ගෙදර වයරිං කරමු 3 කොටස

Palihawadana1990

Well-known member
  • මචං...

    මම ත්‍රේඩ් තුනම කියෙවුවා, පට්ට ලස්සනට විස්තර කරල තියෙනවා. ඊලග එක පුලුවන් නම් ඩේටා කේබල් ගැන විස්තරක් කරන්න.. කැමරා, HDMI. වයි ෆයි, ටෙලිෆෝන්, ටීවී වගේ දේවල්..

    සහ සෙන්සර් ලයිට් වගේම පරිඝණකය හෝ මොබයිල් එක මගින් ක්‍රියාත්මක කල හැකි ලයිට් සිස්ටම් ගැනත් දානවනම් පට්ට.... කීයක් වගේ යාවිද?? මොනව අගේ යුනිට් ද ඕන, වගේ දේවල්...

     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    PDF thiyena link eka wada karanne naha ne, file eka thiyena ekenek innawanam share karanawada, mata PM ekakuth danna. meeka godak watina thread ekak.

    electrical wada karala purudu nathi aya innawanam, 15 amp wagee protection thiyena gloves dekak gattath kamak naha, mokada kochchara parissamen wada kalath, dannema nathuwa wire ekaka atha gaawenna puluwan
     

    trd-1987

    Member
    Apr 4, 2018
    19
    2
    0
    15 amp braker 1kin plug keeyakata denna puluwanda..... 5 amp braker 1kin switch keeyakata denna puluwanda...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,507
    343
    83
    ගෙදර වයරිං කිරිල්ල ගැන දාන අන්තිම නූල අරං ආවා. පළවෙනි, දෙවෙනි ත්‍රෙඩ් වලට ඔයාලාගෙන් ලැබුන් ප්‍රතිචාර අගය කර සලකනවා. මුලින් කිව්ව වගේ මම මේ සම්බන්ධ වෘතිකයෙක් නෙවෙයි. ඒ නිසා අඩුපාඩු තියනව නම් ඒවා පෙන්නල දිල මේ ත්‍රෙඩ් එක සාරවත් කරන්න එකතු වෙන්න කියල හැමෝටම ආරාධනා කරන්න කැමතී.

    පළවෙනි ත්‍රෙඩ් එක බලන්න මේ ලිංක් එක ක්ලික් කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1677004

    දෙවෙනි ත්‍රෙඩ් එක බලන්න මේ ලිංක් එක ක්ලික් කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1678033

    කලින් ත්‍රෙඩ් වලදි කීප දෙනෙක් අහලා තිබුනනනේ වයරිං කරන්න ගන්න දේවල් වල නම් එහෙම. මෙන්න මතක් වෙන විදිහට නම් ලැයිස්තුව. (රූප අන්ථර්ජාලයෙන් සොයාගත් බව සලකන්න.)
    1Gang 1Way Switch
    picture.php

    මේවගේ තියන්නේ තනි ස්විච් එකක්. කාමර වලට එහෙම ගන්නේ මේව තමයි කියලා දන්නවනේ.

    2Gang 1Way Switch
    picture.php

    ස්විච් දෙකක් එකට තියනවා. මේ වගේ ස්විච් තුනක් තියනව නම් 3 Gang වෙනවා, ස්විච් 4 ක් නම් 4Gang කියලා අදුන්වනවා.

    1Gang 2Way Swtch
    පඩිපෙළවල් වලට එහෙම පාවිච්චි කරනවා. එක ස්විච් එකකින් ලයිට් එක දාගෙන අනිත් එකෙන් නිවාගෙන යන්නේ මේවයින් තමයි. උඩින් පෙනුම 1Gang 1Way Switch වලටම සමානයි. නමුත් යට පැත්තේ වයර් සම්බන්ධක තුනක් තියනවා.

    Bell Press
    picture.php

    බෙල් වලට ගන්නේ මේවා. :P

    5A Switched Socket (5A ප්ලග් පොයින්ට්)
    picture.php


    13A Switched Socket
    picture.php


    15A Switched Socket
    picture.php

    දන්නවනේ මේවගේ සිදුරු තරමක් ඈතින් පිහිටන්නේ කියලා.

    10 Way Distribution Box (DB)
    picture.php

    කොටස් 10 ක් හයි කරන්න ඉඩ තියන DB එක. හැබැයි අවශ්‍ය ප්‍රමාණයේ එකක් මිලදී ගන්න ඕනේ.

    Dual pole MCB (Main Switch)
    picture.php

    මේකෙන් නියුට්‍රල් ෆේස් දෙකම ඕෆ් වෙනවා. ගෙදර වයරිං රෙපෙයාර් එකක් කරන්න කලින් මේකෙන් ඕෆ් කරලා ඉන්න ඕනේ.

