ගයාන්ගේ_හෙළුව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අනුන්ගේ පවුල් ප්‍රශ්න අපිට වැඩක් නැහැ තමා.ඒත් බලපන් ගෑණියෙක්ව හේතුවක් නැතුව ඩිවෝස් කරහම ඒ ගෑණි වැටෙන අමාරුව.මේවා හෙණ ගහන අපරාධ.ඌට මෙයාව ඩිවෝස් කරන්න ළමයි දෙන්නෙක් හම්බවෙනකන්ම ඉන්න ඕන උනා.ඒ ගෑණි ළමයි දෙන්නෙක් වදලා හප උනාට පස්සේ ඌට වෙන එකියෙක් ඕන උනා.මහ බලු වැඩ බං මේවා.අඩු ගානේ ළමයිවත් නැත්නම් මේ ගෑණි වෙන මිනිහෙක් බැදගන්නවනේ.:sorry:


    ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලකගේ පෙර බිරිද වන ෆර්ෂිණා ලතීෆ් සමග කළ සංවාදයක් මේ.

    ඔබේ සම්පූර්ණ නම?

    ෆර්ෂිණා ලතීෆ්

    ගම?

    ගම්පහ

    ගයාන් දාල ගියාට පස්සෙ කාලයක් නිහඩ වෙලා හිටිය නේ ද? විස්තර කරොත්..



    ඔවු. අවුරුදු ගානක් මමයි මගේ පුතාල දෙන්නයි බලාගෙන හිටිය අපිට සාධාරනයක් වෙයි කියල. ගොඩක් අසරණ උනා . එයා අපෙන් වෙන් වෙලා යද්දි ලොකු පුතාට වයස අවඅරුදු තුනහමාරක්, දෙවනි පුතාට අවුරුද්දයි. මටයි දරුවො දෙන්නටයි ගොඩක් ප‍්‍රශ්න වලය මුහුණ දුන්න මගේ පුතාල ඉස්පිරිතාලෙ හිටිය අසනීප වෙලා ඒ බව ගයාන්ට කියලවත් පුතාල බලන්න ආවෙ නෑ

    උසාවියෙන් පුතාල දෙන්නගෙ භාරකත්වය දීල තියෙන්නෙ කාටද?


    මට

    ගයාන් ආවද දරුවන් බලන්න?


    මාසෙකට එක දවසක් දීල තියෙන්නෙ එයාට පූතාල බලන්න ඒත් මුලින් මුලින් ඉදල හිටල ආව පස්සෙ මාස හත අටකට පස්සෙවති ආවෙ නෑ.

    දුරකථනයෙන්වත් කතා කරේ නැද්ද?


    නෑ දවසක් පුතාලට අප්පච්චි එක්ක කතා කරන්න ඕන කියල මම කෝල් එකක් අරන් දුන්නම කතා කරෙත් නෑ .

    එතකොට ගයාන් ඔයා දාල ගියාම හිටියෙ කොහෙද?


    අපිටම කියල ගෙයක්වත් නෑ මම හිටියෙ කුලී ගෙදරක

    ඔබ රැකියාවක් කරනවද?


    මුලින් රගපෑවා .. පස්සෙ ගයාන් ඒකටත් යන්න එපා කිවුව .. එයාට ඉස්සෙල්ල රගපෑවේ මමයි

    එතකොට ජීවත්වන්න මුදල්?

    උසාවියෙන් නඩත්තුව දෙන්න කියල ගයාන්ට නියෝග කරල තිබ්බ . ඒ කාලෙ දරුවන් පොඩියි කියල ඒකත් 30 000ට අඩු කරා. ගෙවල් කුලී විතරක් 11 000ක්. ලයිටි බිල් වතුර බිල් එකක් ඔක්කොම 15 000ක් විතර.

    දැන් දරුවන් ඉන්නෙ කාලඟද?

    මම දරුවන් මගේ අම්ම ලග තියලයි ආවේ . ඒ ආවෙ මටයි මගේ පුතාලටයි ඔලූව කෙලින් තියාගෙන මේ සමාජෙ ජීවත් වෙන්න ඕන නිසා.මම රට ආව කියල දැන ගත්තට පස්සෙ ගයාන් දරුවන් දෙන්න එකකගෙන ගිහින් තිබ්බ. ඒ අරන් ගිහිල්ල එයාල ලග තියා ගත්තෙ නෑ. මාතලේ එයාගෙ නංගිගෙ සහ මල්ලිගෙ ගෙදර පුතාලව තියල තිබුනෙ. ඉඳල හිටලා තමයි පුතාලව බලන්න එයා ගිහිල්ල තිබුනෙ. මම හැමදාම කෝල් කරනව පුතාල එහේ ඉන්නකොටත්.

