කොහොම මැන්නත් එකයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    කොහොම මැන්නත් එකයි

    ආලෝකයේ වේගය මොන රාමුවක ඉඳන් මැන්නත් එකම අගයලු එන්නෙ..

    දැං අපි හිතමු ඩබල් ලයින් කෝච්චි පාරක, එකම පැත්තට එකම වේගෙන් කෝච්චි දෙකක් යනව කියල.
    එක කෝච්චියට උඹල ඉන්නව, එතකොට උඹලට සාපේක්ෂව අනික් කොච්චිය එකම තැන ඉන්නව වගේනෙ පේන්නෙ, මොකද උඹල යන වේගෙන්ම ඒකත් යනවනෙ..
    දැං උඹලගෙ කොච්චියට සාපේක්ෂව, අනිත් කෝච්චියෙ වේගය 0 යි..
    ඒ වුණාට ස්ටේෂන් එකක ඉන්න මිනිස්සුන්ට පේන්නෙ ඒ කෝච්චියම යම් වේගයකින් යනව වගේනෙ..
    සිම්පල් කතාවක්නෙ මේක.. ඒ කියන්නෙ විවිධ රාමුවල ඉඳල මැන්නොත් විවිධ අගයන් එන්නෙ..

    ඒත් ආලෝකය ගැන කතා කරද්දි කතාව වෙනස්.. ආලෝකයේ වේගෙන් යන ගමන්, ආලෝක කිරණයක වේගය මැන්නොත්, ඒත් එන්නෙ තත්පරයට කිලෝමීටර 300 000ම ලු :shocked:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඒක වෙන්න පුළුවන්ද බං..?
    ආලෝකයට පදාර්ථමය ගුණ තියෙනවා කියන ක්වන්ටම් න්‍යායෙන් බැලුවට පස්සේ ඔහොම වෙන්න පුළුවන්ද..?
    සාපේක්ෂතාවාදය ආලෝකය හමුවේ ගැලපෙන්නේ නැද්ද..?
    එහෙම නොගැලපෙන නියතයක් නිසාද අයින්ස්ටයින් එයාගේ සමීකරණයට ආලෝකයේ වේගය නියතය විධියට ගත්තේ...?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    ඒක වෙන්න පුළුවන්ද බං..?
    ආලෝකයට පදාර්ථමය ගුණ තියෙනවා කියන ක්වන්ටම් න්‍යායෙන් බැලුවට පස්සේ ඔහොම වෙන්න පුළුවන්ද..?
    සාපේක්ෂතාවාදය ආලෝකය හමුවේ ගැලපෙන්නේ නැද්ද..?
    එහෙම නොගැලපෙන නියතයක් නිසාද අයින්ස්ටයින් එයාගේ සමීකරණයට ආලෝකයේ වේගය නියතය විධියට ගත්තේ...?

    මම දන්නෙත් නෑ බං.. ඔය කියන්නෙ එහෙමයි කියල
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ආලෝකයේ වේගය මොන රාමුවක ඉඳන් මැන්නත් එකම අගයලු එන්නෙ..

    දැං අපි හිතමු ඩබල් ලයින් කෝච්චි පාරක, එකම පැත්තට එකම වේගෙන් කෝච්චි දෙකක් යනව කියල.
    එක කෝච්චියට උඹල ඉන්නව, එතකොට උඹලට සාපේක්ෂව අනික් කොච්චිය එකම තැන ඉන්නව වගේනෙ පේන්නෙ, මොකද උඹල යන වේගෙන්ම ඒකත් යනවනෙ..
    දැං උඹලගෙ කොච්චියට සාපේක්ෂව, අනිත් කෝච්චියෙ වේගය 0 යි..
    ඒ වුණාට ස්ටේෂන් එකක ඉන්න මිනිස්සුන්ට පේන්නෙ ඒ කෝච්චියම යම් වේගයකින් යනව වගේනෙ..
    සිම්පල් කතාවක්නෙ මේක.. ඒ කියන්නෙ විවිධ රාමුවල ඉඳල මැන්නොත් විවිධ අගයන් එන්නෙ..

    ඒත් ආලෝකය ගැන කතා කරද්දි කතාව වෙනස්.. ආලෝකයේ වේගෙන් යන ගමන්, ආලෝක කිරණයක වේගය මැන්නොත්, ඒත් එන්නෙ තත්පරයට කිලෝමීටර 300 000ම ලු :shocked:

    Michelson–Morley experiment eken proof karanna puluwn
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    ඒක වෙන්න පුළුවන්ද බං..?
    ආලෝකයට පදාර්ථමය ගුණ තියෙනවා කියන ක්වන්ටම් න්‍යායෙන් බැලුවට පස්සේ ඔහොම වෙන්න පුළුවන්ද..?
    සාපේක්ෂතාවාදය ආලෝකය හමුවේ ගැලපෙන්නේ නැද්ද..?
    එහෙම නොගැලපෙන නියතයක් නිසාද අයින්ස්ටයින් එයාගේ සමීකරණයට ආලෝකයේ වේගය නියතය විධියට ගත්තේ...?

