චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

Nov 27, 2009
2,139
107
0
නැහැ නැහැ එක පිනක් වෙන්න් කොතනද ? කාටවත් කරදට්‍යක් කරන්නේ නැහැ කියල පින් සිද්ද වෙන්නේ නැහැ

අවංකව ජිවත් වෙනවා කියන්නේ බොරු කරන්නෑ කියන එක. එක පිනක් තමයි. අවංක කෙනා බොරු කියන්නේ නෑ. විමාන වත්ථු කියවලා නෑ නේද ඔයා. එකේ තියෙනවා සිල්වත්ව ජීවත් වූ පමණින්ම දෙව්ලොව ගිය අය ගැන.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වචන හර්බ කරන්න නෙමයි මම අහපු දේ කියන්න. දැන් ඔයා මෙච්චර වෙලා පින කියල කිඌවෙ පිනායාම කියන එකටද ?? කුසල කර්මය කියන එකටද

පුණ්‍ය ක්‍රියා දසයෙකි. දාන, සීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවනය කිරීම, සම්‍යයක්‌ දෘෂ්ටියට පැමිණීම ඒවා වේ. මේ දස පුණ්‍ය ක්‍රියා තුළ හැසිරෙන කල හදවත නොහොත් සිත කෙලෙසුන්ගෙන් පවිත්‍ර වේ. ඒ පුණ්‍ය ක්‍රියා කළ යුත්තේ කුසල් සිත්වලින් වීමයි. කුසල් සිත්වල යෙදෙන්නේ කුසල චෛතසිකයෝම බැවින් ඒ කුසල සිතින් කටයුතු කරන කල සිත අකුසලයන්ගෙන් පවිත්‍ර වී ඇත. එසේ අකුසල් සිත් හෝ චෛතසික නොමැතිවීම සිතෙහි පවිත්‍රභාවයයි. එසේ කෙලෙසුන්ගෙන් පවිත්‍ර වන කල ස්‌වභාවයෙන්ම සිත පිනා යයි. එය එකවරම සිදුවන ක්‍රියා දෙකකි. එනම් පහනක්‌ දල්වන කල ආලෝකය පැතිරීමත් අඳුර දුරුවීමත් එකවිට සිදුවන්නා සේ හදවත පිරිසිදු වන විටම පිනා යාමද සිදුවේ.

නමුදු පිනායන සැමතැනම හදවත පිරිසිදුq වන්නේ නැත. ලෝභ මූලික අකුසල සිතක්‌ ගත්කල එහි සොමනස්‌සය යෙදෙන අවස්‌ථා ඇත. එසේ සොමනස්‌සය යෙදෙනවිට සිත පිනා යයි. නමුදු එතැනදී සිත ලෝභයෙන් අපවිත්‍ර වී ඇත. එබැවින්ද පින යනු හදවත පිනවන්නක්‌ නොව පවිත්‍ර කරන්නකි.

දැන් කුසලය යනු කුමක්‌දැයි විමසමු. 'කුච්äතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති වි�ධංසෙන්තීති කුසලා' ළාමක වූ පාප ධර්මයන් සොලවයි, චලනය කරයි, කම්පා කරයි, විනාශ කරයි යන අරුතින් කුසල නම් වේ. එනම් ලාමක වූ ලෝභාදී වූ අකුසලයෝ දුරුකරයි නම් ඒ කුසලයෝ වේ.

ඒ කුසලයෝ දසයකි. ප්‍රණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම, දැඩි ලෝභය දුරුකිරීම, ව්‍යාපාදය දුරුකිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් මිදීම යනු ඒවා වේ. මේ කුසලයන් තුල හැසිරෙන කල සිත අකුසලයන්ගෙන් මිදෙන බැවින් සිත පවිත්රර වේ. එබැවින් පින හා කුසලය ගත්කල දෙකෙහිම සමාන ක්‍රියාවන් දක්‌නට ඇත.

