Suranga ge location eka post karapan ... ube kathawa boruwak nemei kiyala oppu karanna... Uba nikan story ekak liwwada danneha neh ... Suranga inna thana gana wistharayak dapan balanna ugenma ahannaදැන් වැඩක් නැ බන්. මේක මිනිස්සු මිලියන ගානක් බලන්න ඇති ඒ දවස් වල. උඹට ඕනේ නම් දාපන් කොමෙන්ට් එකක්. බලන කීප දෙනාට හරි කමක් නැ. නම් එක්ක දාපන් අව්ලක් නැ.
uba meka oppu karapankoඋට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.
ඔය මකුලුවේ කකුල් දෙක කැඩුන එකා නැතුව අනිත් සෙට් එකම ගියේ අපේ ඉස්කෝලේ, මගේ පන්තියෙම 4 දෙනෙක්. අපි සෙට් එකම එකට හිටිය 12ක් විතර කොල්ලෝ. ඒ සෙට් එකෙන්ම සිගරට් එකක්වත් බොන්නේ නැති එකා තමයි ඔය සුරංග කියන්නේ.(රන් පුතා) හරිම හොද පොරක් ඌ. අපි අනිත් උන් හැම දේම ගහනව ඉතින්. මූ කිසි දෙයක් කරන්නේ නැ. ඔය සුරංගගේ තාත්ත ඉස්සර වෙන ගැනියෙක් තියන් හිටියේ. ගෙදර එන්නේ මාසෙකට පාරක් වගේ තමයි. මැන්ට මඩර් සින් එකකුත් තිබ්බ ඇතුලෙත් හිටිය. කුඩුත් ව්කුන්නා කාලයක්. හැබැයි මුන්ගේ ගෙදර නෙවෙයි. ඉස්සර අපි ඉස්කෝලේ කට් කරලා හිටපු ගමන් මුන්ගේ ගෙදර යනවා නිලක් බලන්න. දවල්ට කව්රුවත් නැ මුන්ගේ ගෙදර,
OL ඉවර උනාම මූ ගෙදර නැවතුන අපහු ඉස්කෝලේ ගියේ නැ. අපි එක්ක හිටපු මකුලුවේ අනිත් 3 දෙනාත් හිටියේ සුරන්ගලගේ ගෙවල් කිට්ටුවමයි හොද යාලුවෝ ඔක්කොම.
ඔය කකුල් දෙක කැඩුන එකා හිටියේ මුන් ඉන්න හරියට ටිකක් එහා. ඌ ඉස්සර වල බැහැපු එකෙක් නෙවෙයි, මුට ගෙදරින් ටුක් එකක් අරන් දුන්නම මූ හිමින් වල බහින්න අරන් සෙට් වෙලා අපේ යාළුවොන්ගේ සෙට් එකට. මු ඔය වාහනේ දුවන් ගමන් ගංජා විකුණුව. මූ ඒ හරියේ ගන්ජා විකුණන නිසා සුරංග නිතරම මුට කියනවලු බිස්නස් උන්ගේ ගෙවල් ගාව කරගනින් මෙහෙ කරන්න එපා කියල. ඕකට මූ හෙන තරහින් ඉඳල තියෙන්නේ. මූ කොහොම හරි අනිත් උන්ට හොදට වියදම් කරලා , නිකන් ගංජා දීල උන් ටික උගේ පැත්තට හරවගෙන. ඊට පස්සේ මුලු සෙට් එකම සුරංගට ගේමලු හැමදාම. ඔය කකුල් දෙක කැඩිච්ච එක 4,5, පාරකම සුරංගට ගහාල් තියනව විල් එකේ කොල්ලෝ දාගන ඇවිල්ල.. මූ ඔය සුරංග දීවර සංස්ථාවේ වැඩට බයික් එකෙන් යනකොට 2පාරක් සුරංගව විල් එකෙන් හප්පල ගහල. ඉතින් මුට ඉවසන්නම බැරි තැන මූ ගිහින් තාත්තට කියල මූ ඉන දෙන්නේ නැ කියල. සුරංගගේ තාත්ත මුන්ගේ ගෙදරට ගිහින් කියල අපහු කරොත් තියන්නේ නැ කියල. මේ කැරිය එදා හවස ගිහින් සෙට් එකක එක්ක සුරංගට හෙන පෝරියල් එකක් දීල හෙන.
ඊට දවස් 3, 4 කට පස්සේ රෑ සුරංගයි, තාත්තයි කඩු දෙකක් ඇරගෙන ගිහින් අරූ රේල් පාර කිට්ටුව සෙට් එකක් එක්ක ගන්ජා ගගහා ඉඳිද්දී. අනිත් උන් බයට දුවල මුව අල්ලාගෙන හොදටම ගහල ගහල සෙත්ත පෝච්චි වෙන කන්ම. ඊට පස්සේ ඇදගෙන ගිහින් රේල් පාරේ බෙල්ල අහු වෙන්න තියල තියෙන්නේ කොච්ච්චියට. මුගේ වාසනාවට මුට සිහිය ඇවිල්ල ඔහොම බේරුනේ.
දැන් සුරංග ගාල්ලේ නෙවි කෑම්ප් එක එහා පැත්තේ මාළු ලෑල්ලක් දාගෙන පාඩුවේ ඉන්නවා. මම ගියාම යනවා උව හම්බ වෙන්න තාම.
කකුල් දෙක කැඩුන එල ලිදකද කොහෙද පැනල මැරුණා. ඌට හෙන උණක් තිබ්බේ ඔය ටික කරගන්න.
------ Post added on Sep 4, 2022 at 11:17 PM
------ Post added on Sep 5, 2022 at 1:04 AM
