++කොලබ යුගයේ කවි! පට්ට!:D++

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    http://boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=DONP&ArtID=795

    සෑම විටම කතෘ අයිතිය සුරකින්න.

    මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
    -පුවතක්


    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන! කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී
    Iwarayi.jpg

    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා Updated on : 2010-06-16 21:40:22