    එයා පුතාල බලන්න මාතලේ ගිහින් තිබ්බ පුතාලව බලන්න. මගේ චුටිපුතාට එයා අමානුෂික විදියට පහරදීල තිබ්බ. මම අඩල කිවුව බැගෑපත් වෙලා මගේ පුතාල අරන් යන්න දෙන්න මම ඔයාලට මගේ පුතාලව අරන් යන්න කිවුවෙ නෑ කියල.. එයා කැමති උනේ නෑ පස්සෙ මගේ අම්මල ගිහින් මාතලේ පොලීසියේ පැමිණිල්ලක් කරා එයාට විරුද්ධව. පස්සෙ නීතිමය විදියට මගේ පුතාල දෙන්න ගන්න හැදුව පස්සෙ චූටි පුතා විතරක් දුන්න.

    දැන් චූටි පුතා පාසල් යනවද ? ලොකු පුතානම් පාසල් යනව කියල ගයාන් කියලා තිබුනා.

    මොන පිස්සුද? චූටි පුතා ඉන්නෙ මගෙ අම්ම ලග එයානම් පාසල් යනවා .. ඒත් ලොකු පුතා නම් පාසල් යන්නෙ නෑ .. උසාවියේදි නඩුකාරතුමා දරුවන් එක්ක වෙනම කතා කරල තිබ්බා. ලොකු පුතා කිවුවලූ මම නාලන්දෙ ස්කොලෙට යන්නෙ කියල.. ඇයි පුතේ බොරු කියන්නෙ කියලා නඩුකාරතුමා ආදරෙන් කතා කරාම “ඔවු මම ස්කොලෙ යන්නෙ නෑ” කිවුවලූ.

    මගේ දරුවන්ට බොරු කියන්නත් ගයාන් උගන්වලා. ඒ ගැන නඩුකාරතුමා ගයාන්ටත් අවවාද කරල තිබ්බ දරුවන්ගෙ මනස විකෘති කරන්න එපා කියලා.

    ලොකු පුතා මම ලඟ ඉන්න කාලෙ ස්කෝලෙ ගියා පස්සෙ එයා ගයාන් අස්කරන් ගිහින් තවම ඉස්කොලෙකට දාල නෑ.. අනේ මේ මගේ ලොකු පුතාට මොනවද මේ ගයාන් කරන්නෙ.

    ඇයි පාසල් යන්නෙ නෑ කියල ඔයා ලොකු පුතා එක්ක දුරකතනෙන් කතා කරන කොට කිවුවෙ නැත්තද? නඩුකාරතුමා කියන කොටද දන්නෙ?
    අනේ ලොකු පුතා මම ගත්තට දැන් කතා කරන්නෙ නෑ. එයාගෙ මනස ගයාන් වෙනස් කරල..

    දැන් චතුරිකාට “සුදු අම්මි” කියලත් කියනවලූ නේද?

    ඔවු ඔවු එහෙම කියනවලූ.. දවසක් චූටි පුතා එක්ක කතා කර කර ඉන්න කොට එයා සුදු අම්මි ඉන්නව කියල කිවුව. පස්සෙ කාටද පුතේ සුදු අම්මි කියන්නෙ , ඇයි පුතේ ඒම කියන්නෙ කියල ඇහුවම කියනවා “එයාට සුදු අම්මි කිවුවෙ නැත්තම් තාත්ති මට ගහයි” කියල.

    මම චතුරිකාගෙන් අහන්නෙ තමන්ගෙ ලමයෙක් හදා ගන්න බැරිද? අනුන්ගෙ ලමයිට කියල සුදු අම්මි කියාගන්නව කියල පත්තරවලට දාල රටට බොරු කියල තමන් කරපු කැත වැඬේ වහගන්න තමන්ගෙ ප‍්‍රතිරූපෙ හදාගන්න හදන්නෙ කියල.

    ඇයි ඉතින් ඔබ දරුවන් ලංකාවෙ දාලා රට ආවේ?

    ගයාන් මම ලගට එන කොට සල්ලිකාරයෙක් නෙමෙයි එයාට කාර් එක පවා අරන් දුන්නෙ මගේ අම්මා.මගේ අම්මලාට හොදට ඒ කාලෙ සල්ලි තිබ්බ. පස්සෙ ඒ බිස්නස් වැටුනා. ඒ කාලෙ ගයාන් සල්ලි ඉල්ලන කොට අපේ අම්මල ඉල්ලන ගානක් දෙනවා. පස්සෙ පස්සෙ එයාට සල්ලි ඕන වෙනකොට මගේ රත්තරං බඩු පවා උගස් කරා. පස්සෙ මගෙ අම්ම පොලියට සල්ලි අරං දුන්න .. ඒවවත් බේරල නෙමේ ගයාන් මාව දාල ගියේ . පොලියට සල්ලි ගත්ත අය ගෙදරට එනව මට ලැජ්ජයි . ඒවා බේරන්න තමයි මම රට ආවේ.

