කතා කරනවා,ඒ කියන්නෙ උන් ලෝක් ගෲප් එකක් නෙමෙයි නම්
    කෙල්ලො නම් කතා කරන ඛොට නර්වස් වගේ බන්, මම හිතන්නෙ උන්ටත් ඒක තේරෙනවා.සමහර වෙලාවට කොච්චර කෙල්ලෙක් තනියෙම හිටියත් කතා කරන්නෙ නැහැ.
    ඊලග්ට කතා කරත් මම ටිකක් මම ගැන අවතක්සේරු වෙන විඩියට කතා කරන්නෙ,මොකද මම කැමැති නැහැ ලොකු කම් කියවන්නම්,අනේ මන්දා ඒක ලොකු ප්‍රශ්නයක් බන්,ඔව් මම දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා,ඒත් මම විස්තර කියන්නෙ එහෙම,අනික මම මට වඩා හොද ස්කූල් එකක් ගියපු අය, වගේ ඉන්නව නම් පහු බහිනවා වගේ බන්
    ඔන්න ඔය ටික තමයි මතක් උනේ


    උබ ප්‍රයිවට් කැම්පස් එකකද? :rolleyes:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    මෙහෙමයි මම අලුත් කෙනෙක් දැක්කම අයි කොන්ටෑක් එක අරගෙන හිනා වෙනවා,හැබැයි කෙල්ලො දැක්කම හිනා වෙන්නෙ නැහැ,මොකද,මම ඉස්සර ගෑනු පිරිමි බෙද නැතිව මූන දිහා බලලා හිනා උනා,ඒත් ගොඩක් ගෑනු අය දකින්නෙ නැතිව වගේ යනවා,ඒක නිසා .ගෑනු කෙනෙක් දැක්කම මම ඇස් දෙක දිහා බැලුවත් හිනා වෙන්නෙ නැහැ,මොකද උන් රෙස්පොන්ඩ් කරේ නැති උනම නිකන් චාටර් වෙනවනෙ
    ගොඩක් වෙලාවට මම අලුත් කෙනෙක් දැක්කම ඇප්‍රොච් කරන්නෙ නැහැ,ඒ පැත්තෙන් ඇප්‍රෝච් කරනකන්,
    මොකද මට ලැජ්ජයි වගේ,කොල්ලො නම් කොහොම හරි කතා කරනවා,ඒ කියන්නෙ උන් ලෝක් ගෲප් එකක් නෙමෙයි නම්
    කෙල්ලො නම් කතා කරන ඛොට නර්වස් වගේ බන්, මම හිතන්නෙ උන්ටත් ඒක තේරෙනවා.සමහර වෙලාවට කොච්චර කෙල්ලෙක් තනියෙම හිටියත් කතා කරන්නෙ නැහැ.
    ඊලග්ට කතා කරත් මම ටිකක් මම ගැන අවතක්සේරු වෙන විඩියට කතා කරන්නෙ,මොකද මම කැමැති නැහැ ලොකු කම් කියවන්නම්,අනේ මන්දා ඒක ලොකු ප්‍රශ්නයක් බන්,ඔව් මම දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා,ඒත් මම විස්තර කියන්නෙ එහෙම,අනික මම මට වඩා හොද ස්කූල් එකක් ගියපු අය, වගේ ඉන්නව නම් පහු බහිනවා වගේ බන්
    ඔන්න ඔය ටික තමයි මතක් උනේ

    oyatika gnn ubata wadinna una :P
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ මේකේ පහුගිය කොල්ලෝ ගොඩකට තිබුණු ප්‍රශ්නයක් ගැන මගේ හිත සැලුණු නිසා...
    මේක ඇත්තටම කෙල්ලෝ හොයන අයට වගේම කෙල්ලෝ ඉන්න යටත් වැදගත් වෙයි කියල හිතුනා.
    මම මට වෙලාව තියෙන විදියට පොස්ට් කරලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්.
    හොදයි අපි එහෙනම් බලමු ලස්සන කෙල්ලෙක් සෙට් කර ගන්න ඕන වෙන පලවෙනි කරුණු ටික.



    1. හොඳ පෙනුම

    මේක දැක්ක ගමන් කොල්ලෝ මුණ සවුත්තු කර ගනීවි අපිට හොඳ පෙනුමක් නැහැනේ කියල. මම මේකෙන් අදහස් කලේ වගේ පෙනුමක් ගැන නෙවි. ඇත්තටම උඹල හැමෝම ලස්සන පෙනුමක් තියෙන උන්.
    බොරු නම් මේක කියවන එක පොඩ්ඩක් නතර කරලා කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපල්ලා. උඹල දෙමවුපියෝ උඹලව ලස්සනට හදල තියෙනවා. ඒ ඇත්ත පිළිගනිල්ලා. තමන් කැතයි හිතන්න එපා.ඇත්තම කතාව නම් උඹලා හැමෝටම පිස්සු වැටෙන කෙල්ලෝ ඉන්නවා. උඹලා දැක්කම හිතට කරන්ට් එකක් වදින කෙල්ලෝ ඉන්නවා.හැබැයි උනුත් උඹලා වගේම සද්ද නැතිව ඒක හිත ඇතුලෙම තියාගෙන ඉන්නවා. ඒ ඇත්ත පිළිගන්න හිත එකඟ කරගන්න ඕන ඔක්කොම. උඹලා ඔක්කෝම ඇත්තටම ලස්සන කොල්ලෝ.
    ඒ නිසා තමන්ට උපතින්ම ලැබුණු ලස්සන ගැන ඇත්තටම සතුටු වෙන්න. අනිත් අයගේ ලස්සන, උස මහතා එක්ක තමන්ගේ දේවල් සංසන්දනය කරන්න හදන්න එපා. තමන් සුවිශේෂී බව මතක තියා ගන්න.

    2. පිරිසිදුකම

    ලස්සන වුනත් පිරිසිදුකමින් තමයි කෙල්ලෙක්ව ආකර්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා හොදට නාලා කියලා පිරිසිදු ඇඳුම් ඇඳලා හිටපල්ලා. එහෙම ඉන්න පුරුදු වුනාම තමන්ගේ හිතටත් අමුතු ගටක් එන්න පටන් ගනීවි. කොන්ඩේ ,රැවුල එහෙම තමන්ට ගැලපෙන විදියට හදා .ගනිල්ලා. හැමෝම කපන කට් තමන්ට හරි නොයන්න පුළුවන්.

    3.සිනාව.
    මේක ඉතා ම වැදගත්. කොයි තරම් ලස්සන වුනත් හොදට හිනා වෙන්න බැරි නම් ඌ වැඩක් නැහැ. ඒ නිසා ලස්සනට හිනාඅ වෙන්න පුරුදු වෙයල්ලා. ඒක ටිකක් අමාරුයි එක පාරටම. ඒත් ඒක පුරුදු වෙන්නම ඕන. හිනා වෙනවා කියලා මවාගත්ත හිනාවක් ගන්න එපා. ඇත්තටම හිත ඇතුලෙන් එන පිරිසිදු සිනහවක් තියා ගන්න, මහා ලොකුවට හිනා වෙන්නත් එපා. පැණි බේරෙන හිනාවක් පුරුදු වෙන්නත් එපා. ඒවා ටිකක් අවාසි වෙන්නත් පුළුවන් කෝඩුකාරයින්ට.



    තමාට සුවිශේෂී වූ ආධිපත්‍යය.

    ඒ කියන්නේ පොරක් වෙන එක නෙවි. තමන්ට වටිනාකමක් දෙන්න ඕන තමාම. තමන්ට පුළුවන් දේ ගැන ආඩම්බර වෙන්න ඕන සිතින්. තමන් ඉන්න තැන තමන්ගේ රාජකාර්රිය කරන්න ඕන. අනිත් අය අතර ඒ ගැන නිකමට හරි කතා වෙන තරමට වැඩක් කරන්න ඕන. තමන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ වැඩේ උපරිම හොඳින් කරන්න ඕන. තමන්ගේ ටැලන්ට් පෙන්නන්න උත්සාහ කරන්න ඕන.

    තමා සතු සුවිශේෂී ලක්ෂණ


    හැමෝටම සුවිශේෂී ගති ලක්ෂණ තියෙනවා. ඒවා අඳුන ගන්න. හොඳ ගති ලක්ෂණ වගේම නරක ඒවත් තියෙනවනේ. ඉතින් හොද නරක තෝරා බේරාගෙන ඒවා දියුණු කර ගැන. තමන්ට තේරෙන්නේ නැති නම් ටිකක් අනිත් අය තමන් ගැන කියන දේවල් ඇහුවම තමන්ගේ සුවිශේෂී ලක්ෂණ ගැන අවබෝදයක් එයි. ඒකෙන් පුළුවන් තමන්ගේ දියුණු කරගන්න. නරක ගති අමාරුවෙන් හරි මගහැර ගන්න උත්සාහ කරන්න.

