ගුරු තුමිය ඔබයි.

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    හ්ම්.......
    ඒලෙවල් කරන්න කලින් අපේ පාසැලේ යන චිරාගත වට වන්දනාවේ ගොස් මට පළමු වසරේ දී ඉගැන් වූ තිලකා සමරසිංහ ගුරුමෑණියන් ගේ දෙපා වැද ආ හැටි මට අද මෙන් මතකය....
    හොදට විභාගෙ කරන්න පුතේ, ඔයාට වරදින්නේ නෑ යයි ඇය කීවාය.....

    6 වසරේදී මට ඉගැන් වූ පංති භාර ගුරු විජේදාස ගුරු මෑණියන් ගිය වසරේ දිනක පාසැලේ දී හමු වී ඇය ගේ දෙපා වැළද හැඩූ හැටි මට සිහිවේ. නහරකාරයෙක්ව සිටි මා හොද දරුවෙකු කලේ ඇයයි......
    10 වසරේ පන්තිභාර ගුරු විතාන සර් මගේ සායනයට පැමිණි දින මට හැඩිණි....

    අප මේ තැන් වල සිටින්නේ වෙස්සන්තරලා සේ ශිල්ප දානය දුන් මේ උතුම් මනුෂ්‍යයන් නිසා ය.......

    වැරදිලාවත් ඉස්කෝලේ DS ද?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හොදම ගෝලයට දුව දුන්න සීන්එකක්දබන් :cool:

    සිරා කතාව :D
    මට ලාවට මතකයි මගේ පලවෙනි වසර ගුරුතුමී හෙවත් මගේ නැන්දම්මා ප්‍රෙග්නන්ට් වෙලා ඒ කාලේ ස්කූල් එනවා. එදා කවුද ඉතින් ඔවා හිතුවේ.. :confused:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ උසස්පෙළ පන්තුභාර ගුරුතුමිය මියගියා.. ඇය මිය යන්න කලින් ලංකාවට ගිය වතාවේ ටීචර්ව බලන්න යන්න මට බැරිවුනා නිවාඩුව සති දෙකක් නිසා.. ඊට කලින් වතාවේ මම ටීචර්ගෙන් ඉල්ලන් ආපු බණ පොතක් තාම මා ගාව.. ඒ ගැන මගේ හිත මට කවදාවත් සමාව දෙන්නේ නැහැ ටොමෝ.. ඒත් දැන් මම කාගෙන් සමාව ඉල්ලන්නද.. හිත අමාරුව මැරෙනකල්ම හිතේ තියන් ඉන්න වෙනවාමයි.. :(:(:(
     
    • Like
    Reactions: Mr.Tom

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හොදම ගෝලයට දුව දුන්න සීන්එකක්දබන් :cool:

    :D:D:D මූද බං හොදම ගෝලයා ඒතකොට මු හොදම ගෝලයා නම් අනිත් ගොලයින්ගේ තරම හිතාගන්න පුළුවන් පුතී( විහිළුවක් පුතී ගනන් ගන්න එපා):D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ උසස්පෙළ පන්තුභාර ගුරුතුමිය මියගියා.. ඇය මිය යන්න කලින් ලංකාවට ගිය වතාවේ ටීචර්ව බලන්න යන්න මට බැරිවුනා නිවාඩුව සති දෙකක් නිසා.. ඊට කලින් වතාවේ මම ටීචර්ගෙන් ඉල්ලන් ආපු බණ පොතක් තාම මා ගාව.. ඒ ගැන මගේ හිත මට කවදාවත් සමාව දෙන්නේ නැහැ ටොමෝ.. ඒත් දැන් මම කාගෙන් සමාව ඉල්ලන්නද.. හිත අමාරුව මැරෙනකල්ම හිතේ තියන් ඉන්න වෙනවාමයි.. :(:(:(

    ඇ බං උබ තාම ඉන්නවද බං මම හිතුවේ උබ කිරිය දාලා ගිහින් කියලා පුතී:D
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අද උනත් අපි ගැන හොයල බලනව බන් ඒ ගුරුවරු ....
     
    • Like
    Reactions: Mr.Tom

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ය යා මචං උගන්වපු ගුරුවරු මතක් වෙනකොට එන්නේ පුජනිය හැගීමක්...
     
    • Like
    Reactions: Mr.Tom
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට මතකයේ රැඳුනු හොඳම ගුරුතුමන් ලා තමා ඉන්නේ
    හැබැයි ඒ අයගෙන් ඉගෙන ගන්න කාලයේ ඒ අය යක්ෂයෝ වගේ දැනුනේ
    ගුටි කනවා ඇත පය තුවාල වෙන්න
    එත් දැන් සිහි කරද්දී අපිව හදන්න ඒ මනුස්සයෝ වෙච්ච මහන්සියට නිවන් සුව පාර්ථනා කරනව් මිසක් වයිරයක් තරහවක් එක දසයමයක් නෑ හිතේ.
    :yes::yes:

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇ බං උබ තාම ඉන්නවද බං මම හිතුවේ උබ කිරිය දාලා ගිහින් කියලා පුතී:D

    තාම ජීවතුන් අතර ඉන්නවනේ බන්.. ඒ නිසා කිරියට ගොඩවෙනවා ඉඳ හිට වෙලාවක් ලැබෙන විදිහට..
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ජය වේවා ටොමෝ...... මට නම් ගොඩාක් මතක් වෙන්නෙ මගේ මොන්ටිසෝරියේ ටීචව.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දුක් වෙන්නෙපා බන් සමහර මිනිස්සු එක්ක බලද්දි උබ හෙන ග්‍රේට් මචං උබට පුළුවන් විදිහට උබ ඒ ගෞරවණිය බැදීම තියාගත්තා ඒත් ලෝක ස්වභාවයට අනුව හැම දේම ස්ථාවර නැහැ සදාකල් පැවැත්මකුත් නැහැ ඉතින් ඒ ආත්මය මතක් කරලා පිනක් දහමක් කරලා බැදීම බරක් කරගෙන ජිවත්වෙන්නෙ නැතිව හිත හදාගනින් මගේ උගත් මිත්‍රයා... ජයවේවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද ගුරුවරු ගොඩක් ඉන්නවා .... අනේ මන්දා මට නම් හම්බෙලා තියෙන්නේ ටිකක් අනිත් විදිහේ අය තමයි.... ගොඩක් ගුරුවරු හොද පෑත්තට යන ලමයි up කරන ගමන් අනිත් ලමයි නොසලකා හරිනවා ... හෑම ලමයෙක්ටම එක විදිහට සලකලා නරක පෑත්තට යන එකා හරි පෑත්තට ගන්න පුලුවන් අය තමා ගුරු දෙවිවරු.
    හොද ලිපියක්

    :yes: බොහෝම ස්තූතී.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් තියෙන්නේ ඔයිට වෙනස් අදහසක්. මගේ පලවෙනි වසරේ පන්තිබාර ගුරුතුමිය තමයි මගේ නැන්දම්මා අද? ඒ නිසා එතුමියම ඔනා උනත් මට අමතක වෙන්නේ නැ..

    ඒකත් මරු අද්දැකීම :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ උසස්පෙළ පන්තුභාර ගුරුතුමිය මියගියා.. ඇය මිය යන්න කලින් ලංකාවට ගිය වතාවේ ටීචර්ව බලන්න යන්න මට බැරිවුනා නිවාඩුව සති දෙකක් නිසා.. ඊට කලින් වතාවේ මම ටීචර්ගෙන් ඉල්ලන් ආපු බණ පොතක් තාම මා ගාව.. ඒ ගැන මගේ හිත මට කවදාවත් සමාව දෙන්නේ නැහැ ටොමෝ.. ඒත් දැන් මම කාගෙන් සමාව ඉල්ලන්නද.. හිත අමාරුව මැරෙනකල්ම හිතේ තියන් ඉන්න වෙනවාමයි.. :(:(:(

    එහෙම හිතන්න එපා පොලෝ.. මොකද ඒක ඔයා ටීචර් ගෙන් ඉල්ලගන නේ ආවේ. ගුරුවරු ලමයෙකුට පොතක් දෙනකොට ඒක ආයි කවදා ගෙනත් දෙයිද, ගෙනත් දෙන්නේ නැති වෙයිද කියලා හිතන්නෙ නෑ. පොත දීමෙන් තමයි ඒ කෙනා සතුටක් ලබන්නේ. ඉතිං ඒ ගුරු තුමියත් පොලා ඒ පොත ඉල්ල ගත්තු එකටයි, තරුණ කාලෙම පොලාගේ ධර්මයට තියන ලැදියාවයි ගැන හිතලා අප්‍රමානව සතුටු වෙන්න ඇති. ඒ නිසා සමාව ඉල්ලන්න ඕනෙ නෑ. ඒ ගැන කණගාටු වෙන්නත් එපා. ඒ ගුරුතුමිය පොලා වගේ ශිෂ්‍යයෙකු ට උගන්නපු එක ගැන අනිවාර්යෙන් සතුටු වෙන්න ඇති.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද උනත් අපි ගැන හොයල බලනව බන් ඒ ගුරුවරු ....

    අනිවාර්යෙන්. මාස දෙක තුනකට කලින් අපේ ඉස්කෝලේ හිටපු විනය බාර සර් හම්බුනා. සර් ඉස්සල්ලම කිව්වේ පුතා ටිකක් කොන්ඩේ වැඩි නේද කියලා :D සර් දැන් පැන්ෂන්. ඒත් සර්ට වැඩිහිටි අපිව තාමත් පේන්නේ ඉස්කෝලේ හිටපු ලමයි වගේ.