කොන්ඩේ යන එකට විසදුම්

Aitne

Well-known member
  • Jan 15, 2021
    300
    537
    93
    මම එළකිරි එකේ දැකල තියනවා ගොඩක් අයට කොන්ඩේ යන එක ගැටළුවක් වෙලා තියනවා . උයන කෑම දානවට අමතරව මම දන්න දේත් ඔයාලට කියන්න හිතුව .සමහරවිට ඔයාල මේක දැනටමත් දන්නවා ඇති නොදන්නා අයත් එක්ක බෙදා ගන්න හිතුව මම දන්නා දේ .

    පහසුවෙන් ම කරන්න පුළුවන් එක තමයි පොල්තෙල් ටිකක් අරන් එක ටිකක් විතර රත් කරල එක නිවෙන්න තියල එකට vitamin E කරල් දෙකක් දාගන්න මගේ කොන්ඩේ දිග නිසා මට කරල් දෙකක් ඕනා . ඔයා Boy කෙනෙක් නම් එක කරලක් ඇති කොන්ඩේ කොටයි නම් . දාල හොඳට ඔලුවට ගාල මසාජ් කරගන්න . පැය බාගයක් ,පැයක් වගේ ඉඳල නාගන්න . ඊට අමතරව මම ඩොක්ටර් කෙනෙක් ගෙන් මල්ටිවිටමින් එකක් ලියල ගත්තා .මේකෙන් මට නම් හරි ගියා

    තව ක්‍රමයක් තමයි minoxidil . මේකේ ගැහැණු අයට සහ පිරිමි අයට වෙනම එකක් තියනවා එක නිසා ඩොක්ටර් කෙනෙක් ගෙන් අහල ගන්න එක හොඳයි . මේකෙන් සමහර අයට හුස්ම ගන්න අපහසු කම් ඇති වෙන්න පුළුවන් .

    තව Hairgain කියල ටැබ්ලට් එකක් තියනවා මේකත් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහල ගන්න එක හොඳයි .

    අනිත් එක තමයි PRP (ගුගල් කරන්න prp hair treatment කියල ). මේක කරන්නේ අපේම ලේ අරන් එක නිසා අතුරු අබාද නැ කියල කියන්නේ . injection 4ක් විදින්න ඕන කියල තියනවා සාර්ථක වෙන්න එකක් 20 000ක් වගේ වෙනවා .

    මේවා තමයි මම දන්නා දේවල් ඔයාලත් මිට වඩා දේවල් දන්නවා නම් මෙතන දාන්න දන්නේ නැති කෙනෙක් ට උදව්වක් වෙයි .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,389
    1
    21,616
    113
    28
    Kalutara
    inbox එන්න පොඩි විස්තර ටිකක් තියෙනවා දැනගන්න .
    ඒ කෙල්ලට ඉන්න දීපාආආආන්.....

    6qp3IYz.png