එසේම මේ කුසලයන් තුළ හැසිරිය යුත්තේද ඉහත දක්‌වන ලද කුසල සිත්වලින්ම වේ. එබැවින් පින් කිරීමද කුසල් කිරීමද යන දෙකම කළ යුත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් සිත් වලින්ම වේ. ඒ අනුව ගත්කල කුසලයන්ගේද පුණ්‍ය ක්‍රියාවන්ගේද ප්‍රභවය එකකි. එනම් අලෝභ අදෝස අමෝහ යන කුසල මූලයෝම වේ. මේ කුසල මූලයන්ගෙන් තොරව පින් හෝ කුසල් කළ නොහැක. එබැවින් යමෙකු පින් කමක්‌ කළේද කුසල ක්‍රියාවක්‌ කළේද ඔහුට ඇතිවන්නේ කුසල මූල ජවන් වීථිම වේ.

තවද කුසල කර්මයක්‌ ගත්කල ඒ හරහා පිංකමක්‌ සිදුවීම ඒකාන්තය. ඒ මෙසේයි.

ඔබ ප්‍රාණඝාතයෙන් වලකිනවා යනු සීලමය පින්කමයි. සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන මේ සියලු කුසල්හි හැසිරීම යනු සීලමය පිංකම් සිදුකිරීමයි. දැඩි ලෝභය දුරුකිරීම් නම් වූ කුසලය තුළ හැසිරෙන්නේ නම් දානය නැමැති පිංකම සිදු කළා වේ. ව්‍යාපාදය දුරුකරන්නේ නම් මෛත්‍රී භාවනාව කළා වේ. මිත්‍යාදෘෂ්ටිය දුරුකරයි නම් සම්‍යක්‌ දෘෂ්ටියට පැමිණීම නම් වූ පිංකම සිදුකළා වේ. ඒ අනුව කුසල කර්මයක්‌ සිදුකිරීම යනු එකාන්තවම පින්කමක්‌ සිදුකළා යන්නයි. එබැවින් පිංකම යනු කුසලය තුළ අඩංගු වුවකි.

නමුදු පින් කමක්‌ ගත්කල එය කුසලයක්‌ වීමටද නොවීමටද හැක. ඒ පින්කම් සිදුකරන අදහස විවිධ වන බැවිනි. එනම් ඔබට භවභෝග සම්පත්ති පතා දන් දිය හැක. එවිට එය දානමය පුණ්‍ය කර්මයකි. නමුදු එය ලෝභය දුරුකිරීමක්‌ නොවන බැවින් කුසලයක්‌ නොවේ. සීලය රකියි නම් එය පින්කමක්‌ සේම කුසලයක්‌ද වේ. නමුදු දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් පතා සිල් රකියි නම් එය හීන වූ තෘෂ්ණාවෙන් කෙලෙසුනා වූ දුර්වල කුසලයකි. භාවනාවද එසේමය. එසේම සෙසු පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම.... යනාදි වූ පින්කම් ද තෘෂ්ණා ආදියෙන් කෙලෙසී ඇතිනම් හා සම්‍යක්‌ දෘෂ්ටිය නොයෙදී ඇතිනම් ඒවා පින්කම් පමණක්‌ වේ. නමුදු දුර්වලව හෝ කුසලයක්‌ ඇත. එබැවින් පින්කමක්‌ සිදුකිරීම යනු පිරිසිදු කුසලයක්‌ වීමට හා නොවීමටද පුළුවන.

එබැවින් පිනට වඩා කුසලය ඉදිරියෙන් සිටි.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නැහැ නැහැ එක පිනක් වෙන්න් කොතනද ? කාටවත් කරදට්‍යක් කරන්නේ නැහැ කියල පින් සිද්ද වෙන්නේ නැහැ

ඇයි නැත්තේ.. අශ්මි අක්කා ඔතන අදහස් කරන්නේ සිල්වත්ව ජිවත් වීම. සිල්වත් ව ජිවත් වීම ලොකු කුසලයක්. සිල්වත්ව ජිවත් වීමෙන් තමයි බොහෝ මිනිසුන් දෙවිවරු වෙන්නේ.
 
parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බඩගින්නයි මේ දානයයි අතර තියෙන ගැලපීම මොකද්ද?දැන් ඔයා කියන විදිහට මේ දානය දුන්නු සල්ලිවලින් මුලු ලෝකෙම ඉන්න අයගේ බඩගින්න නිවන්න පුලුවන් කියලද?:)

