ගල්කිස්ස මහ හෝටලය වර්ෂ 1965

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    උඹව ගමකට ගිහින් දැම්මොත් නම් නයි පොළොංගු ගහල කූරිය ගහල යයි. 😜 😜 😜
    මෙක නම් ඇත්ත :lol:

    උඹ පිලිගනින් උඹට ගම ගැන කිසිම අවබෝධයක් නැහැ. මිනිස්සු යන්න ඕන තැන් වල යනවා. එහෙම ගෙවල් ඇතුලට වෙලා ඉන්නේ නෑ. ගමේ මිනිස්සුන්ට සතා සර්පයා හොඳට හුරුයි. උන් කල එළි බහින වෙලාව, ඉන්න තැන් ඒ මිනිස්සු දන්නවා. ගොන් බිජ්ජෝ වගේ ඔහේ උඩ බලන් යන්නේ නෑ. අනික සතෙක් කෑවත් අත් බෙහෙත්, කෙම් ක්‍රම ඒ මිනිස්සු දන්නවා. උඹ ගහක් කොලක් වත් අඳුරනවද, නෑනේ. ඉඳල හිටල කෙනෙක්ට සර්පයි දෂ්ඨ කරනවා, නැත්තේ නෑ.

    උඹව ගමකට ගිහින් දැම්මොත් නම් නයි පොළොංගු ගහල කූරිය ගහල යයි. 😜 😜 😜
    මදුරු සීන් එක අනිත් එක.
    ------ Post added on Jan 21, 2026 at 8:22 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    හැම පැයකටම? උඹ ගැනල තියනවද? එහෙම හැමතැනම සර්පයෝ නෑ බන්.
    ලන්කාවෙ ගම් වල ගෙවල් ලක්ශ 5-10ක් ගත්තොත්, සර්පයෙක් දකිනවා ඇති හැම පැයකටම kohe hari!
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,209
    13,945
    113
    35
    Spain
    ලන්කාවෙ ගම් වල ගෙවල් ලක්ශ 5-10ක් ගත්තොත්, සර්පයෙක් දකිනවා ඇති හැම පැයකටම kohe hari!
    සර්පයෝ නැති තැනක් නෑ, මේ ලඟදි RPS එකෙත් ගැරඬියෙක් ගියා මැච් එක මැදදී. ඒවා නෝමල්. උඹ ඕස්ට්‍රේලියා ඉඳල මේවා කියනකොට අපිට හිනා. එහෙ නේ සර්ප විමානේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එහෙම නෑ, අපි පොඩි කාලේ හිටි ගමේ කරන්ට් තිබ්බේ නැහැ. මිනිස්සු ටෝච් හුළු අතු පත්තු කරන් ගියේ. පොල් කට්ටක ඉටිපන්දම ගහගෙනත් රෑට ඇවිද්දා. ගම්මු රෑට ඇවිදිනකොට ටෝච් ගහන්නෙත් පාර දෙපැත්ත ස්කෑන් කරන විදියට. එකෙන් බලන්නේ සතෙක් එහෙම කල් තියා බලාගන්න. ගමන ගිහිල්ල ගෙදර ගාවදි හුළු අත්ත මිදුලේ බිම ඔබල නිවල දානවා.
    මේ සින් එක නම් මම පොඩි කාලෙත් තිබ්බ.. පොල් කට්ටක ඉටිපන්දම ගහන යන එක, හුළු අතු පත්තු කරන් යන එක. ඉස්සර ගොඩක් වෙලාවට රෑට ලයිට් යනවා නේ බන්. ගියාම හදන්නේ නෑ පැය ගානකට.
    අපේ අම්මාගේ ගෙදරට ඒ කාලේ ගම්මු එනවා කෑම කන්න. දුප්පත් මනුස්සයෝ ගෙවල්වල කෑම මදි නිසා එහෙම කරන්නේ. ඉතින් හැමදාම රෑට ඒ ගෙවල්වල මිනිස්සු යනවා එනවා. එක සාමාන්‍ය දෙයක්. ඒ පරම්පරාව මැරිලා ගියාට පස්සේ ආපු දෙවෙනි පරම්පරාවෙන් ඒවා නැවතුන.
    කොහෙද බන් උඹේ ගම ඔය කියන???
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,543
    10,316
    113
    44
    Living in an Atom
    ලිඳ ළඟ ෆොටෝ එක නම් වර්ෂ 1965 නම් වෙන්න බැහැ. මෙම ඡායාරූපය 1965 තරම් ඈත අතීතයක ගත් එකක් යැයි සිතීම අපහසු බවට සාධක කිහිපයක් ඡායාරූපය තුළින්ම සොයාගත හැකියි.