    සෑම විටම සමාජීය අවස්ථා වලට මුහුණ දෙන්න. මුළු ගැන්නෙන්න හදන්න එපා. තනියම ඉන්න හදන්නත් එපා.

    ඵලදායී සිහින දකින්න
    තමන් හැම වෙලාවේම කරන්න ඕන දේ ගැන හිතන්න. අපි හැම වෙලේම සිහින දකින්න ආසයි. සිහින ලෝක වල ජීවත් වෙන්න ආසයි. ඒ තමන්ට සැබෑ ලෝකයේ ඉටුකරගන්න තවම බැරි වුන දේවල් ගැන හිත සමබර කර ගන්නයි එහෙම වෙන්නේ. සිග්මන් ෆ්‍රොයිඩ් කියන්නේ ඒක සංරක්ෂණ ප්‍රයෝගයක් කියල. අපිට ඒ සිහින දකින එක නතර කරන්න බැහැ. ඒක හොඳ වැඩකුත් නෙවෙයි. ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි සිහින දකින එක ඵලදායීව කරන එක. ඒ කියන්නේ කවදාවත් සැබෑ නොවෙන දේවල් ගැන නොහිතා තමන්ට කරන්න පුළුවන් දේ ගැන සිහින දකින එක.
    කෙල්ලෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලා හිතෙන පුරුදු වෙන්න. නැතිව කෙල්ල එක්ක මනෝ ලෝක වල සරි සරණ එක පලක් නැහැ.


    කෑපී පෙනෙන අයෙක් වෙන්න.
    මේකට නම් ඔය මහා ලොකු දෙයක් කරන්න නැහැ. උඹලාගේ භූමිකාව මොකක්ද කියලා අවබෝධ කර ගනිල්ලා. තමන්ට කරන්න තියෙන්නේ අතුගාන එක නම් ඒක හොඳටම කරපල්ලා. එතකොට උඹලා නිකම්ම කැපී පෙනේවි. ගොඩක් උන්ට ඉතින් ඔය ගුණය නැහැ. උන්ට තියෙන වැඩත් මග හැර හැර කෙල්ලොන්ගෙන් ලකුණු ගන්න හැදුවට වැඩක් නැහැ. නිකමෙක් වෙන්න එපා. තමන්ට වගකීමක් තියෙන බව වගේම ඒක හරියට බව ඒත්තු ගන්වන්න.

    වෙනස් විදියට හිතන්න.
    අනිත් අය කියන විදියට වැඩ නොකර වෙනසක් කරන්න. වෙනස තුල අවධානය හොදටම එනවා.

    තමන්ගේ ක්‍රියා අනිත් අයගේ ආකර්ෂණයට හේතු වෙනවා.
    ඒ වගේම අවාචිකව තමන්ගෙන් පිළිබිඹු වෙන සන්නිවේදනය ගැනත් අවදානයෙන් ඉන්න.
    ඒ කියන්නේ තමන් තැනක ඉන්නකොට හිටගෙන ඉන්න විදිය, අත තියෙන තැන, බලන පැති, ඔය වගේ තමන්ගේ සිරුරින් පෙන්නුම් කරන දේවල් ගැන අවදානයෙන් ඉන්න.
    බාහිරින් බලවත් වීම තාවකාලිකයි. ඒ නිසා බාහිර පෙනුමින් බලවත් වෙන ගමන් හිත ඇතුලෙනුත් බලවත් වෙන්න.
    අනිත් අයගේ උදවුවෙන් සංවර්ධනයක් ගන්න අමාරුයි, ඒ නිසා තමන්ම සංවර්ධනය වෙන්න. තමන්ම වෙනස් වෙන්න උත්සාහ කරන්න.

