චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන අවස්ථා 2යි නේ බන් තියෙන්නේ. ඊට වඩා නැහැ.
    අවබෝධයක් නැති එක වැටෙන්නෙත් ඒ එක ගොඩකට.

    හරි එක උත්තරයක් තියනවා. උඹ ආමිස පුජාව ප්‍රතික්ෂේප කරනවා. ok.

    බුද්ධ පුජාවක් තියන්න ලොබ වෙන්න තරම් තන්හාව තියන බෞද්ධයෙක් අසරණයන්ට උදවු කරනවද? :D
    කිසි සෙත් වෙන්න බෑ.
    ඔය පුජාවට 50000ක් විතර සහබාගි වුනා.
    ඒ ඒ මිනිස්සු ගෙනත් තියෙන්නේ ඒ ඒ මිනිස්සුන්ගේ වතුවල , සල්ලි දීලා ගත්ත පලතුරු.
    එක මිනිහෙක් එක පැපොල් ගෙඩියක් ගෙනාවත් ආසන්න වශෙයන් පැපොල් 50 000 ක්.
    එක මිනිහෙක් පලතුරු කිලෝ 3ක් ගෙනාවොත්?
    මම කියන්න ඕනේ නෑ ... තේරෙනවා නේ.

    එතකොට බුද්ධ පුජාවකට කෙහෙල් ඇවරියක් තියන්න බැරි පෙරේතයෙක් හිඟන්නන්ට, අසරණයන්ට දෙනවා? :D

    ඒක පැත්තක තියමු...

    උඹ නිරය විස්වාස කරනවද? දිවය ලෝකය විස්වාස කරනවද?
    එහෙනම් පින පව විශ්වාස කිරීමෙන් ඇති පලේ මොකද්ද?
    වෙනත් විදියකින්...
    කර්මය විශ්වාස කරනවද? පුනර්භවය විශ්වාස කරනවද?

    එහෙම ලගු කරන්න එපා මචං. සමහර මිනිසුන් ඉන්නව මම දැකල තියන සමාජ පදනම් පිහිටුවාගෙන මිනිසුන්ට උපකාර කරනවා. එත් පන්සල් වලට කියල විශේෂයෙන් උදවු කරන්නේ නැති. දන්නේ නැති දෙයක් ඇහුවම එකට උත්තර දීපන්. ප්‍රශ්න අහනව. තර්ක කිරීමක් නෙමයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ නිල් පාට උත්තරය සදහන් කරුණු ?? ගැලපෙනවද??

    නිල් පාට එක හරි නමුත් එතන පොඩි අඩුපාඩු වගයක් තියෙනවා, එකක් තමයි සිල්වත් කෙනෙක් දුස්ශීලයෙකුට දානයක් දුන්නා කියලා හිතන්න එතකොට ශිල්වත් කෙනාට පින් ලැබෙනවා, ඒක ඒක පාර්ශවීය වශයෙන් පිරිසිදුයි. අනෙක් එක එතන target කරලා තියෙන්නේ ආමිස දානයයි. ආමිස දානය තමයි ඔය බඩු මුට්ටි අරවා මේවා දෙන එකට ආයත්, තව තියෙනවා අභය දානය, ධර්ම දානය වගේ දේවල්, ඒකට සත්තු මරණයෙන් මුදවා ගැනීම වගේ කවුරු හරිව බේරාගැනීම ඇතුලත්. ඉතින් ඒක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් හිත සකස් වෙලා පමණක් තිබෙනවා නම්. ඉතින් සරලව කිව්වොත් කුසල් අකුසල් වෙන්නේ ඒ අවස්ථාවේ සිතේ පවතින චේතනාව අනුවයි.
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    E danaya dakala hitha pahadawa gana puluwa nam Sraddawa wadi kara ganna puluwan nam eka pinak .......

    mewan asirimath pinkam walin ape hitha padinna one budu rajanan wahanse ganmai ...

    oka aparadayak nam >>>> ithin budun ta buddha pojawa dena ekath aparadayak kiyala hithei mokda eka wena kata hari kanna denna puluwan ne .....

