ඉස්සර මගෙ ආදරණිය අම්ම මට උදේ වැඩට යන්න බත් බෙදලා දෙනවා යාලුවො එක්ක කද්දි මටත් කෙස් හම්බුවෙනවා , අපේ අම්මගෙ වයස එ කාලෙදි 55ක් වගේ, අම්මා දැන් වයයි කෙස් යන එක ස්භාවධර්මය, අපෙ අම්මා උදේ නැගිටල උයලා නිදිමතේ බත් එක බෙදලා දෙනව, කොණ්ඩේ කඩා ගෙන , මම කවදාවත් අම්මට එ ගැන කිව්වේ නැහැ, අම්මට දුක හිතෙයි කියලා , මට අප්පිරියවකුත් නැහැ, මට එත් ලැජ්ජයි කට්ටිය ඉස්සරා කෙස් ගහක් තිබ්බොත් , මොකද මට අප්පිරිය නැතිවුනාට වෙන අයට අප්පිරිය ඇති නේ , ඉතින් මම ලංකාවේ ඉන්න අන්තිම කාලේ අපේ ඔෆිස් කේ කැන්ටින් එකෙනුත් කැවා , පස්සේ මම බෙදාගත්තා සමහර දවසල අම්ම නිදියනවා කැම හදලා , දැන් ඉතින් මම රට ඉන්නේ , ඔය ප්‍රෂ්ණ නැහැ මට , ඉස්සර එවකට කෙල්ල දැන් බිරිද බත් එක මාරු කරගනන්වා , එයට නම් ඉතින් ගානක් නැහැ කෙස් තිබ්බට,
බුත දොස නෙවෙයි එක කොණ්ඩේ තියෙන කෙනෙක් කැම බෙදද්දි කෙස් එකක් එන එක සමන්‍ය දෙයක් කොන්ඩේ ගැට ගහලා අලුවට අවර්ණයක් දාන්නේ හොටල් වල එක එක නිෂ්පාදන කරන සමාගම් වල වැඩ කරන කාන්තාවන්ට , නැතුව බූත දෝෂ වලක්වන්න , කෙස් නවත්තනන් නෙවෙයි හැම දෙකම තාර්කික බුද්ධියෙන් බලන්න මොලයක් තිලා තියෙනවා, සහා විද්‍යාතමකව ඔප්පු කරනන් සාධක ඔන තරම් තියෙනවා,
අපි සම්න්‍යෙන් බත් කන්නේ දෙපරක් හො 3 පාරක් හපලා හක්කෙ තියෙන්, පෙරෙත කරමට සමහර වෙලවට හපනෙන නතුව ගිලිනවා, එත් අපේ මාමා කෙනෙක් ඉන්නව ගල් තියෙන බත් කැවෙඔත් අනිවා ගල් හැපෙනවා ,සමහරු කියනවා එ කරුමෙලූ, එත් ඇත්ත කතාව, අපේ මාමා වෙන අයට වඩ හොදට හපලා කන්නේ ඉතින් කැම සැම කොටසක්ම , ඇඹරෙන නිසා ගලක් තිබ්බොත් හැපෙන්න චාන්ස් එක වැඩි, ඉතින් දැන් බත් වල නම් ගල් නැහැ නේ, ඉතින් මෙක අමතර කරුණක් සමහරුන්ට ඔය කෙස් වගෙම ගල් හැපෙන සීන් එක , එහෙනම් මචෝ කෙස් වැටෙන සින් එක වැල කෙන්න නම් එ බත් බෙදෙන අම්ම හෝ බිරිදට කියනන් කොන්ඩේ ගැට ගහන්න කියලා එක්කෝ පිරිමි කෙනෙක් බත් බෙදන්න , එහෙම මිත්‍යා මත දුරුවෙවා 21 වන සියවසේ !