    කතා කරන විදිය
    මේකත් වැදගත්ම දෙයක්. කතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නේ. අපේ උන්ට බැරිත් ඕකම තමයි.
    මෙහෙම පටන් ගනිමු.
    ඉස්සර වෙලාම දකින දකින කෙල්ලට ලව් කරන්න හදන්න එපා. ඉස්සර වෙලාම හිතොපල්ලා මේ කෙල්ලෝ හැමෝම තමන්ගේ අක්කලා, නංගිලා කියලා. අපි අක්කට, නංගිට කතා කරන්න ඇඹරෙන්නේ නැහැනේ. ඒ විදියට හිතපල්ලා කෙල්ලෝ ගැන. අඳුනන්නේ නැති කෙල්ලෙක් ගැන වුනත් එහෙම හිතපල්ලා. ඊට පස්සේ හොඳට දන්න කෙල්ලෙක්ට කතා කරන විදියට කතා කරපල්ලා. කෙල්ලෝ නිකන්ම කතා කරනවා එහෙම වෙනකොට. හොඳට කෙල්ල දිහා බ
    ලා කතා කරන්න පුරුදු වෙන්න. හැබැයි උඹලා උන්ට විශේෂ කැමැත්තක් තියෙන බව පෙන්නන්න හදන්න එපා. නොර්මල් විදියට කතා කරන්න. නැත්නම් පටන් ගත්ත තැනම හා ගන්නවා. හොඳට කතා කරන විදියට කතා කරාම කෙල්ලෝ ඒකට ආකර්ෂණය වෙන ගතය වැඩි. නිකම් අමුත්තෙක් වගේ කතා කරන්න හදනකොට එහෙම කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙම කතා කරන අතරේ තමන් බුද්දිමත් හා ශක්තිමත් බව පෙනෙන විදියට කතා කරන්න. නිකම් ගොන් පාර්ට් act කරන්න එපා.

    දැන් කාලේ ඕන තරම් නුතන විද්‍යාව මනෝ විද්‍යාව ගැන ලියපු පොත් තියෙනවා. ඒවායේ කියන විදියට සාර්ථක වෙනවා කියනවා. ඇත්ත.. 80% විතර. ඒත් තමන්ගේ ජීවිතය ඉතාමත් නිවැරදි දිශාවට යොමු කරන්න නුතන මනෝ විද්‍යාවට පුළුවන් කියලා තදින්ම විස්වාස කරන්න එපා.
    සාම්ප්‍රදායික දේත් ඕන වෙන්න පුළුවන්. කාන්තාව කියන්නේ පිරිමියාට වඩා ජීව විද්‍යාත්මකව වෙනස්. තේරුම් ගන්න ඕන කලින්ම. වාතාවරණයම කෙල්ලෙක් එක්ක කතා කරද්දී ඇති නොවෙන්න පුළුවන්. ඒකට සැලෙන්න නරකයි. පවතින වාතාවරණයට
    අනුගත වෙන්න පුළුවන් නම් එතන තමයි සාර්ථකත්වයේ පාලම වෙන්නේ.
    උඹලා කෙල්ලෙක් එක්ක කතා කරද්දී ඒ ගැන සිහියේ තියා ගන්න.
    වචන පාවිච්චි කරන ගමන්ම පුළුවන් තරම් සිරුරේ බස ඒ කියන්නේ බොඩි ලැන්වේජ් බාවිතා කරන්න. එක හිතා මතා කරන්න යන්න එපා. ඉබේම බොඩි ලැන්වේජ් එක එන විදියට තමන්ගේ පර්සනලිටි එක හදා ගන්න. එකට අර සිතින් පුහුණු වීම විතරක් මදි. ඔය එදිනෙදා ජීවිතයේ දී, ගෙදරදී තමන්ගේ හැගීම් පෙන්වන්න ටිකක් සිරුරේ බසත් යොදා ගන්න.

    තමා තමාම වෙන්න.
    ඒ කියන්නේ වෙන අයගේ ලක්ෂණ බලෙන් තමන්ගේ ආරෝපණය කරගන්න හදන්න එපා. ඒක තාවකාලිකයි. මොකද ඒ ලක්ෂණ යටපත් කරගෙන නොහිතන වෙලාවක අපේ නියම ලක්ෂණ එලියට එනවා. ඒ ලක්ෂණ තමන්ගේ චරිතයට එකතු කරගන්න. තව කෙනෙක්ට පෙනෙන්න විතරක් අනුන්ගේ චරිත ලක්ෂණ රග පාන එක නම් හරි යන්නේ නැහැ.

    අනිත් අය තමාට සැමවිටම එකග වේ යයි බලා පොරොත්තු නොවන්න.
    ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක හරි කවුරු එක්ක හරි කතා කරද්දී අපි කියන දේට එකඟව එයා ප්‍රතිචාර දක්වයි කියල හිතන්න එපා. එක්ක කතා කරනවා නම් තමන් ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙන බව මතක තියා ගන්න. තමන් කියන හැම දේටම එයා යහපත් ප්‍රතිචාර දක්වයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුනාම සලෙන්නත් එපා. මොකද මම කලින් කිවේ අර පවතින තත්වයට අනුගත වෙන්න කියලා.