    Reukane hamudurwange Dhama Winshchaya kiyawanna ... me gana pahadili wewi ....

    http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Dharma Vinishchaya.pdf
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes:100%ක් ගැලපෙනවා සහ ඔය තමයි ඇත්ත..

    ඔය කියන එකට එය කියන එක ගැලපෙන්නේ නැහැනේ:) ඔය කියන්නේ චේතනාව අනුව කියල එත් නිල්පාට උත්තරයේ කොන්දේසි තියනවා ?? චේතනාව තියනවා නම්. අර කොන්දේසි ඉටු නොවනම් කොහොමද ???
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol:ඇත්තමයි..ඔහොම්මයි මටත් හිතුනේ..මම ඒක පෝස්ට් කලත් එක්ක..:yes:

    :lol: niyamai... he he :D

    denna gelapenawa ehenam hodata
    9.gif

    :D

    එහෙම තමයි මචන්... මේ thread එකේ මිනිසු කොටස් 2 කට බෙදිලා තියනවා.
    [තිසරණය ඇති - තිසරණය නැති] විදිහට.
    වෙනත් විදිහකට,
    [බෞද්ධ - බෞද්ධ නොවන] විදිහට...

    අශ්මි අක්කයි මමයි ඉන්නේ "තිසරණය ඇති" පැත්තේ. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම ලගු කරන්න එපා මචං. සමහර මිනිසුන් ඉන්නව මම දැකල තියන සමාජ පදනම් පිහිටුවාගෙන මිනිසුන්ට උපකාර කරනවා. එත් පන්සල් වලට කියල විශේෂයෙන් උදවු කරන්නේ නැති. දන්නේ නැති දෙයක් ඇහුවම එකට උත්තර දීපන්. ප්‍රශ්න අහනව. තර්ක කිරීමක් නෙමයි

    නැහැ මචන්.. මම දෙයක් උඹට කියන්න හදන්නේ..
    ඒකයි අර පොස්ට් එකේ උඩ හයිලයිට් කරලා තියෙන්නේ.
    ඒ තැනටයි මම උඹව අරන් එන්නේ.

    මම දන්නා විදිහට උත්තර දෙන්නම්. ඊට කලින් මට ඒක උඹට කියන්න වෙනවා.

    මේ තර්ක කරනවා නෙවේ බන්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිල් පාට එක හරි නමුත් එතන පොඩි අඩුපාඩු වගයක් තියෙනවා, එකක් තමයි සිල්වත් කෙනෙක් දුස්ශීලයෙකුට දානයක් දුන්නා කියලා හිතන්න එතකොට ශිල්වත් කෙනාට පින් ලැබෙනවා, ඒක ඒක පාර්ශවීය වශයෙන් පිරිසිදුයි. අනෙක් එක එතන target කරලා තියෙන්නේ ආමිස දානයයි. ආමිස දානය තමයි ඔය බඩු මුට්ටි අරවා මේවා දෙන එකට ආයත්, තව තියෙනවා අභය දානය, ධර්ම දානය වගේ දේවල්, ඒකට සත්තු මරණයෙන් මුදවා ගැනීම වගේ කවුරු හරිව බේරාගැනීම ඇතුලත්. ඉතින් ඒක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් හිත සකස් වෙලා පමණක් තිබෙනවා නම්. ඉතින් සරලව කිව්වොත් කුසල් අකුසල් වෙන්නේ ඒ අවස්ථාවේ සිතේ පවතින චේතනාව අනුවයි.

