ගව ඝාතනයට එරෙහිව.......
කිරි අම්මා වරුනි, ඔබෙන් මෙතෙක් කල් බිව් කිරි වල ණය ගෙවීමට සිංහල බෞද්ධ අපි සූදානම්. පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගය සහ එලෙසම ජීවිත පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටි භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ උතුම් අරමුණ සඵල කර දීමට සිංහල රාවයට හැකි වෙයි. පහත දැක්වෙන්නේ 2013 07 27 දින මව්බිම පුවත්පතේ ඒ ගැන පළ වූ ලිපියකි.
ගව ඝාතනය තහනම් කරන නීති හදන්න ජනපතිගෙන් උපදෙස්
- ශාලික විමලසේන
ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබ තිබේ.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු සඳහන් කෙළේ එම කටයුතු ඉදිරි මාස දෙකේදී අවසන් කෙරෙනු ඇති බවයි.
මීට පෙර ජනාධිපතිවරයා සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් ඇතුළු හිමිවරුන්ට පොරොන්දු වී තිබුණේ මාස දෙකක් ඇතුළත ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කරන බවටයි. ජනාධිපතිවරයා මේ පොරොන්දුව ලබා දී තිබුණේ ගව ඝාතනයට එරෙහිව සිහළ රාවය සංවිධානය පැවැත්වූ පා ගමනින් පසු එම සංවිධානයේ නායක හිමිවරු හමු වූ අවස්ථාවේදීය.
එසේම ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිටත් පිටරටින් ගව මස් ආනයනය කිරීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස වෙළෙඳ අමාත්‍යංශයටද උපදෙස් දී ඇති බවයි.