    RCD (ට්‍රිප් ස්විච් එක කියන්නේ)
    picture.php

    දන්නවනේ මේක ගැන

    Single pole MCB (බ්‍රේකර් කියන්නේ)
    picture.php


    Sunk Box (Mounting Box)
    picture.php

    බිත්ති වලට ප්ලග්, ස්විච් හයිකරන්න යොදාගන්නේ මේවා. මේවගේ කොටස් දෙකක් ලග තියන ඒකකය හදුන්වන්නේ 2 Gang Sunk Box නැත්තං 2 Gang Mounting Box කියලා.

    Ceiling Rose
    picture.php


    Lamp Holder
    picture.php


    5A Plug Top
    picture.php


    13A Plug Top
    picture.php


    15A Plug Top
    picture.php


    PVC Insulation Tape :P
    picture.php


    හරි එහෙනම් Distribution Board එහෙමත් නැත්තං ඩීබී එකෙන් වැඩේට බහිමු.
    ගෙදර විදුලි පද්ධතියේ තියන ප්‍රධාන කොටස මේක තමයි. ගෙදර හැම පැත්තකටම කරන්ට් එක ගෙනියනක්නේ මෙතනින්.
    picture.php


    හරි එහෙනම් මේ ගැන පොඩ්ඩක් බලමු
    මේන් ස්විච් එක
    ගේ වයරිං කරනකොට එලියට දාන ලෝඩ් වයර් එකේ අනිත් අන්තය සම්බන්ධ වෙන්නේ මේන් ස්විච් එකට. මේන් ස්විච් එකේ කොටස් දෙකක් තියනවා පේනවනේ. අන්න ඒ කොටස් දෙකෙන් නිව්ටල් හා ෆේස් දෙක වෙන වෙනම ඔන් ඔෆ් වෙනවා. ඔය විදිහට යටින් ලෝඩ් වයර් එක සම්බන්ධ කරාට පස්සේ, උඩින් ඒ වයර් දෙක පිළිවෙලට ට්‍රිප් ස්විච් එකට සම්බන්ධ වෙනවා. හැබැයි ඕක හයි කරනකොට බලන්න ට්‍රිප් ස්විච් එකේ උඩ ගහලා තියනවා N අකුර. අන්න එතනට මේන් ස්විච් එකෙන් එන නිව්ට්‍රල් වයර් එක සම්බන්ධ වෙන්න ඕනේ. L කියන තැනට ෆේස් වයර් එක. ඊටපස්සේ ට්‍රිප් ස්විච් එකේ යට පැත්තෙන්, උඩ නිව්ට්‍රල් හා ෆේස් සම්බන්ධ කරපු විදිහටම ප්‍රතිධානය ගන්න පුලුවන්. මේ වැඩවලට ලෝඩ් වයර් කියලා හදුන්වන ලොකු කේබල්.

    බ්‍රේකර් වලට ෆේස් ඉන්පුට් එක දෙමු.
    ට්‍රිප් ස්විච් එකේ ප්‍රතිධානයේ නිල් පාට වයර් එක, ඒ කිව්වේ ෆේස් එක හැම බ්‍රේකර් එකකම යට පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. මේකට අපිට බස් බාර් එක යොදාගන්න පුලුවන්.
    picture.php

    බස් බාර් එක

    එතනදි ට්‍රිප් ස්විච් එකට පස්සේ හමුබුවෙන පළවෙනි බ්‍රේකර් එකේ යටට විතරක් ෆේස් වයර් එක සම්බන්ධ කරන්න. (ලෝඩ් වයර් කෑල්ලක් පාවිච්චි කරන්න ඕනි.) එතන ඉදන් බස් බාර් එක හයි කරන්න පුලුවන්. ඔය බස් බාර් එක වයර් සම්බන්ධ කරන තැනට උඩින් තියයන සිදුරු ඇතුලට යොමු කරලා ඇනේ තද කරලා සම්බන්ධ කරන්න ඕනේ.
    picture.php

    බස් බාර් එක හයි වෙන විදිහ

    නිව්ටල් වයර් එකට මොකද වුනේ
    ට්‍රප් සුවිච් එකේ යටින් ප්‍රතිධානය වෙන අනිත් වයර් එක දුඹුරු පාට එකනේ. ඒ කිව්වේ නිව්ටල් වයර් එක. ඔන්න ඕක නිව්ටල් ලිංක් බාර් එකේ කෙළවරට ගිහින් හයි කරන්න. (ලෝඩ් වයර් කෑල්ලක් පාවිච්චි කරන්න ඕනි.)

    ලයිට් වලටයි, ප්ලග් වලටයි හැම තැනටම ෆේස් වයර් අදිමු.
    දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් ඔය හැම බ්‍රේකර් එකකම උඩින් කරන්ට් වයර් අදින්න පුලුවන්. ඒකිව්වේ ෆේස් වයර් :P. හැබැයි මතක තියාගන්න ඔයාලා ඇම්පියර් 15 ප්ලග් පොයින්ට් දානවනම් ඩීබී එකේ ඉදලා ඒ හැම ප්ලග් පොයින්ට් එකකටම වෙන වෙනම වයර් අදින්න ඕනේ. ඒ කිව්වේ අපි හිතමුකෝ කුස්සියට ඇම්පියර් 15 ප්ලග් එකක් දානවා කියලා. ඔය අවන් එත එහෙම ගහ ගන්න. දැන් මේ ඩීබී එකට ඇම්පියර් 15 බ්‍රේකර් එකක් දාලා එතන ඉදන් ඇම්පියර් 15 වයර් අර ප්ලග් එකට අදින්න ඕනේ. එහෙම කරන්නේ නැතුව සාමාන්‍ය ඇම්පියර් 5 වයරිං එකට කවදාවත් ඇම්පියර් 15 බ්‍රේකර් එකක් දාන්න එපා. :no:

    Earth වයර් එක
    ඩීබී එකත් එක්ක Earth bar එකක් තියනවා. ඒ කිව්වේ නිව්ටල් බාර් එක වගේම පිත්තල බාර් එකක්. මේකේ එක කෙළවරට 10mm (ලොකු) Earth වයර් එකක් සම්බන්ධ කරලා ඒකේ අනික් කෙළවර භූගත කරන්න ඕනේ. ඒ කිව්වේ අර තඹ කූරකට සම්බන්ධ කරලා ඒක එලියේ පොළවට බස්සන්න ඕනේ. ගෙදර ප්ලග් පොයින්ට් වලට එහෙම අදින Earth වයර් මෙතන ඉදලා ඇදගෙන යන්න පුලුවන්. ඒවා 2.5mm පොඩි Earth වයර් කියලා ඔයාලා දන්නවනේ.

    දැන් අපිට ඩෝ බෙල් එකක් එහෙම වයරිං කරන හැටි කියල දෙන්නෙ නැද්ද.
    :lol: මහමෙරක් ගිලපු එකාට අග්ගලයත් කජ්ජක්ද කිව්වලු. දැන් ඔයාලා වයරිං ගැන ගොඩක් දේවල් දන්නවා. ඉතිං ඩෝ බෙල් එක මොකක්ද. හරියට ලයිට් පොයින්ට් එකක් වයරිං කරනව වගේ තමයි.

    එහෙනම් ඔච්චරයි.
    මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම වැරදි තියනව නම් නිවැරදි කරන්න. කිසිම තරහක් අමනාපයක් නෑ.
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!


    ඩව්න්ලෝඩ් කරගෙන බලන්න කැමති අයගේ පහසුව සදහා ත්‍රෙඩ් තුනම pdf ආකාරයට
    ධාරිතාවය - 1.20MB
    පිටු ගණන - 16
    මුද්‍රණ ප්‍රමාණය - A4
    අකුරුවල ප්‍රමාණය - 14

    https://www.dropbox.com/s/dah1dr1ilqv0p00/house wiring sinhala.pdf?dl=0

    වාහන ගැන මොනවහරි බලන්න නම් ඉති ඔටෝමොබයිල් එක පැත්තෙ එන්න
    banner_zpsd6df7d37.png



    Patta REp+++ :P

    Mchan ubata kiyanna puluwanda schematic diagram eka read karanne kohomada kiyala?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    tom.jpg


    menna me tika terune naha bn.ubata colors tika patalunaada?:oo::oo::oo:

    ඔව් මචං කලර්ස් පැටලිලා. මේ පහල තියනවා වගේ නිවැරදි වෙන්න ඕනේ.

    බ්‍රේකර් වලට ෆේස් ඉන්පුට් එක දෙමු.
    ට්‍රිප් ස්විච් එකේ ප්‍රතිධානයේ දුඹුරු පාට වයර් එක, ඒ කිව්වේ ෆේස් එක හැම බ්‍රේකර් එකකම යට පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. මේකට අපිට බස් බාර් එක යොදාගන්න පුලුවන්.
    picture.php

    බස් බාර් එක

    නිව්ටල් වයර් එකට මොකද වුනේ
    ට්‍රප් සුවිච් එකේ යටින් ප්‍රතිධානය වෙන අනිත් වයර් එක නිල් පාට එකනේ. ඒ කිව්වේ නිව්ටල් වයර් එක. ඔන්න ඕක නිව්ටල් ලිංක් බාර් එකේ කෙළවරට ගිහින් හයි කරන්න. (ලෝඩ් වයර් කෑල්ලක් පාවිච්චි කරන්න ඕනි.)



    UK-wiring-colours-changes.jpg