    මම ලංකාවෙ රැකියාවලට ගියාම ආ මේ අර නලූවගෙ බිරිඳ නේද කියල ජොබ් දෙන්න හදනව මට ඒව වාව ගන්න බෑ. පස්සෙ ඒම තියල අයුතු යෝජනාත් ආවා . මම එහෙම කෙනෙක් නෙමේ . මට බෑ මගේ දරුවන්ට ලැජ්ජ කරන්න

    අවසාන වශයෙන් මොනාද ඔයාට කියන්න තියෙන්න?

    මම මගේ දුක පත්තරවලට ලියල දැම්මා . මොකද ගයාන් සහ චතුරිකා තමන්ගෙ ප‍්‍රතිරූපය හදා ගන්න කියන පත්තරවල යන බොරු හැමෝම දාල තිබ්බ මට ඒව බලාගෙන ඉන්න බෑ . ඒත් කවුරුත් ඒව දැම්මෙ නෑ. මම ජනප‍්‍රිය කෙනෙක් නොවෙන නිසා වෙන්න ඇති.

    මම කාලයක් සද්ද නැතුව හිටිය මොකද මට වැරදුනා කියල මගේ දරුවන්ට ලැජ්ජ කරන්න බෑ. ගයාන් වෙන්වෙලා ගිය දවස්වල පත්තරවලින් මගෙන් අහුවම මම උත්තර දුන්නෙ නැත්තෙ ඒ නිසයි.

    මම අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තමන්ගෙ ප‍්‍රතිරූපෙ හදාගන්න මගේ දරුවන්ව ඉත්තෙක් කරගන්න එපා. එයාලගේ අනාගතේ කදුලක් කරන්න එපා අවුරුදු ගානක් මගේ ලග හිටපු ලොකු පුතා මට දෙන්න කියල.


    gayan-wife.jpg


    1001.jpg


     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    මාගේ බවලත් කණගාටුව !

    apo hena gahanwa me paharayata... dala giya nam ekko ea ganita ea widihata lamai hadagena inna denna one
    kalakanni ballo

    සිරා බන්.:(තුවාලේ තියෙන කෙනා තමා දන්නේ ඒකෙ වේදනාව.අද කාලේ උන් මහ ආත්මාර්ථකාමීයි.හොද ගෑණු හම්බවෙන්නෙත් ඔය වගේ පර වැඩ කරන අමනයොන්ට තමා.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Mewa hena gahana aparada ban. Mona prasna awath bendanam Dalayanna hoda nehe. Mun Famous welath Kisi lejjawak nethuwa Genu ekka yana heti. Shit !!
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙම ගැනු ලබන්න පින් කරන්න ඔනා. අපේ ගැනු නම් ඩිවොර්ස් කලොත් ඉස්සෙල්ලාම පැක් කරන්නේ පොඩි එකාගේ සූට් කේස් එක.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    chathurikage nangi th derane dial ekak ekka room gihilla kela unada koheda me langadi.... mun maha goo haththawak :angry: lankawe film, tele drama hollywood quality ta nathi unata mun karanne hollywood waka un karana wada thama... :angry:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පව් මචං ........කවුරැ හරිද කවුරැ වැරදිද කියන්න දන්නේ නෑ........ අවුරැද්දක අත දරැවෙක් දලා වෙන ගෑනීයෙක් එක්ක යනවා කියන්නේ ඒකා තිරිසනෙක්ටත් අන්තයි මචං ලා මට හිතෙන්නේ.....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    එච්චර පොඩි වයසෙදි ළමයිව දාලා ගිය එක නන් බලුම වැඩක්...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මේකෙ අනාත වෙවී ඉන්න එකෙක් ගිහින් ඔය ගෑනිව කර ගහපන්කො ළමයි දෙන්නත් එක්ක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මේකෙ අනාත වෙවී ඉන්න එකෙක් ගිහින් ඔය ගෑනිව කර ගහපන්කො ළමයි දෙන්නත් එක්ක

    :yes:මම බැදලා නැත්නම් බාරගන්නවා.මේ වගේ ගෑනු අද කාලේ හොයාගන්න ලේසි නැහැ.මැලේ mix නිසා තමා හිත හොද.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    කාලකන්නි පරයෙක්නේ මේකා. පව් දරුවෝ දෙන්නා. දරුවොන්ට ආදරයක් තියෙනවා නම් මොකටද දාලා යන්නේ? ලොකු ලමයගේ Brain Wash කරලා ඇත්තේ දැන්. ඇට තලන්න ඕන හාල්පාරුවාගේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    කාලකන්නි පරයෙක්නේ මේකා. පව් දරුවෝ දෙන්නා. දරුවොන්ට ආදරයක් තියෙනවා නම් මොකටද දාලා යන්නේ? ලොකු ලමයගේ Brain Wash කරලා ඇත්තේ දැන්. ඇට තලන්න ඕන හාල්පාරුවාගේ.