ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මරා දමයි ?

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මරා දමයි ?


    priyani-jayasinghe.jpg


    ඝාතනයට ලක්වූ ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
    පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 8.45 ට පමණ තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

    දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරත ගැටුම් පැවති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසී ය.

    ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    පානදුර කුඩාඅරුක්ගොඩ, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියානි මහත්මිය දෙදරු මවකි.

    ඝාතනයට ලක්වන විට ඇය 51 වැනි වියේ පසුවිය.

    ප්‍රියානි ජයසිංහ මහත්මිය ගැයූ සුන්දර හදකට දී පෙම්වරම්, කඳුල නිවන්නම් හිත නොරිදනවා නම් වැනි ගීත මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රියයි.






    News 1st
     
    • Like
    Reactions: stasia