    :yes:සාමාන්‍යෙන් කෙනෙක්ට කරන්න අමාරුම දේ තමයි පිරිසිදු සිතින් දන්දීම..දුන්නත් අපරාදේ දුන්නේ කියලා හිතෙනවනන් ඒත් අර දීපු එකෙන් ලැබෙන පින හරිහැටි අනුමෝදන් වෙන්නෑ..නිකමට හිතන්න ගොඩක් වෙලාවට මනුස්ස හිතේ ස්වභාවය අනුව තව කෙනෙක්ට නැත්තන් දුප්පත් කෙනෙක්ට පිනට දුන්න කියලා හිතමු..අපි හිතමු ගමේ ඉන්න දුප්පත් පවුලකට පින් සලකාගෙන උදව් කලා කියලා..පස්සේ එයාලාගේ වැරදි මොනා හරි දකිද්දි අපරාදේ මුන්ට දුන්නේ කියලා හිතෙනවා නේද?ඒත් චෛත්‍යකට විහාරෙකට වගේ දෙයක් පූජාකලාම එහෙම හිතෙනවා අඩුයි..එහෙම දේවල් නිසාත් මිනිස්සු ගොඩක් මේවගේ පූජාවලට සහභාගි වෙනවා ඇති දුප්පත් මනුස්සයෙක්ට උදව් කරනවට වඩා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිල් පාට එක හරි නමුත් එතන පොඩි අඩුපාඩු වගයක් තියෙනවා, එකක් තමයි සිල්වත් කෙනෙක් දුස්ශීලයෙකුට දානයක් දුන්නා කියලා හිතන්න එතකොට ශිල්වත් කෙනාට පින් ලැබෙනවා, ඒක ඒක පාර්ශවීය වශයෙන් පිරිසිදුයි. අනෙක් එක එතන target කරලා තියෙන්නේ ආමිස දානයයි. ආමිස දානය තමයි ඔය බඩු මුට්ටි අරවා මේවා දෙන එකට ආයත්, තව තියෙනවා අභය දානය, ධර්ම දානය වගේ දේවල්, ඒකට සත්තු මරණයෙන් මුදවා ගැනීම වගේ කවුරු හරිව බේරාගැනීම ඇතුලත්. ඉතින් ඒක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් හිත සකස් වෙලා පමණක් තිබෙනවා නම්. ඉතින් සරලව කිව්වොත් කුසල් අකුසල් වෙන්නේ ඒ අවස්ථාවේ සිතේ පවතින චේතනාව අනුවයි.

    මෙන්න මේක මම අහන්න හිටියේ. සමහරවිට දානය දෙන කෙනාට හොරෙන් පව් බද කරන්න පුළුවන් දානය ගන්න කෙනා ඒවගේ අවස්ථාවක කොහොමද කියල එල එක තේරුණා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය කියන එකට එය කියන එක ගැලපෙන්නේ නැහැනේ:) ඔය කියන්නේ චේතනාව අනුව කියල එත් නිල්පාට උත්තරයේ කොන්දේසි තියනවා ?? චේතනාව තියනවා නම්. අර කොන්දේසි ඉටු නොවනම් කොහොමද ???

    නෑ දානයක් දෙනකොට කාරණා කීපයක් සම්පූර්න වෙන්න වෙන්න ඕනි
    චිත්ත සම්පත්තිය - හිත සකස් වීම
    වත්තු සම්පත්තිය - දාන වස්තුව ධාර්මිකව උපයා ගත් එකක් වීම
    කෙත්ත සම්පත්තිය - දන් ලබන පාර්ශවයේ සිල්වත් කම සහ ගුනවත් කම

    ඉතින් ගැලපෙන්නෑ කියන්නේ කොහොමද?මෙතනම යහපත් චේතනාවට කරුණු සකස් වෙලානේ..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න මේක මම අහන්න හිටියේ. සමහරවිට දානය දෙන කෙනාට හොරෙන් පව් බද කරන්න පුළුවන් දානය ගන්න කෙනා ඒවගේ අවස්ථාවක කොහොමද කියල එල එක තේරුණා

    දානය මහත්ඵල මාහනිසංස ලැබෙන්නනන් දෙපැත්තම සිල්වත් වෙන්න ඕනේ..ඒත් එහෙමයි කියලා අපි යහපත් චේතනාවෙන් කරන දේ විපාක අපිට නැතිවෙන්නෑ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ දානයක් දෙනකොට කාරණා කීපයක් සම්පූර්න වෙන්න වෙන්න ඕනි
    චිත්ත සම්පත්තිය - හිත සකස් වීම
    වත්තු සම්පත්තිය - දාන වස්තුව ධාර්මිකව උපයා ගත් එකක් වීම
    කෙත්ත සම්පත්තිය - දන් ලබන පාර්ශවයේ සිල්වත් කම සහ ගුනවත් කම

    ඉතින් ගැලපෙන්නෑ කියන්නේ කොහොමද?මෙතනම යහපත් චේතනාවට කරුණු සකස් වෙලානේ..:)

    එතකොට චේතනාව විතරක් වලපන්නේ නැහැනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දානය මහත්ඵල මාහනිසංස ලැබෙන්නනන් දෙපැත්තම සිල්වත් වෙන්න ඕනේ..ඒත් එහෙමයි කියලා අපි යහපත් චේතනාවෙන් කරන දේ විපාක අපිට නැතිවෙන්නෑ..