    Michelson–Morley experiment eken proof karanna puluwn

    ඉතිං මචංල උඹල දන්න දේවල් මෙතන දාපල්ලකො..
    නැත්තං වෙනම ත්‍රෙඩ් එකක් හරි දාපල්ල.. අපි රෙප් දෙනව :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආලෝකයේ වේගයෙන් නෙමේ බං තප්පරේට මීටර් 0.0001ක් වේගෙන් ගියත් ඔය කියන කාලය අඩුවෙන් ගතවීම, දිග අඩුවීම කියන දේවල් සිද්ධ වෙනව ඒත් සැලකිය යුතු මට්ටමකිං නෙමේ නිසා ඒව නොසලකා හැරල පොඩි පොඩි වේග වලදි ගැලීලියානු නියම පාවිච්චි කරන එක කරන්නෙ :no: :no:
    විද්‍යාව උගන්නපු ගුරුවරු අපිට බොරු උගන්නන්නෙ :sorry: :sorry:
    නිව්ටන්ගෙ නියම සත්‍යය වෙන්නෙ වේගය 0 වෙන අවස්ථාවෙදි විතරමයි :no: :no:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    ආලෝකයේ වේගයෙන් නෙමේ බං තප්පරේට මීටර් 0.0001ක් වේගෙන් ගියත් ඔය කියන කාලය අඩුවෙන් ගතවීම, දිග අඩුවීම කියන දේවල් සිද්ධ වෙනව ඒත් සැලකිය යුතු මට්ටමකිං නෙමේ නිසා ඒව නොසලකා හැරල පොඩි පොඩි වේග වලදි ගැලීලියානු නියම පාවිච්චි කරන එක කරන්නෙ :no: :no:
    විද්‍යාව උගන්නපු ගුරුවරු අපිට බොරු උගන්නන්නෙ :sorry: :sorry:
    නිව්ටන්ගෙ නියම සත්‍යය වෙන්නෙ වේගය 0 වෙන අවස්ථාවෙදි විතරමයි :no: :no:

    :)
     
    :no:
    waradi na bn adu wega waladi newton theories hariyatama overlap wenawa einsteinge theory ekka :). speed of light walata asanna weddi tamai newton theories deviate wenne :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :no:
    waradi na bn adu wega waladi newton theories hariyatama overlap wenawa einsteinge theory ekka :). speed of light walata asanna weddi tamai newton theories deviate wenne :)

    කොහෙත්ම නෑ බං :no: :no:
    ප්‍රවේග එකතු කරන සමීකරණෙ ගමුකො.
    නිව්ටන්ට අනුව A, u වේගෙන් යනවනං, B Aට සාපේක්ෂව v වේගෙන් යනවනං අපි A ට සාපේක්ෂව නිශ්චල නම් අපිට B පේන වේගෙ v+u නෙ.
    ඒත් ස්පෙශල් රිලැටිවිටි වල නියම වලට අනුව ඒක එන්නෙ (v+u)/1+(uv)/c^2 න්.
    එතකොට නිව්ටලගෙ නියම වලට අනුව v+u = (v+u)/1+(uv)/c^2 වෙන්න නම් c අනන්තයක් වෙන්න ඕනෙ. එහෙම නැත්තං u හෝ v කියන දෙකෙන් එකක් හෝ දෙකම 0 වෙන්න ඕනෙ.
    c අනන්තයක් වෙන්නෑනෙ බං.
    ඒ කියන්නෙ අනිවාර්යයෙන් v හෝ u 0ක් වෙන්නම ඕනෙ. :no: :no:
    ආසන්න වශයෙන් සමාන වෙනවයි සමාන වෙනවයි කියන්නෙ දෙකක් බං කවදාවත් ආසන්න වශයෙන් සමාන වීම සමාන වීමක් වෙන්නෑ :no: :no:
    වේගය 0 පැනපු ගමං නිව්ටන් නියම වැරදියි, වේගය වැඩිවෙන්න වැඩිවෙන්න වැරදීම වැඩිවෙනව විතරයි, වැරදීම අඩුයි කියන්නෙ හරි කියන එක නෙමේ :no: :no:
     
    echchara one na bn Lorentz transformation walinuth eka penawa eth mama kiwwe overlap wenawa kiyana eka bn

    300px-Rel-Newton-Kinetic.svg.png
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    100%ක්ම එක පිට එක ඕවර්ලැප් වෙන්නෑනෙ බං ඒත් :no: :no:
    එහෙම වෙන්නෙ 0 ලක්ෂයෙදි විතරයි :dull: :dull:

    na bn oke 1 kiyanne speed of light bn. e kiyanne eta kalin loku range ekaka Newton theories overlap wenawa bn.

