කෝපි ගැන පැතුම් කියූ කතාව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Coffee Shop

    ශ්‍රී ලකාවේ අපිට නම් පුරුදු ප්ලේන්ටිය.

    උදේට නැගිට්ටම, මහන්සියට, තිබහට, හවසට, විනෝදෙට, රසයට ගොඩක් අපි හුරු ප්ලේන්ටියට. සමහරු ටී එකට...

    ඒත් මම අනිත් රට වල ප්ලේන්ටියට මෙච්චර තැනක් තියෙනවා දැකලා නෑ. දියුණු රට වල තියෙන්නේ කෝපී සංස්කෘතියක්.

    හැම නගරකෙම , පොඩි පොඩි ටවුමකම තියෙන්නේ කෝපි කඩයක්. එක එක තාලෙට, විවිධ ස්වරූප වලින් හදපු Coffee Shop එකක් කියන්නේ අනන්‍යතාවයක්. අපේ ඈත ගම් වල පවා ප්ලේන්ටියක් ගන්න තියෙනවා වගේ ලෝකේ කොහේ ගියත් ඈත ගම් වල කෝපි කඩයක් තියෙනවා.

    පොඩියට මොනවා හරි පොඩ්ඩක් කාලා, කැපියුචිනෝ එකක්, ලතේ එකක්, එක්ස්ප්‍රෙසෝ එකක් ආදී බොහෝ ජාතියේ කෝපි පානයක් ගන්න ඒවායේ තියෙනවා.

    මේ කෝපි කඩ වල තියෙන සුවිශේෂි ලක්ෂණය තමයි කෝපි බොන්නම නෙවෙයි හුදෙක් මිනිසුන් එන්නේ කාලය ගත කරන්න. ලැප් ටොප් දිග ඇරං වැඩ කරන්න, පාඩම් කරන්න, පොතක් කියවන්න, යාළුවෝ හම්බෙන්න සහ පොඩි මීටින් වලට ආදී විවිධ වුවමනා වලට මිනිසුන් මේවට එනවා. ඇවිත් ලොකු කාලයක් ගත කරනවා. බොහෝ විට WiFi පවා නොමිලේ මේවායේ තියෙනවා. ඉඳගන්න තියෙන්නෙත් ටිකක් සනීප පුටු. ඒක වෙනම සංස්කෘතියක්.

    අතේ තියා ගෙන තැන තැන ගෙනියන කෝප්ප වර්ග ආදිය නිසා කෝපි බොන්න ඇතුලෙ ඉන්නම ඕනෙත් නෑ.

    මේ Coffee Shop ලංකාවේ එච්චර තිබුනේ නෑ මීට අවුරුදු 5 කට 10 කට කළින්. ඒත් දැන් කොළඹ පුරාම Coffee Shop ගොඩක් දාලා තියෙනවා. මහ ගොඩක්. ඒ අතරින් Barista , Java lounge ආදිය chain බවට පත් වෙලා. සමහර ඒවා single shop. කෝපි වල රසයත් බොහෝ දුරට ඉහළ මට්ටමේ තියෙනවා. ඒවායේ customer service ආදියත් සැළකිය යුතු මට්ටමේ තියෙනවා.

    ලෝකේ පුරා තියෙන Starbucks වගේ brands තාම ලංකාවේ සුළභ නොවුනත්, ලංකාවෙම අලුත් brands මේ විදියට වෙළෙඳපොළ අල්ලා ගෙන සිටීම සතුටට කරුණක්. ඒ වගේම නුවර හා මීගමුවෙත් කීපයක් තියෙනවා දැක්කා. මේ කොපි කඩ සංස්කෘතියට කැමති , ඒකට පුරුදු අය අනිවාර්යයෙන් ඒවට යනවා. බොහෝ විට රට තොට , ලෝකය ඇවිදින කට්ටිය මේවට හුරුයි.

    මේකත් අපේ රටේ ප්ලේන්ටි කඩේ සංස්කෘතියට සමානයි. අපි හැමදේම කාලා ප්ලේන්ටියක් බොනවා වගේ, මෙතන මොනවා හරි කාලා කෝපි එකක් බොනවා. ITN එකේ කෝපි කඩේම වෙන ස්වරූපයක්.

    ශ්‍රී ලංකාවේ කෝපි වැවෙනවා. කොටසක් අපනයනයත් කරනවා. කෝපියි තේයි දෙකම අපේම දේවල් නොවුනත්, අපි වැඩිපුර හුරු තේ වලට. කෝපිත් එක්ක සම්බන්ධය අඩුයි. කොහොම වුනත් ලංකාවේ අපි හුරු හරිස්චන්ද්‍ර කෝපි දාපු කිරි කෝපි එකට වැඩිය මේ කැපියුචිනෝ , ලතේ වල රස වෙනස්. ඒකටම වෙනම මැසිමකුත් තියෙනවා නේ. ඒ නිසා වෙන්න ඇති.

    මමත් සෑහෙන්න මේ කෝපි සංස්කෘතියට කැමතියි. සිංගප්පූරුවේ ඉන්න කොට නම් Starbucks එකේ යාවජීව සාමාජිකයෙක්. එංගලන්තයේ නම් කෝපි කඩ වැහි වැහලා. දැන් ලංකාවෙත් මහ ගොඩක් කෝපි කඩ හැදිලා නිසා ඒ ගැන සතුටුයි.

    කෙනෙකුට අලුත් ව්‍යාපාරයක් විදියට යෝජනා කරන්න තියෙන්නේ මේ කලාවටම දේශීය ඔසු තේ වලින් shop එකක් පටන් ගන්න කියලා. කෝපි, ප්ලේන්ටි එක්කම, බෙලිමල්, ඉරමුසු, රනවරා, ග්‍රීන් තේ, වෙනිවැල්, කොත්තමල්ලි, ගොටු කොළ මේ ආදී දේවල් වලින් හර්බල් ටී ෂොප් එකක් සුවිශේෂි විදියට දාන්න පුළුවන් නම්, මේ coffee shop culture එකටම ඒක අනුගත කරන්න පුළුවන් නම්, අලුත් වෙළෙඳපොළක් තියේවි කියලා හිතෙනවා. ඒ අභියෝගය බාර ගන්න පුළුවන් දක්ෂ ව්‍යවසායකයෙකුට ඒ ඉඩ මේ වෙළෙඳපොළ තුල තියෙනවා.

    ඔබට ජය.

    පැතුම් කර්නර්

    #reviewedbypathumkerner
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    පැතුම් දැන් එන්ගලන්තෙ හෝදන්නෙනැති නිසා මෙහෙත් හොදන්නෙ නැතුවද ඉන්න කල්පනාව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    පැතුම් ගේ නට් ලුස් එකක් තියෙනවා මුලින්ම එක හොඳ කරගෙන ඉන්න කියපං 🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස්ටාර් බකස් මුලින්ම පටන් ගත්තේ ලංකාවේ කොපි කඩේ බලලා.
     
    • Haha
    Reactions: 2osama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    up



    ------ Post added on Jan 18, 2023 at 12:28 PM

    stock-photo-kopi-luwak-coffee-bean-or-civet-coffee-bean-with-cup-of-kopi-luwak-coffee-world-s-most-expensive-1136095157.jpg