ගං වතුරේ ගානක් හදමු!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    10,253
    1
    6,842
    113
    -~උලක් උඩ-~
    ඔන්න කපල් 5 ක් ක්ලාස් ඉවර වෙලා ගෙවල් වලට යන ගමන් කලුතර ටවුන් එකට පොඩ්ඩක් මෙහයින් ගන් වතුරකට අහුවෙලා කොටු උනාලු.දැන් මේ කට්ටිය ට ටක් ගාල ගෙවල් වලට යන්න ඕනෙලු දෙමවුපියෝ හොයන්න කලින්. කට්ටියම යන්නෙ එකම පාරෙ නිසා එහා ගොඩට පැන ගන්න තමයි ඕනෙ කට්ටියටම. හොඳවෙලා වට ඔරුවකුත් මේ කට්ටිය ඉන්න තැන තියනවා. මේ ඔරුවෙන් විතරයි එහා ගොඩට යන්න පුලුහන්. පීනන්න, වතුරෙ බැහැලා යන්න , කඹ වල යන්න මුකුත් බෑ. හැබැ‍යි මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා. මේ කොල්ලො පස් දෙනාම හරිම ඉරිසියයි මේ කෙල්ලො අනිත් කොල්ලොත් එක්ක යාලු වෙයි කියලා. ඒ නිසා කොයිම වෙලාවකවත් තමන් ලඟ නැතුව වෙන කොල්ලෙක් හෝ කොල්ලන් පිරිසක් ගාව මේ කෙල්ලෙකුට බෝට්ටුවෙ හෝ ඉවුරක ඉන්න දෙන්නෙ නෑ. කෙල්ලො එක්ක හිටියට ප්‍රශ්නයක් නෑ කියලා තමයි මේ කොල්ලො හිතන්නෙ. ඉතින් මේ කට්ටිය කොහොමද බෝට්ටුවෙන් අවම කාලෙකින් එහා ගොඩට යන්නෙ. බෝට්ටුවෙ එක පාර තුන් දෙනාටයි වැඩිම යන්න පුලුහන්. මේක අර එලුවය් කොටියයි මිනිහෙකුයි පලා මිටියකුයි ද කොහෙද අරන් යන හැටි තිබ්බෙ ප්‍රශ්නයක්. අන්න ඒ වගේ එකක්. ඔන්න ලේසි කලා

    flood.JPG
     
    • Like
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    44,999
    113
    1. මුලින්ම කෙල්ලො තුන් දෙනෙක් යනවා.
    2. එක කෙල්ලෙක් ආපහු ඇවිත් තව කෙල්ලො දෙන්නෙක් දාගෙන යනවා.
    3. ඒකි ආපහු ඇවිල්ලා ඒකිගෙ කොල්ලයි තව කොල්ලෙකුයි දාගෙන යනවා
    4. කලින් ගියපු කොල්ලෙක් ආපහු ඇවිල්ලා තව කොල්ලො දෙන්නෙක් දාගෙන යනවා
    5. ඒ ගියපු කොල්ලෙක් ආපහු ඇවිල්ලා තව දෙන්නෙක් දාගෙන යනවා.
    6. ආපහු ඇවිල්ලා ඉතුරු දෙන්නා දාගෙන යනවා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    10,253
    1
    6,842
    113
    -~උලක් උඩ-~
    1. මුලින්ම කෙල්ලො තුන් දෙනෙක් යනවා.
    2. එක කෙල්ලෙක් ආපහු ඇවිත් තව කෙල්ලො දෙන්නෙක් දාගෙන යනවා.
    3. ඒකි ආපහු ඇවිල්ලා ඒකිගෙ කොල්ලයි තව කොල්ලෙකුයි දාගෙන යනවා
    4. කලින් ගියපු කොල්ලෙක් ආපහු ඇවිල්ලා තව කොල්ලො දෙන්නෙක් දාගෙන යනවා
    5. ඒ ගියපු කොල්ලෙක් ආපහු ඇවිල්ලා තව දෙන්නෙක් දාගෙන යනවා.
    6. ආපහු ඇවිල්ලා ඉතුරු දෙන්නා දාගෙන යනවා.
    Good job :love: :love: :love: