කොරෝනා_අවුරුදු කලින්ම
ඔන්න ඔහේ කියල වැඩ ඇරිල ඇවිත් ගියා කීල්ස් එක පැත්තෙ ගෙදරින් බල කරන නිසාම. ගිහින් පලවෙනි විනාඩි 15 ගියේ කරත්තයක් හොයාගන්න .
සමහර මිනිස්සු කරත්ත දෙක දෙක තල්ලු කරන් යනව සෝමාලියාවට පාං දැම්ම වගේ. ඉදලා ඉදල ට්රොලියකුත් සෙට් කරගෙන ගිහින් බලනකොට හුණු සහල්වත් නෑ 

හාල් සේරම අතුරුදහන්. කොහොම හරි ඉතුරු වෙච්ච සැමන් ටින් එකකුයි බිත්තර 6 පැක් එකකුත් හොයාගෙන යනගමන් අනිත් මිනිස්සුන්ගෙ කරත්ත දිහා ඔලුව දාල බැලුව මෙන්න යකෝ බිත්තර 12 පැක් 3 , 4 ඒවගෙ. සමහර මිනිස්සු ටොයිලට් පේපර්සුත් බන්ඩල් පිටින් අරගෙන . එවෙලෙ නම් පොඩි ආඩම්බරේකුත් හිතට ආව අපේ ගමත් යුරෝපෙට ලං වෙනවද කොහෙද කියල. නැත්තන් මොකටද මේ හදිස්සියෙ ටොයිලට් පේපස් රෝල් දුසින් ගනන් 


. කොහොමින් හරි පොල් ගෙඩි 2කුත් තෝරගෙන පොල් තෙල් ගන්න යනකොට මෙන්න බොලේ පොල් තෙලුත් නෑ. සමහරවිට අවුරුද්දට ලෝකෙ ලොකුම කැවුම බදිනවද දන්නෙත් නෑනෙ. 

. ඔය අස්සෙ වැඩකරන ලමයෙක් කොහෙන්දෝ පාන්පිටි මිටියක් ගෙනල්ල තිබ්බ විතරයි හිටපු මනුස්ස සංහතියම පොරකනව පිටි ගොඩේ සතේ හොයන්න. මූනෙ පිටි ගාගෙන කොන්ඩෙන් ඇදගෙන හැම එකාම පිටි ගන්න හදනකොට තව සෙට් එකක් සීනි ගන්න පොරකනව. 



සමහරුන්ගෙ සාක්කු වලත් සීනි. තව රවුමක් දාල කැශියර් එක ලගට යනකොට මෙන්න යකෝ ඉස්සරහින් ඉන්නව කරත්ත දෙකක් ගත්ත නෝනෙකුයි මහත්තයෙකුයි. නෝනගෙ කරත්තෙ අර ඉතුරුවෙච්ච පොල් සේරම ගෙඩි 25 ක් විතර දාගෙන.ආයෙ එකෙක්ට පොල් නෑ. කිරිබත් දන්සලක් වෙන්ඩ ඇති 

. මහත්තයගෙ කරත්තෙ රෝද 4 අඩනව පටෝල තිබ්බ ලෝඩ් එකේ හැටියට. ඒකෙ බලු දංවැලේ ඉදල පොත් පත්, කොටින්ම ඉතුරු වෙලා තිබ්බ පොඩි වතුර බෝතල් දෙක තුන පවා දාගෙන. අපරාදෙ කියන්න බෑ පොඩි කඩේක බඩු කරත්ත දෙකේ. ඔන්න ඔහොමයි ලංකාවෙ අපි කොරෝන සැමරුවෙ .....!



දවසෙ පඩිය අරන් ඒකෙන් බඩු ටිකක් ගෙදෙට්ට ගෙනියන්න ආපු මිනිස්සු හිස් කූඩෙකුත් අතේ තියාගෙන කල්පනා කරනව ඇති තාම මේ මොකද උනේ කියල 



අයියෝ සල්ලී..........
ගමේ ඉන්න දුප්පත් උබලට ඔක දැනුනේ නැතුවට සිදාදියේ නොනලා මහත්තයල අලුත් අවුරුද්දට කලියේන්ම ඔන්න ඔහොමයි කොරොනා සැමරුවේ....................
මන් ගිහින් එන්නම් අයිබෝවන්ට....



















ඔන්න ඔහේ කියල වැඩ ඇරිල ඇවිත් ගියා කීල්ස් එක පැත්තෙ ගෙදරින් බල කරන නිසාම. ගිහින් පලවෙනි විනාඩි 15 ගියේ කරත්තයක් හොයාගන්න .
අයියෝ සල්ලී..........
ගමේ ඉන්න දුප්පත් උබලට ඔක දැනුනේ නැතුවට සිදාදියේ නොනලා මහත්තයල අලුත් අවුරුද්දට කලියේන්ම ඔන්න ඔහොමයි කොරොනා සැමරුවේ....................
මන් ගිහින් එන්නම් අයිබෝවන්ට....

