කොරියාවේ මොකද වෙන්නේ-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කොරියාවේ මොකද වෙන්නේ-2

    CE4cPnJ.png

    උතුරු කොරියාවේ අසාර්ථක මිසයිල අත්හදාබැලීමෙන් පසුව කොරියානු අර්ධද්වීපයට ඉහළින් බී-1 බෝම්බ හෙළන යානා දෙකක් පිටත් කර හරින්න ඇමෙරිකානු ගුවන් හමුදාව පියවර ගෙන තිබිණි.ඒ මැයි මස පළමුවෙනිදාය.ගුආම් හි ඇන්ඩර්සන් ගුවන් හමුදා කඳවුරෙන් මෙම යානා දෙක පිටත් කර හරින ලදි.යානා දෙක අවි රැගෙන ගියේද යන්න බලධාරීන් විසින් හෙළි නොකලහ.මේ ආකාරයේම බෝම්බ හෙළන යානා දියත් කිරීමක් පසුගිය වසරේ සිදුකරන්නට ඇමෙරිකාව පියවර ගෙන තිබිණි.ඒ උතුරු කොරියාව සැප්තැම්බර් මාසයේ සිදුකල න්‍යෂ්ඨික අත්හදා බැලීමකට ප්‍රතිචාර ලෙස දකුණු කොරියානු ප්‍රහාරක යානා සමග බී-1බී බෝම්බ හෙළන යානා දියත් කිරීමකි.

    NO6EFgK.jpg
    එංගලන්තයේ පිහිටුවා ඇති එක්සත් ජනපද 77 වන බෝම්බ හෙළන යානා බලගණයේ සෙබලුන් බී-1 යානා දියත් කිරීමකට සූදානම් වෙමින්​

    2017 අප්‍රේල් 28 වෙනිදා උතුරු කොරියාව සිදුකල බැලස්ටික් මිසයිල අත්හදා බැලීම අසාර්ථක විය.මිසයිලය උතුරු කොරියානු භූමියෙන් ඉවතට ගමන් නොකල බව එක්සත් ජනපද පැසිෆික් අණදෙන මූලස්ථානය කියා සිටියේය.උතුරු කොරියාව විසින් 2016 පටන් මේ දක්වා මිසයිල අත්හදා බැලීම් අවම වශයෙන් 7 ක්ද,එක් අභ්‍යාවකාශ රොකට්ටුවක් සහ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් දෙකක්ද සිදුකර තිබේ.

    h8g8j5D.jpg

    බී-1 බෝම්බ හෙළන යානයක්

    ඒ අතරතුර යූ එස් එස් කාල් වින්සන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුලු නාවික ප්‍රහාරක කණ්ඩායමට අවසානයේදී ජපාන මුහුදට සේන්දු වන්නට පසුගිය සතියේ සෙනසුරාදා වන විට පුලුවන් විය.ඒ උතුරු කොරියාව කෝප ගන්නවන සුළු ක්‍රියාමාර්ගවලට එකට එක කිරීමක් ලෙස නාවික ප්‍රහාරක කණ්ඩායමක් එවන බවට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර සති ගණනකට පසුවයි.

    ReVuvFB.jpg
    කාල් වින්සන් එනම් CVN 70 ගුවන් යානා ප්‍රවාහන නෞකාව පැසිෆික් සාගරය ඔස්සේ යාත්‍රා කරමින්,2017 ජනවාරි 30​

    අප්‍රේල් මාසය මුලදී ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි කාල් වින්සන් නෞකාවට සිය ගමන අවලංගු කර ට්‍රම්ප්ගේ නියෝගය පරිදි කොරියානු අර්ධද්වීපය බලා ගමන් අරඹන්නට සිදුවූයේ 2017 අප්‍රේල් මස 8 බව සඳහන් වේ.

    VoyHlzQ.jpg
    අවි ශීර්ෂ රහිත මිනිට්මෑන් 3 අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කරන අයුරු,2017 අප්‍රේල් 26,වැන්ඩන්බර්ග් ගුවන් කඳවුරු භූමිය​

    2017 අප්‍රේල් 26දා කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන් කඳවුරෙන් මිනිට්මෑන් 3 අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කරන්නට ඇමෙරිකාව ක්‍රියා කලේය.මෙය උතුරු කොරියාවට කල අනතුරු ඇඟවීමක් බව පෙනේ.මෙවැනිම අත්හදා බැලීමක් පසුගිය බදදා දිනයේද සිදුකරන්නට සැලසුම් කර තිබිණි.අප්‍රේල් 26 වෙනිදා දියත් කල මිසයිලය සැතපුම් 4000 දුර ගමන් කර පැසිෆික් සාගරයට කඩා වැටුණු බව සඳහන් වේ.

    2017 වර්ෂයේදී උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් 8ක් සිදුකල අතර ඉන් 5ක් සාර්ථක වී 3ක් අසාර්ථක විය.පහත දැක්වෙන්නේ 1984 වර්ෂයේ පටන් මේ දක්වා උතුරු කොරියානුවන් සිදුකල මිසයිල අත්හදා බැලීම්වල ප්‍රස්ථාරික නිරූපණයකි.

    Xkd8Yoc.png



    Source:businessinsider.com

    -HarshaLulzSec-