ගෑණු ටික ගොන්නු නම් අපි කවුද?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ගෑණු ටික ගොන්නු නම් අපි කවුද?

    ගෑණු ටික ගොන්නු නම් අපි කවුද?



    actrsses_0-300x162.jpg


    අන්තර්ජාලය පුරාවටම මේ දිනවල ප‍්‍රචාරය වන්නේ ඡන්දය ඉල්ලන ගෑණු ටික විවේචනය කරනා ලද නොයෙකුත් අදහස්ය. “මුන්ව යවලා පාර්ලිමේන්තුව බඩු පොට් එකක් කරපල්ලා, ජීනා මැඩම් මහ ඇමති කරපල්ලා, මෙන්න නදීශාගේ බිකිනි ෆොටෝ සෙට් එක, මුන්ට ඡන්දෙ දෙන උන් පිදුරු තණකොළ පුන්නක්කු කාපිය” වැනි ඉතා ශ්‍රේෂ්ඨ අදහස් දහසකුත් එකක් ඉතා සුළභය. නමුත් අසන්නට ඇති පැනය නම් ඡන්දෙ ඉල්ලන බඩු ලෙස හදුන්වන මෙම කාන්තාවන් තණකොළ නොකනා මේ බුද්ධිමත් මහත්වරුන් පත්කර යවා ඇති මිනීමරුවන්ගෙන්, කුඩ්ඩන්ගෙන්, කසිප්පුකාරයන්ගෙන්, ස්තී‍්‍ර දූෂකයන්ගෙන්, නිදන් හොරුන්ගෙන්, සුනාමි හොරුන්ගෙන්, බඩුකාරයන්ගෙන්, LTTE කාරයන්ගෙන් වෙනස්වන්නේ කෙසේද යන්නයි.


    එම සුපේක්ෂල, ශික්ෂාකාමී, පන්සිල් රකින සැදැහැවතුන්ගෙන් ඇසීමට ඇත්තේ ඉතාමත් සරල ප‍්‍රශ්න කිහිපයකි. එනම්,


    01. උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුවේ කතාකරන ගොන්පාට් එක කෙහෙළියගේ කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවෙන් වෙනස්වන්නේ කෙසේද ?


    02. නදීශා බඩුවක් නම් එම සේවාව ලබාගැනීමට යන උදිත් ලොකුබණ්ඩාර හෝ කෙහෙළිය රඹුක්වැල්ල උතුම් වන්නේ කෙසේද ?


    03. සිනමා නිළි ගීතා ගණිකාවක්නම් ජීනා මැඩම්ගේ ගණිකා නිවසේ සිට පැනගිය සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක පෙරුම් පුරන බොධිසත්වයෙක්ද ?


    04. සින්දු කියන ජිංජර්ට පළාත් සභාවට ඒමට නොහැකිනම් සිංදු කියන කරුණාරත්න දිවුල්ගනේ උතුරුමැද පළාත් ආණ්ඩුකාරයා වූයේ කෙසේද ?


    05. බිකිනි ඇන්ද ගයේෂා පෙරේරාට මැතිසබයට ඒමට නොහැකිනම් එම මැති සබයේම සරම උස්සා පෙන්වූ මහින්ද රත්නතිලක අසුන්ගෙන සිටින්නේ කෙසේද?


    06. පියාගේ මරණයට වගකිවයුතු අය සිටිනා ආණ්ඩුවක එකට සිටීමට හිරුණිකාට නොහැකිනම් අතිජාත මිත‍්‍රයා මැරූ අය සමග ඩලස් අලහප්පෙරුමත්, ඩිලාන් පෙරේරාත් එකට වාඩිවී සිටින්නේ කෙසේද ?


    07. හාල් කිලෝවක ගාන නොදන්නා මල්ශා කුමාරතුංගට ඡන්දය ඉල්ලිය නොහැකිනම් 2500 කින් අත දරුවෙකුටවත් මාසයක් ජීවත්විය නොහැකි බව නොදන්නා බන්ධුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවූයේ කෙසේද?


    උපුටා ගැනීම සිංහයා වෙබ් අඩවිය
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. ඔය කොච්චර කැ ගැහුවත් ඔය ගැහැණු සෙට් එකම ජන්දෙන් දිනනවා..ලංකාවේ ඉන්නේ හරක්.. එත් ඔය ගැහැණු සෙට් එක එනවට වඩා හොරු සෙට් එකක් එන එක හොඳයි.හොරකම් කරත් මොන හරි වැඩක් කරනවා.ඔය එන මෝඩ ගැහැණු කියන කතා අහන ඉන්න බැහැ ලජ්ජා හිතෙනවා අපිටම. මේ රටේ වැඩි හරියක් ඉන්නේ මන්ද බුද්දීකයෝයි පිස්සොයි.හැමදේම අමතක වෙන .බත් පැකට් එකට අම්ම තාත්තා විකුණන අමනයෝ ටිකක්.බොහොම සුළු පිරිසක් විතරයි ඉන්නේ හොඳයි කියන්න පුළුවන්.මට නම් කලකිරිලා ඉන්නේ අපේ රට ගැන. බුද්දිමත් මිනිස්සු හිටිය මේ වගේ බුරුවො පත් කරලා යවන්නේ නැහැ පාර්ලිමේන්තුවට.
    හොඳ මිනිහෙක් අවත් උට වැඩක් කරන්න බැහැ අනිත් ගොබිලයෝ කකුලෙන් අදිනවා. මේ රට හදනවා නම් මුළු රටම එක පාර බෝම්බයක් දාල කුඩු කරලා ආයේ මුල ඉඳන් මිනිසුන්ගේ මොළ හදන්න ඕනේ.නැතුව කවදාවත් නම් මේකේ ඉන්න උන්ව හදන්න බැහැ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙටියෙන් කියනවනම් මුන් දෙගොල්ලම එකයි .ගොන්නු සහ ජඩයෝ .හැබැයි දිවුල්ගනේ ගේ දේශපාලනය ගැන දන්නේ නැහැ එත් සංගීතමය අතින් දිවුල්ගනේ අර ඉගුරු ගෙඩියට සමකිරීමෙන් මේක ලියපු එකාගේ දැනුම හිතා ගන්න පුළුවන් :no::no::no::angry::growl::growl: