ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දවස් ගානක් බලලා බලලා, අන්තිමට මාළඹේ බයික් ශෝ රූම් එකේ එකාට වැඩේ බාර දුන්නා, එකක් ගෙනල්ලා කතා කරන්න කියලා....... බුවා ඈඩ්වාන්ස් එකක් ඉල්ලුවත් මම දුන්නේ නෑ..... ඈඩ්වාන්ස් දීලා කොච්චර කල් බලන් ඉන්න වෙයිද දන්නේ නැති නිසා..... නමුත්, බුවා මට ඉක්මනට බඩු ගෙනත්, කෝල් කරා..... එදාම ගිහින් ගත්තා බඩු..... :love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මුලින්ම දන්නා කියන බුවෙක් එක්ක ගිහින් චෙක් කරලා බයික් එක තමන්ගේ ආගම දහම සිහි කරන භක්තියෙන් ගෙදර අරන් වරෙන්
    ඊට පස්සේ එළකිරි පල්සර් ක්ලබ් එකේ ලියා පදිංචි වෙයන්.එතැනදී උබට එන ප්‍රශ්න ලෙඩ ඔක්කොම විසදා ගන්න පුළුවන්..සුපිරි ඉලේක්ට්‍රික්,මිකැනික් බසුන්නැහැලා ඉන්නවා එතන..


    සැ.යු : ජපන් ඉතාලි ඉන්දියන් ඔය කොයි බයික් එකෙත් රෝද දෙකයි..අන්න ඒක සිහි බුද්දියේ තියාගෙන බයික් එක පදින්න..

    ජය වේවා....
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4. වෙලාවට මට ඔහොම එකක් උනෙ නැ.. පලවෙනි දවසෙ බයික් එක බලලා ඇඩ්වන්ස් කරා. ඉලග දවසෙ සල්ලි ගෙව්වා බයික් එක ගත්තා.මම් ගෙදර ආවා.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුලින්ම මේක බලන්න.....

    xa58.jpg


    kz4d.jpg


    y61c.jpg


    1fzi.jpg


    ekjk.jpg


    9wtj.jpg


    m2al.jpg


    xjia.jpg


    මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...

    මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...

    මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....

    මගේ මූණුපොතේ ඇල්බම් එක...



    අපේ එවුන් පට්ට සීන් තිබ්බේ මේ කෙස් එකට
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    ජන්තු අයියා;16187642 said:
    මුලින්ම දන්නා කියන බුවෙක් එක්ක ගිහින් චෙක් කරලා බයික් එක තමන්ගේ ආගම දහම සිහි කරන භක්තියෙන් ගෙදර අරන් වරෙන්
    ඊට පස්සේ එළකිරි පල්සර් ක්ලබ් එකේ ලියා පදිංචි වෙයන්.එතැනදී උබට එන ප්‍රශ්න ලෙඩ ඔක්කොම විසදා ගන්න පුළුවන්..සුපිරි ඉලේක්ට්‍රික්,මිකැනික් බසුන්නැහැලා ඉන්නවා එතන..


    සැ.යු : ජපන් ඉතාලි ඉන්දියන් ඔය කොයි බයික් එකෙත් රෝද දෙකයි..අන්න ඒක සිහි බුද්දියේ තියාගෙන බයික් එක පදින්න..

    ජය වේවා....


    එක ඇත්ත මචං මොන BIKE එක වුනත් BREAK රෝද හතරෙ වගේ නැ
    :yes:

     

    Palihawadana1990

    Well-known member
  • මම ඔයාගෙ Post එක මුල ඉඳලම කියෙව්ව සහෝ...
    ඕවා ඔහොම්මම තමයි... අපි හිතන දේවල් හිතෙන වෙලාවටම කර ගන්න කොහොමත් අමාරුයි...

    විශේෂයෙන්ම ෆිනෑන්ස් සීන් වගේ Documents case තියෙන වැඩ කොහොමත් අපි හිතන වෙලාවටම කර ගන්න ටිකක් අමාරුයි...

    ඔයා බයික් එකක් ගන්න පට්ටම ආසාවකින් හිටිය නිසයි ගොඩාක්ම අප්සෙට් යන්න ඇත්තේ... අනික කෙල්ලටත් Suprise එකක් දෙන්නනේ හිටියේ..


    ඔයාට උන දේම, මටත් උනා මීට අවුරුදු 4 කට විතර කලින්, මම මුල්ම බයික් එක ගන්න යනකොට...

