චම්පික පොරතුමාගේ අංක සෙල්ලම්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පික පොරතුමාගේ අංක සෙල්ලම්

    චම්පික පොරතුමාගේ අංක සෙල්ලම්

    චම්පික ‍පොරතුමාගේ අංක සෙල්ලම්
    අංක සෙල්ලම් පෙන්නලා ඇත්ත තත්වය වහන්න හදන්න එපා
    රටේම චන්දවල මහින්දට ලක්ෂ 57.7,
    මෛත්‍රීට ලක්ෂ 62.1,
    වෙනස, ලක්ෂ 62.1 –
    ලක්ෂ 57.7 =
    ලක්ෂ 4.4
    අම්පාර, මඩකලපුව, යාපනය, නුවරඑළිය, ත්‍රිකුණාමලය, වන්නි දිස්ත්‍රික්ක හයේ පමණක්, වෙනස,
    ලක්ෂ 12.5- ලක්ෂ 4.7 = ලක්ෂ 7.8
    අනෙක් දිස්ත්‍රික්ක 16 ම ප්‍රකාශිත මුළු චන්ද ලක්ෂ 103 න් ,
    මහින්දට ලක්ෂ 52.9,
    මෛත්‍රීට ලක්ෂ 49.6,
    වෙනස, ලක්ෂ 52.9 – ලක්ෂ 49.6 = ලක්ෂ 3.3
    දැන් කවුද කියන්නේ සුළු ජාතික චන්ද නිසා මෛත්‍රී දිනුවේ නෑ, සිංහල චන්ද වලින් තමි මෛත්‍රී දිනුවේ කියල? චම්පික ඇමති තුමාගේ අංක සෙල්ලං කතාවට අහුවෙලා ඇත්ත තත්ත්වේ වහන්න හදන්න එපා…
    මෙන්න මේකයි ඇත්ත තන්වේ…
    මෛත්‍රීට සිංහලයන්ගේ චන්ද 80-85% වෙන්නේ සිංහලයෝ රටෙන් 70% විතර ඉන්න නිසා… ඉතින් 70%ක් ඉන්න සිංහලයන්ගේ චන්දේ දෙකට බෙදුනම මෛත්‍රී ගත්ත මුළු චන්ද ගානෙන් ලොකු ප්‍රතිශතයක් වෙනවා කියල 9-10 වසරේ ඉන්න ළමයෙකුටත් තේරෙන දෙයක්නේ
    සිංහලයන්ගේ චන්දෙ මහින්ද/මෛත්‍රී ට බෙදුනේ බොහෝ ප්‍රදේශ වල 50-55% / 45-50% අනුපාතෙට… එක බොහොම පැහැදිලිව පෙන දෙයක් එක එක ආසනේ චන්ද ප්‍රතිපල දිහා බලපුවම.
    සුළු ජාතික චන්ද වැඩි ප්‍රදේශ වල චන්දෙ මහින්ද/මෛත්‍රී ට බෙදුනේ බොහෝ ප්‍රදේශ වල 25% / 70-75% අනුපාතෙට.. එතකොට සුළුජාතික චන්ද වැඩි ප්‍රමාණයක් ගිහින් තියෙන්නේ මෛත්‍රීට… විශ්වාස නැත්තම් ප්‍රතිපල ආයෙත් බලන්න
    (http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2015)…
    අම්පාර, මඩකලපුව, යාපනය, නුවරඑළිය, ත්‍රිකුණාමලය, වන්නි දිස්ත්‍රික්ක හයේ පමණක් ප්‍රකාශිත මුළු චන්ද ලක්ෂ 17.5 න්
    මහින්දට ලක්ෂ 4.7 (27%),
    මෛත්‍රීට ලක්ෂ 12.5 (71%)
    චන්ද වෙනස (12.5-4.7 = ලක්ෂ 7.8),
    අනෙක් දිස්ත්‍රික්ක වලත් සුළුජාතික චන්ද ගැන ආසන මට්ටමේ ප්‍රතිපල බලපුවම පේනවා…
    රටේ මිනිස්සු බුද්ධිමත් තීරණයක් අරගත්තා කියල උඩ පනින්නේ නැතුව ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියල තේරුම් ගන්න…
    දල වශයෙන්, සිංහල චන්ද වලින් මෛත්‍රී ලක්ෂ 3.3කින් පරාදයි,
    සුළු ජාතික චන්ද වලින් ආපු වැඩි චන්ද ලක්ෂ ලක්ෂ 7.8 න් තමයි මෛත්‍රී මහින්දට වඩා ලක්ෂ 4.4ක් චන්ද ගත්තේ..
    දැන් කවුද කියන්නේ සුළු ජාතික චන්ද නිසා මෛත්‍රී දිනුවේ නෑ කියල?

    10389133_863119680385349_8208883142115197311_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    හිටපු විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස්‌ ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ යන දෙදෙනා ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    චාල්ස්‌ ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්‌ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.

    මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.

    මෙම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක්‌ ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක්‌ වාර්තා වී නැත.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,482
    113
    lol චම්පකත් එක්ක තාමත් තරහද?:lol:උපරිම වේදනාවේ සලකුණු.:P