    පමණට වඩා අගය කරන එපා.
    විශේෂයෙන් කෙල්ලෙක්ව අගය කිරීමේදී පරිස්සම් වෙන්න. උන්ව අගය කරන්න ඕන පමණ දැනගෙන. මොකද ඕනවට වඩා අගය කරන්න ගියාම උන් උද යන්න පුළුවන්, ඒ වගේම අපි බොරුවට අගය කරනවා කියලා හිතන්න පුළුවන්.
    ඒ නිසා කරන දෙයක් ගානට කරන්න.

    තමන්ගේ බාහිර පෙනුමට වඩා චරිත ලක්ෂණ වැදගත්.
    ගොඩක් කොල්ලෝ හිතන්නේ තමන්ගේ බාහ්ර පෙනුම ගැන. ඇඳුම, ස්ටයිල් එක,සල්ලි. ඒවා හොඳයි දහපදුරාවේ යන කෙල්ලෝ අල්ලගන්න. හොද කෙල්ලෙක් බලන්නේ පෙනුමට වඩා චරිත ලක්ෂණ ගැන. ඒ නිසා හොඳ චරිත ලක්ෂණ පිළිබිඹු වෙන විදියට ඉන්න. ඒ චරිත ලක්ෂනත් බොරු මවාගත් ඒවා නොවිය යුතුයි. තමන්ගේ අභ්‍යන්තර චරිත ලක්ෂණ වෙනවනම් තමයි උඹ සාර්ථක වෙන්නේ.

    තමාට පළමුව ආදරය කරන්න.
    ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩු ගැන දුක් වෙන්න එපා. තමන් එක්කම තරහ ගන්න එපා. තමන්ගේ , රැකියාව, තමන්ගේ ආර්ථිකය ගැන දුක් වෙන්න එපා. ඒකෙන් කිසිම යහපතක් වෙන්නේ නැහැ.
    ඇත්තම කියනවා නම් තමන්ගේ සිරුරේ ලක්ෂණ වත්,කායික,මානසික හා ආර්ථික ශක්තිය වත් තමන්ගේ හොඳ සුවදායි තත්වයකට ගෙනෙන්නේ නැහැ. මොකද ඔය හැම දේම තියෙන කොල්ලොත් තමන් කැමති කෙල්ල දිහා ඈතින් ඉදලා බලාගෙනහුල්ල හුල්ල ඉන්නවා මම දැකල තියෙනවා.
    සල්ලි,පෙනුම,ශක්තිය වැදගත් තමයි. ඒ වුනාට වඩාත් වැදගත් වෙන්නේ තමන් තමන්ව දකින ආකාරයි. තමන් තමන් දිහා සුබවාදීව බලන්න. නැත්නම් වෙන්නේ අර හැම දේම තියාගෙන කෙල්ලෝ නැතිව ඉන්න කොල්ලන්ට වෙන දේම තමයි.

    තමන්ගේ දැක්ම හා චින්තනය වඩා වැදගත් බව සිතන්න.
    ඔයාලා හිතන විදිය අනුවයි ඔයාලාට දෙයක් ලැබෙන්නේ. ඒ නිසා සිතුවිලි ධනාත්මක කරගන්න.

    හොඳ කෙල්ලෙක් ආකර්ෂණය වෙන්නේ පෙනුමට වඩා චරිත ලක්ෂණ වලට.
    ඒ නිසා තමන් සිතන විදිය සහ ක්‍රියා කරන විදිය වඩා වැදගත් වෙනවා. මේවා හදාගන්න පුළුවන් තමන්ටමයි. ඒ දේවල් තමන්ගේ භෞතික ශරීරයේ පෙනුම සහ ප්‍රමාණයට වඩා වැදගත් වෙනවා.