    ඒක නෙමෙයි මං කියලා තියෙන්නේ. තේරුම් ගන්න බැරි වුනාට මට කරන්න දෙයක් නෑ. අසරණ මිනිස්සුන්ට කන්න දෙන එකෙන් ඒ මනුස්සයගේ වගේම දෙන කෙනාගෙත් හිතේ ලොකු සතුටක් ඇතිවෙනවා. මෙහෙම නිරපරාදේ මෙච්චර ගොඩක් ආහාර නාස්ති කරනවට වඩා අර වගේ දෙයක් කරන එක කොච්චර හොදද? ප්‍රතිපත්ති පූජාවයි උතුම්. ඒත් ලංකාවේ වෙන්නෙම ඒකේ අනිත් පැත්ත. ඇයි මලක් පහනක් බුදු හාමුදුරුවොන්ට පූජා කරලා බුදු හාමුදුරුවොන්ට ගරු කරන්න බැරි? බුද්ධ දර්ශනය කියන්නේ Show off දෙයක් නෙමයි කියලා හොදට මතක තියාගන්න
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දානය මහත්ඵල මාහනිසංස ලැබෙන්නනන් දෙපැත්තම සිල්වත් වෙන්න ඕනේ..ඒත් එහෙමයි කියලා අපි යහපත් චේතනාවෙන් කරන දේ විපාක අපිට නැතිවෙන්නෑ..

    ඔව් මේක හරි. මේකේ අඩුපාඩුවක් නෑ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සිංහලයට හැමදාම තිබ්බෙත්,
    කවදාවත් කොච්චර කෑවත් නැති වුනේ නැත්තෙත්,

    ඕකම තමයි.

    මිනිස්සු ලබන්නේ කර්මනුරුපව.
    මේ සත්වයන් උපදින්නේ කර්මනුරුපව.

    මේ එක එකාගේ බඩගින්නට ලෝකේ අනිත් මිනිස්සු පලි ද? :D
    තමන් දැන ගන්න ඕන කන විදිහක් හදා ගන්න.

    සෝමාලියාවේ එවුන්ට කන්න නෑ කියලා ඇමරිකාවේ එවුනුත් නොකා ඉන්න ඕනෙද?
    ඇමරිකානුවෝ ක්ලබ් යන සල්ලි ඉතුරු කරලා සොමලියාටව දෙන්න ඕනෙද? :D

    උඹට කියන්න වචන නෑ බං? උඹ ‍‍බෞද්ධද කියලා හිතපං ඔක්කොටම කලින්.

    එතකොට කාත් කවුරුත් නැති අසරණ පොඩි ළමයිනුත් ක්‍රමයක් හදා ගන්න ඕනේ නේද බං කන්න‍. එල බං උඹ නම්. අද උඹ මම අපේ දෙමව්පියන්ට පිං සිද්ද වෙන්න මෙතන comment කරන්නේ. ඒ වාසනාව හැමෝටම නෑ. කර්මයට ජීවිතේ බාරදීපු උඹලා වගේ එවුන් හින්දයි සිංහලයට කෙල වුනේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි බං. මොකාටත් බඩ ගින්න හැදෙනවා. ඒකට ජාති ආගම් කුල වයස් බේද නෑ :lol::lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක නෙමෙයි මං කියලා තියෙන්නේ. තේරුම් ගන්න බැරි වුනාට මට කරන්න දෙයක් නෑ. අසරණ මිනිස්සුන්ට කන්න දෙන එකෙන් ඒ මනුස්සයගේ වගේම දෙන කෙනාගෙත් හිතේ ලොකු සතුටක් ඇතිවෙනවා. මෙහෙම නිරපරාදේ මෙච්චර ගොඩක් ආහාර නාස්ති කරනවට වඩා අර වගේ දෙයක් කරන එක කොච්චර හොදද? ප්‍රතිපත්ති පූජාවයි උතුම්. ඒත් ලංකාවේ වෙන්නෙම ඒකේ අනිත් පැත්ත. ඇයි මලක් පහනක් බුදු හාමුදුරුවොන්ට පූජා කරලා බුදු හාමුදුරුවොන්ට ගරු කරන්න බැරි? බුද්ධ දර්ශනය කියන්නේ Show off දෙයක් නෙමයි කියලා හොදට මතක තියාගන්න

    ඔයා කියන විදිහට බැලුවොත් ආමිස පූජාව කියලා දෙයක් නෑ..පන්සලක මාසයක් පිච්චෙන පොල් තෙල් ටික නාස්තියක් නෙමෙයිද එතකොට..ඔය කියන විදිහට ඒ සල්ලිත් එකතු කරලා කෙන්ක්ගෙ බඩගින්න නිවන්න පුලුවන්නේ..පොඩ්ඩක් ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලා තේරුම් අරන් ඉන්න..අපි මේ කියලා තියෙන දේ ගැන පොඩි හරි අදසක් ලැබෙයි..:)
     
    බුදු රජාණන් වහන්සේට පූජා කරන දානය මහත්ඵලයි මහානිසංශයි අනිත් හැම දානයටම වඩා. දක්ඛිණා විභංග සූත්‍රය අහන්න.