    මගේ නිරීක්ෂණ අනුව මෙය 1970 දශකයේ අග භාගයේ හෝ 1980 දශකයේ මුල (බොහෝ විට 1978න් පසු) ගත් ඡායාරූපයක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

    ඊට හේතු කිහිපයක් මෙන්න:

    විදුලි කණුව: ඡායාරූපයේ දකුණු කෙළවරේ (ගසේ කඳට පිටුපසින්) කොන්ක්‍රීට් විදුලි කණුවක් පෙනෙන්නට තිබෙනවා. 1965 වැනි කාලයක ශ්‍රී ලංකාවේ මෙවැනි වෙල් යායක් අසල විදුලි කණු දකින්නට ලැබීම ඉතා දුර්ලභ දෙයක්. ග්‍රාමීය විදුලි ව්‍යාපෘති පුළුල් ලෙස ක්‍රියාත්මක වූයේ 1970 දශකයේ අග සහ 80 දශකයේදීයි.

    ළිඳේ ස්වභාවය සහ රෝස පැහැති කොටස: ළිඳේ බැම්ම මත ඇති රෝස පැහැති බදාම කොටස (හෝ ස්මාරක කොටස) 1980 දශකයේ ආරම්භ වූ "ගම් උදාව" වැනි ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් ශෛලියට බෙහෙවින් සමානයි. 1965 දී මෙවැනි සිමෙන්ති ඉදිකිරීම් ගම්බද ළිං ආශ්‍රිතව දැකීම අඩුයි.

    ඡායාරූපයේ වර්ණ: මෙම පින්තූරයේ වර්ණ සංයෝජනය (Color grading) 1960 ගණන්වල ඡායාරූපවලට වඩා 1980 දශකයේ සංචාරකයින් විසින් බහුලව භාවිතා කළ ස්ලයිඩ් ෆිල්ම් (Slide film) වල ස්වභාවය ගනී.

    එනිසා, මෙය 1965 නොව, ඊට දශකයක් හෝ දෙකක් පමණ පසුව එනම් 1978 - 1985 අතර කාලයේ ගත් ඡායාරූපයක් යැයි අනුමාන කිරීම වඩාත් නිවැරදියි.
     
    Last edited:
    • Love
    Reactions: NRTG and Jameson.k

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    කදිමයි යක්ෂයා ආරූඪ වුණා.

    2- inch micro peniser's club approved!

    Club එකේ මල්ලිලා ගහන්න පටන් ගන්න.
     
    Attachments

    • Screenshot_20260122-181305.png
      Screenshot_20260122-181305.png
      573.7 KB · Views: 19
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,209
    13,945
    113
    35
    Spain
    මේ සින් එක නම් මම පොඩි කාලෙත් තිබ්බ.. පොල් කට්ටක ඉටිපන්දම ගහන යන එක, හුළු අතු පත්තු කරන් යන එක. ඉස්සර ගොඩක් වෙලාවට රෑට ලයිට් යනවා නේ බන්. ගියාම හදන්නේ නෑ පැය ගානකට.

    කොහෙද බන් උඹේ ගම ඔය කියන???
    ඒක කිව්වොත් මම එක්ස්පෝස් වෙයි. මේකේ ඉන්න උන් ටිකක් මාව දන්නවා (මාත් උන් දන්නවා) සමහර උන් එහෙම මන් හම්බවෙලා කතා කරලත් තියෙනවා. දකුණේ ගමක් බන්. අර ශෙනට් හාදයාගේ ගමට බොහොම කිට්ටුයි. ඒ කාලේ ගමේ මහා කැලේ. ඩීඑස් ගොවිතැන කරන්න කැලේ එළිකරන්න කියුවාම ගමේ මිනිස්සු මහා වනාන්තර කපල වගාබිම් හැදුව. අපිටත් තේ හේන් තියෙනවා එහෙම. ඉතින් ඒ කාලේ දැන් වගේ ඩෝසර් ට්‍රැක්ටර් නැහැ, මිනිස්සු එකතු වෙලා වැඩ කරනවා. අම්මා කියනවා අම්මා පුංචි කාලේ ගමේ මිනිස්සු කෑමට ආවාම මිදුලේ ලී කොට දාල ගිණි මැලයක් ගහනවා කියල ඊට පස්සේ වටේ වාඩි වෙලා කෑම කනවා කියල. ඒ කාලේ වී කොටන්න ගමේ ගෑණු එනවා, මම පුංචි කාලෙත් වීකොටන හැටි දැකල තියෙනවා. මෝල් ගස් දහයක් විතර මී හරක් හමක් උඩ දාපු වී කොටනවා. අමාරු වැඩක්. පස්සේ විදුලිය ලැබිලා වී මෝල් ආවාම මිනිස්සු එහෙම වී කොටන එක නැවතුනා.
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    . මෝල් ගස් දහයක් විතර මී හරක් හමක් උඩ දාපු වී කොටනවා.
    මම හිතුවෙ හෙළ ගොවියා ගවයාට උතුම් ලෙස සලකනවා කියලා. උව මස් කඩෙට දක්කනවා ඇති, මී හරක් හම් උඩින් පාත් වෙනවයැ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,209
    13,945
    113
    35
    Spain
    මම හිතුවෙ හෙළ ගොවියා ගවයාට උතුම් ලෙස සලකනවා කියලා. උව මස් කඩෙට දක්කනවා ඇති, මී හරක් හම් උඩින් පාත් වෙනවයැ
    ඒ කාලේ මී හරක් පට්ටි තිබ්බා, සිය ගානක් එක රංචුවක. ඉතින් බන් ඔය මස් නොකන පුරුද්ද ආවේ පස්සේ. ඒ කාලේ හෙළයෝ හොඳට කෑවා බීවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    ඒ කාලේ මී හරක් පට්ටි තිබ්බා, සිය ගානක් එක රංචුවක. ඉතින් බන් ඔය මස් නොකන පුරුද්ද ආවේ පස්සේ. ඒ කාලේ හෙළයෝ හොඳට කෑවා බීවා.
    එ කාලෙ ගම් වල මිනිස්සු මස් කෑවෙ (දඩ මස් ) කලාතුරකින් නෙද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,209
    13,945
    113
    35
    Spain
    එ කාලෙ ගම් වල මිනිස්සු මස් කෑවෙ (දඩ මස් ) කලාතුරකින් නෙද?
    ඔව් කලාතුරෙකින්. අපිත් කාලා තියෙනවා. තේ හේනට තාමත් වල ඌරන් , මීමින්නන් එනවා. මී මින්නන් කුරුඳු දළු කන නිසා ගොවියෝ උන්ට කැමති නැහැ.
     
