කොකේසස් 2016-රුසියානු යුද හරඹ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කොකේසස් 2016-රුසියානු යුද හරඹ

    xugcbj4.jpg

    සැප්තැම්බර් මස 5 සිට 10 දක්වා පවත්වන ලද කොකේසස් 2016 යන කේත නාමයෙන් හඳුන්වන ලද රුසියානු යුද අභ්‍යාසයේ වීඩියෝ පටය මාධ්‍යට මුදාහැරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාකර තිබේ.මෙම දැවැන්ත යුද අභ්‍යාසය සඳහා සෙබලුන් 120,000කට වැඩිගණනක් සහභාගී වී තිබෙන බව රුසියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් කියවේ.කළු මුහුද සහ කැස්පියන් මුහුද ආශ්‍රිතව පවත්වන ලද මෙම යුද අභ්‍යාසය ඇරඹුණේ පසුගිය සඳුදා දිනයේය.පුරා දින හයක් පුරා ක්‍රියාත්මක වූ මෙම යුද අභ්‍යාසයට නාවුක,ගුවන්,වාසර හමුදා ඒකක එක්විය.සැබවින්ම මෙය යුක්‍රේනය ප්‍රමුඛ එහි බටහිර මිත්‍රයන්ට රුසියානු ශක්තිය පෙන්වීමට සිදුකරන ලද්දක් බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

    UAOmV0J.jpg

    මෙම යුද හරඹ සඳහා යුද නැව්,යුද ගුවන් යානා ,හෙලිකොප්ටර්,යුද ටැංකි මෙන්ම එස්-300 සහ එස්-400 වැනි මිසයිල පද්ධතීන්ද භාවිතා කර තිබේ.මෙම යුද අභ්‍යාසය ඇරඹෙන්නේ ක්‍රිමියාව තුලට යුක්‍රේනයේ කඩාකප්පල්කාරීන් පිරිසක් ඇතුලුවී ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කල බවට ජනපති පුටීන් විසින් චෝදනා කිරීමෙන් මාසයකට පමණ පසුවයි.



    පහත දැක්වෙන්නේ කොකේසස් 2016 යුද අභ්‍යාසයේදී ලබාගත් ඡායාරූප කිහිපයකි.


    දැවැන්ත කාලතුවක්කු අවියක් වෙස්ගන්වන සෙබලුන් පිරිසක්

    DKCsGxt.jpg





    රුසියාවේ දකුණුදිග හමුදා දිස්ත්‍රික්ක යාන්ත්‍රික පාබල ඒකක පුහුණුවක නිරතවන අයුරු

    qXy1qdc.jpg





    සර්නොවොඩ්ස්කයි හි උපායමාර්ගික අභ්‍යාසයක නිරතවන සැඟවුණු වෙඩික්කරුවෙක්

    RkNnOnY.jpg





    එම්ටී-එල්බී බහුකාර්ය උභයචර සන්නාහ සන්නද්ධ රථයක්

    YEmNdz3.jpg





    සර්නොවොඩ්ස්කයි හි රැදීසිටින රුසියානු සෙබලුන් පිරිසක්

    vPtIid0.jpg





    එම් අයි-8 සන්නද්ධ හෙලිකොප්ටරයක්

    D2JS4LE.jpg





    සැඟවුණු වෙඩිකරුවෙක්

    kczK8DH.jpg





    ම්ස්ටා-එස් self-propelled වර්ගයේ මි.මී.152 කාලතුවක්කුවක්

    hEqFCrr.jpg





    එම් අයි-28 එන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා

    LVT2ylE.jpg





    සන්නාහ සන්නද්ධ ප්‍රහාරක රථයක්

    sBGtcIe.jpg





    සැඟවුණු වෙඩික්කරුවෙක් විවෘත් භූමියක

    rWzGjtx.jpg





    ඩ්‍රෝන් යානයක් දියත් කරමින්

    w8NF3UU.jpg





    එම් අයි-8 හෙලිකොප්ටරයක්

    JTXlTMd.jpg




    කොකේසස් 2016 යුද අභ්‍යාසය සම්බන්ධ වැඩි විස්තර(ඡායාරූප,වීඩියෝපට) රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් දැක බලා ගත හැකිය.



    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    පට්ට මචන්....:cool:
    මට එකක් ෂුවර් උඹ ගිය ආත්මේ රෂියන් කාරයෙක්...:rofl:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔ්වට ගන්නේ ඇත්ත උණ්ඩද බං????

    සමහර යුද අභ්‍යාසවලදී ඇත්ත උණ්ඩ පාවිච්චි කරනවලු.ඒ හින්දා අනතුරු පවා සිද්ධ වෙලා තියෙනවා.