    සමාජ කුසලතා තිබුණු පමණින් වැඩක් නැහැ
    සමහර අ ය කියනවා සමාජ කුසලතා තියෙන අයට කෙල්ලෝ ආකර්ෂණය වෙනවා කියල. ඔව්.. යම් තරමක්. ඒ වුනත් සමාජ කුසලතා තිබුන පමණින් කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ නැහැ. ආකර්ෂණයේ වේවි නිකම් කතා කරන්න. හැබැයි ඊට එහා ගිය බැඳීමක් සමාජ කුසලතා තිබුණු පමණින් ලැබෙන්නේ නැහැ. මොකද සමහරු ඉන්නවා පුදුම තරම් ජනප්‍රියයි. හැම වෙලේම කෙල්ලෝ කොල්ලෝ වට වෙලා. ඒත් ඇත්තටම බැලුවොත් එය ඉන්නේ තනියෙන්.
    උඹලට මතක ඇති ශිහාන් මිහිරංග.
    කොයි තරම් කෙල්ලෝ පිස්සු වැටුනද. ඒත් ඌ ටීවී එකට ආපු දවසක කිව ඌ අහපු කෙල්ලෝ ඔක්කොම ඌ ට බෑ කිවා කියලා. කෙල්ලෝ කැමති වේවි. ඒත් අපිට ඕන කෙනා නෙවි නම් අපිට කමත් වෙන්නේ වැඩක් නැහැනේ. ඒ නිසා ජනප්‍රිය වූ පමණින් කෙනෙක් ජීවිතයට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔය ජනප්‍රිය ඔක්කොම ගත්තොත් ඉන්නේ හිතින් තනියෙන්. එහෙමත් එකෙක් තමයි ඇත්තටම සතුටින් ඉන්නේ.

    තමන්ගේ අභ්‍යන්තර ස්වභාවය අනුව තමන්ගේ මට්ටම තීරණය වේ.
    ගොඩක්
    ය බාහිර දේ ගැනයි හිතන්නේ. ලස්සන, පෙනුම, සල්ලි, වගේ දේවල් ගැන. ඒවත් වැදගත් තමයි. ඒ කිසිම තමන්ගේ හිත ඇතුලෙන් තමන් ගැන හැටියටයි තමන්ගේ මට්ටම තීරණය වෙන්නේ. උඹලා දැකල ඇති කතා චා කොල්ලෝ ලස්සන කෑලි සෙට් කරගෙන ඉන්නවා. ඇත්තටම උන්ට පෙනුම වත් සල්ලි වත් තිබිලා නෙවෙයි. උන්ගේ හිත ශක්තිමත් නිසා. ඒ නිසා තමන්ගේ අභ්‍යන්තරය ශක්තිමත් කරගන්න. එතකොට උබලා දකින ඕනෑම කෙල්ලෙක්ව සෙට් කරගන්න හැකියාව තියෙනවා.
    හිත ශක්තිමත් කර ගත්තම අනිත්
    ය කොහොමත් තමන්ට ධනාත්මක ප්‍රතිචාර දක්වනවා. තමන් හිතින් දුර්වල නම් බාහිර දේ තිබුනත් වැඩක් නැහැ. සෙට් වෙන කෙල්ලත් ඉක්මනටම උඹලව දාලා යාවි.

    පොඩ්ඩක් කෙල්ලෙක්
    ගේ ලකුණ වැටුණු ගමන් ආඩම්බර වෙන්න හදන්න එපා. ටිකක් ඉවසලා කටයුතු කරන්න. හැම වෙලේම අවධානයෙන් ඉන්න.

    පළමු වතාවට කෙල්ලෙක් එක්ක කතා කරන හැටි....

    1.කෙලින් ඇස් දිහා බලන්න.
    අහක බලාගෙන බිම බලාගෙන, වට පිට බලාගෙන කතා කරනකොට කවුරුවත් කැමති නැහැ. ඒ නිසා කෙලින් බය නැතිව බලන්න. මොකද උන් ගහන්න එන්නේ නැහැ බැලුව කියලා. උන්ට අප්සට් නම් අහක බලා ගනීවි. කොල්ලෝ වගේම කෙල්ලොත් බයයි කෙලින් බලන්න.

    2. කලබල වෙන්න එපා.
    කලබල වෙලා කිසි දෙයක් කරන්න බැහැ. හිත සන්සුන් කර ගන්න. පපුව ගැහෙන එක සාමාන්‍යයි. ඒත් පපුව ඕනවට වඩා ගැහෙනවා නම් හෙමින් හුස්ම ගන්න. පාලනයක් ඇතිව හුස්ම පිට කරන්න. දහදිය දානවා නම් ඉතින්ඒකට නම් කරන්න දෙයක් නැහැ. ඕවා කරලම පුරුදු වෙන්න ඕන. හුස්ම හෙමින් අරන් තමන්ගේ බය, චකිතය පාලනය කර ගන්න.
    උඹ ගොඩක්ම බය වගේ ලක්ෂණ පෙන්වන එකෙක් නම් කෙල්ලට ඒක තේරෙන්න ඒ තරම් වේලා යන්නේ නැහැ. ඒ නිසා පපුව ගැහෙන එක අඩු කරගන්න විදියක් බලපන්.
    ෆාමසි එකකින් propanlol 20mg පෙති ටිකක් අරන්(ඒ ටැබ්ලට් ගණන් අඩුයි ගොඩක්ම )බාගයක් බීලා පලයන්. . එතකොට පපුව ගැහෙන එක වෙව්ලන එක අඩු වෙනවා.
    හැබැයි ඒ දේ ගොඩක්ම බය කොල්ලන්ට විතරයි.

    3.එක දිගට කතා කරන්න එපා.
    කෙටියෙන් ලස්සනට තමන්ට කියන්න තියෙන දේ කියන්න. කතාව දිග වැඩි වුනාම කෙල්ලොන්ගේ අවධානය වෙන අතකට යන්නත් පුළුවන්.

    4. අඩු වේගයෙන් කතා කරන්න.
    තමන් කතා කරන වේගය වැඩි උනාම තමන්ටම පැටලෙන්න පුළුවන්. හවසටත් ගුඩ් මෝනින් කියවෙන්න පුළුවන්. (මටත් දවසක් උනා ඔය වැඩේ)
    ඒ නිසා හෙමින් පැහැදිලිව කතා කරන්න. සන්සුන් වෙන්න. ගැහෙන්න එපා. එහෙමනම් අර පෙති බාගයක් බීලා පලයන්. ඒකට අතුරු ආබාද එන්නේ නැහැ.

    5. වල්පල් දොඩන්න යන්න එපා.
    කියන්න තියෙන දේ වැදගත් විදියට කියන්න. අනවශ්‍ය දේවල් කතා කරනකොට වැඩේ අවුල් වෙන්නත් පුළුවන්. මොකද මුල්ම වතාවටනේ කතා කරන්නේ. පස්සේ පුළුවන් ඔය වල් පල් දොඩවන්න ඇති තරම්.

    6. සංවේදී වන්න.
    උඹලා බය වුනොත් එහෙම උඹලගේ හිත අවධානයෙන් ඉන්නේ තමන්ගේ බය ගැන. එතකොට කෙල්ලගේ ප්‍රතිචාර වලට තියෙන සංවේදී බව අඩු වෙන්න පුළුවන්. එතකොට ඉතින් කෙල්ල පුංචි ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවත් ඒක උඹලට නමග හැරෙන්න ඉඩ තියෙනවා.
    ඒ නිසා බය විසින් සංවේදී බව යටපත් වෙන්න ඉඩ හරින්න එපා.

    7. තමන් ගැන විස්වාස කරන්න.
    බය වෙන්න එපා. මමඅනවශ්‍ය දෙයක් කියනවද. මට වැරදුනාද. මේ දේ මීට වඩා මෙහෙම කිවා නම් හොදයි කියලා හිත හිථාඅ ඉන්න එපා. කෙල්ල උඹව ප්‍රතික්ෂේප කරයිද කියලා කියන බය ඇති කර ගන්න එපා.

    8. කෙල්ලගේ එකඟතාවය ගැන විතරක් අවධානයෙන් ඉන්න එපා.
    අපි කෙල්ලගේ එකඟතාවය ගැන විතරක් අවධානයෙන් හිටියොත් කෙල්ලගේ සාමාන්‍ය ප්‍රතිචාර මග හැරෙන්න පුළුවන් ඒක අපේ අරමුඅට යන එකට අවාසිදායක විදියට සිදු වෙන්නත් පුළුවන්.
    එතකොට කෙල්ල උඹ උදාසීන අයෙක් කියලා හිතන්න පුළුවන්. මොකද තමන්ගේ ප්‍රතිචාර වලට සංවේදී බවක් නැහැනේ. සමහර විට පුංචි බැල්මක්, පොඩි හිනාවක් වගේ දෙයක් නොසැලකුවොත් එතනම අපේ ගමන් නවතින්න පුළුවන්. මොකද උදාසීන යට හැමෝගෙම ආකර්ෂණය අඩුයි. කොල්ලෝ උනත් එහමයි.
    උඹ උදාසීන බව වැඩි කෙනෙක් නම් ඒ දේ මග හැර ගන්න.ඒ නිසා ඊට වඩා වෙනස් වූ මට්ටමකට හිත හදා ගන්න.