    • Like
    Reactions: sinhawanshaya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒක කිව්වොත් මම එක්ස්පෝස් වෙයි. මේකේ ඉන්න උන් ටිකක් මාව දන්නවා (මාත් උන් දන්නවා) සමහර උන් එහෙම මන් හම්බවෙලා කතා කරලත් තියෙනවා. දකුණේ ගමක් බන්. අර ශෙනට් හාදයාගේ ගමට බොහොම කිට්ටුයි. ඒ කාලේ ගමේ මහා කැලේ. ඩීඑස් ගොවිතැන කරන්න කැලේ එළිකරන්න කියුවාම ගමේ මිනිස්සු මහා වනාන්තර කපල වගාබිම් හැදුව. අපිටත් තේ හේන් තියෙනවා එහෙම. ඉතින් ඒ කාලේ දැන් වගේ ඩෝසර් ට්‍රැක්ටර් නැහැ, මිනිස්සු එකතු වෙලා වැඩ කරනවා. අම්මා කියනවා අම්මා පුංචි කාලේ ගමේ මිනිස්සු කෑමට ආවාම මිදුලේ ලී කොට දාල ගිණි මැලයක් ගහනවා කියල ඊට පස්සේ වටේ වාඩි වෙලා කෑම කනවා කියල. ඒ කාලේ වී කොටන්න ගමේ ගෑණු එනවා, මම පුංචි කාලෙත් වීකොටන හැටි දැකල තියෙනවා. මෝල් ගස් දහයක් විතර මී හරක් හමක් උඩ දාපු වී කොටනවා. අමාරු වැඩක්. පස්සේ විදුලිය ලැබිලා වී මෝල් ආවාම මිනිස්සු එහෙම වී කොටන එක නැවතුනා.
    අඩෝ පට්ට නේ බන්.. හරි ආසයි ඔය විස්තර අහන්න..

    තින් බන් ඔය මස් නොකන පුරුද්ද ආවේ පස්සේ. ඒ කාලේ හෙළයෝ හොඳට කෑවා බීවා.
    මේක ඇත්ත. අපේ ගෙදරත් ඉස්සර ඕනෑම මසක් උයන්ව.. පස්සේ අපේ ආච්චි එකපාරට හරක් මස් උරු මස් උයන එක නවත්ටුව බන්.. මොකක හරි බණක් අහල හිත වෙනස් උනා..
    ------ Post added on Jan 22, 2026 at 7:57 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,209
    13,945
    113
    35
    Spain
    අඩෝ පට්ට නේ බන්.. හරි ආසයි ඔය විස්තර අහන්න..

    මේක ඇත්ත. අපේ ගෙදරත් ඉස්සර ඕනෑම මසක් උයන්ව.. පස්සේ අපේ ආච්චි එකපාරට හරක් මස් උරු මස් උයන එක නවත්ටුව බන්.. මොකක හරි බණක් අහල හිත වෙනස් උනා..
    ------ Post added on Jan 22, 2026 at 7:57 PM
    ඔවු 80 ගණන් අග 90 ගණන් මුල ටීවී ආවාම ඕක වුනේ. ටීවී බණ අහල වෙනස් වුනේ.