කේන්දරේ ගලපලා බඳින එක තමයි හොඳ. හැබැයි හරි තැනකින් බලවගන්න ඕනේ. හොරු තමයි වැඩිපුර ඉන්නේ. නිකමට තැන් තුන හතරකින් කේන්දර දීලා බලන්නකො. තුන් දෙනා කියන පලාපල වෙනස්.
හැබැයි උබේ දෙමව්පියෝ හොයන ඒවායි උබ හොයන දේවලුයි බැලුවොත් මේ කපේදී උබට බඳින්න වෙන්නේ නම් නෑ. සුපිරිම එකක් හම්බ වෙනකන් ඉන්න එපා. අවම තත්වයට එකක් සෙට් උනොත් බඳින්න.
මට පේන විදියට උඹේ අම්මා හොයන්නේ කේන්දරෙත් හරියටම ගැලපෙන, පවුල් තත්වෙත් හොඳ, හොඳට ඉගෙනගෙන තියන, හොඳ ජොබ් එකක් තියන, හොඳට දේපල ඉඩකඩම් තියන එකක්. උඹ හොයන්නේ හින්දි ෆිල්ම් වල ඉන්න එවුන් වගේ පෙනුම තියන ඔනේ වැඩක් තනියම කරගන්න පුලුවන් සමාජ දැනුම තියන එකක්.
එහෙම එකක් මේ ලෝකේ හිටියත් උබට කැමති වෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි.
ලංකාවේ ප්‍රොපෝසල් මාකට් එකේ සුපිරිම කොල්ලෙක් වෙන්න නම් ඌට මොරටුව පේරාදෙනිය වගේ ආන්ඩුව හොඳ කැම්පස් එකකට ගිහිපු ලක්ශ දෙකක් තුනක් වගේ පඩි ගන්න ප්‍රසිද්ද ආන්ඩුවේ හො ප්‍රයිවට් තැනක වැඩ කරන වාහනයක් සහ ගෙයක් තියන පෙනුම කැත නැති එකෙක් වෙන්න ඔනේ. එහෙම එකකට ප්‍රොපෝසල් හොයන ඔනේම කෙල්ලෙක්, දෙමව්පියො කැමති වෙනවා එක පයින්ම. එහෙම එකෙක්ට නම් තමුන් හිතන පතන ඕනේම ජාතියෙ එකක් හොයාගන්න පුලුවන්.
ප්‍රොපෝසල් වලින් එන කෙල්ලොන්ට දේපල දෙන අවස්තා අඩුයි. තිබුනත් නොදි ඉන්න බලන්නේ. (අයිති වෙන්නෙ පිට එකෙක් ට නේ) ඒ නිසා එහෙම දේපල දෙනවා කියලා කියන ඒවායේ මොකක් හරි අඩුපාඩු එකක් හෝ කිහිපයක් තියනවාමයි. එක්කො කැතයි. එහෙමත් නැත්නම් ඉහලට ඉගෙන ගෙන නෑ, රස්සවක් නෑ, කේන්දරේ කේස් ...
උඹ ව්යාපාරයක් කරන කෙනෙක් නිසා ගොඩක් අය අකමැති වෙන්න ඉඩ තියනව ස්තිර අදායමක් තියන රැකියාවක් නෑ කියලා. උබේ සම්පුර්න විස්තරේ දාලා නැති නිසා තව අඩුපාඩු තියෙන්න පුලුවන් මිනිස්සු බලන.
මම නම් කියන්නේ මේ ටික බැලුව නම් ඇති.
පවුල් තත්වෙ - උඹලගේ මට්ටමට ගැලපෙන එකක් බලන්න. නැත්නම් ප්‍රශ්න එන්න පුලුවන්.
කේන්දරේ - මේක 100% ක් ගැලපෙනම එකක් හොයන්න ඔනේ නෑ. ඩිවෝස් නොවි අරන් යන්න පුලුවන් තත්වෙක එකක් බලන්න.
දේපල - ගෙයක් දෙන එකක් ම හොයන්න ඔනේ නෑ නේ. උබටත් තියනවා නේ. ඉහලට ඉගෙන ගෙන තියනවා නම් හරි හොඳ රස්සාවක් හරි තියනවා නම් දේපල හොයන්න එපා.
පෙනුම - රූප සුන්දරියො හොයන්න එපා. සමාන්ය පෙනුමක් තිබුනම ඇති.
මේවා අම්මලා තාත්තලා එක්ක කතාබහ කරලා විසදුමකට එන්න.
තීරණය ඔබ සතුයි.