    මෙතන විසි කිරීමක් උනේ නෑ. මෝඩයෙක් වගේ දොඩවන්නේ නැතුව හරියට කියවලා ඉන්න.
    අන්තිමට දානයක් තමයි දුන්නේ.
     
    මල් පහන් පූජා කරන්නේ බුදුහාමුදුරුවන්ට ගරු කරන්න නෙමෙයි..අනිත්‍යතාව මෙනෙහි කරන්න..මීට වඩා ඔයා එක්ක තර්ක කරලා වැඩක් නෑ ඉතින්..මතක තියාගන්න ආමිසයෙන් තමයි ප්‍රතිපත්ති පූජාවට එන්න පුලුවන්..දානයක් කියන්නේ අතාරින දෙයක්..ඒක පුහුණු කරන්න ලේසිම ආමිසයෙන් තමයි..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔයා කියන විදිහට බැලුවොත් ආමිස පූජාව කියලා දෙයක් නෑ..පන්සලක මාසයක් පිච්චෙන පොල් තෙල් ටික නාස්තියක් නෙමෙයිද එතකොට..ඔය කියන විදිහට ඒ සල්ලිත් එකතු කරලා කෙන්ක්ගෙ බඩගින්න නිවන්න පුලුවන්නේ..පොඩ්ඩක් ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලා තේරුම් අරන් ඉන්න..අපි මේ කියලා තියෙන දේ ගැන පොඩි හරි අදසක් ලැබෙයි..:)

    සොරි ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නෑ :lol::lol::lol::lol::lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    බුදු රජාණන් වහන්සේට පූජා කරන දානය මහත්ඵලයි මහානිසංශයි අනිත් හැම දානයටම වඩා. දක්ඛිණා විභංග සූත්‍රය අහන්න.

    මෙතන විසි කිරීමක් උනේ නෑ. මෝඩයෙක් වගේ දොඩවන්නේ නැතුව හරියට කියවලා ඉන්න.
    අන්තිමට දානයක් තමයි දුන්නේ.

    ගිහිං අභිධර්මය කියවන්න සහෝදරයා ඔක්කොටම කලින්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කරන්නේ ගරු කරන්නලු..හැබැයි අභිධර්මයෙන් කතාව..:lol::lol::lol:

    බොහොම ස්තූතියි! මං කියපු සරල දේ තේරුනේ නෑනේ ඒ වුනාට නේද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දන්සැලක් දුන්නා ඉතින් වැඩි හොඳට...
    බුද්ද පුජාවෙන් පස්සේ විසි කලත් කිසි ප්‍රශ්නයක් නෑ... පුජාව කරලා ඉවරයි.
    චේතනාව බුද්ධ පුජාව. නැතුව දන්සල් දෙන එක නෙවේ.
    බුද්ධ පුජාව පුජා කලාට පස්සේ බෙදලා දුන්නා කියලා කිසි ප්‍රශ්නයක් නෑ.

    ඕන තරම් පුජා කරන බුද්ධ පුජාව පුජාවෙන් පස්සේ අයින් කරද්දී සතෙකුට එහෙම කන්න දාන්නේ...
    පන්සල් වල දැකලා නැද්ද..

    හරි මචං මට තේරුනා. කුසල කර්මය කියන දේ. එත් මම හිතනවා බුදුන්වහන්සේ සිටියානම් තමුන්ට කරන අනෙක විද පුජාවන් වලට මිල කරන මුදල් අසරනටන්ට පිහිට වෙන්නට යොමුකරන්න මගපෙන්වාවී කියල.

