චිත්ත_තරංවලින්_ගිනි_තබන_දැරියක්‌

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
චිත්ත_තරංවලින්_ගිනි_තබන_දැරියක්‌

Brain Fire චිත්ත තරංවලින්
ගේ දොර ගිනි තබන දැරියක්‌ වියට්‌නාමයෙන් හමුවෙයි


මුළු මහත් වියට්‌නාමයම කළඹාලමින් පැතිර ගිය අපූරු ආරංචියක්‌ නිසා ලොව පුරා සිටින භෞතික විද්‍යාඥයන් සහ අධි මානසික විද්‍යාඥයන්ගේ අවධානය පසුගිය සතියේදී වියට්‌නාමය දෙසට යොමු වුණා. මොකක්‌ද මේ සිද්ධිය? ඒ තම චිත්ත තරංගවලින් ඕනෑම දෙයක්‌ ගිනිබත් කළ හැකි 11 හැවිරිදි දැරියක්‌ වියට්‌නාමයෙන් හමුවීමයි. වියට්‌නාමයේ HO-CHI-MING නගරයේ Tan Binh දිස්‌ත්‍රික්‌කයේ ජීවත්වන ඇයට ඕනෑම භෞතික වස්‌තුවක්‌ ඉතා සුළු මොහොතක්‌ තුළ ගිනි දැල් වලින් වසාලීමට පුළුවන්.
d4.jpg


ඇය තම අසමසම හැකියාව ප්‍රදර්ශනය කරන්නට පටන්ගෙන මේ වන විට මාස 5 ක්‌ ගතවී තිබෙනවා. පසුගිය වසර කිහිපය තිස්‌සේම ඇගේ නිවසේ විදුලි වයර් ජාලය විටින් විට ගිනි ගත්තා. මේ ගැන සොයා බැලීමට විදුලි කාර්මිකයන් කැඳවනු ලැබුවත් ඔවුන්ගෙන් විසඳුමක්‌ ලබා ගන්නට බැරි වුණා. ඒ අතර තම දියණිය දැල්වෙන විදුලි බල්බයක්‌ දිහා ඕනෑ කමින් බලා සිටින විට එහි විදුලිය විසන්ධිකර තිබුණත් පිළිස්‌සී ගිනි ගන්නා බව ඇගේ පියාට පෙනී ගියා. ඔහු සිය දියණිය වෙනත් නිවෙස්‌වලට ගෙන ගිහින් විදුලි බල්බ දිහා බලා සිටීමට සැලැස්‌සූ විට ඒවාත් ගිනි ගත්තා. ඉන්පසු ඇය ගෙදර මේන් ස්‌විච් එක දිහා බලා සිටිද්දී එය පුපුරා විනාශ වුණා.
XpOOZ.jpg


ගින්නක්‌ කියන්නේ අපට අවශ්‍ය තැනින් පටන් ගෙන අපට අවශ්‍ය තැනින් නවතින දෙයක්‌ නොවෙයි. ඒ නිසා මේ කුඩා දැරිය එක තැනකින් අවුළුවන ගින්න දිගටම පැතිර ගොස්‌ නිවසේ පළාතක්‌ම අළු කරන අවස්‌ථා එළැඹුණා.

පසුගියදා ඇය සිය පවුලේ අය සමග වියට්‌නාමයේ Vang Tau වෙරළේ පිහිටි නිවාඩු නිකේතනයක දෙසති නිවාඩුවක්‌ ගත කළා. ඇය නිදා සිටි ඇඳේ මෙට්‌ටය, විදුලි පංකාව යනාදිය ඇය බලා සිටියදීම ගිනි ගත්තා. ළඟදී ඇය වැසිකිළියේ සිටින විට toilet seat එකේ කෙළවරක්‌ හදිසියේම පිළිස්‌සී අඟුරු වී ගියා. අදටත් ඇය ඇඳ සිටින ඇඳුම් හිටි හැටියේම ගිනි ගන්නවා. ඇය සිය පවුලේ සෙසු සාමාජිකයන් සමග ජීවත් වන්නේ මහල් නිවාසයකයි. පසුගියදා (2013 මැයි 12) එහි තුන්වන මහළ ගිනි ගත්තා. ඇගේ පවුලේ අය දැන් පැය 24 පුරාම ඇය දෙස ඉතා පරෙස්‌සමින් බලා සිටිනවා. මන්ද ඇය කොයි මොහොතක හෝ ගින්නක්‌ ඇවිලවීමට ඉඩ තිබෙනවා. ඇය නින්දට ගිය විට ඇගේ සයනය වටා තෙත තුවා, Bed Sheet අතුරා වතුර පිරවූ භාජන රැසක්‌ සූදානමින් තබනවා.

QPAfc.jpg


pyroviet11.jpg


දැරිය යමකට ගිනි තබන විට ඇගේ සිරුරින් කිසිදු ආකාරයක ගිනි දැල්ලක්‌ හෝ කිරණයක්‌ නිකුත් වෙන්නේ නැහැ. අඩුම තරමින් විශේෂ තාප තරංගයක්‌වත් හට ගන්නේ නැහැ. පසුගියදා වියට්‌නාමයේ Hons Bang විශ්වවිද්‍යාලයේ භූ ජෛව ශක්‌තීන් පිළිබඳ පර්යේෂණ අංශයේ කණ්‌ඩායමක්‌ ඇය පිළිබඳව පරීක්‍ෂණයක්‌ කළා. ඔවුන් කියා සිටියේ ඇගේ ශරීරය තුළ කිසියම් අසාමාන්‍ය ක්‍රියාවලියක්‌ හටගන්නා බව තමන්ට පෙනී යන බවයි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Nguyen Manh Hung කියන පරිදි අවට තිබෙන දේවල්වලට ගිනි අවුළුවන්නට හෝ තදබල තාපයක්‌ ආරෝපණය කරන්නට දැරියට පුළුවන්. මෙය වියට්‌නාමය තුළ පමණක්‌ නොව මුළු ලෝකයේම සිදුවූ පුදුම සහගත සිද්ධියක්‌." "මහාචාර්යවරයා පෙන්වා දෙනවා" ඇගේ මොළයේ දකුණු පැත්තේ ඉතාම අසාමාන්‍ය රේඛාවක්‌ තිබෙනවා. ඇගේ මොළේ Scan කළ විට අප ඒ බව දුටුවා. සමහර විට ඇය තමන් අවට පමණක්‌ නොව සැළකිය යුතු දුරකින් පිහිටි දේවල් පවා ගිනි ගන්වනවා..." මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කරනවා.

ඇගේ සිරුරේ රුධිරය, චර්ම පටක, රුධිරය, මුත්‍රා සහ ඇය විසින් ගිනි තබන ලද දේවල් විශ්වවිද්‍යාල පර්යේෂණාගාරය තුළ මේ වන විට පර්යේෂණයට ලක්‌ව තිබෙනවා. වියට්‌නාමයේ මානව හැකියාවන් පිළිබඳ පර්යේෂණ අංශයේ විද්‍යාඥයකු වන Nquen Phuc Giac Hai කියන්නේ මේ දැරිය ගෝලීය විද්‍යාත්මක ක්‍ෂේත්‍රය තුළ තේරුම් ගත නොහැකි තරමට සංකීර්ණ බවයි. ඇය ගැන පර්යේෂණ වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ සමුළුවක්‌ ගිය සතියේදී වියට්‌නාමයේ මානව හැකියා පර්යේෂණ අංශයේ පැවැත්වුණා. විද්‍යාඥයන් එහිදී වැඩිපුරම උනන්දු වුණේ ඇගේ දේහය සහ මොළය ආරක්‍ෂා කළ යුත්තේ කෙසේද යන්න සොයා බැලීමයි.

දැනට වියට්‌නාමයේ විද්වතුන් මේ දැරිය T යන සංකේතයෙන් හඳුන්වනවා. ඇගේ මොළයේ දකුණු පස තිබෙන රේඛාව රත් පැහැයෙන් බබලන බව ස්‌කෑන් පරීක්‍ෂණයේදී හෙළිවුණා. එහෙත් තිරුවානා පාෂාණ කැබලි ඇගේ සිරුරට කිට්‌ටු කරන විට මේ රේඛාව අතුරුදන්වන අතර දැරිය මහත්සේ රෝගී බවක්‌ පෙන්වනවා. මෙවැනි ඇතැම් විටෙක ඇය විදුලි සර වැදුණු කෙනකු වගේ දඟලන්නට පටන් ගන්නවා.

වයස අවුරුදු තුනේදී ඉතා බරපතළ අනතුරකට මුහුණ දුන් මේ දැරිය තමා සිටින තැන සිට මීටර් 20 ක්‌ අවට ප්‍රදේශය තුළ තිබෙන දේවල් සම්පූර්ණයෙන්ම දවාලන බවත්, ඉන් ඔබ්බෙහි තිබෙන දේවල් අර්ධ වශයෙන් දවාලන බවත් සඳහන් වනවා. දැරියගේ ඡායාරූප කිසිවක්‌ මාධ්‍යවලට නිකුත් කර නැහැ.



"දිවයින"
 
Last edited:

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    සිතල යුද්ද කාලේදී ඔයවගේ මිනිස්සුන්ගේන රුසියන්කාරයෝ ගොඩක් ප්‍රොයෝජන ගත්තා කියලා අපේ සියා කියලා තියෙන මට
    ඔත්තු බලන්න අදීමානසික බල තියෙන මිනිස්සු යොදාගත්තලු ගොඩක් වෙලාවට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගෑණු දැරිවිට විතරක් නෙවෙයි..............

    බොහෝ ගෑණුන්ට උපතින් ම ගිනි තැබීමේ හැකියාව පවතිනවා............:dull: