මන් 2018 අවුරුද්දෙ විවාහ උනෙමි.ප්‍රේම සම්බන්ධතාවයක් මත.මුලදි මගේ පව්ලේ අය හා දෙමාපියන් දැඩිව විරුද්ද උනා මෙයට.ඒ ඔහු හට ජොබ් එකක් නොමැති කම හා ඔහුගේ පව්ල තුල තිබූ ගැටලු නිසා පමණි.නමුත් මාගේ පියා ඔහුව රැකියාවක් සදහා මාගේ මවගේ ඉල්ලීම මත යොමු කර ඔහු හට ඒ වෙනුවෙන් මුදල්ද වියදම් කලා.විවාහය සදහාද මාගේ දෙමව්පියන් වියදම් කල අතර ඔහු හට නිවසක් සෑදීම සදහා ඉඩමක්ද අරන් දුන්නා.නමුත් වෙනස් වීම පටන්ගන්නේ විවාහ වූ දා පටන්ය.මා කෝල් කලත් ඔහු මා හා කතා නොකරයි.මාගේ සතුට ඔහුට පේන්නම බැරි උනී.පව්ලේ මිනිස්සුන්ට බනිනවා.මාගේ මව මුලින් විරුද්ද වූවාට වෛරෙන් මාගෙන් පලි ගැනීමට පටන් ගෙන තිබුනි.මවටද හිතාගන්න බැරි තරමේ අසභය වචන භාවිතයෙන් බනිනවා.ඔහුගේ පව්ලේ අයද මා සමග නැත.මෙය වන විට අප ජීවත් ඌයේද මාගේ දෙමව්පියන්ගෙ නිවසේය.මට මේ හැසිරීම් කරදර ඉවසීමට නොහැකි විය.මා දියවැඩියා රෝගයටද ගොදුරු විය.මාගේ රෝගි තත්වයද නොසලකා මා ගැනත් නොසලකා හැර ඔහු සිටියේ.මා මෙය ඉවසීමට බැරිම තැන.මාගේ නිවසින් පිට වන ලෙසත් ඔහුගේ ගතිගුණ හදාගන්නා ලෙසත් ඉල්ලීය.ඔහු ඔහුගේ නිවසට ගිය පසු මමද එහි ගොස් ඔහු හා සිටියෙමි.නමුත් ඔහු ඉන්පසු මා හට මුදල් එක්මසක් ලබා දුන්නේ ඔහුගේ මව හරහාය.මන් විමසූ විට මා හට අපහාස කර පැයකට දෙකකට ඔහු හා සිටිනවාට මුදල් දෙන්න උවමනාද විමසා සිටියා.මා ඉන්පසු තීරණය කලා දික්කසාද වීමට.මගේ සතුට සැනසීම මේ වන විටත් නොමැති අතර ඔහු හා විසීම මට මානසික වදයකි.මාගේ රෝගි තත්වය පාලනය නොවීමට හේතුවකි.ඔහු දික්කසාද වීමටද අකමැතිය.මා කුමක් කල යුතුද මේ සදහා??මා හට යලිත් ඔහු හා විසීම අප්‍රසන්න කාරනයකි මාගේ මවට කියූ කතා නිසා මා හට යලිත් ඔහු හා විසීමටනොහැකිය.උපදෙස් දෙන්න
Copied from FB ........... නීති කතා - Law Talks Group
අපි මේ degree කරනවා.
e-money වලින් $ හොයනවා පට්ට කට්ටක් කාලා.
වාහනේකුත් තියෙනවා.දැන් නම් CHR එකක් පදින්නේ (ලොකුකමට නෙමේ කිව්වේ)
ඒත් තාම එක කෙල්ලෙක්වත් ඉදලා නෑ. 24 ටත් කිට්ටුයි දැන්.
අහන අහන කෙල්ල බෑ කියනවා. Edit ; (face to face ගිහිල්ලා ඇහුවේ එක්කෙනෙක්ගෙන් තාම

; අනික් තුනම ඇහුවේ message වලින්)
ඒ අතින් මූ . උගෙ හැකියාවද ? luck එකද ? අනේ මන්ද
දන්න කවුරුහරි වැඩිහිටියෙක් කියනවද මට කොතනද වැරදුනේ කියලා