    මම වැරදි වෙන්න් පුළුවන්. එත් මම විෂවශ කරනවා එයයි වෙන්න ඕනි කියල
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොහොම ස්තූතියි! මං කියපු සරල දේ තේරුනේ නෑනේ ඒ වුනාට නේද

    :):):)නෑ ඇත්තටම..පැහැදිලි කරලා දුන්නොත් වටිනවා..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹට කියන්න වචන නෑ බං? උඹ ‍‍බෞද්ධද කියලා හිතපං ඔක්කොටම කලින්.

    එතකොට කාත් කවුරුත් නැති අසරණ පොඩි ළමයිනුත් ක්‍රමයක් හදා ගන්න ඕනේ නේද බං කන්න‍. එල බං උඹ නම්. අද උඹ මම අපේ දෙමව්පියන්ට පිං සිද්ද වෙන්න මෙතන comment කරන්නේ. ඒ වාසනාව හැමෝටම නෑ. කර්මයට ජීවිතේ බාරදීපු උඹලා වගේ එවුන් හින්දයි සිංහලයට කෙල වුනේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි බං. මොකාටත් බඩ ගින්න හැදෙනවා. ඒකට ජාති ආගම් කුල වයස් බේද නෑ :lol::lol::lol::lol::lol:

    වලිගෙ පාගා ගන්නෙපා බන්...
    නිකන් මෝඩ කතා නොකියා...

    බඩගිනි නං කාපන් ගිහින් අනුන් මත්තේ යැපෙන්නේ නැතිව. :lol:

    දෙමවුපියෝ ළමයි හදන හැටි ගිහිගෙය ගත කරන හැටි බුදු රජාණන් වහන්සේ කරන්න ඕන විදිහත් එක්ක දක්වලා තියෙන්නේ. උඹ ගිහින් ඔක්කොටම කලින් තිසරණයේ පිහිටලා ඒවා කියවලා වරෙන් බුදු රජාණන් වහන්සේගේ වචනෙට, දර්මයට, දේශනාවල අපහාස කර කර බෞද්ධයෙක් කියලා බොරු ලේබල් ගහ ගන්නේ නැතිව.

    සින්හලයා කියන්නේ උඹ වගේ හිතන මිනිහෙක්ට නං මම සිංහලයෙක් නෙවේ. සිංහලයෙක් කියලා කියන්නත් ලැජ්ජයි.

    අපි මෙතන කතා කලේ බුදු රජාණන් වහන්සේට කරන පුජාවක් ගැන.
    එක කරන්නේ බුද්ද දේශනා වලට අදාලව.
    බුද්ධ පුජාවක් පොඩියට කලත් ලොකුවට කලත් ඒක කරන්නේ තිසරණයට පැමිණි බෞද්ධයෙක් විතරයි.

    උඹ බෞද්ධයෙක් නොවන නිසා අවුලක් නෑ.. කිසි පුජාවක් කරන්න එපා. පැපොල් කාගෙන හිටපන්. :lol:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කරන්නේ ගරු කරන්නලු..හැබැයි අභිධර්මයෙන් කතාව..:lol::lol::lol:

    ශ්‍රද්ධාව නැති නිසයි එහෙම කරන්නේ. අනික මාන්නය. නිහතමානීව ධර්මය අහන්න හිත නැමෙන්නේ නෑ. තමන් හරි තමන් තමයි දන්නේ කයල හිතන් ඉන්නේ. එකේ පාඩුව තමන්ටමයි. මැරෙන්න කලින් පිනක් දහමක් කරන්න ඕනේ කියල හිතන්නේ නැතුව ඇද හොයා හොයා කාලේ නාස්ති කරගන්නවා. අනුකම්පා කරමු.

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ශ්‍රද්ධාව නැති නිසයි එහෙම කරන්නේ. අනික මාන්නය. නිහතමානීව ධර්මය අහන්න හිත නැමෙන්නේ නෑ. තමන් හරි තමන් තමයි දන්නේ කයල හිතන් ඉන්නේ. එකේ පාඩුව තමන්ටමයි. මැරෙන්න කලින් පිනක් දහමක් කරන්න ඕනේ කියල හිතන්නේ නැතුව ඇද හොයා හොයා කාලේ නාස්ති කරගන්නවා. අනුකම්පා කරමු.

    :yes::yes:අවන්කවම ඔච්චර තමයි කියන්න තියෙන්නේ අන්තිමට..මැණිකේ අගය කණා දන්නේ නෑ කියනවනේ..සත්‍ය තේරුනත් පිලිගන්න කැමති නෑ..:)