මගේ මවයි පියයි දෙන්නම වරාය අධිකාරියෙ සේවය කලේ. මාව ඉපදෙන්න කාසල් එකට දුවල තියෙන්නෙත් අම්ම වැඩ කර කර ඉන්න ගමන්. ඉතිං අතදරුව කාලෙ ඉඳල ඕකෙ පොඩ්ඩක් ගිහින් තියෙනව. ඉස්සර චුටිම කාලෙ මාව එක්කන් ගියාම කියන ප්‍රසිද්ධ ප්රකාෂයක්ලු "මේ මුලු වරායම අපේ අම්මාගේ" කියන එක

. ඉතිං පොඩි කාලෙ ඉඳල පොඩි පොඩි මතක තියෙන තැනක් ඕක. මේකෙ කියල තියෙන BQ එකේ අම්ම කාලයක් හිටිය. මම එතකොට ප්‍රයිමරි වයසෙ. සිංහල දෙමළ මුස්ලිම් හැමෝම හිටිය.දවල්ට අර තඩි බත් එක පට්ටම රසයි. දවසක් එක්කන් ගියා කුස්සිය පෙන්නන්නත්. හවස 3 පහුවෙනකොට ජෑම් පාන් එක්ක ආනමාලු කෙසෙලක් එනව. මට ඉතින් දෙකක් තුනක් ලැබෙනව පොඩි එකා නිසා. කාලයක් අම්ම BQ LIBRARY එකේ පුස්තකාලයාදිපති හිටිය. එතකොට මම 10-11 වෙන්න ඕන. ඒ කාලෙම ග්රැන්ටි දොඹකරයක් කඩාගෙන වැටුන මතකයි ඔය බිල්ඩිමට. අම්මල හිටියෙ විනය අංශයෙ. මටඒ ලියුම් වල තිබ්බ සමහර කෑලි තාම මතකයි. "ක්‍රි.කො.වි බ.ත" - ක්‍රියාකරවන කොට්ටාශය විනය , බණ්ඩාරනායක තටාකය.
70 දශකයෙ අග ඉඳල 2012 වෙනකන් සෑහෙන අංශ කීපයක ඇය සේවය කලා. අන්තිමට හිටියෙ හාබර් මාස්ටර් එකේ. ඉතිං රිටයර් වෙන්න කලින් අලිය බෝට්ටුවක් නැත්තම් ටග් එකකත් යන්න පුලුවන් උනා මම කසාද බැදල ඉන්න වයසෙදිත්. පාර්සල් වෙනුවට බුෆේ දෙන්න පටන් ගත්තට පස්සෙ කෑම කිසි රහක් නැති උනා.
තාත්තා හිටියෙ සැලසුම් අංශයෙ. මගෙ වර්තමාන ජීවිතේට ආසාවක් ඇතිවෙන්න හේතු උන තැන. එතන පහල කැන්ටිමෙන් තේ බොන එක අමුතුම ආතල් එකක් පොඩි අපිට ඒ කාලෙ. 82-2014 කාලය තුල එක එක මතක රාශියක් මැවෙනව මේ ලියන වෙලාවෙත්. සාමාන්‍ය පෙළ සමත් නිසා උසස්පෙලටත්, විශ්ව විද්‍යාල වරම් ලබපු නිසාත් වරායෙන් ලැබුණු ශිෂ්‍යත්ව අමතක කරන්න බෑ.
එයාල රස්සාවට යනකොට අපිව එක්කන් ගිය අත්දකීම් ඒ වසර 32 අමුතුම රහක් තමයි....