තවත් මොකට මේවා හංගගෙන ඉන්නවද ?

එළියට දාන්න ඔනේයි කියලා හිතුනා..
ලීක් උනත් මොකෝ..
1)Price giving එක තිබ්බ දවසේ මට වඩා අඩුවෙන් ගණිතයට ලකුණු තිබ්බ ලමයෙක්ට තමයි තෑග්ග හම්බුනේ..ඒ ළමයගේ මාමා තමයි අපිට සමාජ අධ්යයනය ඉගැන්නුවේ.. ඉතින් මගේ දෙමව්පියන් මේකට විරුද්දව පිනාට පැමිණිලි කලා.එහෙම කරලා පහුවෙනිදා ඕන්න සමාජ අද්යයන පීරියඩ් එක ආවා.. මම ලග ඉන්න කොල්ලෙක් එක්ක කතා කලා කියලා කනට ගැහුවා. ඊට පස්සේ පිනාට පේන්න දණ ගහලා තිබ්බා මුලු පීරියඩ් එකම.. වෙලාවට පිනා ආවේ නෑ. එහෙම දණගස්සලා තිබ්බේ පිනාගෙන් තව ගුටි සම්බෝලයක් මට කවන්න. හැබැයි මට තමයි කවදත් සමාජ අද්යයනයට පංතියෙන් වැඩියෙන්ම ලකුණු තිබ්බේ.
2) අපේ තාත්තට ලොකු තේ වත්තක් තිබ්බා බලංගොඩ. ඉතින් තාත්තා මොනාද කරන්නේ කිව්වම මම විස්තරේ සෑර්ට කිව්වා..එදායින් පස්සේ මට එයා නම හැදුවේ බලංගොඩයා කියලා.මට ඒකාලේ ඒක ජෝක් එකක් උනාට ලොකු උනාට පස්සේ හිතුනා ඒක මගේ පෞරුෂ වර්ධනයට බලපෑමක් උනා කියලා..ඒ සෑර් පස්සේ පිළිකාවකින් මලා..
3) ඕ ලෙවෙල් හොදට පාස් වෙලා මට ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් උනා.ඒ ඉස්කෝලේ තමයි උසස්පෙළින් කප් ගහලා හිටියේ.. එහෙට ගියාම සෑර් කෙනෙක් අහපි මෙච්චර ඉස්කෝල ටිකක් පහුකරගෙන මෙතන්ට ආවේ ඇයි කියලා ? අර ඉස්කොලෙට යන්න තිබ්බනේ. මේ ඉස්කොලේට යන්න තිබ්බනේ කියලා අහපි. මුලු පංතියම එදා මට හිනා උනා..
4) ඒ ඉස්කොලෙන් අස්වෙන්න අස්වීමේ සහතිකේ ගනිද්දි මොකක්දෝ මන්ද ඩොකියුමන්ට් එකකට මට උගන්නපු සෑර් කෙනෙක් ලගට ගියා අත්සනකට.. "මට තමුසේව මතක නෑ ඕයි" කියලා කෑ ගහපි..ඒවෙලාවේ හිටියේ පුස්තකාලේ..එතන හිටපු මිස් කෙනෙකුත් බය වෙලා ඒ සෑර් දිහා බලාගෙන හිටියා. ඒක එතන අංශ භාර සෑර්ටත් ඇහුනා. ඊට පස්සේ ඒ සෑර් තමයි අත්සන් කලේ.. ඒ සෑර්ට මාව මතකවත් නෑ.
5) අපේ ඉස්කෝලේ හිටියා ටියුෂන් කරන සෑර් කෙනෙක්.මනුස්සයා එයාගේ පංතියට එන ලමයි වැරැද්දුවට බණින්නේ නෑ. එයාගේ පංතියට ටියුෂන් නොයන ලමයින් පොඩි වැරැද්දක් කලත් කොහෙද ටියුෂන් යන්නේ ? කියලා අහගෙන තමයි බනින දේශනය පටන් ගන්නේ විනාඩි 5ක් විතර.. විනාඩි 5ක් යනකම් ලමයා නැගිට්ටවලා තියනවා.
6) මිස් කෙනෙක් මගේ මොකක්දෝ මන්දා වැරැද්දක් අල්ලගෙන පිනා ලගට එක්කන් ගියා. පිනා මිස්ට බැන්නා. මිස්ට පට්ට නොණ්ඩිය... එදායින් පස්සේ මගේ වැරදි හොය හොය අර සිද්දිය මතක් වෙන වෙන පාරක් ගානේ දණ ගස්සලා තියන එක තමයි උන්දෑ කලේ.දැන්නම් එලොවද කොහෙද ...
7) දවසක් ටියුෂන් ගාස්තු අරගෙන යන්න අමතක වෙලා ටියුෂන් ගුරෙක් මට නොසෑහෙන්න බැනපි..
මම බැලුවා මේ හොදට හිටිය මිනිහට මොකක්ද මේ එකපාර උනේ කියලා..
8) පහවසරේදි මගේ දහම්පාසල් ගමන නැවතුනා .. ඒක උනේ මෙහෙමයි. මොකක්දෝ මන්දා ජාතක කතාවක් සැර් කාරයෙක් කියව කියව හිටියා. මම ඒක දන්න නිසා අහක බලාගෙන හිටියා. මම අහක බලාගෙන ඉන්නවා දැක්ක සෑර් මාව නැගිටලා එයා කිව්වා ජාතක කතාව විස්තර කරන්නයි කිව්වා.මම හරියට විස්තර කරන කොට මගේ අත එහා මෙහා ගියා. මිනිහට මාව නෝන්ඩි කරවන්න බැරි උනා. පස්සේ මාව නෝන්ඩි කලේ මගේ අත එහා මෙහා යනවා කියලයි.එදා මම තෙරුම්ගත්තා දහම් පසල කියන්නේ නරක කුහකයෝ ඉන්න තැනක් කියලා..
ඔගොල්ලන්ගේ අසුන්දර අත්දැකීමුත් කොටාගෙන යන්න ...

Last edited: