සේරටම කලින් කියපන් උබ කොහෙද ඉන්නේ කියලා
කොලබ ගණන් නම් මෙහෙමයි
වැලි කියුබ් එකක් 11000-12500 අතරේ යන්නේ...ටික තවස ක් බඩු ගන්නකොට 10000කස්ත ගන්න පුළුවන්...වැලි දෙකක් තියෙනවා කපරාරුව ගහන එක ගණන් වැඩි...
උබ ඉන්න තැන එව්වොත්,වැලි ගන්න එකෙක් එවන්නම් වැලි කියුබ් 1.5 ගෙනත් දුන්නා 15000ට..වැලිත් හොදයි,මඩ නැත
හොදට බලපන් ගොඩක් කඩ කාරයෝ වැලි පුබ්බලා ගහලා එවනවා..එහෙම උනාම තියෙන්නේ 100න් 85ක් වගේ..උන් 15 කනවා...ගොඩක් මෙහෙ වාහන හදලා තියෙන්නේ 85ක් වගේ ගෙනියන්න

අපිටත් ඕක අහු උනේ ස්ලැබ් එක දාද්දි..එදා බැන්නට පස්සේ වැහෙනට ලෑල්ලක් ගහන් අවා

ඒ අතරේ තමා කලින් කිව්වා කෙනා අහුඋනේ...ඒ යකාගේ නම් එහෙම වැලි පුම්බලා එන්නේ නැහැ..
කොන්ක්‍රීට් ගල් කියුබ් එකක් 6500
කළුගල් මතක නැහැ
සිමෙන්ති නම් අඩු කරනේ අපි ගෙනාවේ 910-920 ගණන් වලට,අඩු කරන්න කලින් (ලොකු කොන්ට්‍රිට් එකක් දානවා නම් එක පාර company එකෙන්ම ගන්න පුළුවන්.එතකොට ගාන අඩුයි )
බාස් කුලිය මෙහෙ අස්ප ගණන් 2000 ක් වගේ ගන්නවා හෙඩ් බාස්,එකත් 9 ට ඇවිත් 4 ට යනවා..
මාතරින් අරන් ඇවිත් වැඩ කලේ හෙඩ් බාස් 1500,ගෝලයට 1200,තුන් වෙලේට කන්න දුන්නා

ඒ උනාට උදේ 07 ඉදන් රැ 6.30 වෙනකන් වගේ වැඩ කළා..(ice ගැහුවේ නැතුවමත් නෙවි

)
උබට තව වියදම් අමතක වෙලා...කෝ බන් පුරවන්න පස්?
කොලබ පස් හොයා ගන්න තමා අමාරුව.. කියුබ් 1 ක් 3500-300 අතරේ වෙනවා..උබට පස් පුර වන්නම හෙන ගානක් යනවා
පුළුවන් නම් අදිවේගී මාර්ගේ වගේ පස්ස කපනවාද බලපන්..ඒවගේ අයට ගානක් දුන්නම අර කලින්ට වඩා අඩුවට ගෙනත් දෙනවා
තව උදව්වක් ඕන නම් PM එකක් දාපන්..
