චතුරගේ උත්තරේ...
මා රටක ජාතික දිනයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යනවා යැයි අගමැතිතුමා ප්‍රකාශ කිරිම බරපතල කාරණයකි.නමුත් පසුගිය දිනක අමාත්‍යවරයෙක් විසින් සදහන් කරන ලද ප්රභූන්ගේ මුහුණට හිරු එලිය වැටෙන නිසා නිදහස් දින උළෙල උදේ හා සවස ලෙස දෙවතාවකට හෝ ප්‍රධාන පීඨිකාව වෙනත් පසෙකින් ඉදිකිරිම යන කාරණය උපහාසයට ලක්කිරිම නිසා අග්‍රමාත්‍යවරයාගේ විවේචනයට ලක් වනවා නම් එය කණගාටුවට කරුණකි.
එවිට මට මතක් කර දිමට සිදුවන්නේ යුධ හමුදාව දින ගණනක් පෙර පුහුණුවිම් වල ගිනි අව්වේ පිච්චි පිච්චි හිදින්නේ අනෙකුත් පාර්ශව වල දින ගණනක් අව්වේ සිට පුහුණුව්ම් කරන්නේ,කැපවීම් කරන්නේ තම ජාතියට,රටට නිදහස් දිනයට තිබෙන ආදරය නිසා බවයි.
යුද්ධය කලේද එම හමුදාවමය.අව්වේ සිටියේද එම හමුදාවමය.තම ඇස්,ඉස් ,මස් ,ලේ දන් දුන්නේද එම හමුදාවමය.අද නිදහස් දිනයේ රෝද පුටු වල නැගි යන්නේද සන්නාහ ,සන්නද්ධ රථ වල අද යන්නේද ඔවුන්මය.
එදත් අපි නිවෙස් තුලට වි ආරක්ෂිතව සිටියෙමු.අදත් සිටින්නෙමු.එය උදා කලේ ඔවුන්ය.ඔවුන්ද අප මෙන්ම මිනිසුන්ය.ඔවුන්ට අව්වේ සිටිය හැකිනම් ප්රභූන්ට හෝ අපට ටේන්ට් එකක් යට සිට පැය දෙකක් තුනක් බලා සිටිය නොහැක්කේ ඇයි?
හැමදාමත් වගේ අදත් මා විමසු මේ කරුණ නිසා මෙය ජාතික දිනයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යනවා යැයි අගමැතිතුමා සදහන් කරන්නේ නම් මා කනගාටු නොවෙමි.
මා කණගාටු විය යුත්තේ මාධ්‍යවේදියෙකුව සිට එම කාරණය මා විමසුවේ නැති නම් පමණි.එයට දේශපාලනයක් නැත.
අපි රටට ආදරේ පරම්පරාවයි.
උපුටා ගැනීම චතුර අල්විස්ගේ පේජයෙන්

man mula idanma wage oya programme eka balanwa godak welawata..mervin silvata pawa oka e kaale kindy daala katha kala..muta thiyenne rata gena kekkumak 