    මම නං ගත්තෙ Use කරපු එකක්.. අඳුරන අයිය කෙනෙක්ගෙ යාළුවෙක්ගෙන්...
    මමත් ඔයා වගේම අපේ ගෙදරට කිව්වේ නෑ බයික් එකේ ජාතිය මොකද්ද කියලා (කෙල්ලෙක් නෑනේ...)

    අම්මට කිව්වෙත් මාමා ගාව තියෙනවා වගේ එකක් කියලා... ඒක Discover 125 එකක්....
    (හැබැයි ඉතින් ඒක ගන්න සල්ලි දුන්නෙත් අම්මම තමයි...)
    ඒත් බයික් එක ගන්න සල්ලිත් අරන් හැමදේම ලෑස්ති කරගෙන පොරගෙ ගෙදරටම ගියාම ඌ ගෙදර හිටියේ නෑ...
    පැයක් හිටියා... දෙකක් හිටියා... මූ ඒත් ආවේ නෑ... අන්තිමට කියපි මූ දැන් ඉන්නේ යක්කල කියලා... ඒ කියන්නෙ තව පැය දෙකක්වත් යයි කියලා...
    අපි ගියෙත් හවස 7:00ට විතර....


    අන්තිමට අර අයියා අරූට call කරල බැන්නත් එක්ක... මිනිස්සු රස්තියාදු නොකර වැඩ කරපං කියලා...
    අන්තිමට හිස් අතින්ම ගෙදර ආවා අර අයියගේ බයික් එකේම...
    කොහොම හරි අපෙ අම්මටයි තාත්තටයි පට්ටම අප්සෙට් වැඩේට... ගෙදරිනුත් බයික් වලට කොහොමත් case...

    තාත්තනං හෙනම අව්ල් ගියා වැඩේට... බයික් එකේ case එකක්ද දන්නෙත් නෑ... අරූව අපි හරියට අඳුරන්නෙත් නෑ... අනික ඒ කාලෙ මමත් බයික් ගැන මෙලෝ මල දානයක් දන්නෙත් නෑ...
    අම්මත් කෙඳිරි ගාන්න ගත්තා වැඩේට බාදා උන නිසා ඒක අත ඇරල දාන්න කියලා...

    ඒත් අර අයියා බයික් එක ගැනයි, අයිති කාරයා ගැනයි හොඳටම දන්න නිසා, කොහොමහරි පහු වෙනිදා හවස ආයෙත් ගියා බයික් එක අරං එන්න...


    ඒ ගියහම අරූ කියපි ට්‍රාන්සර් පේපර් එකක් නෑ කියලා... අපේ අර අයිය කාරය අරූගෙ කනට කරලා ආයි සැරයක් ජාතිය ඇමතුවට පස්සේ ඔන්න කොහෙන්දෝ මන්ද ට්‍රාන්සර් පේපරයක් හොයල අත්සන දාලා වැඩේ කලා...

    ගෙදර ආවට පස්සේ අපේ අම්මලටත් හිතා ගන්න බෑ මොකද්ද මේ උස්සන් ආවේ කියල.. ඇයි ඉතින් ගේනව කියපු එකට වඩා ගොඩක් වෙනස් එකක් නේ පැදගෙන ආවේ...

    කොහොම හරි යාලු මම අවුර්දු දෙකක් විතර ඒ බයික් එක use කලා... කිසිම කරදරයක් නැතුව.... බාදා වෙවී ගෙනාවා කියල කිසිම නරක දෙයක් උනේ නෑ....

    ඔයාටත් ටිකක් පරක්කු උනාට බයික් එක කොහොම හරි ලැබෙනවනේ...
    ඔය වගේ දෙවල් ගැන වැඩිය හිතන්න යන්න එපා....


    දවස් ගානක් බලාගෙන ඉඳල ඉඳල වැඩේ කරන්න ඔන්න මෙන්න තියෙද්දි ඔහොම දේවල් උනාම ටිකක් අව්ල් තමයි....

    ඒත් ගනන් ගන්න එපා යාලු...
    තව ඉතින් සතියයිනේ බං....
    සල්ලි ටික එකතු කර ගන්න ඊට වඩා සෑහෙන කාලයක් කට්ට කෑවනේ... එක නිසා කොහොම හරි ඉවසෙගෙන ඉඳලා අලුත් බයික් එකේම ගෙදර යන්න බලන්න....


    "ජයවේවා..... !"


    මෙන්න මම ගත්ත දවස...
     
    • Like
    Reactions: Asmodeus