oyata kochchara accurate karanna puluwanda?මට තියෙන අත්දැකීම් එක්ක කියන්නේ. ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ කියන අයගෙන් අතිශය බහුතරය හොරාට හරි කේන්දරේ බලනවා. ඒත් බලන බව කියන්නේ නෑ. ජ්‍යෝතිෂ්‍යය විශ්වාස කරන්නේ මැට්ටෝ කියලා හිතනවත් වෙන්න ඇති. නැත්නම් අනිත් අයගේ විහිළුවට ලක් වේවි කියන බයට වෙන්නත් ඇති. හැබැයි ඒ විහිළු කරන අයත් ඒ වගේම හොරාට කේන්දර බලන අය කියලා දන්නේ නැතුව ඇති.
ජ්‍යෝතිෂ්‍යයත් බුදු දහමත් කොහෙත්ම පෑහෙන්නේ නැති බව ඇත්ත. බුදු දහමේ ඉලක්කය වෙන්නේ මිනිස්සුන්ගේ පාරලෞකික යහපත. ජ්‍යෝතිෂ්‍යය ඉලක්ක කරන්නේ මෙලොව යහපත. මේ ගෙවන ජීවිතය යහපත් කර නොගෙන පරලොව යහපත් කරගන්න හිතන එක නම් නුවණට හුරු නෑ.
මට හිතුන නිසා කැමති උනා. 