    ඔය කියල තියන දේ පරස් පරයිනේ මෙතන. හරි එත් මට එක තේරුනා.

    දැන් එතකොට මිනිහෙක් තව කෙන්ක්ගෙන් හොරකම් කරලා දානයක් දුන්නොත් ??
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කියල තියන දේ පරස් පරයිනේ මෙතන. හරි එත් මට එක තේරුනා.

    දැන් එතකොට මිනිහෙක් තව කෙන්ක්ගෙන් හොරකම් කරලා දානයක් දුන්නොත් ??

    හොරකම් කිරීමේ පව වෙනම ලැබෙනවා. දැන් දීමේ පින වෙනම ලැබෙනවා.:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය කියල තියන දේ පරස් පරයිනේ මෙතන. හරි එත් මට එක තේරුනා.

    දැන් එතකොට මිනිහෙක් තව කෙන්ක්ගෙන් හොරකම් කරලා දානයක් දුන්නොත් ??

    හොරකම් කිරීමේ විපාක ලැබෙනවා අනිවාර්යෙන්ම..ඒ වගේම දීපු දානයේ විපාකත් ලැබෙනවා..විපාක හොඳ නරක දෙකටම බලපානවා..යහපත් දෙයක් කලොත් යහපත් විපාකත් වැරදි දෙයක් කලොත් අයහපත් විපාකත්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දානය මහත්ඵල මාහනිසංස ලැබෙන්නනන් දෙපැත්තම සිල්වත් වෙන්න ඕනේ..ඒත් එහෙමයි කියලා අපි යහපත් චේතනාවෙන් කරන දේ විපාක අපිට නැතිවෙන්නෑ..

    එතකොට චේතනාව විතරක් වලපන්නේ නැහැනේ

    මන් හිතන්නේ මෙතන දක්වලා තියන කරුණු වල අඩුවක් තියෙන්නේ.
    මට මේකට අදාළ බුද්ධ දේශනාව 100% ක් මතක නැහැ.
    නමුත් "නොකළ යුතු" දේවල් වලින් වැළකිලා නිසා හැමදේම මතක නෑ..

    මම හිතන්නේ මේ තියෙන්නේ දානයක් මහත්පල - මහානිසංස වෙන්න උවමනා කරුණු ටිකක්. නැතුව ඕනෙම දානයකට නෙවේ.

    මහත්පල මහානිසංස වෙන්න,
    යහපත් චේතනාවෙන් දෙන්න ඕන.
    දානය දෙන පාර්ශවය සිල්වත් වෙන්න ඕනේ.
    දානය ලබන පාර්ශවය සිල්වත් වෙන්න ඕන. (මහත්පල - මහානිසංස වෙන්න අඩුම ගානේ මේ අය මාර්ගපල ලබන්නම ඕනේ)

    ඔය මට මතක විදිහට.. :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහත්පල මහානිසංස වෙන්න දාන දෙන්න ලේසි නෑ මේ කාලේ...
    පුළුවන් විදිහට දානයකට සහබාගි වීමයි වැදගත්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොරකම් කිරීමේ පව වෙනම ලැබෙනවා. දැන් දීමේ පින වෙනම ලැබෙනවා.:)

    පින ලැබෙන්නේ කොහොමද මචං. අදාරමිකව උපයාගත් දෙයක් නේ ??
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පින ලැබෙන්නේ කොහොමද මචං. අදාරමිකව උපයාගත් දෙයක් නේ ??

    මේ හැමදේකට වැදගත් වෙන්නේ අපේ සිත..කරන දෙයකින් සිත පිනා යාමට තමයි පින කියන්නේ..ඉතින් ඒවෙලාවේ ඇති වෙන යහප්ත් චේතනාවලින් පිං වගේම ඒ හොරකම්ට පවුත් ලැබෙනවා..