උඹේ ෆොර්මියුලා එකේ අව්ලක් නෑ. එත් Between කියන ෆොර්මැටින් කන්ඩිෂන් එක දාලත් කරන්න පුළුවන්. උපන් දින තියෙන කොලම් එක ඩෙට් ටයිම් විදියට ෆොර්මැට් කරල from ඩෙට් එකට මේ වෙනකොට වයස අවුරුදු 10 වෙන්න ඕන අවම උපන්දිනේ දීපන්. to ඩෙට් එකට වයස විස්සක් වෙන්න පුළුවන් උපරිම අගය උපන් දිනේ විදියට දීපන් එතකොට එනව. YEARFRAC function එකෙන් වෙන්නෙ ඩෙට් දෙකක වෙනස අවුරුද්දෙන් (365 / 366) දශම බාගයක් විදියට දෙන එක. ඒක පාවිච්චි කරත් උඹ කරල තියෙනව වගේ ආයෙත් කන්ඩිෂන් එකක් ලියන්න වෙනව.

