Ado math giya oya thambapanni beach ekata wilpattu athule idala safari jeep eka. patta place eka. main road eka cross karan yanna onaකොහෙවත් ගියෙ නැද්ද
මම ගියෙත් නෑ, මේ පරන සීන් එකක්,තනියම ගියපු එකක් නෙවෙ, තව 3ක් හිටිය.
දැන් යන්න පෙට්‍රොල් කේස් නෙ, ලිටර් 4න් පුක ගහන්නද
B379
කියන්නෙ රූට් එකක් පුත්තලම ඉදන් මන්නාරමට තියන. සාමන්‍ය වයවහාරෙයෙ කියනව 'පුත්තලම - මන්නාරම පරන පාර 'කියල
මේක ඇත්තටම මිලිටරි සප්ලයි රුට් එකක් කියල කොහෙ හරි කියෙව්ව මතකයි, හදපු කාලෙ නන් දන්නෙ නෑ, චන්ද්‍රිකා/ප්‍රෙමදාස වෙන්න ඕන
ඉතින් මේක යන්නෙ විල්පත්තු කැලේ අයිනෙන්
පුත්තලම -> එලුවන්කුලම ->එලුවන් කුලම සපත්තු පාලම -> දිගටම මන්නාරම
මේකෙ එලුවන්කුලම සපත්තු පාලම ඉදන් ඩෙරික් බන්ගලාව කියල හරියක් තියනව කැලෙ ඉවර වෙච්ච ගමන්, මේ කියන හරිය වෙනකම් අමු කැලෙ (~40 KM )
මනුස්ස වාසයක්, බලු බල්ලෙක්, කඩයක්, ජනාවාසය්ක් නෑ
තනිකරම විල්පත්තු වන රැජිනිය
මේ පාර පටන් ගන්නෙ එලුවන්කුලම සපත්තු පාලමෙන්, සපත්තු පාලම අවුරුද්දෙ හැමදාම ඕපන් නෑ
වහින කාලෙට, ෆ්ලඩ් උනාම , පාලමෙන් වතුර දානව, ඒ වතුර පාර අඩි 2ට වඩා වැඩි උනාම නේවි එකෙන් පාර වහනව
අපි යන දවසෙ එහෙම කේස් එකක් උනෙ නෑ, ඔන්න ඉතින් කැලේට එන්ටර් උනා
බොරලු පාර, ලාවට වැහැල, බොහොම ලස්ස්නයි.
මේකෙ පායන කාලෙට නන් මරුටියක් උනත් යන්න පුලුවන්ලු.
වැහැපු කාලෙට ඔන්ලි. අලි නාවන තඩි වලවල් සහ මීටර් සියගනන් දිග මඩ ගොහොරු හැදෙනව
ටිකක් දුර ගියාම, මෙහෙම කතොලික පල්ලියකට යන පාරක් සෙට් වෙනව
අලි එහෙම සෙට් වෙනව, ඉතින් දිගටම යනව
කැලෙ විතරයි, ස්පීඩ් යන්නත් නෑ, 35-40 වගෙ තමයි වැස්සට පාර කැඩිල,
අලි නාවන තඩි වලවල්.
බාගය්ක් විතර ගියාම, මෙන්න තියනව හරස් පාරවල්
මේවා බීච් එක පැත්තට තියන එවගෙ නන් නේවි කෑම්ප් තියනවලු.
අනිත් පැත්තෙන් තියෙන්නෙ විල්පත්තු ඇතුලට තියන ට්‍රැක්ස්.
අතීත තම්බපන්නි ( දැන් කුදිරමලෙ පොයින්ට් )
ට්‍රිප යන්න කලින් මැප් එක බැලුවම මෙහෙම තැණක් තිබ්බ.
මොකද්දො කරුමෙට මට හිතුන මෙච්චර දුර ආපු එකෙ මෙතනටත් යන්න.
ගියපු එවුනුත් මන් වගේම ටියුබ් ලයිට් නිසා, හරි මචන් යමු කිව්ව. හැරෙව්ව අදාල හරස් පාරට.
ඔලුවට ආවෙ නෑ පර්මිශ ඩුන්නෙ මේන් රෝඩ් එකෙ යන්න විතරයි කියල
ලෝඩ් පකීර් වගෙ යනව ඉතින්
මෙන්න යකො පත් වැලි කදු, වැලි විසි වෙනව, බයික් එක එතනමයි, මෙවට 4wd නෑනෙ ඉතින්
කකුලෙන් සපෝට් කරගෙන ගියා
කිමි 2ක් වගෙ ගියාම, දෙන්නෙක් නතර උනා. උන් ආවෙ ස්කූටි වල
යන්න බෑ, එරෙනව. උන්ට ආපහු ය්න්න කීව හරෝපු තැනට
මමයි තව එකෙකුයි, දිගටම යනව දැන්
හුකයි, ඔන්න කරපු ගොන් කම මතක් උනා, ඇයි මෙක විලපත්තු කැලෙ
වලස්සු, දිවියො, අලි විමානෙ
හදිසියෙ මොකෙක්වත් කෙලියොත් අනතයි
පෝන් වැඩ නෑ
සැලුනෙ නෑ, ගියා ඉස්සරහටම, රෝද කැරකෙනව, වැලි විසිවෙනව,
හම්මට ඕන්න
තවත් කිමි 2ක් වගෙ ගියම, තම්බපන්නිය
නිකන් විජය කාරයට ආපු ෆීලින් එක වගෙ එකක් මටත් ආව, පස ඇත්තටම රතු පාටර්‍යි බන්
විජය කාරයි තම්බපන්නි කීවෙ නිකන් නෙවෙ.
Probably the first GN125 ever been to the Point of Kudiramaleyi
ගැම්මක් තමයි
වටේට්ම සාගරේ ඉතින්, ටිකක් ඉදලා, විටක් හපලා, ආයෙ එන්න පටන් ගත්ත.
හරෝපු තැනට ලන් වෙන කොට, ඔන්න අනිත් එවුන් ටික ඉන්නව
ඒ එක්කම, තව් දැකල නැති එවුන් දෙන්නෙකුත් ඉන්නව, 'රට වට බැදි රන් පවුර 'කියල පිටෙ ගහගෙන
"කොහෙද තොපි යන්නෙ, කවුද තොපි, කවුද තොපිට කැලෙ රින්ගන්න කීවෙ"
"හෙහ් හෙහ්, අයියෙ අපි අහවලා, අහරෙ ඉද මෙහෙ යනව ගමන්, මෙතනටත් ආව"
කුනුහරුප වහිනව,
පොර බැනල ඉවර වෙලා, කරපු වැරදි පහදල දුන්න
අපිත් ඔලුව නවාගෙන අහගෙන හිටිය. උන් කියපු විදියට, නේවි එකට නැතුව වනජීවි එකට අහු උනා නන්
අනිව දඩ කන සීන් එකක්.
තවත් පැය 2න් වගෙ ඩෙරික් බන්ගලාව ගාවට ආව.
ඒ හරියෙ ඉදන් කාපට් පාර
රෑ 8ට වගේ මන්නාරටම ආව. බයික් එකෙ මඩ විමානයි
අවුලක් නෑ
අම රයිඩර් සීන් එක
Gallery https://imgur.com/gallery/ANejO6w
mannar car ekaka yanna wahinne nathi months monawada ban