ඕකට 20A බ්‍රේකර් 1කක් දාල කාර් 1ක නවත්තන හරියට ප්ලග් පොයින්ට් එකක් දාගන්න, දවසක කරන්ට් එකෙන් දුවන වහනයක් ගත්තම charge කර ගන්න හරි යාලුවෙක්ගෙ එකක් ආවම charge කරලා දෙන්න පුළුවන්, (පොඩි Kwh මීටර් එකක් හයි කරලා අමතර අදායමක් හොයා ගන්නත් පුළුවන්).
තවදෙයක් main switch එකෙන් පස්සේ change over switch එකක් ඉන්ඩිකේටර් එක්ක හයි කර ගන්න. ගෙදරට තව power source 1කක් ඒ කියන්නේ ජෙනරේටරයක් හරි ඉන්වට්ර් එකක් හයි කරන්න light නැති උනාම තමා එවල වටිනාකම එන්නේ නැත්නම් මෙන් එක ඕෆ් කරලා ඇම්පියර් 15 ප්ලග් එකකට ගහල ගන්න වෙන්නේ. එතකොට ලයිට් ආවද කියල ලග ගෙවල් වලින් අහන්න වෙනවා.