    හොඳ කෙල්ලෝ වැඩිපුරම ආස.......
    1. කොල්ලා ප්‍රිය මනාප වෙනවාට..
    නමුත් වඩාත් ප්‍රියමනාප වෙන්න යන්න එපා. ඒක අසාමාන්‍ය දෙයක් විදියට උන් දකිනවා. ඒ වගේම තමන් කිසියම් දෙයක් අපේක්ෂා අපේක්ෂාකරන බව එයාලා හිතනවා. මුලින්ම එහෙම අදහසක් යන එක අවාසියක් වෙන්නත් පුළුවන්.

    2. ඉක්මනින් කලබල නොවන ඉක්මනින් හැගීම්බර නොවනකෙනෙක් වෙනවට..
    මේ දේවල් කොල්ලන්ගේ දුර්වලතා විදියටයි කෙල්ලෝ දකින්නේ.

    ඒ නිසා,
    තමන් කවදාවත් තනි වෙලා කියලා හිතන්න එපා.
    කවදාවත් කෙල්ලෝ සුපිරි වීර කොල්ලෝ හොයන්නේ නැහැ. ඒ වගේම පිස්සු අපත එවුනුත් හොයන්නේ නැහැ.
    කෙල්ලන්ට ඕන කොල්ලා ළඟදී තමන්ගේ හිත නිදහස්ව තියා ගන්න පුළුවන් කොල්ලෙක්.
    නැතිව උවමනාවට ඕනවට වඩා පොරක් වෙන එකෙක්වත් කෙල්ලගෙන් යැපෙන දුර්වල මානසිකත්වයක්වත් තියෙන එකෙක් නෙවෙයි

    ඒ නිසා කෙල්ලෙක් ළඟදී සම්මුඛ පරීක්ෂණයකට ගියාම වගේ ආතතියක් ඇති කර ගන්න එපා.

    ඒ වගේම තමන් දන්නා සියලුම හැකියා පෙන්නන්නත් යන්න එපා.

    සන්සුන් වන්න.
    තමා තමාම වන්න.
    නියම පිරිමියෙක් විදියට ඉන්න.
    ලිංගිකත්වය හෝ ආදරය අපේක්ෂා කරන්න එපා.

    කෙල්ලෝ ඉස්සරහදි බය අඩු කරගන්න හිත ඉහිල් කරන හුස්ම ගැනීමේ ව්‍යායාමය කරන්න.
    මොකද තමන් කලබල වුනාම අනිත් අයට ඒක දැනෙනවා.
    එහෙම උනාම තමා අනාරක්ෂිත, තමා ගැන විස්වාසයක් නැති පුද්ගලයෙක් විදියට තමාව අවබෝධ කර ගන්න පුළුවන්.
    ඒ නිසා කෙල්ලෝ ඉස්සරහ කලබල වෙන්න එපා.
    උඹලා ඔක්කොම කෙල්ලන්ට වඩා ශක්තිමත්. ඒ වගේම පෙනුමින් විශාල යි. ඉතින් පෙනුමින් දුර්වල කෙල්ලන්ට ඇයි උඹලා බය වෙන්නේ?

    ඇත්තම කතාව නම්,
    කෙල්ලෙක් ඉස්සරහ කලබල වෙනවා කියන්නේ,

    උඹ එයාගෙන් යමක් අපේක්ෂා කරන බවයි.
    ඒ අපේක්ෂා කරන දේ තමන්ට නොලැබෙයි කියලා බයක් තමන්ගේ හිතේ තියෙන බවයි.
    එක්තරා විදියක වරදකාරී දෙයක් කරන බවයි.

    කෙල්ලෙක් ඉස්සරහ කලබල උනොත්,
    උඹට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
    හැබැයි විශේෂ චේතනාවක් නැතිව හිටියොත්,
    උඹ බලාපොරොත්තු වෙන ඔක්කොම ලැබෙනවා.


    http://www.elakiri.com/forum/showthread.php?t=1596908

    මේ ත්‍රෙඩ් එකේ තිබුන දෙයක් මෙතන දාන්න හිතුනා...ඔන්න කියවල ප්‍රයෝජනයක් ගන්න...:D
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Sorry bn,mama thread eka atha arala hitiye ekayi update Kare naththe:sorry:

    Hadissi wenn epa. Ivasala hitu.
    Denata uba oya uda sahodarayek dapuwa tika kiyawala point pahak hayak ube memory ekata embed karaganin.
    eeta amatharawa samaje podhu piligeneemen pita ubata trk krnn puluwan tikk dannm
    :yes:
     
    Last edited: