පොඩි එකෝ, කෙල්ල රැ වෙනකල් ඉන්නවා කියන්නෙ එක අතකින් ආතල් එකක් තමයි,
ඒත් පුතෝ ඔය ගැන පර්යේශන කරපු පැරැන්නො (පැරැන්නො කිව්වෙ මමයි තව ඔය සබ්ජෙක්ට් එකට phd ගත්ත මගෙ යාලුවො ටිකයි) හොයා ගත්ත විදියට මචො ..
පැය දෙක කට වඩා කෙල්ලත් එක්ක Call කරන්න එපා එක ඩිගට msg කරන්න එපා. පැය 2න් පස්සෙ අනිවා රන්ඩුවෙනවා මොකක් හරි මෝඩ කතාවකට.
අනිත් එක මචෝ, කෙල්ලට නින්ද යනකල් කතා කරන්න එපා, මොකද මචෝ, ඒකි නින්ද ගියාම උබ ඒකි ගැන කල්පනා කර කර නිදාගත්තට ඒකි හොදට නිදි. එ නිසා නිදා ගන්න කලින් Conversation එක ඉවර කරපං, ඒතකොට ඒකි උබ ගැන කල්පනා කර කර ඉදියි. .. දීර්ග කාලින ආදරයකට ඒක වටිනවා.
අනිත් එක phone එකටම සේසත ඉවර කරගන්න එපා. සල්ලි ඉතුරු කරගනිං, , phone එකෙන් කතා කරා කියලා කෙල්ල count කරගන්නෙ නැ, සත පනහක හරි දෙයක් අරන් අරන් දෙනව නම් තමයි කෙල්ලො ආස,
අනිත් එක පැනියා වගේ එකි msg කරපු ගමන් reply දාන්න එපා, ඒකි වැදගත් දෙයක් එහෙම ඇහුවම පොඩ්ඩක් ඉදලා උත්තර දෙන්න, පස්සෙ දවසෙ හරි කමක් නැ, එතකොට කෙල්ල තරහටත් එක්ක ලව් එක වැඩි කරනවා,
පැන පැන දීලා ගෙම්බෙක් වෙන්න එපා, එහෙම උනොත් කෙල්ල හිතයි උබට කොන්ද පන නැ කියල, කෙල්ලොන්ට ලව් එකට වඩා ආස කොන්ද පන තියෙන , උන්ව බය කරලා තියාගන්න කොල්ලෙක්ට, ඒක තමයි ස්වාභාවධර්මය.