ගව ඝාතනයට එරෙහිව.......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ගව ඝාතනයට එරෙහිව.......

    කිරි අම්මා වරුනි, ඔබෙන් මෙතෙක් කල් බිව් කිරි වල ණය ගෙවීමට සිංහල බෞද්ධ අපි සූදානම්. පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගය සහ එලෙසම ජීවිත පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටි භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ උතුම් අරමුණ සඵල කර දීමට සිංහල රාවයට හැකි වෙයි. පහත දැක්වෙන්නේ 2013 07 27 දින මව්බිම පුවත්පතේ ඒ ගැන පළ වූ ලිපියකි.

    ගව ඝාතනය තහනම් කරන නීති හදන්න ජනපතිගෙන් උපදෙස්
    - ශාලික විමලසේන

    ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබ තිබේ.

    නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු සඳහන් කෙළේ එම කටයුතු ඉදිරි මාස දෙකේදී අවසන් කෙරෙනු ඇති බවයි.

    මීට පෙර ජනාධිපතිවරයා සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් ඇතුළු හිමිවරුන්ට පොරොන්දු වී තිබුණේ මාස දෙකක් ඇතුළත ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කරන බවටයි. ජනාධිපතිවරයා මේ පොරොන්දුව ලබා දී තිබුණේ ගව ඝාතනයට එරෙහිව සිහළ රාවය සංවිධානය පැවැත්වූ පා ගමනින් පසු එම සංවිධානයේ නායක හිමිවරු හමු වූ අවස්ථාවේදීය.

    එසේම ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිටත් පිටරටින් ගව මස් ආනයනය කිරීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස වෙළෙඳ අමාත්‍යංශයටද උපදෙස් දී ඇති බවයි.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    api tawa naya wemak wena wada me wenne.... oka ehema karanawata wada... mas noka hitiyanam rate salli pita yanneth naha...dan itin pita ratawal walin mas gewana kiyala pau makenawa aaa........

    man ape office eke ela kiri Email ekak yauwa saththu marima gana dala.... man lunch eka ganne 7 denek ekka. hena gahana mas waddo tikak hitiye...dan etanin mas kanne dennek vitarai..ungenuth chiken and fish walata limit wela.. Maluwath kanne na. mokada maalu kiyanneth mas ne.un marenne anith okkoma saththunta wada duk vidala. unta gahala maranneth nahane.husma ganda bari welama thamai marenne.

    aththa de terum aran mas noka inda tharam molayak saha minissunwa brain wash kara nam oya mas prasne wenneth na.eka nokara ohoma eka mas jathiyath thahanam karala dharma rajjayak karanda bahane.
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    කිරි අම්මා වරුනි, ඔබෙන් මෙතෙක් කල් බිව් කිරි වල ණය ගෙවීමට සිංහල බෞද්ධ අපි සූදානම්. පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගය සහ එලෙසම ජීවිත පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටි භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ උතුම් අරමුණ සඵල කර දීමට සිංහල රාවයට හැකි වෙයි. පහත දැක්වෙන්නේ 2013 07 27 දින මව්බිම පුවත්පතේ ඒ ගැන පළ වූ ලිපියකි.

    ගව ඝාතනය තහනම් කරන නීති හදන්න ජනපතිගෙන් උපදෙස්
    - ශාලික විමලසේන

    ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබ තිබේ.

    නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු සඳහන් කෙළේ එම කටයුතු ඉදිරි මාස දෙකේදී අවසන් කෙරෙනු ඇති බවයි.

    මීට පෙර ජනාධිපතිවරයා සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් ඇතුළු හිමිවරුන්ට පොරොන්දු වී තිබුණේ මාස දෙකක් ඇතුළත ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කරන බවටයි. ජනාධිපතිවරයා මේ පොරොන්දුව ලබා දී තිබුණේ ගව ඝාතනයට එරෙහිව සිහළ රාවය සංවිධානය පැවැත්වූ පා ගමනින් පසු එම සංවිධානයේ නායක හිමිවරු හමු වූ අවස්ථාවේදීය.

    එසේම ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිටත් පිටරටින් ගව මස් ආනයනය කිරීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස වෙළෙඳ අමාත්‍යංශයටද උපදෙස් දී ඇති බවයි.

    එත කොට පිටරට ගවයෝ මැරූවට පවුනැද්ද ආයුබෝවන්ඩ...