ග්ලාස් ක්ලීනර් - Glass Cleaner

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ග්ලාස් ක්ලීනර් - Glass Cleaner

2vdjtqp.jpg
 
  • Like
Reactions: ronsilva and nwnbs

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හිතට දැනෙන හැම දේම වචනවලට පෙරලගන්න පුළුවන් උනානම් කියලා හිතුනා.....
ජීවන බර ඉහ මුදුනටම දැනුන අපේකාලයේ තවත් එක් සහෝදරයෙක්........තවත් රටක විදින දුක ජීවිතේ ජීවත් කරවන්න.....

අපූරු නිර්මාණයක්........:yes:
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔය වචන වලට පෙරෙළිලා තියෙන්නේ අපි වගේ කොල්ලෝ දහස් ගණනකගෙ ජීවිත කතාව...
    පවුල් බර කරට ගත්තු උන් අරාබි කාරයෝ ලග නැහෙන්න තව බඩවල් කීයක ගින්දර නිවන්නද... තව කී දෙනෙක් මිනිස්සු කරන්නද...

    අපි ලංකාවට වෙලා හිටියට ඒ අයගේ දුක කතාව මේ වගේ සංවේදි නිර්මාණ වලින් පොඩ්ඩක් හරි දැනෙනවා... නියම නිර්මාණයක් අයියේ...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපි අතරම සැරිසරන බොහොමයක් ආත්ම වල යතාර්ථය තමයි ඔය
    සාර්ථක නිර්මාණයක් ...... දිගටම ලියන්න
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දරිද්‍රතාවය ඉස්සහරහ දොරින් ගෙට ඇතුල් වෙනකොට පස්ස දොරින් පිටව ගොස් ඊට පිලියම් සොයන්නට හා වැටුනු ජීවිත ගොඩ නගා ගන්නට තම ජීවිතය හා පොර බදන දිරිය සොයුරෙක්ගේ සිතුවිලි ගොන්න රටේ එක් පීඩිත පිරිසකගේ කඳුලු හා දවටා මෙසේ මැනැවින් අකුරු කිරීම ගැන මගේ ප්‍රශංසාව ඔබට මුලින්ම.....

    සමාජයේ කටුක ඇත්ත... නීරස ඇත්ත හැම තිස්සෙම හදවතට ලංකරන්නේ හා ලබා දෙන්නේ දුක් සුසුම්....

    අපි නැගිටිය යුත්තේ ඒ හරහා බවයි මගේ හැඟීම..

    කවුරුත් කියවිය යුතු හා දැනගත යුතු ඇත්තක් රහට අපිට දැනෙන්න ලිව්වට ඔබට ගොඩක් පින්..

    තව ලියන්න..ඔබට ජය...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හිතට දැනෙන හැම දේම වචනවලට පෙරලගන්න පුළුවන් උනානම් කියලා හිතුනා.....
    ජීවන බර ඉහ මුදුනටම දැනුන අපේකාලයේ තවත් එක් සහෝදරයෙක්........තවත් රටක විදින දුක ජීවිතේ ජීවත් කරවන්න.....

    අපූරු නිර්මාණයක්........:yes:
    අදහස් වලට බොහොම ස්තුතියි සොයුරිය
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔය වචන වලට පෙරෙළිලා තියෙන්නේ අපි වගේ කොල්ලෝ දහස් ගණනකගෙ ජීවිත කතාව...
    පවුල් බර කරට ගත්තු උන් අරාබි කාරයෝ ලග නැහෙන්න තව බඩවල් කීයක ගින්දර නිවන්නද... තව කී දෙනෙක් මිනිස්සු කරන්නද...

