චීනා සපත්තුවක් දීලා ගිහින්ලු..

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    චීනා සපත්තුවක් දීලා ගිහින්ලු..

    chineserunnergivenhissh.jpg

    15 වැනි ආසියානි කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙල අවසන් වුවද එහි පසු කතා තවමත් තැන තැන ඇසෙමින් තිබේ. මෙම සිදුවීමද එවන් කතාවකි. ක්‍රීඩාවේ සැබෑ ගුණය මතුවන මෙම සිදුවීම ඇසින් දුටු කිහිප දෙනෙක් එය මාධ්‍ය වල පල නොවුනේ ඇයි දැයි විමතියෙන් කතා කලේය.

    පසුගිය දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 15 වැනි ආසියානු කනිෂ්ඨ උලෙලේදී මීටර් 10,000 ඇවිදීමේ තරඟය ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද තරඟ කරුවන් සහභාගී වී සිටියේය. මේ අතරින් පාවහන් යුගලක් නොමැතිව තරඟයට සහභාගී වි සිටියේ ශ්‍රීලංකාවේ ක්‍රීඩකයෙකු පමණි. තරඟය ආරම්භවී වට ගනනාවක් යනවිට පාවහන් නොමැතිව තරඟ වැදුන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හා තවත් කීප දෙනෙකු පසුබසිනු දක්නට ලැබුණි.

    කෙසේ හෝ තරඟයේ අවසාන අවස්තාව වන විට අංක 176 පැළඳ සිටි චීන ජාතික ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රීඩකයාට වට දෙකක පරතරයක් තබා ඉදිරියෙන් සිටියේය. තරඟය නිම කළ චීන ක්‍රීඩකයා සිය ප්‍රීතිය ප්‍රකාශ කර තරඟ අවසානයට වී අවසන් ක්‍රීඩකයාද පැමිනෙනතුරු බලා සිටියේය.

    පසුව අවසන් ක්‍රීඩකයාට කලින් තරඟය නිම කල ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙත ගිය චීන ක්‍රීඩකයා සිය පාවහන් යුගලය ගලවා ඔහුට පිරිනමා ඔහුව වැළඳගත්තේය.

    එම සිදුවීම දුටු කිහිපදෙනෙකුගේම දෑස් කඳුළු වලින් තෙමී ගියේය. අප මෙම සිදුවීම දකින්න්නේ චීන ජාතිය විසින්ම හුරු කළ ආදර්ශයක් ලෙසය. එම චීන ක්‍රීඩකයා කනිෂ්ඨ මට්ටමේ සිටියද ඔහුගේ එම ක්‍රියාව අපේ රටේ ක්‍රීඩකයන්ට පමණක් නොව නිළදාරීන්ට මෙන්ම ශ්‍රී ලාංකික ජාතියටම ආදර්ශයකි.​



    86483913.jpg

    මේක ටිකක් වැදගත් කියල හිතපු හින්දා දැම්මෙ...හොඳයි නම් ඉතින් සැලකුවාට කමක් නෑ...

    මෙය වෙබ් පිටුවකින් උපුටා ගන්නා ලද්දකි...​
     
    • Like
    Reactions: nimal2011