ඇත්ත සහෝනියම ත්‍රෙඩ් එකක් මචන්. ඇස් කන් වහගෙන ඉන්න සිංහලයන්ට නැගිටින්න මේක හොද පොයින්ට් එකක් වෙයි. එලකිරි යාලුවො හැමෝම මේ ත්‍රෙඩ් එක් බලන්න. බලල අඩුම තරමෙ ගව මස් කනවනම් ඒක වත් නවත්තල උදව්වක් කරන්න.
මස් කන එක නතර කරන්න මහා අමාරු දෙයක් නෙවේ. එක හිතෙන් හිතා ගන්න "මම වෙනුවෙන් තවත් සතෙක් ගෙ ජීවිතයක් නැතිකරන්න හවුල් වෙන්නෙ නෑ.... මළකුණු මගේ බඩට දා ගන්නෙ නෑ කියලා."
හිතපු මොහොතෙ ඉඳලා මස් කෑම නතර කරන්න..,
ටික දවසකින් මස් .. උම්බලකඩ කෑල්ලක් වත් කැවුනොත් ඔයාලට දැනේවි කටට අමුත්තක්.. අපුල බවක්.
හිත විතරයි මේකට අවශ්‍ය මචංලා.. කට්ටිය කියාවි මිනිසා සර්ව භක්ශකයෙකි ඒ නිසා මස් කන්න ඕනි කියලා.. ඒත් අපිට අවශ්‍ය ප්‍රෝටීන ශාකමය විදියටත් ගන්න පුළුවන්.. නැත්තෙ Omega 3 කියන ඇමිනෝ අම්ලය විතරයි.
කාට හරි ප්‍රෝටීන ඌනතාවයක් වගේ දැනෙනව නම් Amino-Plus කියල අමතර protein supplement එකක් වෙලඳ පොලේ තියෙනවා.
මේකයි මම නම් දකින සංසිද්දිය: මනසින් උසස් මිනිසෙක් වගේ අන් සතුන් කෙරෙහි කරුණාව දක්වලා කාලයාගේ ඇවෑමෙන් පහන් සිතෙන් මියයන එකද.. නැතිනම් සාමාන්‍ය සර්ව භක්ශකයෙක් වගේ ඉඳල අනිත් සතුන් මත යැපිලා සාමාන්‍ය මිනිසෙක් වගේ මිය යන එකද කියල අපි තීරනය කරමු..
කොහේ හරි පාටියක බාබිකියු සුවඳ දැනුනොත් කටට කෙළ උනාවි, බෝඩිමේ කට්ටිය කරවල හොදියි පානුයි කනකොට කටට කෙළ උනාවි... හිත , අපි අපි ගැනම තියන විශ්වාසය නොසැලෙනව නම් නිර්මාංශව ඉන්න පුළුවන්.. මම නම් හිතන්නෙ මෙතැනදී අපෙ විනිසුරු අපේ හිතමයි.. වෙන කවුරුවත් නෙවෙයි..

අපි මස් නොකා ඉන්න එකෙන් කරන්නේ සොබාදහමට විරුද්ද වෙනවා වගේ වැඩක් නේද?..