    අපි ලංකාවට වෙලා හිටියට ඒ අයගේ දුක කතාව මේ වගේ සංවේදි නිර්මාණ වලින් පොඩ්ඩක් හරි දැනෙනවා... නියම නිර්මාණයක් අයියේ...
    බොහොම වටිනා අදහස් දැක්වීමක්, බොහොම ස්තුතියි සොයුර
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපි අතරම සැරිසරන බොහොමයක් ආත්ම වල යතාර්ථය තමයි ඔය
    සාර්ථක නිර්මාණයක් ...... දිගටම ලියන්න
    බොහොම ස්තුතියි, ඔබ ලාබදෙන සහයෝගය හා දිරිගැන්වීම මා ඉතා අගේ කරනවා
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    දරිද්‍රතාවය ඉස්සහරහ දොරින් ගෙට ඇතුල් වෙනකොට පස්ස දොරින් පිටව ගොස් ඊට පිලියම් සොයන්නට හා වැටුනු ජීවිත ගොඩ නගා ගන්නට තම ජීවිතය හා පොර බදන දිරිය සොයුරෙක්ගේ සිතුවිලි ගොන්න රටේ එක් පීඩිත පිරිසකගේ කඳුලු හා දවටා මෙසේ මැනැවින් අකුරු කිරීම ගැන මගේ ප්‍රශංසාව ඔබට මුලින්ම.....

    සමාජයේ කටුක ඇත්ත... නීරස ඇත්ත හැම තිස්සෙම හදවතට ලංකරන්නේ හා ලබා දෙන්නේ දුක් සුසුම්....

    අපි නැගිටිය යුත්තේ ඒ හරහා බවයි මගේ හැඟීම..

    කවුරුත් කියවිය යුතු හා දැනගත යුතු ඇත්තක් රහට අපිට දැනෙන්න ලිව්වට ඔබට ගොඩක් පින්..

    තව ලියන්න..ඔබට ජය...

    ආර්ථික හා සමාජමය ප්‍රශ්ණ නිසා මදපෙරදිග රක්ෂාවක් සොයා ගෙන ඇවිත් දුක්විඳින දහසක් දෙනා විවිධ අවස්ථාවන් වලදි හමුවී ඇත. මෙය ඉන් එකකි, කථානායකයාගේ පෞද්ගලික ප්‍රෂ්ණයට වඩා විශාල ප්‍රශ්ණ වැලක් මෙහිදි ගෙනහැර දක්වන්න අදහස් කලා:
    • කෙටි හදුන්වාදිමකින් පසුව අති නවීන උපකරණ/උපාංග පාවිච්චියට සමත් හැකියාවක් ඇති තරුණ අය මෙහි ආවත් ඔවුන්ගෙ නිපුණතාවය (skills) සනාථ කරන්න තරම් සහතික නැතිවීම බොහෝවිට ඔවුන් නුපුහුණු කම්කරු ගනයේ රක්ෂාවලට තල්ලු කරනවා.
    • මෙවන් සහතික අනුමත කිරීමේ කාර්යය අධ්‍යාපන හා විදේශ අමාත්‍යංශ වලට අයත් අංශ දෙකකට පැවරී ඇතිමුත් පෞද්ගලික හෝ කුඩාඅයතනයකින් පුහුණුවක් ලද අයෙකුට පිහිටක් වෙන්නේ නැහැ. ඒත් මෙවන් අයගෙ හැකියා ව දියුණු කරන්න සමත් ප්‍රමාණවත් වැඩ පිලිවෙලක්ද නැත.
    • ඉතිං සමාජ-ආර්ථික ප්‍රශ්ණ හා නිලධාරිවාදයේ ගිරයට අහුවූ පුවක් ගෙඩි මෙලෙස නුපුහුණු කම්කරුවන්සේ පව් ගෙවනවා.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනේක වූ සිහින කැටි කරගෙන විදේශ වල සේවය කරන අපේ සොහොයුරන්ගේ කතාව.

    සෑහෙන්න සාර්තක නිර්මාණයක් සහෝ
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අනේක වූ සිහින කැටි කරගෙන විදේශ වල සේවය කරන අපේ සොහොයුරන්ගේ කතාව.

    සෑහෙන්න සාර්තක නිර්මාණයක් සහෝ
    බොහෝම ස්තුතියි