    Danata unath Rocket, satellite yawanakota onema mechanical field ekaka use karanne Newton theories bn Special relativity neme ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    na bn oke 1 kiyanne speed of light bn. e kiyanne eta kalin loku range ekaka Newton theories overlap wenawa bn.

    Danata unath Rocket, satellite yawanakota onema mechanical field ekaka use karanne Newton theories bn Special relativity neme ;)

    ඔව් අවුලක් නැතුව යූස් කලතෑකි :yes: :yes:
    ඒත් වැරදියි :no: :no:
    නිව්ටන් නියම පටං ගන්නෙම හැමෝටම කාලය ගත වෙන්නෙ එකම වේගෙන් කියලනෙ. එතනම වැරදියිනෙ :no: :no:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඔව් අවුලක් නැතුව යූස් කලතෑකි :yes: :yes:
    ඒත් වැරදියි :no: :no:
    නිව්ටන් නියම පටං ගන්නෙම හැමෝටම කාලය ගත වෙන්නෙ එකම වේගෙන් කියලනෙ. එතනම වැරදියිනෙ :no: :no:

    Mekai bn scn eka. Einsteinge General relativity theoriesuth fail wenawa black hole ekak athule, Onema theory ekakata range ekak thiyenwa valid wena. eth bn oya ekak wath hari ewa neme. General relativity walata passe apu unified theory eka String theory. okath kawada hari fail wena thanak hoya gani. :dull:

    Quantum mechanics nm boho durata Reality ekata lagai kiyala mata hithenawa :)
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආලෝකයේ වේගය මොන රාමුවක ඉඳන් මැන්නත් එකම අගයලු එන්නෙ..

    දැං අපි හිතමු ඩබල් ලයින් කෝච්චි පාරක, එකම පැත්තට එකම වේගෙන් කෝච්චි දෙකක් යනව කියල.
    එක කෝච්චියට උඹල ඉන්නව, එතකොට උඹලට සාපේක්ෂව අනික් කොච්චිය එකම තැන ඉන්නව වගේනෙ පේන්නෙ, මොකද උඹල යන වේගෙන්ම ඒකත් යනවනෙ..
    දැං උඹලගෙ කොච්චියට සාපේක්ෂව, අනිත් කෝච්චියෙ වේගය 0 යි..
    ඒ වුණාට ස්ටේෂන් එකක ඉන්න මිනිස්සුන්ට පේන්නෙ ඒ කෝච්චියම යම් වේගයකින් යනව වගේනෙ..
    සිම්පල් කතාවක්නෙ මේක.. ඒ කියන්නෙ විවිධ රාමුවල ඉඳල මැන්නොත් විවිධ අගයන් එන්නෙ..

    ඒත් ආලෝකය ගැන කතා කරද්දි කතාව වෙනස්.. ආලෝකයේ වේගෙන් යන ගමන්, ආලෝක කිරණයක වේගය මැන්නොත්, ඒත් එන්නෙ තත්පරයට කිලෝමීටර 300 000ම ලු :shocked:

    ඉතින් බන් මෙහෙම බැලුවොත් අලෝකයේ වෙගයෙන් යන ගමන් අලෝක කිරණයක වේගෙ මැනලා වෙන්න බෑ...

    මොකද දෙවනි ආලෝක කිරණය පලවෙන් එකට වඩා තප්පරයට කිලෝමීටර් 300 000 ක් හයියෙන් ගිහින් කියන්නෙ පලවෙනියට ආලෝකයේ වේගෙන් නෙමෙයි ගිහින් තියෙන්නෙ,,ඊට වඩා
    තප්පරයට කිලෝමීටර් 300 000ක් අඩුවෙන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mekai bn scn eka. Einsteinge General relativity theoriesuth fail wenawa black hole ekak athule, Onema theory ekakata range ekak thiyenwa valid wena. eth bn oya ekak wath hari ewa neme. General relativity walata passe apu unified theory eka String theory. okath kawada hari fail wena thanak hoya gani. :dull:

    Quantum mechanics nm boho durata Reality ekata lagai kiyala mata hithenawa :)

    අයින්ස්ටයින්ගෙ තියරි ලොකු ප්‍රදේශෙක පැතිරුණ ගැලක්සි එකක ස්කන්ධ වලිං ඇතිවෙන වක්‍රතාවය කියද්දිත් ෆේල්නෙ :oo: :oo:
    ඒකනෙ ඩාක් මැටර්ස් නිසා වෙනව කියල හැම ගැලක්සියකටම ඩාක් මැටර්ස් ආදේශ කරන්නෙ :sorry: :sorry:
    මිනිසා හදන කිසිම තියරියක් 100%ක්ම ශුවර් නෑ බං :no: :no:
    තියරියක් 100% ක් නිවැරදිද බලන්න දෙයකිං සිදුවන සියළුම බලපෑම් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනෙ සියල්ලම දැනගන්න ඕනෙ :dull: :dull:
    කවදාවත් එහෙම බැරි නිසා භෞතික විද්‍යාව අතරමං වෙලා බං :oo: :oo: